IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක්

(යොහාන් භාසුර)

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවූ බව එම සභාව අද (10) පස්වරුවේ නිල වශයෙන් නිවේදනය කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් පිළිබඳ අවධානය යොමුකර මෙම තීරණය ගත් බවත් තහනමට අදාළ කොන්දේසි පසුව දැනුම්දෙන බවත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව සඳහන් කළේය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව අද පස්වරුවේ රැස් වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹ තිබේ.

මෙම තහනම අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරියේදී කිසිදු අන්තර්ජාතික තරගයකට සහභාගී විය නොහැකි අතර අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කිසිදු රැස්වීමකට සහභාගී විය නොහැක.

මෙම තහනම අනුව අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ඉදිරියේදී කොන්දේසි පැනවෙනු ඇත.

 

-----------------------

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් යෙදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.

 



අදහස් (30)

ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක්

මහසෙන් Friday, 10 November 2023 08:46 PM

තහනම් කරන්න ක්‍රිකට් ගැහුවද පහුගිය කාලේ..?

:       0       0

Rata Perata Friday, 10 November 2023 08:51 PM

නියමයි...!

:       0       0

Piyananda Friday, 10 November 2023 08:51 PM

කාලෙකින් අහහු හොඳම නිව්ස් එක...!

:       0       0

Dumith Friday, 10 November 2023 08:52 PM

තහනම් කරන එක හොඳයි. එතකොට අපිට දුකක් නැතුව නිදාගන්න පුළුවන්...!

:       0       0

X456 Friday, 10 November 2023 08:55 PM

ඉන්දියානු ක්‍රිකට් කවුන්සිලය...

:       2       9

Shashika519 Friday, 10 November 2023 09:07 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල සාමාජිකත්වය තහනම් කෙරේ...!

:       1       11

anthony Friday, 10 November 2023 09:16 PM

ගොඩක් ස්තුතියි...!

:       0       8

බද්රානි Friday, 10 November 2023 09:23 PM

කාලෝචිත මෙන්ම ඉතාම සුදුසු තීරණයක්....ලංකාව ඇතුලේ දාන සෙල්ලම් ජාත්යන්තරයටත් පෙන්වන්න ගියාම ඔහොම වෙනවා... නීතියක්, රීතියක්, සදාචාරයක් නොමැති ලංකාව වගේ ලෝකෙත් ඒ හා සමානයි කියලානේ සමහරක් අම්බරුවෝ හිතාගෙන ඉන්නේ... කොතැනක හෝ යම් අක්‍රමිකතාවයක් සිදුවී ඇත්නම්, ඒ සඳහා ගත හැකි නිසි ක්‍රියාමාර්ග තියනවා...නමුත් ලංකාවේ අශිෂ්ඨයින්ට ඒ කිසිවක් අදාළ නැහැ. මුදල් ඉදිරියේ වියරු වැටිලා කාගේ හෝ බෙල්ල මිරිකලා මුදල් හොරකම් කරන්නයි ඔය කොයි කාගේත් අරමුණ..ඇමති තුමා. ලජ්ජා නැතිව, හරිම ෂෝක් පුද්ගලයෙකුටනේ හොරපාරෙන් සභාපතිකම දුන්නේ... මම නම් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව, මේ රටේ අමනයින්ට සුදුසු නැහැ කියලයි... මතකනේ පහුගිය කාලේ, සංගක්කාරගේ බිරිද හා භානුක රාජපක්ෂගේ යම් ප්‍රකාශ අල්ලාගෙන උඩ පැනගෙන දඟලපු හැටි.... තරග වලදී ලජ්ජා සහගත පරාජයක් වගේම තහනමකුත් ලැබුනා... ඔන්න ඕකට තමයි කියන්නේ "විශ්ව ධර්මය යේ ශාපය" කියලා..

:       15       11

චුටි පුතා Saturday, 11 November 2023 09:02 PM

ඇත්තට, භද්‍රා අත්තම්මා ක්‍රිකට් ගහලා නැද්ද?

:       0       0

Nalaka Friday, 10 November 2023 09:45 PM

අනේ වාසනාවන්. නහයට උඩින් අඩි100 යක් යට ඉන්න අපිට SLC එකටයි ICC එකටයි ඕන මගුලක් වුණාට කිසිම හේතුවක් නෑ.. දුක්වෙන්න අපේ ගෙදර ඕනෑතරම් ප්‍රශ්න තියනවා අපිට විසඳාගන්න. ක්‍රිකට් කාපු ක්‍රීඩකයෝයි SLC අයයි සුරසැප විඳිනවා. අහිංසක ජනතාව උපන් නූපන් අසරණ දරුවෝ මේ කරදිය වළල්ලෙන් පැනගන්න වලි කනවා... ක්‍රිකට් කන්නද?

