IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


ශ්‍රී ලංකාව ගැන අලුත් තීරණයක් ඕනෑ

(ලක්ෂ්මි ජයකොඩි)
 
එළැඹෙන මාර්තු මාසයේදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගන්නා තීරණය අලුත් තීරණයක් විය යුතු බව දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ සුමන්තිරන් මහතා සඳහන් කරයි.

එම තීරණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ අධීක්ෂණය යටතේ පැවැතිය යුතු බවද ඒ මහතා අවධාරණය කරයි.

එළැඹෙන මාර් තු මාසයේදි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සල සැසිවාරයේදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ගෙන ඒමට නියමිත බවට පළවන මාධ්‍ය වාර්තා පිළිබදව සිය ස්ථාවරය දැනුම්දීම වෙනුවෙන් යාපනයේදි පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කියා සිටියේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු සුමන්තිරන් මහතා මෙසේද කීය.

ලබන මාර්තු මාසයේ පැවැත්වෙන ජීනීවා මානව හිමිකම් කවුන්සල සැසිවාරයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වු 40/1 යන යෝජනාව ක්‍රියාත්මකවීමේ කාලය අවසන් වෙනවා. නමුත් මේ වසර ආරම්භවීමටත් පෙර ශ්‍රී ලංකා ආණ්ඩුව මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා තම සහයෝගය ලබා නොදෙන බව ප්‍රකාශ කළා. එම යෝජනාව සඳහා වන සමඅනුග්‍රහකත්වයෙන්ද ඉවත්වීමට කටයුතු කරන බවද කියා සිටියා.

ඒ අනුව එළැඹෙන මාර්තු මාසයේදි පැවැත්වෙන ජීනීවා මානව හිමිකම් කවුන්සලයේදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙරට දෙමළ දේශපාලන පක්ෂ හා වෙනත් පාර්ශවයන් සාමුහික ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය යන්න අපගේ ස්ථාවරයයි. ඒ පිළිබදව දෙමළ දේශපාලන පක්ෂ එක්ව සාකච්ඡා කරනු ලැබුවා. එම ඉල්ලීම කවරක් විය යුතුද එය ඉදිරිපත් කිරීම වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට  කමිටුවක්ද පත් කරනු ලැබුවා. ඒ අනුව එම කමිටුව නුදුරු දිනෙක රැස්ව මේ පිළිබද අවසන් තීරණ ගැනීමට නියමිතයි.

 



අදහස් (7)

ශ්‍රී ලංකාව ගැන අලුත් තීරණයක් ඕනෑ

banda Friday, 01 January 2021 10:08 AM

මේක හිඟන්නන්ගේ තුවාලෙ වගේ.., රාජපක්ෂලාගේ පස්සෙන් පන්නගෙන එනවා.

:       0       0

Lakmal Friday, 01 January 2021 10:27 AM

යුද්ධයට පෙර යාපනයේ සිටි මුස්ලිම් ජනයාට ඉඩම් ලබා දී නැවත පදිංචි කරවන්න. දෙමළ නිජබිම් සංකල්පයට එය මරු පහරක් වනු ඇත...

:       0       0

යථාර්ථය Friday, 01 January 2021 11:16 AM

සජිත් ඇතුලු නඩය සංධානගත වන්නේ මේ දේශද්‍රෝහීන් සමගයි.

:       0       1

සේනක Friday, 01 January 2021 12:02 PM

හරි, හරි... අප්පුහාමි මේ ලංකාව කියන්නේ, තමුන්නාන්සේලාගේ තමිල්නාඩු කියලා හිතන්න එපා. ඒක හොඳට මතක තියාගත්තොත් හොඳයි.

:       0       1

anura Saturday, 02 January 2021 03:44 AM

මම දන්නා අන්දමට මෙම පුද්ගලයන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීකම ගන්නා විට, දෙන දිවුරුම් දීමේදී ලංකාව තුල හෝ පිටත වෙනත් රාජ්‍යයක් සෑදීම හෝ අනුබල නොදෙනවාය යනුවෙන් ප්‍රකාශ කරනවා. ඔවුන් දැන් මෙවැනි ප්‍රකාශ හා ක්‍රියාකාරකම් වල යෙදෙන විට නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයිද යන්න ගැටළුවකි. සමහර වෙලාවට දැන් එම නීතිය බල රහිත කර හෝ ඉවත් කර ඇති දැයි සිතේ. සමහරු ආයුධ රැගෙන මෙවැනි ක්‍රියා කරති. සමහරු නීතිවල අඩුපාඩු කම් උපයෝගී කරගෙන එම ක්‍රියාවන් කරති. මේ දෙගොල්ලම අන්තවාදීන්ය. මොවුන්ට මේ රටතුළ නිදැල්ලේ හැසිරීමට ඉඩ නොතියා සිරභාරයට ගත යුතුය. සාමාන්‍ය පාලනයක් පවතින ලෝකයේ කිසිම රටක මේ ආකාරයේ ප්‍රකාශ නිකුත් කරමින් රජයේ වරප්‍රසාද භුක්ති විඳීමට ඉඩ දී නැත.

:       0       1

වීරවිජේ Saturday, 02 January 2021 05:29 AM

ඔයාගේ රටට යන්න.. මෙහෙ නුඹලාට තැනක් නැහැ...ත්‍රස්තවාදියා..

:       0       1

Rata Perata Saturday, 02 January 2021 08:22 AM

මේක සිංහල, දෙමළ, ඉස්ලාම් ගැන තීරණ ගන්න කාලයක් නෙමෙයි. රට අල්ලගෙන ඉන්න මහ හොර රැළෙන් අපේ රට බේරගන්න වැඩ කළයුතු කාලයක්. නන්දසේන සහ මේ රජය 20 සම්මත කරගත් නිසා දැන් කිසි කරදරයක් නැතිව පිටරැටියන්ටත් අපේ රටේ හවුල් කරුවන් විය හැකියි. මේ අමන රැළගෙන රට බේරගමු.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

තැපැල් ජන්දය යළිත් අද හෙට
2025 අප්‍රේල් මස 28 17 0

පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්දය සළකුණු කිරීම අද (28) සහ හෙට (29) රාජ්‍ය ආයතනවලදි පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


යාපනේ නිවුන් සොහොයුරෝ උසස් පෙළින් කප් ගහලා
2025 අප්‍රේල් මස 28 442 0

මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු


පළාත් රැසකට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි
2025 අප්‍රේල් මස 28 248 0

උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක


කිලිනොච්චිය ගංවතුරින් යටවේ
2025 අප්‍රේල් මස 28 384 0

කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස


මහනුවර ශුද්ධ කරයි
2025 අප්‍රේල් මස 28 752 0



මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 944 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 419 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 566 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site