IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මුල් පුටුව අශෝක් පතිරගේට

ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන අශෝක් පතිරගේ මහතා  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නව සභාපතිවරයා ලෙස  පත්කරනු ලැබ ඇත.
 
අශෝක් පතිරගේ මහතා සොෆ්ට්ලොජික් සමූහයේ සභාපතිවරයා ද වේ.

මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන අශෝක් පතිරගේ මහතා, ශ්‍රීලංකන් ගුවන්සේවයේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසින් පත් කර තිබේ.

සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. මොහොමඩ් විසින් මීට අදාළ පත්වීමේ ලිපිය නිකුත් කර තිබෙන අතර මේ අනුව දෙසැම්බර් 13 දින සිට අශෝක් පතිරගේ මහතාගේ පත්වීම බලපැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාවේ දැවැන්ත සමාගම් සමූහයක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් හි නිර්මාතෘවරයා වන අශෝක් පතිරගේ මහතා එහි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂවරයා ද වේ.

ඔහු යටතේ මේ වන විට ක්‍රියාත්මක සමාගම් සංඛ්‍යාව 50 ඉක්මවනු ලබන අතර 11,000කට අධික කාර්ය මණ්ඩලයක් ඒවායේ සේවයේ නිරත වේ. සිල්ලර වෙළෙඳ ව්‍යාපාර, විලාසිතා, සෞඛ්‍ය, මූල්‍ය, තොරතුරු තාක්ෂණ, විවේකාස්වාද, රක්ෂණ, රථවාහන යන අංශයන් හි අශෝක් පතිරගේ මහතාගේ ව්‍යාපාර විහිදී පවතී.

මෙරට ප්‍රමුඛතම ආරෝග්‍යශාලා ජාලයක් වන ආසිරි රෝහල් සමූහය, මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම් වන Softlogic Capital PLC, Softlogic Finance PLC, රක්ෂණ ක්ෂේත්‍රයේ Softlogic Life Insurance PLC, විලාසිතා අංශයේ දැවැන්ත සමාගමක් වන ඔඩෙල්, ඒ මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක සමාගම් කිහිපයකි.

මේ වන කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 7 ක නායකත්වය ඔහු සතුය. මීට අමතරව NDB බැංකුවේ උප සභාපතිවරයා වන ඔහු NDB Capital Holdings හි සභාපතිවරයා ද වේ.

 

(125)



අදහස් (25)

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මුල් පුටුව අශෝක් පතිරගේට

ධම්ම Monday, 16 December 2019 07:05 AM

ලාභ උපයන්න පුළුවන් සැලැස්මක් ඇත්නම් පමණක් බාර ගන්න. පස්සේ බයිලා ගහන්න නම් එන්න එපා.

:       1       331

janahitha Monday, 16 December 2019 09:17 AM

ලාභ ලබන්න නම් නව ගුවන් යානා යෙදවිය යුතුයි. සිදු වුණේ වෙනත් දෙයක්... ඇණවුම් කරන ලද ගුවන් යානා අවලංගු කර ගෙවපු වන්දි මුදල් ඩොලර් කෝටි ගණනක් ගසා කෑමයි. කබීර් ඇමතිතුමා විරුද්ධ වුණා ඔය ගසාකෑමට එයාගෙන් අහන්න.

:       70       138

Prasad Lakmal Monday, 16 December 2019 07:09 AM

කාලෝචිත තීරණයක්... අත්හදා බැලීම් කරකර මේ වගේ ආයතන ගොඩගන්න බෑ. රටට වැඩක් කරපු, වැඩ පෙන්නපු දක්ෂ මිනිස්සු මේ වගේ තැන්වලට පත්වෙන්න ඕනෑ. අපේ රටේ "රට ගොඩදාන මිනිස්සු"...

:       423       692

Thilina Monday, 16 December 2019 07:14 AM

ඡන්දය දුන් නොදුන් සුවහසක් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරමින් වෙනස් ගමනක් යන ගෝඨාභය ජනාධිපතිතුමනි, ඔබට තෙරුවන් සරණයි ..

