IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ශිරාන් - ශස්රන් නුවරඑළියේදී දස්කම් දක්වති

නුවරඑළිය මෝටර් රථ තරගාවලියේදී පහසු ජයග‍්‍රහණ අත්කරගැනීමට අත්දැකීම් බහුල ධාවකයෙකු වන ශිරාන් සැමුවෙල්ස් සහ ශස්රන් ඉස්මත් සමත්වූහ. ශිරාන් සැමුවෙල්ස් ජයග‍්‍රහණ දෙකක් අත්කරගත්තේ ‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය / නවීකරණය කරන ලද (සි. ධා. 600 දක්වා) තරගයේදී සහ ‘එම්’ කාණ්ඩයේම සාමාන්‍ය / නවීකරණය කරන ලද යතුරු පැදි (සි. ධා. 175 සිට 250 දක්වා) තරගයේදී මධුරංග කල්දේරා පරාජය කරමිනි.

නුවරඑළිය ප‍්‍රදේශයේ ධාවකයෙකු වූ ශස්රන් ඉස්මත්, ‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය / නවීකරණය කරන ලද යතුරු පැදි (සි. ධා. 100 සිට 125 දක්වා) තරගය සහ ‘ ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය යතුරුපැදි (සි. ධා. 125 සිට 160 දක්වා) තරගය ජයගත්තේ පැමිණ සිටි ආධාරකරුවන්ගේ ජයඝෝෂා මැදය.

‘එස්. එම්.’ කාණ්ඩයේ සුපිරි යතුරු පැදි (සි. ධා. 175 සිට 250 දක්වා සහ සි. ධා. 290 සිට 450 දක්වා) තරයේදී එම ඉසව්වේ තවත් ප‍්‍රවීණ කී‍්‍රඩකයෙකු වන ආනන්ද වෙඩිසිංහ පරාජය කරමින් සුරාජ් පෙරේරා ජය ලැබීය.

ශී‍්‍ර ලංකාවේ සිටින ප‍්‍රවීනතම මෝටර් රථ තරග රියැදුරකු වන උපුල්වන් සේරසිංහ තම පි‍්‍රයතම ඉසව්ව වන ‘එස්. එල්. එන්.’ කාණ්ඩයේ ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ (සි. ධා. 1500 දක්වා) තරගය ජය ගනිද්දී, ‘එස්. එල්. එන්.’ කාණ්ඩයේම සුබාරු මෝටර් රථ (සි. ධා. 2200 දක්වා) තරගය ජය ගැනීමට ශාන්ත සුරවීර සමත්විය.

හෆීස් කාදර් සහ ඩොනල්ඞ් බුල්ජන්ස් පමණක් ’එස්. එන්. ඒ.’ කාණ්ඩයේ නවීකරණය කරන ලද මෝටර් රථ (සි. ධා. 1050 දක්වා) තරගය නිමා කිරීමට සමත්වූ අතර දැඩි වර්ෂාව හේතුවෙන් අනිකුත් සියලූ තරගකරුවන්ට එම තරගය අවසන් කිරීමට හැකියාව නොලැබිණ.
මෝටර් රථ තරග වලට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් එම තරග වල වට ප‍්‍රමාණය අඩු කිරීමට සංවිධායක මණ්ඩලය පියවර ගත්තේය.

‘ ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය යමහා යතුරුපැදි (සි. ධා. 125 සිට 160 දක්වා) තරගය
1 ආර්. එස්. නිමේෂ් ප‍්‍රනාන්දු
2 ආර්. එම්. බාලසූරිය
3 ජී. ආර්. රක්වාන

 

‘ ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය යතුරුපැදි (සි. ධා. 100 සිට 125 දක්වා) තරගය
1 සංජීව උදය කුමාර
2 සී. ඒ. ප‍්‍රභාත් පෙරේරා
3 චමින්ද සුබසිංහ

 

‘ ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය යතුරුපැදි (සි. ධා. 100 සිට 125 දක්වා) සන්නද්ධ සේවා තරගය
1 එම්. සී. පෙරේරා
2 කේ. එම්. නිරෝෂන

 

‘එස්. එල්. එන්.’ කාණ්ඩයේ සාමාන්‍ය මෝටර් රථ (සි. ධා. 1000 දක්වා) තරගය
1 ධම්මික පීරිස්
2 සචිත් පතිරණ
3 හර්ෂ පඬුවාවල