:       0       0

Siriwardana Friday, 10 November 2023 10:20 PM

මොවුන්ව එළවන්න එන්න පෙරට ශ්‍රී ලංකා ශම්මිගේ මගුල එළවන්න ගෙවල් වලට යන්න පෙළගැසෙමු කියලා මම කියනවා.

:       0       0

sali Friday, 10 November 2023 10:21 PM

පරිපාලන දුර්වලකම් තරග පරාජයට හේතුවක්. නමුත් මේ ටික කරගන්නට​ හරිම හදිසියක් තිබුණේ. කොහොමත් තරග පරදින තෙක් බලාසිටින හරිජනයෝත් සිටිති. තමුන්ට ක්‍රිකට් පාලනය කෙසේ හෝ ගැනීමට​ අද ඊයේ නොව සෑහෙන කාලයක සිට මාන බලමින් සිටින අය ද ක්‍රීඩාවෙන් ඈත් නොවන්නේ නම් ක්‍රීඩාව නැත්තටම නැතිවේවි...!

:       0       0

Bamunuarachchi Friday, 10 November 2023 10:37 PM

ජෙප්පන්ට අවශ්‍ය වෙලා තිබුණේ... ක්‍රිකට් කොහොම හරි ICC එකෙන් තහනම් කරවා ගන්නයි.

:       0       0

Lonthaya Friday, 10 November 2023 10:46 PM

ලොකු දෙයක්... ලංකාවේ දූෂණය වැළැක්වීම සිහිනයක්... කවදාවත් නැවැත්විය නොහැක... ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සදහටම නවතා දමා සල්ලි නැති තැනක් වූ දාට නැවත ක්‍රිකට් පෙරට එනවා ශුවර්... බොහොම පින් ඕක තහනම් කළාට... අපේ ලේ කෝප නොකර...

:       0       0

david Ds Friday, 10 November 2023 10:54 PM

හොරකං වළක්වන්න පියවර ගැනීමත් එක විදියකට අපරාධයක් වගේ නේද දැන් ලෝකයේ තිබෙන තත්වය අනුව... ක්‍රිකට් වනාහි දැන් සූදුවක් පමණි. එය පාතාලයින්ගේ හා මජර මිනිසුන්ගේ අත කොලුවකි... දැන් කළයුත්තේ ඔය දැන් ඉන්න සාමාජිකයන්ගේ සියලු වත්කම් ගිණුම්, සියල්ල පරීක්ෂා කරමින් ඔවුන් සතු අයථා සියලු මුදල් රාජසන්තක කොට ජීවිතාන්නය දක්වා හිරේ දමන්න ඕනෑ... නැත්තං මිනිස්සු යමු පාරට ආයෙත්...!

:       0       0

chandima Friday, 10 November 2023 11:01 PM

රනිලුයි, ගෝලයොයි එකතුවෙලා ක්‍රිකට් සල්ලිවලට විදින්න ගිහින් කෙළවාගත්තා නේද? පිස්සු කරලා රටේ ආර්ථිකේ වැට්ටුවා මදිවට දැනි ක්‍රිකට් ක්‍රීඩාවටත් වැඩේ දුන්නා....

:       2       4

chamindaSaturday, 11 November 2023 08:48 PM

මේ සියල්ල පිටුපස සිටින්නේ බැංකු හොරුන්. රටටම කෙලවලා, රටේ දේපළ එයාගේ නෑයන් වන ඉන්දියන් අයට විකුණලා... ශම්මියලා එක්ක එකතුවෙලා ඡන්දෙ කරන්න හොඳ ගාණක් හොයාගන්නයි හැදුවේ...!

:       0       0

chandima Friday, 10 November 2023 11:53 PM

දැන් පේනවා නේද පිනාගේ දූරදර්ශී පාලනය නිසා ලැබුණු තෑග්ග? මීළඟ ඡන්දෙදී මෙයාවම පත්කර ගනිමු. නැතිනම් අපට මේ වගේ දූරදර්ශී පාලකයෙකුයි, ගෝලයින් ටිකකුයි අහිමි වෙනවා.

:       2       3

Perera Saturday, 11 November 2023 12:27 AM

රට අරාජික බව හඟවන්න තවත් එක් සංකේතයක්...

:       0       3

Praba Saturday, 11 November 2023 04:23 AM

නියමයි. දැන් සල්ලි එන්නේ නෑනේ. ශ්‍රී ලාංකීය ක්‍රිකට් අයිති ලංකාවට. කරුණාකර ICC පැත්තකට දාලා ක්‍රිකට් සුද්ධ කරන්න. මේ විදියට ගහන ක්‍රිකට් අපිට කොහොමත් එපා...!

:       0       7

චමින්ද Saturday, 11 November 2023 05:36 AM

ඔව් ඉතින් දිගින් දිගටම පරාජයට පත්වෙන කොට ජයග්‍රාහී කණ්ඩායම් වල අයට දුර්වලයෝ එක්ක සෙල්ලම් කරන්න ලැජ්ජා නැතිවෙන්න බැහැනේ...!

