සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සේවා, පුහුණු ලාංකික ශ‍්‍රමිකයින්ට රැකියා අවස්ථා ලබාදීම හා කම්කරු සබඳතා යන විෂය ක්ක්‍ෂේත‍්‍ර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ෂීසෙල්ස් රජය අතර අවබෝධතා ගිවිසුම් හතරක් සඳහා අද (21) අත්සන් තැබුණු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එම ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට පෙර ආචාර වෙඩිමුර 21කින් සහ හමුදා උත්තමාචාරයකින් ෂීසෙල්ස් ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේය. අදාළ අවබෝධතා ගිවිසුම් යටතේ මෙරට ශ‍්‍රමිකයින්ට එරට රැකියා අවස්ථා ලබාගැනීම සම්බන්ධයෙන් කටයුතු කෙරෙනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට තරග විභාග එහෙම ඇතුළත් නැද්ද? (නි)
ඕහ්..සීෂෙල්හිත් අවසානය..(ස)
මේ ගිවිසුම් වලින් වැඩක් වෙනවා නම් හොඳයි (අ)
අපොයි! ඒ රටේ අයටත් රස්සා හරියට නැතුව අපේ අයට කොහෙන් දෙන්නද? (නි)
ගිවිසුම නම් හොදයි.. ඒත් අපේ තානාපති කාර්යාලයක් වත් පිහිටෙව්වොත් නරකද?(නු)
නරකද අපේ තානාපති කාර්යාලයක් එහෙම පිහිටෙවුවොත්? (නි)
සී සෙල්ස් රටේ 60%කට ඒඩ්ස්..!!(නු)
ඔය ඔක්කොම බොරුනෙ මම 2006 ඉඳල 2008 වෙනකම් එහේ වැඩ කලා ..............මොකටද බොරු .හොඳ රටක්............(ස)
අභය මහත්තයො ඔබතුමා දන්නවනම් කරුනාකරල කියනවද සී ෂෙල්ස් රටේ ජොබ් ගෙන විස්තර ටිකක්. පඩි නඩි කොහොමද ? මොනවගේ ජොබ් ද තියෙන්නෙ? විසා ගන්න අමරුද? කියලා.(ස)
අපිව හැම අතින්ම හිර කරලද? (දී)
ඉදිකිරිම්/හෝටල්/මිකෑනික්/ගුරුවරු වගේ ජොබ් තමයි තියෙන්නෙ.පඩි හොදයි.වීසා ලෙටර් එක ඒ රටේ ජොබ් එකට යන තෑනින් එවනව ටිකට් එකත් එක්ක.ලංකාවෙ කට්ටිය පවුල් 200 වගේ ඉන්නව.යන්න හොදයි. දේශගුණය ලංකාව වගෙම තමයි සැමී මහත්මයා.(ස)
කුමාර, බොරු කියන්න එපා හලෝ. ඒ රට හොද රටක්. ඉන්න මිනිස්සුත් කරුණාවන්තයි. බොරුවට ගරහන්න එපා. (නි)
සී ෂෙල්ස් හොටල් කර්මාන්ත නම් තියනව වෙන මොනවත් නැ. අපටත් වඩා අන්ත රටක් (ස)
අභය මහත්තයා හොඳ කෙනෙක්. ඔහොම මිනිස්සු තමයි ඕන අපිට.(ස)
තවත් සුවාසි ලන්තයක්ද ?(ස)