IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


ශ්‍රී ලංකාවට පැමිණෙන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගෙන් පැය 72 කට පෙර ලබාගත් පී.සී.ආර්. පරීක්ෂණ ඉල්ලයි

( තිළිණි ද සිල්වා )
 
ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් රටවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඔවුන් පැමිණෙන රටෙන් පැය 72 කට පෙර ලබාගත් පී.සී.ආර් පරීක්ෂණ වාර්තා කටුනායක ගුවන් තොටුපලේදී ඉදිරිපත් කළ යුතු බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.
 
ශ්‍රී ලංකාවට ඇතුළු වන රාජ්‍යතාන්ත්‍රිකයන් සඳහා PCRපරීක්ෂණ සහ නිරෝධායන ක්‍රියා පටිපාටි පිළිබඳ සංශෝධිත උපදෙස් සම්බන්ධයෙන් අද (05) නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය මේ බව කියා සිටී.
 
එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත්  සඳහන් වන්නේ අදාල පී.සී.ආර් පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වන සියලුම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් කටුනායක ගුවන් තොටුපලේ සිදුකරන පී.සී.ආර් පරීක්ෂණය සදහා මුහුණ දිය යුතු බවය.
 
පී.සී.ආර් පරීක්ෂණයට මුහුණ නොදෙන තානාපති කාර්යාල ප්‍රධානීන්, පවුලේ සාමාජිකයින් සහ සෙසු කාර්ය මණ්ඩලය නිරෝධායන නීතීන්ට අනුකූලව කටයුතු කිරීමට පියවර ගත යුතු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.
 
කොරෝනා වයිරස වසංගතයෙහි ව්‍යාප්තිය වැළැක්වීම සහ අවම කිරීම සඳහා, කොළඹ සිටින සහ කොළඹට අනුයුක්ත රාජ්‍යතාන්ත්‍රිකයින් ශ්‍රී ලංකාවට ඇතුළු වන විට හෝ නැවත පිටවන විට ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ යුතු PCR පරීක්ෂණ සහ නිරෝධායන ක්‍රියා පටිපාටි සම්බන්ධයෙන් පෙරේදා (04)  ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංශෝධිත උපදෙස් නිකුත් කිරීමෙන් අනතුරුව, එම උපදෙස් කොළඹ පිහිටි සියලු රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල, එක්සත් ජාතීන්ගේ නියෝජිත කාර්යාල සහ එහි විශේෂිත නියෝජිතායතන, ජාත්‍යන්තර සංවිධාන සහ නිර්වේතනික කොන්සල් කාර්යාල වෙත රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ දැනුම් දීමට විදේශ සබ‍ඳතා අමාත්‍යාංශය වහාම පියවර ගත් බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.

විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් නිකුත් කළ එම සංශෝධන උපදෙස් මෙසේය.
 
සංශෝධන අදාළ බලධාරීන්ගෙන් පූර්ව අනුමැතිය ලබා ගැනීම පිණිස, රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට/නැවත පිටවීමට නියමිතව සිටින රාජ්‍යතාන්ත්‍රිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් පිළිබඳ තොරතුරු, අදාළ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල විසින් විදේශ සබඳතා අමාත්‍යාංශයට වාචික සටහනක් (Note Verbal) මගින් කල්තබා දැනුම් දිය හැකි බව එම අමාත්‍යාංශය කියා සිටී.

එසේම එම රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් විසින් අදාළ රටවලින් පිටත්ව යාමට පෙර පැය 72 ක් ඇතුළත ලබාගත් PCR පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කළ යුතු බවද එම අමාත්‍යාංශය කියා සිටී.

එම රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට අදාළ PCR පරීක්ෂණ වාර්තා ලබා දීමට නොහැකි නම්, ඔවුන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී අනිවාර්ය PCR පරීක්ෂණයකට භාජනය කරනු ඇතැයි එම අමාත්‍යාංශය සිය නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටී.
 
