(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව චීනයේ වූහාන් නුවර රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (31) දින සවස කටුනායක ගුවන් තොටුපළෙන් චීනයේ වූහාන් බලා පිටත්ව ගියේය .
අද (31) දින පස්වරු 3.45 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1422 දරණ විශේෂ ගුවන් යානය වූහාන් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය .
එම ගුවන් යානය ඒ.- 330 - 243 එයා බස් වර්ගයේ ගුවන් යානයකි .මෙම ගුවන් යානය අද (31) දින රාත්‍රී 11.23 ට චීනයේ වූහාන් ගුවන් තොටුපළ වෙත ගොඩබැස්සවීමට නියමිතය .
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ශ්රී ලන්කන් ගුවන් යානයක් වූහාන් යයි
Wasantha Friday, 31 January 2020 12:16 PM
ජනාධිපතිතුමනි, ඔබතුමාට අපගේ ගෞරවය සහ මේ සඳහා දායකත්වය දුන් සැමට...
chandima Friday, 31 January 2020 01:45 PM
එ්ක හොඳයි, මේ කොටුවෙලා ඉන්න අපේ ළමයි ගෙනෙන්න ප්‍රමාද වෙන්න වෙන්න ඉදිරි මැතිවරණයේ ප්‍රතිඵල භයානක වෙන්න ඉඩ තියෙනවා. දැනටම අරගොල්ලන් මේ ලෙඩේ විකුණගෙන ඡන්ද කඩාගන්න පටන් අරන්, එහෙම වුණොත් චීන්නු ලංකාවේ කරන්න ඉන්න ව්‍යාපෘති සේරම බකල් යනවා. අරයා ඇවිත් යාලු ප්‍රජාව එක්කල වැඩකරන්න ගනී කියලා කල් ඇතුව චීන තානාපතිතුමාට පැහැදිලි කළා නම්, මීට කලින්ම ඔය ගුවන් යානයට අවසර ගන්න තිබුණා...
RasikaFriday, 31 January 2020 04:18 PM
හැමදේම දේශපාලනික කෝණයකින් බලන්න එපා. ඒ වගේම හොඳදෙයක් අගයකරන්න පුරුදුවෙන්න. පිටරටක ඉන්න අය තමයි මෙහි වටිනාකම තේරෙන්නේ... ලංකාවේ පුරවැසියෙක් විදියට තමන්ගේ ආණ්ඩුවෙන් තමන්ගැන හොයලා බලනවා කියලා හැඟීමක් ඇතිවෙනවා. ඉතාම හොඳ ක්‍රියාවක්.
BernardFriday, 31 January 2020 05:17 PM
කොරොනා වෛරසයෙන් මෙයා පක්ෂයට ලකුණු දාගන්න බලන්නේ. අපේ රටට දෙවියන්ගේම පිහිටයි....
සම්පත් Friday, 31 January 2020 02:22 PM
තෙරුවන් සරණයි. කවුරුදැයි නොදන්නා නමුත්... ලාංකික ඔබ සැම නිරුපද්‍රිතව ආපසු එනතුරු අප බලා සිටිනවා.
සනා Friday, 31 January 2020 04:24 PM
අපේ ගුවන් සේවය රැක ගනිමු. ඔය රට යන ඇති හැකි අය අපේ එකම පාවිච්චි කරන්න..
chinthaka Friday, 31 January 2020 04:33 PM
එතකොට අර කවුද JVP කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කිව්වා නේද මේ ළමයව ගේන්න එපා අපිටත් රෝගේ බෝ වෙයි කියලා. අපේ පෙර පිනකට ගෝඨා වගේ නිර්භීත නායකයෙක්ට රට ගියේ... මේ වගේ අවස්ථාවකදී කඩයකට ගියානම්... පව් අර ළමයි වුහාන් වලම කන්නත් නැතිව මැරෙනවා..
shan Friday, 31 January 2020 06:04 PM
බොරුව ගිලලා. ඔය කියන ජ.වී.පී කාරයාගේ කතාවේ වීඩියෝ එක තියෙන තැනක් කියන්න පුලුවන්ද?
