විවිධ වැරදි සම්බන්ධයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අංඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන සැකකරුවන්ට ඇප ලබා දීමට තමන්ට හැකි බව කියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියකු ලෙස රඟපාමින් රුපියල් කෝටියක් පමණ වංචාකළ බව කියන පුද්ගලයෙක් (57) ඊයේ (2) ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු ගුවන්තොටුපොළ අසළ පදිංචිකරුවෙකි. ඔහු හිටපු දේශපාලනඥයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි.
ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ තරුණයන් 15 දෙනකුගෙන් පමණ රුපියල් කෝටියක පමණ මුදල් වංචා කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
ඔහු සැකකරුවන්ගේ ඥාතීන් සමග මිත්‍රවී පසුව මීගමු උසාවිය අසලට ගොස් එක් අයකුගෙන් රුපියල් පනස්දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා මුදල් ලබා ගෙන ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අය ඕන තරම් ඉන්නවා. උසාවියේදී නිදහස ලැබුනොත් මෙයාලා කියන්නේ එයා හින්ද තම නිදහස් උනේ කියලා.(නදී)
මේ වගේ දක්ෂයො ඉන්නකම් අපේ රට වට්ටන්න හම්බවෙන්නෙ නෑ කාටවත්.(නදී)
හරි අපූරුයි. ඉතාම දක්ෂයෙක්. මෙයාව ආණ්ඩුවට අරන් ඇමති කමක් දෙන්න වටිනවා. දේශපාලන්ඥයෙක් ළඟ වැඩ කරලා පලපුරුද්දකුත් තියෙනවනේ. දේශපාලනේට හොඳට ගැලපෙනවා. (නදී)
මේ පොඩි සක්විතියෙක් පොඩි කියන්නේ කෝටියක් නිසා. සක්විතිය කොටි සීයයි.(නදී)
ලොකු ලොක්කෝ ගහන ගැහිලි බැලුවම මේවා මොනවද? (නි)
මොහු දේශපාලකයෙකු නිසා ඒ ගැනවත් සළකා නිදොස් කොට නිදහස් කරන එක හොදයැයි මම යෝජනා කරමි. (නි)
ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගේ. ඔය පරිප්පුව කාපු කට්ටිය තමයි අමාරුව දන්නේ. (නි)