පළාත් අධ්‍යාපන අධයක්ෂවරයකු වූ නැසීගිය විල්සන් බණ්ඩාරනායක මහතාගේ සහ ඉංග්‍රීසි ගරුවරියක වූ නැසීගිය ෆ්ලෝරා බණ්ඩාරනායක මහත්මියගේ වැඩිමහල් දියණිය ලෙස 1958 අප්‍රේල් මාසයේදී කුරුණැගලදී උපත ලැබූ ශිරානි අන්සුමාලා බණ්ඩාරනායක 2011 මැයි මස 17 දින ශ්‍රී ලංකාවේ ප්‍රථම අගවිනුසුරුවරිය වූවාය. ඇය එම ධූරයට පත්වූ 43 වැන්නා වූයේ පාර්ලිමේන්තු සභාවේ ද අනුමැතිය අනුවය.
අළෙවිකරණය පිළිබඳ වෘත්තිකයකු මෙන්ම ජාත්‍යන්තර කළමනාකරණ උපදේශකවරයකු ද වන ප්‍රදීප් කාරියවසම් මහතා සමඟ විවාහ වී සිටින ඇය එක් දරු මවකි. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන කාරියවසම් මහතා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති වරයාය. ඇගේ එකම පුතු ෂවීන් බණ්ඩාරනායක කාරියවසම් මහතා එංගලන්තයේ ස්ටැෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියකු වන අතර ශ්‍රී ලංකා ආසියානු පැසිපික් තොරතුරු තාක්ෂණික ආයතනයේද අධ්‍යාපනය ලබා ඇත.
ගිනිගත්හේන ප්‍රාථමික විදුහල, කෑගල්ල බාලිකා විද්‍යාලය, තෝලංගමුව ප්‍රාථමික විදුහල, තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලය හා අනුරාධපුර මධ්‍ය මහා විදුහල යන පාසල් කිහිපකින්ම ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය ලැබූ ශිරානි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළු වූයේ 1976 වර්ෂයේදී උසස් පෙළ ඉහළ සමාර්ථයක් ලබමිනි.
1980 වර්ෂයේදී නීතිවේදී (ගෞරව) උපාධිය ලැබූ ශිරානි බණ්ඩාරනායක 1981 දී කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ආරාධිත කථිකාචාර්යවරියක ලෙස ද සම්බන්ධ වූවාය. 1983 වසරේදී නීතිය පිළිබඳ දර්ශනපති උපාධිය ලබාගත් ඇය එම වසරේදීම ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියක ලෙස ද දිවුරුම් දුන්නාය. ඉන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගිය ඇය ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳ ආචාර්ය උපාධිය ලබාගත්තේ 1986 වර්ෂයේදීය.
1987 දී කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අංශාධිපති තනතුරට පත්වූ ඇය 1992 වර්ෂයේදී එහි පීඨාධිපති තනතුරට පත්ව අවස්ථා කිහිපයක් කොළඹ විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති ලෙස ද ක්‍රියා කළාය. අනතුරුව 1993 වර්ෂයේ දී කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ සහාය මහාචාර්ය වරියක ලෙස ද ඇය පත්වූවාය.
