ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති පරාජයට පත්වී හිටපු ලේකම්වරයා ජනපති විම පක්ෂය ලද ජයග‍්‍රහණයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ බල මණ්ඩලයේ සභාපති ශාන්ත බණ්ඩාර පවසයි.
අලූත් පක්ෂයක් හදන්න උත්සහ කරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ති‍්‍රවරුන් ගණනාවක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරිමට උත්සහ කරන බවද ඔහු පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ බල මණ්ඩල රැස්විමේදී ඔහු මේ බව කීය.හැටන් නගර මධ්‍යයේදි ලංකා නිදහස් පක්ෂයට සාමාජිකයන් බදවා ගැනිමේ ප‍්‍රවර්ධන වැඩසටහනක්ද පැවැත්විණි. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ද සහභාගී විය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු! මෙතන දුසිමක්වත් නැහැනේ. (නි)
පෙරලුන පැත්ත හොඳයි කිවුවාලු. බලමුකෝ තව මාස 4න් මෙයා මොනවද කියන්නේ කියලා. (නි)
කකුලුවොත් වතුර නටනතුරු ඔහොම දිය කෙළියලු! (නි)
රට ගැන නොසිතන කුණු පක්ෂ දේශපාලනය...
දැන් ඉන්න මිනිස්සු කතාවලට අහුවෙන්නේ නැහැ (නි)
ඔය පැනලා තියෙන්නේ බළලා මල්ලෙන් එළියට. මේගොල්ලෝ මේ සටන් කරලා තියෙන්නේ ජනතාවට ජයග්‍රහණය අරන් දෙන්න නොවෙයි. දිනපතා ගරාවැටෙන පක්ෂයට මුක්කු හොයන්න. අනේ මගේ පක්ෂයට ගිය කල. (නි)
තමන්ගේ සභාපති පැරදිලා ලේකම් දිනපු එක පක්ෂයට හොඳයි කියලා හිතෙන්නේ ඇයි. තේරෙන්නේ නැද්ද ලේකම් කරපු වැඩෙන ලේකම් දිනුවට පක්ෂය දෙකඩ වුණා කියලා. (නි)
ඔය ඇවිදින ගමන් පදික වේදිකාවේ තියෙන කුණු කසළ ටිකවත් පිරිසිදු කරලා දෙන්නකෝ. (නි)
සභාපති පැරදුනාම පක්ෂය දිනන්නේ නැති බව තේරුම් ගන්න බැරි එක්කෙනා තරුණයන්ට නායකත්වය දෙන්නේ කොහොමද කියලා දැන් ඉන්න සභාපති හිතුවොත් හොඳයි (හේ)
කද සහ බඩ පමණයි (හේ)
පක්ෂය කැඩුවේ කව්ද ? පක්ෂ නායකයට විරුද්ධව ජාතිවාදීන් ගේ ඡන්ද අරන් දිනලා දැන් අනිත් පැත්තට කතාකරනවා නින්දෙන් ඇහැරිච්ච අයට හොඳයි ඔය කතා (බ)
අපි මේවට කතාකරන්න කැමති නැහැ (නි)
එ්කද මහින්ද මහත්තයාගේ රැස්වීම වල, රූපවාහිනි සම්මුඛ සාකච්ඡා වල කතා පැවැත්තුවේ? (නි)
අනේ මොකටද මගේ කට! (නි)
කුරුණෑගලින් මන්ත්‍රීකමක්වත් නැති කෙනෙක් නේද මේ? මනාපයකින් පැරදිලා මෛත්‍රී ජාතික ලිස්ට් එකෙන්වත් පත්කළේ නැහැනේ. අනේ පවු! (නි)
මහින්ද මහත්තයා දෙපාරක් ජනපති ධූරයට පත්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද වලින්. එතුමා එතුමාගේ පණ හා සමානව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරෙයි. එතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ තිබෙන බැඳීම වෙන කිසිම දෙයකින් වෙන්කරන්න බැහැ. ඔය කවුරු කිවුවත් කවුරු උත්සාහ කළත් එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාලා යන්නේ නැහැ. මහින්ද මැතිතුමනි, ඊළඟ නිදහස් පක්ෂ ආණ්ඩුවේ අගමැති ඔබයි. (නි)