දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගෙන ආ පහතරට එළවළු කිලෝ පනස් දහසකට අධික ප්‍රමාණයක් අලෙවි කීරීමට නොහැකිව අද(21) කුණු ගොඩට විසිකළ බව ගොවීහු පැවසුහ.
කැකිරි, පිපිඤ්ඤා, මෑකරල්, වම්බටු, දඹල, බණ්ඩක්කා ආදී පහතරට එළවළු කුණු ගොඩට දැමුයේ බැකෝ හා ටිපර් ආධාරයෙනි.
මෙම එළවළු කිලෝව රුපියලකට හෝ අලෙවි නොවු බව ගොවීහු පවසති. බෝහෝ එළවළු දින කිහිපයක් ආර්ථික මධ්‍යස්ථානයේ ගොඩ ගැසී තිබිණි.
එළවළු ඉවත් කරන කම්කරුවන් කියා සිටියේ 21 අලුයම සිට පස්වරුව දක්වා කිලෝ පනස්දහසට අධික ප්‍රමාණයක් ඉවත් කළ බවයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙද සංගමයේ සභාපති යු.බී. ඒකනායක මහතා පැවසුවේ පසුගිය දිනවල ආර්ථික මධ්‍යස්ථානය වසා තැබීම නිසා වැඩි එළවළු ප්‍රමාණයක් එකවරම ආර්ථික මධ්‍යස්ථානයකට ලැබීමත් අවුරුද්දෙන් පසු එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන්ගේ අඩු වීමක් නිසා මේ තත්වය උදා වු බවයි.
මීට කලින් එළවළු කිලෝ 40000 ක් කුණු ගොඩට දැමූ පුවත දුටු ජනපති සතොස ට නියෝග කළේ අතිරික්ත එළවළු මිලට ගන්නා ලෙසයි. එළවළු පිළිබඳ එම නියෝගය දින දහයක් ක්‍රියාත්මක විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි ! (නි)
සල්ලි කොහොහොම වුනත්, අපරාදේ දූක්මහන්සි වුන මිනිස්සුන්ගේ දහදිය සහ බලාපොරෝත්තූන්. (ස)
කෝ මේ අපේ ආහාර ඇමතිතුමා? (නි)
රජය මෙයට සම්පුර්ණයෙන් වගකිව යුතුයි.(නදී)
මම චින්තනේට දොස් කියන්නේ මේ වගේ අපරාධ නිසයි. (නි)
දැන් ඒකත් විලාසිතාවක් වෙලා. අනේ මෙහෙම ලංකාවක්! මෙහෙ ලංකාවෙන් ගෙන්වපු වියලි නෙලුම් අල ග්‍රෑම් 100 ක් යුරෝ 8 ක් වෙනවා. ( රු; 1'400 ) (නි)
බලධාරිනි, පුලුවන් නම් ඔය එළවලු යුරෝපයට එවන්න. මෙහෙ ඕනෑම වර්ගයක එළවළුවක් යූරෝ 5යි. අඩුවට දුන්නොත් කිලෝ 50000ක් නෙමේ 100000ක් හරි වික්කහැකි සතියකට (නි)
මේක ජාතික අපරාධයක්. (නි)
මේවා හරියට වෙන්න යාන්ත්‍රණයක් හදන්නේ නැති එකයි ප්‍රශ්නේ. (නි)
ලොකු ලොක්කන් යන්න ඕනෑ දඹුල්ලේ එලවලු විකුණන තැනට ඇත්ත දැකගන්න. (නි)
මේ නව දැක්ම "ජනතාවට සහන දෙන්නේ නැහැ" නේ. (නි)
මේ රටට මොනවා වෙලාද? රටේ පාලන අධිකාරියක් නැහැ. කළමනාකාරිත්වයක් නැහැ. රටේ සම්පත් හරි විදිහට මිනිසුන්ට ලැබෙන්නේ නැහැ. වගකීමක් ගැන මොකක්වත් හිතන්නේ නැහැ. අයිතිවාසිකම් ගැන කතාකරනවා නම් හැමෝම සිහියෙන් (නි)
ඔහොම යමු ජගත්.(නදී)
විධිමත් කළමනාකරණය, විධිමත් පරිපාලනය තියෙන රටක මේ ගොවි දෙවියන්ගේ කදුළ, දහදිය මහන්සියේ වටිනාකමට ත්‍යාගයකි.(නදී)
එහෙම කරන්නේ ඇයි? විකුනාගන්න බැරිනම් නොමිලේ දීලා දාන්න. (නි)
සදරුවන්, ඇමරිකාවෙත් මෙහෙමද? (නි)
අවුරුදු කාලේ ලක්ෂ 9 ක් කතරගම ගියාලු. පාර අයිනේ හරි තියාගෙන කිලෝව රු:20/=කට දුන්නා නම් මොකද? දඹුල්ලේ කුණු කූඩේට දමන එක හොදයි,වාහන කුලී ගෙවනවාට වඩා! (නි)
කමක් නෑ සාස්තර කාරයෝ කිවානේ උතුරත් දිනවලා දෙනවා කියලා! (නදී)
කොළඹ ඔක්කොම එලවළු කිලෝව රු. 200ට අඩුව නැහැ. (නි)
ගොවියෝ 1000 සීසී මෝටර් සයිකල් වලින් 200ක ස්පීඩ් එකකින් ආපහු ගෙවල් වලට ගියාලු. (නි)