1996 වර්ෂයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස පත්වූ ඇය ඒ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති සහ නීතිය පිළිබඳ සහාය මහාචාර්ය වරියක ලෙස ක්‍රියාකරමින් සිටියාය. ඇය මෙරට ප්‍රථම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියයි. අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකාවක වන ශිරානි බණ්ඩාරනායක එකොළොස් වතාවක් මෙරට වැඩබලන අගවිනිසුරු වරිය ලෙස ද කටයුතු කැර තිබීම විශේෂත්වයකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ බිහිවූ යකඩ ගැහැණිය (දී)
ජීව, ඔව් ඔව් දැන් ලැහැස්ති වෙමු. (නි)
සුභ පැතුම් මැඩම්! (නි)
ඔබට සුභ අනාගතයක් (ස)
ඔබ නියම ගැහැණියක් , ඔබට ජය නියතයි (ස)
කනගාටුයි ඔබ තුමිය ගැන (දී)
දේශපාලනය තමයි ඔබ තුමියට ගැලපෙන්නේ (දී)
අපි ඔබ සමගයි (දී)
මෙය ඔබේ ජීවිතයට ශක්තියක් කරගෙන ඉදිරියට යන්න (ස)
ඔබට නිදුක් නිරෝගී භාවය ලැබේවා (දී)
ලංකාවේ ප්‍රථම අගවිනිසුරු වරිය (දී)
ශියානි බණ්ඩාරනායක මහත්මියට සදා ජය (දී)
කවදා ඉවර වෙයිද මේ ප්‍රශ්නය (දී)
ඇත්තමයි ලංකාදිපෙට ස්තුති මේ වගේ ඉක්මනින් අපිව දැනුවත් කරනවාට (දී)
සියල්ලම මේ ලිපියේ තියෙනවාද (දී)
ඔබ විශිෂ්ටයි (දී)
100% නිවැරදි මිනිස්සු නැහැ (දී)
දිරිය මවුනි, ඔබේ උගත් කම කිසිවෙකුට සොරා ගත නොහැක (ස)
අපගේ උත්තමාචාරය නිරතුරුවම ඔබටයි දයාබර මෑණියනි (ස)
අවස්ථා කිහිපයකදීම අපේ රටේ තත්වය පැහැදිලි වුණානේ...එම නිසා වැඩි දුර හැප්පේන්නේ නැතුව ඉවත් වෙලා පිටරටකට ගොස් පදිංචි වුනා නම් ණුවනට හුරුයි කවුරු කවුරුත්..... (ස)
ජයවේවා ඔබතුමියට (දී)
අපිට ආදර්ශමත් චරිතයක් (දී)
ඔබතුමිය ලංකාවේ ඉන්න එපා (දී)
අවසන් මොහොත දක්වාම ඔබ නොසැළී සිටියා. ඔබට ජයෙන් ජය! (නි)
නිහඩ බහුතරය ඔබට ගෞරවයෙන් හිස නමනවා මැතිණියනි. (නි)
සුභ අනාගතයක් ඔබට! (නි)
ඇති යන්තම්.... (නි)
චානුක, ඔබ පමණයි ස්වාධීන මතයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. (නි)
මම මේ ඔක්කොම කියෙවුවා (දී)
හොරකම් කරන අයට නීතිය ඉදිරියේ දඩුවම් දෙන නිතිය ක්‍රියාත්මක කරන ඇයත් මේ වගේ වැරදි කළාම අනෙක් අය ගැන තව මොන කතාද? (නි)
ඔබට ජය! (නි)
මමනම් මොකුත් කියන්නේ නැහැ (දී)
ඔබතුමියට බුදු සරණයි (දී)
ඔබ වීරෝධාර කාන්තාවක්. රට වෙනුවෙන් පෙරට එන්න. (නි)
ඔබෙන් උන සේවයට ස්තුති (දී)
සැම කළු වළාවකට යටින් රිදී රේඛාවක් ඇත. (නි)
නිති සිසුන්ට හොද ලිපි පෙළක් (දී)
ඔබ දිරිය කතක්. වීරවරියක්. ඔබට ජය නියතයි. (නි)
ඔබ ඉදිරියේ පිනුම් ගසන්නන්ට ඔබගේ දැනුම අසළකටවත් කිට්ටු වෙන්න පුලුවන්ද? (නි)
ඔබතුමිය මෙරට නොඉද පිටරටකට යන්න. (නි)
ඔබතුමියට ජයවේවා (දී)