දූත මණ්ඩල ප්‍රධානීන් සහ පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ නිල නිවාසවල දී ස්වයං නිරෝධායනයට ලක් විය යුතුය. පැමිණෙන අනෙකුත් සියලුම රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් දූතමණ්ඩල ප්‍රධානීන්ගේ එකඟතාවයට හා අධීක්ෂණයට යටත්ව දින 14 ක කාලයක් සඳහා ශ්‍රී ලංකා රජය විසින් නිර්දේශ කරනු ලබන හෝටලයක (වෙන් වෙන් වශයෙන් පිහිටි නිවාස නොමැති නම්) නිරෝධායන ක්‍රියා පටිපාටීන් අනුගමනය කළ යුතුය  යැයිද සදහන් වේ.

මෙම දින 14 ක නිවාස නිරෝධායනය අවසන් වූ වහාම ඒ බව රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල/නියෝජිතයින් විසින් විදේශ සබඳතා අමාත්‍යාංශයට දැනුම් දිය යුතු වන අතර, කොරෝනා වයිරස් වසංගතය පැතිරීම පාලනය කිරීමට සහ වැළැක්වීම සඳහා දූත මණ්ඩලය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගයන්ට අනුව, එම නිලධාරියා දූත මණ්ඩලයෙහි සේවය නැවත ආරම්භ කිරීමට පෙර දූත මණ්ඩලය මඟින් සිදු කරන ලද දෙවැනි PCR පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කළ යුතුය.
 
රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ ගමන් විස්තර, ඔවුන් පිටත් වීමට අවම වශයෙන් පැය 48 කට පෙර රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල/නියෝජිත කාර්යාල මඟින් මෙම අමාත්‍යාංශයේ සංධාන ප්‍රධානී වෙත යැවිය යුතුය.
 
ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන ඉහත ක්‍රියා පටිපාටීන් අනුගමනය කිරීම සඳහා ඇති එකඟතාවයට යටත්ව, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණීම අනුමත කරන බව විදේශ අමාත්‍යාංශය සිය නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටී.

 



අදහස් (21)

ශ්‍රී ලංකාවට පැමිණෙන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගෙන් පැය 72 කට පෙර ලබාගත් පී.සී.ආර්. පරීක්ෂණ ඉල්ලයි

සමිත සේනක අලුත්ගමගේ. Friday, 05 June 2020 01:25 PM

නීතිය සැමට එකසේ ක්‍රියාත්මක කරන්න. වෙසක් පොසොන්, රාමසාන් වලට එක නීතියකුත්, තොණ්ඩමන්වරුන්ට එක නීතියකූත් ක්‍රියාත්මක වෙනවිට ලෝකේ ඉදිරියේ රට බාල්දු වෙනවා. රජය හා දේශපාලකයන් නීතිකඩන ගමන් අන් අයට නීතිය රකින්නලු...

:       813       1212

විජිත්Friday, 05 June 2020 01:59 PM

සමිත, අපේ රටේ අය මදි නොකියන්න ඊයේ කටුනායක එයාර්පෝර්ට් එකේදී බාල්දුවුනාලු රාජ්‍යතාන්ත්‍රික ඇමෙරිකන් කාරයෙකුට. එයා pcr ටෙස්ට් එක ප්‍රතික්ෂේප කරලා එතන ජරමරයක් වුනාලු. මම මේක දැක්කේ ඉන්ටෙර්නට් හරහා ඊයේ දවල් පුද්ගලික tv චැනල් එකකින්. ( නම සඳහන් කරන්න බැහැනේ .).හැබැයි ඊයේ රෑ ඒ චැනල් එකේම ප්‍රවුර්තිවලට විස්තරයම කීවා. සමහරවිට ඔබත් දකින්න ඇති. අද උදේම මම ගුවන් තොටුපොළේ මගේ මිතුරෙකුට අමතලා ඇහුවම සම්පුර්ණ විස්තරයම කීවා. මිනිහා කියලා තියෙන්නේ ඒවා ඔක්කොම රටවල් අතර තියෙන ගිවිසුම් වලට අනුවයි සිදුවෙන්නේ කියලා. රජයේ ප්‍රවෘත්තිය මේගැන වසන් කළා. ඇමෙරිකාව අපේ රටත් සමග අත්සන් කරන්න හදන mcc අත්සන් කලොත් කොහොම හිටීද..?නමුත් 'අක්සා' ගිවිසුම දැනටමත් අත්සන් කරලා කියලා කියනවා.. අපි නොදන්නා කොයිතරම් රටට අහිතකර ගිවිසුම් ප්‍රමාණයක් මේ මෝඩ,නුගත් නරි රැල අත්සන් කරලා ඇතිද.. ?