 

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය / නවීකරණය කරන ලද යතුරු පැදි (සි. ධා. 100 සිට 125 දක්වා) තරගය
1 ශස්රන් ඉස්මත්
2 ඞී. ඒ. ශේන් සිල්වා
3 ජෙෆ් ඇන්ඩි‍්‍ර චී

 

‘එස්. එම්.’ කාණ්ඩයේ සුපිරි යතුරු පැදි (සි. ධා. 100 සිට 125 දක්වා) සහ (සි. ධා. 175 සිට 250 දක්වා) තරගය
1 උද්දක ශ්‍රීමාල් මලවිගේ
2 චමින්ද ද සිල්වා
3 එම්. ජී. සරත් කුමාරසිංහ

 

‘ ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය යතුරුපැදි (සි. ධා. 125 සිට 160 දක්වා) තරගය
1 ශස්රන් ඉස්මත්
2 ටී. වාසුදේවන්
3 එස්. පී. සී. චමින්ද

 

’එස්. එන්. ඒ.’ කාණ්ඩයේ කුඩා 7 මොටර් රථ (සි. ධා. 1000 දක්වා) තරගය
1 ශෂික ලක්මාල්
2 කේ. පරමේෂ්වරන්
3 චතුර විජේරත්න

 

‘එස්. එල්. එන්.’ කාණ්ඩයේ ෆොඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ (සි. ධා. 1300 දක්වා) තරගය
ප‍්‍රතිඵල නිකුත් නොකෙරිණ

 

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය / නිවීකරණය කරන ලද යතුරු පැදි (සි. ධා. 175 සිට 250 දක්වා) තරගය
1 ශිරාන් සැමුවෙල්
2 මධුරංග කල්දේරා
3 ජී. ඒ. ලතික ශාමල්

 

‘එස්. එම්.’ කාණ්ඩයේ සුපිරි යතුරු පැදි (සි. ධා. 175 සිට 250 දක්වා) සහ (සි. ධා. 290 සිට 450 දක්වා) තරගය
1 සුරාජ් පෙරේරා
2 ආනන්ද වෙඩිසිංහ
3 එම්. එස්. අංජන ඩයස්

 

‘ආර්’ කාණ්ඩයේ රේසිං යතුරු පැදි (සි. ධා. 100 සිට 125 දක්වා) සහ (සි. ධා. 175 සිට 250 දක්වා) තරගය
1 ප‍්‍රභාත් පීරිස්
2 ෆ‍්‍රෑන්ක් දිසානායක
3 එස්. කේ. ටිරෝන්

 

‘එස්. එල්. එන්.’ කාණ්ඩයේ ෆොඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ (සි. ධා. 1500 දක්වා) තරගය
1 උපුල්වන් සේරසිංහ
2 කුෂාන් පීරිස්
3 දුමින්ද ජයසිංහ

 

‘එස්. එල්. එන්.’ කාණ්ඩයේ සුබාරු මෝටර් රථ (සි. ධා. 2200 දක්වා) තරගය
1 ශාන්ත සුරවීර
2 කාවින්ද ධර්මවර්ධන
3 මංජුල ශිරාන්

 

’එස්. එන්. ඒ.’ කාණ්ඩයේ නවීකරණය කරන ලද මෝටර් රථ (සි. ධා. 1050 දක්වා) තරගය
1 හෆීස් කාදර්
2 ඩොනල්ඞ් බුල්ජන්ස්

 

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය / නවීකරණය කරන ලද (සි. ධා. 600 දක්වා) තරගය
1 ශිරාන් සැමුවෙල්ස්
2 මධුරංග කල්දේරා
3 ෆරීස් මසාර්

(*)

 



අදහස් (0)

ශිරාන් - ශස්රන් නුවරඑළියේදී දස්කම් දක්වති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 121 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 93 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 793 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 21 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 75 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


අධිවේගී පිවිසුම අසළ පාළු ඉඩමක මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 859 0

කොට්ටාව අධිවේගී පිවිසුම අසළ මිහිඳු මාවත ප්‍රදේශයේ පාළු ඉඩමක අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් තිබී අද අද (01) දා දහවල් සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38430 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25315 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 890 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site