ශූරයන්ගෙන් ශූරයා පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය සඳහා රත්නම් කී‍්‍රඩා සමාජය හා නාවික හමුදා කී‍්‍රඩා සමාජය සුදුසුකම් ලබා සිටියි. එම අවසන් මහ තරගය ලබන සෙනසුරාදා (17) පස්වරු 3.30ට මැලේ වීදිය සිටි ලීග් පිටියේදී පැවැත්වේ. පෙරේදා (10) සිටි ලීග් පිටියේදී පැවති ශූරයන්ගෙත් ශූරයා දෙවැනි අවසන් පූර්ව තරගයෙන් රත්නම් පිල ගෝල 2-0කට මීගමුව දොන් බොස්කෝ පිල පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් සපිරීය. ඒ අනුව අන්තර් සමාජ ප‍්‍රධානතම පාපන්දු ලීග් තරගාවලියද ජය ගත් රත්නම් පිලට දැන් ශූරයන්ගෙත් ශූරයා කුසලාන දිනාගැනීමේ අවස්ථාවද හිමිව තිබේ. පෙරේදා තරගයේ අවසන් විනාඩි 10 ඇතුළතදී ගෝල දෙකක්ම වාර්තා කරමින් රත්නම් පිල අවසන් මහ තරගයට ප‍්‍රවේශවීම කැපී පෙනේ. එම ගෝල 82 වැනි විනාඩියේදී ඊ.බී. චන්න හා 87 වැනි විනාඩියේදී එම්. රවීන්ද්‍රන් විසින් වාර්තා කරන ලදී. එහිදී කි‍්‍රෂාන්ත අබේසේකර විසින් යාර 25කට වැඩි සීමාවක සිට ලබාදුන් පන්දු පහර ඊ.බී. චන්න විසින් කෙළින්ම දැල තුළට යොමු කරමින් ලබගත් පළමු ගෝලය බොහෝ දෙනකුගේ අවධානයට යොමුවූහ. රත්නම් පිල වෙතින් පරාජයට පත්වූ මීගමුව දොන් බොස්කෝ පිල ගිය වර ප‍්‍රධානතම ලීග් තරගාවලියේ ශූරතාව දිනා ගත් කණ්ඩායමයි. එහෙත් මෙවර ලීග් තරගාවලියේ ඔවුන් ලැබුවේ සිව්වැනි ස්ථානයයි. පැවැති ශූරයන්ගෙත් ශූරයා පළමු අවසන් පූර්ණ තරගයේ ජය වාර්තා කළේ නාවිකා හමුදා පිල විසිනි. ඒ යුද හමුදාව පරාජයට පත් කරමිනි. නාවිකයන් ශූරයන්ගෙත් ශූරයා තරගාවලියේ අවසන් මහ තරගයට තේරුණේ පළමු වතාවටය. එහිදී තවත් විශේෂත්වයක් වන්නේ වසර ගණනාවක් ප‍්‍රධානතම ලීග් තරගාවලිය හැර ගොස් සිටි නාවික හමුදාව නැවත තරගාවලියට එක්වූ පළමු අවස්ථාවේදීම සුවිශේෂි දස්කම් දැක්වීමය. ඔවුන් ලීග් තරගාවලියේ තෙවැනි තැනට පත්වුවත් ශූරයන්ගෙත් ශූරයා අවසන් පූර්ව තරගයේදී ඔවුන්ට පරජය වූ යුද හමුදාව ලීග් තරගාවලියේ දෙවැනි ස්ථානයට පත්ව සිටි කණ්ඩායමයි. ප‍්‍රධානතම ලීග් තරගාවලියේ සිව්වැනි ස්ථානය තෙක් පැමිණි කී‍්‍රඩා සමාජ හතර අතර ශූරයන්ගෙන් ශූරයා තරගාවලිය පැවැත්වේ. රත්නම් කී‍්‍රඩා සමාජය වසර 2010 ප‍්‍රධානතම තරගාවලියේ තෙවැනි ස්ථානයට පත්ව සිටියත් යුද හමුදාව එවරත් එහි දෙවැනි ස්ථානයේ රැඳී සිටීමට සමත් විය. මෙවර ලීග් තරගාවලිය රත්නම් කී‍්‍රඩා සමාජය ජය ගත්තේ තරග 22 කින් 15ක්ම ජය ගනිමිනි.
උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ
ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව
“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.
ශ්රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ශූරයන්ගෙත් ශූරයා පාපන්දු සටනට රත්නම්-නාවික හමුදාව