:       438       1217

lalithm Monday, 16 December 2019 07:16 AM

බොහෝවිට හරි වැඩක් වේවි... ඉස්සර එක කාලෙක හැරී ජයවර්ධන මහතාත් ඔය පුටුවේ හිටියා. ඒ කාලේ හොඳට තිබුණා කියලා අපි අහලා තියෙනවා. බිස්නස් දන්නා අයෙක් ඉන්න ඕනේ බිස්නස් ගොඩගන්න.

:       341       509

kap Monday, 16 December 2019 07:32 AM

මේක පුද්ගලීකරණය නොකර කිසිදා ගොඩගන්න බෑ. මේක සොෆ්ට් ලොජික් එකටම වික්කා නම් හරි... එමිරේට්ස් එකේ කාලේ විතරයි මේක ලාභ ලැබුවේ. එ්ත් එක් කෙනෙක්ගේ පෞද්ගලික තරහ නිසා ඒ අයව එලවා ගත්තා...

:       316       427

wimal Monday, 16 December 2019 07:40 AM

සුබ අනාගතයක්...!!!

:       3       47

Nandalal DE SILVA - France Monday, 16 December 2019 07:43 AM

මෙයාත් රාජපක්ෂ පවුලේ මස්සිනා කෙනෙක් නම්, හැම ශ්‍රී ලන්කන් ගුවන් මගියෙකුටම පැරෂුටයක් බැගින් ටිකට් පත සමග බෙදාදිය යුතුවෙනවා..! වැඩක් කරන්න පුළුවන් කෙනෙකුට මෙවැනි වැදගත්, වගකීම් සහිත උසස් තනතුරක් භාරදුන්නා නම් තවදුරටත් අපේ ගුවන් යානා ලාභ සහිතව පියාසර කරාවි...

:       563       318

Sunil Paris , FranceMonday, 16 December 2019 08:08 AM

නොදන්නා දේ නොකිය හිටියා නම් නේද වැදගත්..!!! පොඩ්ඩක් හොයලා බලලා ලියන්න.. නොදන්නා දේ ලියන්නන් වාලේ ලියන්නේ නැතුව...!!!

:       593       583

Lakmal Monday, 16 December 2019 08:59 AM

නන්දලාල් සිල්වා ඔයා ඇත්තටම ප්‍රංශයේද ඉන්නේ? මොකද ප්‍රංශය වගේ දියුණු රටක ඉන්න කෙනෙක් ඔය වගේ ගොන් කතා කියයි කියලා හිතන්න අමාරුයි..

:       142       221

janabala Monday, 16 December 2019 09:22 AM

ප්‍රංශය තියෙන්නේ දෙමටගොඩ පාලම ගාවද? පතිරගේ මහතා සමග අපි වැඩ කළා ඉතාම දක්ෂ ව්‍යාපාරික මහතෙක් දකුණේ සරල මනුෂ්‍ය ගති ඇති දුර දක්නා නුවණක් ඇති මහතෙක් ශ්‍රීලන්කන් ගොඩගන්න අමාරුයි. නව ගුවන් යානා යෙදවීම අත්හිටුවා වන්දි මුදල් වලින් කෝටි ගණන් වංචා කර ඇත.

:       102       283

shanthi Monday, 16 December 2019 01:31 PM

කොහොමත් ප්‍රංශය කියන්නේ ලංකාව වගේ හිඟන, ජරාගති ඇති මිනිස්සු ඉන්න ( හොඳ ගතිගුණ තියෙන ශ්‍රී ලාංකිකයින්ට අගෞරවයක් නොවේවා ), හොරු රජ කරන මෝඩයෝ ඉන්න රටක් නොවෙයි. ඒබව ඔබ නොදන්නා එකයි අරුමය.

:       0       0

ධනාMonday, 16 December 2019 10:22 AM

ප්‍රංශයෙත් සියයට තුනේ ඩයල් ඉන්නවා... ඒ කියන්නේ

:       169       173

ලලිත් Monday, 16 December 2019 08:05 AM

ඉතාම හොඳ තීරණයක්... අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකන් ගොඩ...