:       0       73

සමිත සේනක අලුත්ගමගේ.Saturday, 06 June 2020 09:15 AM

ඔව් විජිත්, යහපාලනේ කට්ටිය හොඳ නැති නිසානේ මේ පනපතිව ජනතාව පත් කළේ... ජනතාව එතුමාව පත්කළත්, තවමත් වෙනත් අයව පත්කොට නැහැ. ඒවා කෙසේවේදැයි කව්රුත් තවම දන්නේ නැහැ. ඒත්, අපට පෙන්වන්නට හදන්නේ ඒ අයත් ඡන්දෙන් පත්වූ අය වගෙයි. මංගල, රන්ජන් ඇතුළු තවත් අය නිසා ගිය රජය පැරදුණා. වත්මන් ජනපතිතුමා වටේත් රජය පිරිහෙන වැඩ කරනා අය සිටිනවා. වරද පෙන්නුවාම එය හදාගෙන ඡන්ද වැඩිකර ගන්නවා වෙනුවට කිපෙනවා. තමන්ට වදින ගල් එකතුකොට තාප්පයක් බැඳීමට හැකි දේශපාලකයන් සිටිනවා නම් කොතරම් අගනේද? ඒත්, ඔවුන්ගේ වරද නොපෙන්වා ඔවුන් නොමඟ යවන්නේත්, ඔවුන්ගේම වටේ සිටිනා අය... වත්මන් ජනපතිතුමා හෝ මෙය දැන කටයුතු කළොත් එතුමාට හොඳ ගමනක් යා හැකියි. අප සිටින්නේ ඒ අදහසේ...

:       0       1

dilanSaturday, 06 June 2020 03:50 AM

අනුන්ගේ මගුල් හොය හොයා ඉන්නේ ලොක්කා ඔයා කොරෝනා නිතිය කඩලා වැඩ කරන්නකෝ, මොකද ඔහෙට කොරෝනා හැදිලා චුත වෙන එක රටට සෙතක්,

:       200       1

සපුමල්.Saturday, 06 June 2020 05:10 AM

වෙනත් නමකට මුවාවෙලා මේ ඉන්නේ බමුණු වගෙයි පේන්නේ ... මෙහෙම මළ පනින්නේ බමුණුට තමයි.

:       1       116

සඳුන් Friday, 05 June 2020 02:05 PM

දැන් PCR පරීක්ෂණ නොමැතිව පැමිණි පුද්ගලයාට මොකද කරන්නෙ ? පැමිණෙන රාජත්‍රාන්තිකයෙක් ගුවන්තොටුපොළේදී PCR පොසිටිව් වුනොත් යවන්න රෝහලක් සූදානම්ද ? මේ ගැන විදේශ කටයුතු ඇමතිවරයා සද්ද නැත්තේ ඇයි ?

:       0       2

Champa Friday, 05 June 2020 03:03 PM

ඇමරිකන් අශ්වයා පැනල ගියාට පස්සේ ඉස්තාලේ වහනවා. රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය තිබ්බට කොරෝන වලට මුක්තිය නැති බව පෙන්නලා දෙන්න ඒ වෙලාවේ කොන්දක් තිබිල නැහැ. ඇමරිකන් පුරවැසියෙක් රාජ්‍ය නායකයා හින්ද බලය පෙන්වල යන්න ඇති. ඇවිල්ල තියෙන්නෙත් මැද පෙරදිග ඉඳන් එන ශ්‍රී ලාංකිකයන්ට විවෘත කරපු ගුවන් මාර්ගය හරහාද?

:       0       3

ලැවොයිසියර් Friday, 05 June 2020 03:41 PM

කිසිවෙක් කලබල වෙන්න එපා…. ඔව්ව අදාළ ඇමෙරිකාවට…. ලංකාවට නොවෙයි.