ආදර්ශමත්,චරිතයක් අපිට ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා (දී)
මේකේ අදහස් දාන අය පැරදුණු දුකට අඩන අය වගෙයි පෙනෙන්නේ. (නි)
ජීවිතය හුදෙක්ම බැවුමක්ම නෙවෙ .. එය තරණය කරන්න. එය අවසන් කරන දවසට ඔබට ලොකු සතුටක් දැනෙවි.. කෙසෙද ඔබ එය තරණය කළෙ කියා.(අ)
මහත්මියනි, ඔබ නොසැලෙන චරිතක්, ඔබට අපේ සුභපැතුම් (දී)
මේක හොද පිළිතුරක් නෙමෙයි. (නි)
අති විශේෂයි. (නි)
ඇය පවු. (නි)
මැතිණියනි, ඔබ ටතෙරුවන් සරණයි! (නි)
මැඩම්, අපට ඔබ ගැන කණගාටුයි. (නි)
අතට ගත්තු දේ බඩට දා ගන්න පින නැහැ (දී)
දැන් මම මොකද්ද කියන්න ඕනේ (දී)
ඔබ ශ්‍රේෂ්ඨ කාන්තාවකි. දේශපාලුවන්ගේ ක්‍රියාවන් ඉදිරියේ නොසැලී මෙතෙක් ආ ගමනට ලක් මාතාවගේ දිරිය දියණියේ, ඔබට අපගේ ප්‍රණාමය! (නි)
තුබූ තැනක සොර සතුරන් ගත නොහෙනා එසැඩ මනාවත් වතුරෙන් වළ නොයෙනා කෝප වුවත් රජ මැතිදුන් ගත නොහෙනා උගත මනා ශිල්පයමයි මතු රැකෙනා.......... (නි)
සුභ අනාගතයක් මැඩම්! (නි)
ඔය කතා වලින් වැඩක් නැහැ. දැන් ඉතින් ඊළග පියවරට ලැහැස්ති වෙන්න. (නි)
සත්‍යය කවදා හෝ ජය ගනී. (නි)
ඔබ රටේ වැදගත් චරිතයක් (දී)
ජයවේවා ඔබතුමියට අපේ ප්‍රණාමය (දී)
ලංකාවේ නමක් තියපු චරිතයක් (දී)
ඔබ තුමිය ගැන ආඩම්බරයි (දී)
ජයවේවා සියල්ලන්ටම (දී)
මට නම් කියන්න මොකුත් නැහැ (දී)
මෑතක බිහිවූ දිරිය කත (දී)
දිරිය දියණිය (දී)
අඩන ඉතින් ඔක්කොම ඉවරයි (දී)
මමනම් ඇත්තටම ගරු කරනවා (දී)
අපේ ගෞරවය ඔබට (දී)
ඔබට සුභ අනාගතයක්! (නි)
අපි ඔබ ගැන ආඩම්බර වෙනවා මැතිණියනි (ස)
මම මෙතුමිය 100% හරි කියලා කියන්නේ නැහැ වැරදි තියෙනවා, නමුත් දඩුවම් දෙනවානම් අද සමාජයේ ඕන තරම් කට්ටිය ඉන්නවා, (දී)
ලංකාවේ උගතුන්ට තැනක් නෑ.. මැතිණියනි ඔබට තව තවත් ශක්තිය ලැබේවා (ස)
ඔබතුමියට් ජයවේවා (දී)
සත්‍යය කවදා හෝ ජය ගනී (දී)
පත්තරයක් ගත්තත්, ටි.වී. එක දැම්මත් මොකෙත් මේ මාතෘකාව විතරයි (දී)
ජීවිතය ඉගෙනගන්න හොද චරිතයක් (දී)
දැන්වීමක්ද....(දී)
තීරණ ඒවා නම් හරි කියන්නට පුලුවන් කාටද? (නි)
ඔබතුමියට ජය වේවා! ඔබ අවංකයි. (නි)
ඔබගේ ඉදිරි ගමන සාර්ථක වේවා , ඔබට ජයෙන් ජය ලැබේවා (ස)
කිර්තිමත් විදුහල්පතිවරයෙකු වූ බණ්ඩාරනායක සර්ගේ දියණියේ, ඔබ ද පියතුමන් මෙන්ම ශ්‍රේෂ්ඨයි. ඔබට අපගේ ප්‍රණාමය! (නි)
ඔබ යකඩ ගැහැණියකි. රටට ආදර්ශයකි. (නි)
මෙන්න චරිත (දී)
අපි දැන් කුමක් කරමුද (දී)
රැකගන්නට පුතේ ..අපට රටක් නැතේ .. (ස)
ඔබ බුද්ධිමත්. (නි)
දිරිය මවුනි, ඔබට යුක්තිය ලැබෙනවා. ඔබ රටට ආඩම්බරයක්. (නි)
ඔබට ඔය ඉරණම ඇතිවූයේ ඇයි කියා ඔබ දන්නවාද ? ඔබ බුද්ධිමත්. ඔබට ජය වේවා (ස)
ඔබට ජය (දී)
මැතිණියනි, ඔබ අපිට වීර වරියක් .යුක්ති ගරුක මිනිසුන්ගේ ප්‍රණාමය ඔබට (ස)