:       347       504

arunaMonday, 16 December 2019 10:23 AM

නිකම් හැඟීම් මත නිගමන එපා. මා දන්නා තරමින් මොහුට මෙම කර්මාන්තය පිළිබඳ කිසිඳු පළපුරුද්දක් හෝ සුදුසුකමක් නැහැ. ලෝකයේ බොහෝ ගුවන් සමාගම් පාඩුවට පවත්වාගෙන යන්නේ. AIR හබ් සහිත (ඩුබායි වැනි) ගුවන් සමාගම් තමා ලාභයට පවත්වාගෙන යන්නේ. මෙවැනි තත්වයක් තුළ මෙවැනි පුද්ගලයෙකුට මෙවැනි සමාගමක් ගොඩ ගත හැකිද යන්න සැකයි.

:       92       157

ලුම්බිණි Monday, 16 December 2019 08:46 AM

අපි බලා සිටිමු.

:       1       136

Lion Monday, 16 December 2019 08:50 AM

හොඳ පත්කීරීමක්. අපි දන්නවා ලාභ ලබපු ආයතනයට උනේ මොකද කියලා....... දේශපාලුවන්ට යට උනොත් ඔබ මේ රටේ ඇතිකරගත් නමත් විනාශ වෙයි.

:       1       174

janabala Monday, 16 December 2019 09:28 AM

රනි මහතා පත් කරන්න තිබුණේ රෝයල් ගෘප් එකත් එක්ක....එක්කෙනෙක්ගේ පඩිය මිලියන 7ක්..

:       1       12

රජීව් දොම්පේ Monday, 16 December 2019 09:42 AM

සුදුසුකම් තියෙන අයට රජයේ රැකියාවලට අයැදුම් කරන්න කියනවා. අතයටින් බොහෝ පත්වීම් කර අවසානයි. ජනතාව අන්දන එක නවතින්නේ කවද්ද?

:       138       161

sudathMonday, 16 December 2019 12:19 PM

ආ ඔයා දොම්පේද ? හිතා ගන්න පුළුවන්.

:       0       0

Maalaka Monday, 16 December 2019 10:21 AM

මෙයා ගැන දන්න දේ කියන්න බයයි.

:       4       33

Raveendra Monday, 16 December 2019 10:58 AM

දිව්‍යලෝකේ හෝ අපායේ වැඩකරපු කෙනෙක් උනත් එය අපට අදාළ නැත. අවංකව රටට වැඩක් කිරීමට හැකි නම් එයයි මහජනතාව බලාපොරොත්තු වන්නේ. මොහු පොහොසතෙක් ද දුප්පතෙක්ද කව්රුන්ද, මොහුට අර කොම්පැනි මේ කොම්පැනි තියෙනවද නැද්ද අදාලම නැත.

:       0       0

විපරමා Monday, 16 December 2019 11:28 AM

කිසිම උගත්කමක් නැති, සුදුසුකමක් නැති කලින් හිටපු පවුල් පාලනේ කෙනාට වැඩිය මොහු කෙරෙහි විශ්වාසයක් තියන්න පුලුවන්... බලමුකෝ මොකද වෙන්නේ කියලා.

:       6       40

ඉරේෂ් එස් කුමාර Monday, 16 December 2019 11:31 AM

මේක බිස්නස් එකක්... බිස්නස් දන්නා කෙනෙක් පත්වෙච්ච් එක හොඳයි. ශ්‍රී ලන්කන් සමාගමට හොඳ කලක් උදාවේවි...

:       9       125

ජොනි ඉලංගරත්න Monday, 16 December 2019 11:56 AM

නිමල්, වෙල්ගමලා, ධම්මික පෙරේරා පත් කරලා අත් පුච්ච ගත්තා නේද, කවද හැදෙයිද මේ අය. එයාලයින් එක නැත්තටම නැති වෙයි මේ පාර.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1438 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 280 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 535 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 764 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 152 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 551 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 725 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 506 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site