:       0       10

chandima Friday, 05 June 2020 04:06 PM

කතාව ටිකක් පැහැදිලි මදි. පැය 72 කට වැඩි ඕනෑම පරීක්ෂණයක්, එ කියන්නේ සතියක් දෙකකට නැතිනම් මස දෙක තුනකට පෙර ලබාගත්තු පරීක්ෂණ ප්‍රතිපල වුණත් ඇතිද? නැතිනම් උපරිම වශයෙන් පැය 72ක පෙර ලබාගත් පරීක්ෂණයක් විය යුතුද? අනේ මන්ද මේ අපේ සිංහල භාෂාව අංජබජල් නිසා මොන තරම් නම් නඩු හබ වලට ගිහින් තියෙනවද?

:       63       1

රවින් Friday, 05 June 2020 04:45 PM

අස්සයා ගියපසු ස්ථාලයේ දොර වැසීමෙන් පලක් නැත. කෙසේනමුදු අලුත් අස්සයන්ටත් පනින්න බැරිවිදියට දොර අලුත් වැඩියා කරන එක තමා වඩාත් සුදුසු. නිදහස් ස්වෛරී රාජ්‍යයක් හැටියට අප සැමගේ ආරක්ෂාව අප විසින්ම සලසා ගතයුතුවේ.

:       0       26

siripaala Friday, 05 June 2020 05:25 PM

අපේ වාසුදේව මහත්තයා මේ වැඩේ "ලංකාව කොවිඩ් වසංගතය සාර්ථකව මැඩපැවැත්වීම බාලගෙන ඉන්න බැරි නිසා ඇමෙරිකාවේ ට්‍රම්ප් මහත්තයා ලංකාව පුරා කොවිඩ් වසංගතය නැවතත් බෝකිරීමට කල භයානක කුමන්ත්‍රණයක්" කියල බොහොම තරහෙන් කියනවා ඇහුනා. අර ඊට කලින් තවත් එක්කෙනෙක් "ඇමෙරිකන් කාරයින්ගේ කොකාකොලා වගේ දේවල් වර්ජනය කරලා ඇමෙරිකාව දන ගස්සවලා හොඳ පාඩමක් උගන්වමු" කියලත් කියනවා අපට ඇහුනා. ඒ වැඩේ කෙරුනද කියල නම් ආරංචියක් නැහැ.

:       0       56

sam Friday, 05 June 2020 10:01 PM

මේකත් අර සහල් පාලන මිල වගේ. ජනතාවට සහන සලසන්න කියලා පාලන මිලක් හඳුන්වා දීලා, ඊට පස්සේ සහල් මාෆියාවට සහන සලසන්න මිල වැඩිකරනවා. තානාපති මුක්තිය හිමි නිලධාරීන් නිරෝධායනයට අකමැති උනාම ඔවුන්ව නිරෝධායනය නොකර රටට ඇතුල් කරගත හැකි පරිදි නීති වෙනස් කරනවා. කොම්පියුටරයකුත්, ප්‍රින්ටරයකුත්, තියන ඕනෑම කෙනෙකුට මොකක් හරි කොලයක PCR පරීක්ෂණය නෙගටිව් කියලා ලියාගෙන එන එක ලොකු දෙයක් නොවේ. ඒ වගේම මේ රෝගය බෝ වීමට ඉහලම සමභාවිතාවයක් තියෙන්නේ ගුවන් ගමන සහ අතරමැද ට්‍රාන්සිට් ගුවන් තොටුපොල වලදී කියන එකත් මෙතනදී අමතක වෙලා /කරලා.

:       1       4

steve Friday, 05 June 2020 10:51 PM

මම දන්නේ නැහැ මේ ප්‍රවෘත්තිය හරිද වැරදිද කියල.... විය යුත්තේ පය 72ක් ඇතුලත ලබා ගත් වාර්තා මිස පැය 72 පෙර ගත් වාර්තා නෙවෙයි නේද?

:       0       3

ගස්පෙ Saturday, 06 June 2020 01:25 AM

එතකොට ගොන් වස්සෝ ඉතුරු පැය 72 ඇතුලත් වගේම එන මගදි බෝ වුනොත් මොකාද වග කියන්නේ ?

