IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ශ්‍රීලනිප භික්ෂු සංවිධානයට පක්ෂය එපා වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක  පක්ෂය දිය කිරීමේ වෑයමක නිරත වී සිටින බව එම පක්ෂයේ භික්ෂු සංවිධානයේ සභාපති රැකව ජිනරතන හිමියෝ අද (28) ප්‍රකාශ කළහ.

දුමින්ද දිසානායක මහතා ඇතුළු කණ්ඩායම දිගින් දිගටම මේ ආකාරයෙන් කටයුතු කළහොත් ඉදිරියේදී වෙනම භික්ෂු පෙරමුණක් ලෙස කටයුතු කරන බව ද ජිනරතන හිමියෝ කීහ. 

කොළඹ පුංචි බොරැල්ල ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් භික්ෂු සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමින් ජිනරතන හිමියෝ එම කරුණු පැවසූහ.

අද වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයන් නොසලකා හැර ඇතැයි ද ඔවුන් දැඩි කනස්සල්ලට පත්ව ඇතැයි ද ජිනරතන හිමියෝ එහිදි කීහ. 



අදහස් (0)

ශ්‍රීලනිප භික්ෂු සංවිධානයට පක්ෂය එපා වෙයි

ධම්මික හිමි Monday, 28 November 2016 11:58 PM

ඔබ වහන්සේ කියන කතාව හරි. භික්ෂු සංවිධානයට පමණක් නොවෙයි සියලු සාමාජිකයින්ට පක්ෂය එපාවෙලා. ඉක්මනට මල් පොහොට්ටුව හා සම්බන්ධ වී භික්ෂු සංවිධානයක් පිහිටුවන්න. මේ වෙලාවේ එඩිතරව කටයුතු ක‍ළේ නැත්නම් රටත් ජාතියත් විනාශයි (නි)

:       0       0

සෝමදාස Tuesday, 29 November 2016 12:01 AM

කරුණාකරලා හාමුදුරුවෝ ඔය පක්ෂ බදාගෙන ඉන්නේ නැතුව ජාතියට වැඩකරන්න (නි)

:       0       0

දහම් Tuesday, 29 November 2016 12:07 AM

අර සමහරු කරනවා වගේ ආණ්ඩුවට පන්දම් අල්ලන්න. උතුරු නැගෙනහිර අයට රට පාවාදෙන්න උදවු කරන්න. එතකොට හරි (නි)

:       0       0

ශාන්ත Tuesday, 29 November 2016 12:35 AM

නිවන් මඟ සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් වැඩකටයුතු සම්පාදනය කරන්න පටන්ගන්නේ කවදද අපේ හාමුදුරුවනේ? (නි)

:       0       0

රාජසිංහ Tuesday, 29 November 2016 01:19 AM

බුදු හාමුදුරුවෝ ඇතුළු මහා රහතන් වහන්සේලා මොන පක්ෂයේද දන්නේ නැහැ හිටියේ. දැන්වත් ඔය පක්ෂ පැත්තක තියලා ආගමට දහමට මොනවාහරි කරන්න බලන්න. නැත්නම් සිවුර පැත්තක තියලා ඕනෑ දෙයක් කරගන්න. (නි)

:       0       0

කැනඩා දිසා Tuesday, 29 November 2016 01:57 AM

මට ලොකු ප්‍රශ්නයක්. බුදුහාමුදුරුවෝ මොන පක්ෂයේද දන්නේ නැහැ. දන්නේ නැති නිසයි අහන්නේ... (නි)

:       0       0

මොහාන් Tuesday, 29 November 2016 02:50 AM

එයාලා කොහොමත් සියළු දෙයින් අත්මිදිලා සියල්ල අත්හැරලා ඉන්න ඕනෑ (නි)

:       0       0

ප්‍රභාත් Tuesday, 29 November 2016 07:25 AM

සුනිල්.. කෙනෙක් මහණ වෙන්නෙ ජීවිතේ/සංසාරේ කලකිරිල නෙමෙයි. ජීවිතේ/සංසාරේ ගැන යථා අවබෝධය ලබලා... ජීවිතේ/සංසාරේ කලකිරිල කියන එක වැරදි යෙදුමක්....(බ)

:       0       0

සාරා Monday, 28 November 2016 01:49 PM

භික්ෂු සංගමයට පමණක් නොවේ, සිල්වත් දායක සියලු දෙනාටත් හිතන්න වෙලා මේ දේවාලේ තවත් ඉන්නවද කියල. (බ)

:       0       0

ඉරාන් Monday, 28 November 2016 02:14 PM

ඔබ වහන්සෙට දැන්වත් තේරුණ එකම මදැයි..(බ)

:       0       0

සුනිල් ගාමිණී Monday, 28 November 2016 02:30 PM

හාමුදුරුවරුන්ට තියන්නේ ගිහියන්ට විමුක්ති මාර්ගය කියල දෙන්න. (බ)

:       0       0

එන්සිනා Monday, 28 November 2016 02:52 PM

හාමුදුරුවෝ දේශපාලනෙන් අත්වෙලා ඉන්න (හේ)

:       0       0

ජේමිස් Monday, 28 November 2016 02:55 PM

ලොකු ප්‍රශ්නයක්.(හේ)

:       0       0

දහම් Monday, 28 November 2016 04:04 PM

කනස්සල්ල වැඩිම නම් බණක් බාවනාවක් කරගෙන ඉන්න නුවණ සැපත් වේවා (බ)

:       0       0

විද්‍යා Monday, 28 November 2016 04:31 PM

හාමුදුරුවනේ, නිකාය තුන එකතු කරලා එක සංවිධානයක් යටතේ ධර්මය ප්‍රචාරය කරන්න. (නි)

:       0       0

සුනිල් Monday, 28 November 2016 04:46 PM

හාමුදුරුවරු සංසාරේ කළකිරිලා නේද ඉන්නේ? ගිහියන්ගේ වැඩ ඔබවහන්සේලාගේ වැඩ කරගැනීම අකැපයි. බුදුහාමුදුරුවන්ගේ අඩි පාරේ ගමන් කරන්න. (නි)

:       0       0

නන්ද Monday, 28 November 2016 05:11 PM

ගිහියන්ට අයිති වැඩ පැවිද්දන් කරන්න යන එකත්, පැවිද්දන් කළයුතු දේ ගිහියන් කරන්න යන එකත් දෙකම වැරදියි. මේක තේරුම් නොගත් ගිහියොත් ඉන්නවා පැවිද්දොත් ඉන්නවා. (නි)

:       0       0

එරන්ද Monday, 28 November 2016 05:43 PM

මොකද දන්නෙ නැහැ මේ එකපාරටම? (නි)

:       0       0

මිගිද Monday, 28 November 2016 07:46 PM

අනේ හාමුදුරුවනේ, පිනක් දහමක් කරලා වැඩවාසය කරන්න. දේශපාලනේ කරන්න ඕනෑ නම් ගිහියකු වන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1660 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 754 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 252 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 351 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 158 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 107 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40001 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 227 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1302 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site