Wadakarana wiruwaSaturday, 01 February 2020 03:00 AM
නිර්භීත කියන්නේ ලෙඩ වුණාම යන්නෙත් සිංගප්පූරුවටනේ. අද පටන්ගත්ත කාලේ ඉඳන්, ඉවර වෙනකම්ම හමුදාව අතහැර නොයා නිර්භීත සේවයක්නේ කරන්නේ. අපි එහෙනම් ළමයි ටික පාර්ලිමන්ට් එකේම නවත්තමු.
ramith Friday, 31 January 2020 06:21 PM
යහලුවනේ, ටිකක් ඉවසන්න. මේක ඇත්තද බලමුකෝ. තවම අපේ ළමයි අපේ රටට ආවේ නැහැනේ. ඉස්සෙල්ලා බලමු මේ ගියයි කියන යානයට එහෙ ගොඩ බස්සන්න ඉඩ දේවිද කියලා. අපි ඇමෙරිකාව වගේ ශක්තිමත් රටක් නොවේනේ. ඒගොල්ලන්ට බැහැයි කීවානම් බලෙන් හරි ගොඩ බැහැලා තමන්ගේ කට්ටියව අරගෙන එන බව දන්නනිසා තමයි චීනා ඒගොල්ලන්ට " හා "කිවේ. සමහරවිට තව දවස් 5 න් විතර අපේ ළමයි අපේ රටට ආවොත් මට සතුටුයි.
Swarna Friday, 31 January 2020 06:32 PM
අයියෝ අපි ඉවරයි. කොරෝනා ගෙනල්ලා අපිව මරන්නද හදන්නේ ?
අනුර Friday, 31 January 2020 11:18 PM
අපේ රටේ ඡන්දදායකයන්ගේ හැසිරීම කොහොමද කියලා දාලා තියෙන් කමෙන්ට් වලින් මනාව පැහැදිලි වෙනවා. අනේ සකල සිරින් පිරි සිරි ලංකාව.
kamal Saturday, 01 February 2020 12:29 AM
ගුවන් යානය ඇතුලේ එක ආසාදිත මගියෙක් හිටියොත් අසාදිත නොවුණු අනිත් අයට මොකද වෙන්නේ කියලා අපේ උගත් දැනුවත් මහත්වරු මේ වෙනකොටත් විසදුම් සොයාගෙන ඇති.
මුණසිංහ Saturday, 01 February 2020 01:21 AM
මේ වගේ වෙලාවක තමා කාර්යක්ෂම රජයක අවශ්‍යතාවයත්, ඒ වගේම රටක ඉන්න බුද්ධිමත් ජනතාවගේ හැසිරීමත් වැදගත් වෙන්නේ. මේකටත් දේශපාලනය ගාවා ගැනීම ගැන කණගාටු වෙනවා. චීනයේත් ලංකාවේ සමහර අය වගේ ආකල්ප තිබුන අය හිටිය නම් ආණ්ඩුවත් පෙරළලා, වූහාන් තහනම් කලාපයක් කළාට ඊට විරුද්ධව පෙළපාලිත් ගිහිල්ලා. චීන ජනතාව වෛරසයට එරෙහිව එකාමෙන් නැගිටින හැටි මුලු ලෝකයටම ආදර්ශයක්!!!!!!!
GMOA Saturday, 01 February 2020 02:57 AM
අනේ හොඳයි... මෝඩ සැලසුම් එක්ක ප්ලෑන් එක පුරෝලාම කොරෝනා අරගෙන එමු. මේ ළමයි සෙට් එක පාර්ලිමන්ට් එකේ නවත්තන එක තමයි වඩා හොඳ. 225ටම බැරියැ හොඳින් බලාගන්න.