:       1       5

jim kuru Saturday, 06 June 2020 01:56 AM

අශ්වයා ගියාට පස්සේ ඉස්ථාලය වහන්නේ කුමකටද? තවමත් සුදුහමට බයයි

:       2       2

සෑම් Saturday, 06 June 2020 02:56 AM

නිකන් ලෝකෙට විහිළු සපයන්න එපා. ඉස්සෙල්ලම කෝවිඩ් නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් තොන්ඩමන්ගේ මරණය සංවිධානය කරපු සහ ඊට සහභාගිවුණු ජනාධිපති, අගමැති සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට තර්ජනය කලා යයි කියන තොන්ඩමන්ගේ පුතා ඇතුළු සියළු දෙනාට දැඩිව නීතිය ක්‍රියාත්මක කර පෙන්වන්න. විදේශ රටවල කකුල් දෙකේ හරක් නැති බව දැනගන්න.

:       3       111

chinthaka Saturday, 06 June 2020 03:52 AM

අර අපි එලවල දැම්ම "වැඩ බැරි යහපාලන" ජෝකියෝ ටික හිටියනම් අනිවාර්යෙන්ම ඇමෙරිකන් කාරයන්ට කොරෝන හැදිලා තිබුනත් රටට එන්න අවශ්‍ය දේවල් නීතියෙන්ම සම්මත කරලා දෙනවා. කොන්දක් ඇති අහිමානවත් ජනාධිපතිතුමනි ඔබට චිරන් ජයතු

:       108       6

සේන Saturday, 06 June 2020 04:19 AM

ඇමරිකානුවන් , මාන්නයෙන් ඉදිමුණු විනයක් නැතිම ජාතියක් බවට දැන් සනාත වෙමින් පවතී.

:       62       105

chinthakaSaturday, 06 June 2020 07:34 AM

ඩෝන් ගිහිල්ල එතකොට මේ ඩිස්ලය්ක් දැම්මේ "ශ්‍රී ලංකික යහපාලන අවජාතක ඇමෙරිකන්" ගැත්තෝ ටිකද?

:       64       32

isurandi Saturday, 06 June 2020 06:26 AM

මහා මෝඩ තර්කයක් ඉදිරිපත් කරලා තියෙන්නේ . ඔය කියන රාජතාන්ත්‍රික පිරිසත් පැමිණෙන්නේ අන් මගින් සමග නේද මොන පරීක්ෂණ කරගෙන ආවත් වැඩක් තියෙනවද? ලංකාවට එන අතරමගදී මේ වයිරසය ශරිරගත වුණොත් එහෙම කොහොමද පැමිණෙන පර්යන්තයේදී එයාලව චෙක් වෙන්නේ. පොදුවේ හැමෝටම එක නීතියක් තියෙන්න ඕනේ මොන පරීක්ෂණ කරගෙන ආවත් රට ඇතුලට ...

:       1       1

Aris Saturday, 06 June 2020 09:43 AM

අඩුම ගානේ ඒඩ්ස් වයිරසයවත් බලෙන් පරීක්ෂා කරන්න නීතියක් නැහැ. හැමදේටම සිය කැමැත්ත දෙන්න ඕනෑ. එ්නිසා නීතිය දන්නා විදේශිකයන් අකමැති වුනොත් ගුවන් තොටුපල නිලධාරීන් අසරණ වෙනවා. යුරෝප් ගුවන් තොටුපළවල් වල කරන්නේ ශරීර උෂ්ණත්වය මැන බැලීමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

උසස් පෙළ හපන්නු
2025 අප්‍රේල් මස 26 844 0

2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග


’හරක් කටා’ ළඟ දුරකථනයක්
2025 අප්‍රේල් මස 26 502 0

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන


කෝටි 80 ක මත්කුඩු කොටිකාවත්තෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 26 623 0

රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් ‍‍‍‍කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි


රජයේ බෙහෙත් තොගයක් තේ වත්තකින් හමුවෙයි
2025 අප්‍රේල් මස 26 316 0

රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.


චීන පටස් හපන්න ගිය දන්ත වෛද්‍යවරිය රෝහලේ
2025 අප්‍රේල් මස 26 1456 0

අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය


උතුරට අහිමි වූ හැම දෙයක්ම ආපහු දෙනවා
2025 අප්‍රේල් මස 26 422 0

යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 883 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 393 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 548 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site