:       0       5

Achini Saturday, 11 November 2023 05:42 AM

හිත හොඳයි, කට්ටියට පඩි අවුරුද්දකට නැවැත්තුවාම ඔක්කොම හරියයි.

:       0       5

චන්දන Saturday, 11 November 2023 07:26 AM

අවුලක් නැහැ... ගැහුවා කියලා ඵලයකුත් නැහැ නේ... ඒ අතරතුරේ හරි යටිමඩි ගහන දූෂිත නිලධාරීන් පලවා හරිමු...

:       0       13

අරවින්ද මොනරවිල Saturday, 11 November 2023 08:03 AM

අයි.සී.සී එකට ඕන විදිහට ලංකාවේ ක්‍රිකට් නටවන්න දෙන්න බැහැ, ලංකාවේ ක්‍රිකට් තියෙන්න ඕනා ලංකාවට ඕන විදිහට, අයි.සී.සී එකේ ඉන්න බලවත් යයි කියා ගන්නා රටවල් වන ඉන්දියාව, ඕස්ට්‍රේලියාව එංගලන්තය වගේ රටවල් ලංකාවේ ක්‍රිකට් ඔවුන්ට තර්ජනයක් වෙනවාට කැමති නැහැ. ඒ වෙනුවෙන් තමන්ට ඩීල් දාන්න පුළුවන් හා ගැතිකම් කරන අය ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයට පත්කර ගෙන ඔවුන්ට ඕනෑ විදිහට ලංකාවේ ක්‍රිකට් නටවන්නවයි, වට්ටවන්නයි උත්සාහ කරන්නේ ඒකට බයවෙලා යටවෙලා අයි.සී. සී හොර ගුහාව අස්සේ ඉන්නවාට වැඩිය හොඳයි එළියට බැහැලා ඉන්නවා...

:       6       10

සුපුන් Saturday, 11 November 2023 09:30 AM

අවුලක් නෑ බන්. මොකෝ මැච් ගැහුව කියලා මොවුන්දිනන එකක්‍ද? අනිත් එක icc එකටත් බෑ රටේ ජන මතයට උඩින් යන්න. වහාම කරන්න තියෙන්නේ පාර්ලිමේන්තුවෙන් ඕක නවත්තන එක...

:       1       20

රංබොඩ Saturday, 11 November 2023 09:38 AM

ICC ත් ගොනාට අන්දවලා අපේ පාතාල ක්‍රිකට් ලොක්කෝ...!

:       1       13

mala yaka Saturday, 11 November 2023 10:01 AM

කොහොමද ෂම්මිලට තියෙන බලේ.. මෙහෙම රටක් කරන්න බැරි බව පේනවද? ලංකාව දියුණු කරන්න බැරි ඕක නිසයි. ජෙප්පොත් මග අරිනවා. ලංකාව කවදාවත් දියුණු කරන්න පුලුවන් රටක් නොවෙයි. අපි පව්.. අපේ දරුවෝ පව්...!

:       2       5

Namal Saturday, 11 November 2023 10:11 AM

ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක්, විනෝදාස්වාදයක් මිසක් ජනතාවගේ ජීවිතය නොව.... රටේ ජනතාව කන්න බොන්න නැතිව, ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙනවා... ජීවිත පවා අහිමි වෙලා තියෙනවා. මේවා යට ගහන්න රජයට සහ සමහර බයි කල්ලියකට අවශ්‍යයි...!

:       0       5

Prabha Saturday, 11 November 2023 01:01 PM

ලෝකය පුරාගිහින් පරදිනවට වඩා හොඳ නැද්ද ගෙදරට වෙලා දරු පවුල එක්ක ඉන්න එක...

:       0       8

Bamunuarachchi Saturday, 11 November 2023 05:17 PM

කිසිම වග විභාගයකින් තොරව මෙවැනි තීරණ ගන්න ICC එකේ ක්‍රියා කලාපය ගැනත් සැක හිතෙනවා. ICC එකත්හොරුත් සමග වාසේ කියලා තමයි කියන්න වෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

බදු මුදල්වලට වෙනදේ සෙවීමට ජනතාවට අයිතියක් තියෙනවා
2025 අප්‍රේල් මස 22 19 0

ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස


ලක්ෂ 80ක ‘කුෂ්‘ සමඟ අයෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 22 94 0

රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.


මෝටර් රිය අඩි 300ක් පහළට
2025 අප්‍රේල් මස 22 326 0

නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔයට පෙරැලීමෙන් එම මෝටර් රථයේ


ආයුධ පෙන්වා වාහන කොල්ල කෑ දෙන්නෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 22 379 1

තියුණු ආයුධ පෙන්වා බියගන්වා වාහන කොල්ල කෑ කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.


කූඩුවේ සිටි සැකකරු මුදවා ගන්න ගිය පීසී අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 22 1210 2

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි


අද සවස එකෙන් පසු තද වැසි
2025 අප්‍රේල් මස 22 403 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 534 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 296 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 446 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site