මොරටුව සුනන්දෝපනන්ද විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි ඝාතනයේ සැකරුවෝ පස් දෙනෙක් මොරටුව මහේස්ත්‍රාත් එම් එම් මිහාල් මහතා විසින් අද නිදහස් කරනු ලැබූහ.
සාක්කි නැති නිසා ඔවුන් නිදහස් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාස විමර්ශන ඒකකය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම් දිනේෂ් ලක්මාල් ප්‍රණාන්දු, චින්තක රුවන් ද සිල්වා, තිරුමලන් ඉලංගෝ, දොරේසාමි කේෂවන් හා ඉෂාන් කාවින්ද ප්‍රේමබන්දු එසේ නිදහස ලැබුවෝය.
මොරටුව උප පුරපති සුජිත් පුෂ්පකුමාර, එච් ධනූක ෂෙරෝන්, සුදේශ් මධුෂ්ක ප්‍රණාන්දු, විකුම් සම්පත් ප්‍රණාන්දු හා රමේෂ් දිල්රුක් මැන්ඩිස් ලබන 28 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
සාක්කිකරුවන් හතර දෙනකු අතර ලීමෝල් හිමියකු ද සිටින බවත්, ඔහුට උසාවි භූමියේදී ඇසිඩ් ගසන බව දෙවැනි සැකකරුගේ මව තර්ජනය කර ඇති බවත් පොලීසිය උසාවියට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චින්තක, මොරටුව තියෙන්නෙත් ලංකාවෙමයි කියලා අමතක කරන්න එපා. (නි)
මිනීමරුවන්ට මරණිය දණ්ඩනය මොන ආකාරයකින් හෝ ලබා දිය යුතුයි.(නදී)
දැන් මේ ඇසිඩ් රැල්ල නිසා අහිංසක මිනිස්සු සාක්කියක්වත් දෙන්න ඉදිරිපත් වෙන එකක් නැහැ. (නි)
ලලිත්, මම දන්නවා ඒක. මම කිව්වේ මේ දෙය ගැන පමනයි. මොකද දැන් මේ මිනීමැරුමේ සාක්ශි වලට මෙහෙම වෙලා නම්, ඔක්කොම එළියට එයි. එතකොට මේ ප්‍රශ්නේ බලපාන්නේ මොරටුව ජනතාවට. ඒකයි මම කිව්වේ....තේරුනාද දැන්වත්? (නි)
මැති ඇමතිවරුත් මිනී මරාගන්නා රටේ මේවා සාමාන්‍ය දේවල්. (නි)
මේ යන විදියට අනෙක් අයත් සාක්කි නැහැ කියලා හෙට අනිද්දට නිදහස් වෙයිද? (නි)
ඇසිඩ් ගහන කතාව ජිනීවා වලට ආරංචි වෙයිද දන්නෙ නැහැ. (නි)
සඳුනි මම ඔයාගේ කතාවට එකඟයි (අ)
සාක්‍ෂි කරුවන් ඉදිරියට එන්නේ නැත්තේ තර්ජන වලට බය නිසා. සැකකරුවන් හඳුනාගැනීමට කවුරුත් නොපැමිණියේත් ඒ නිසා. පොලිස්පති තුමනි, ප්‍රදේශයේ ආරක්ෂාව නිසිලෙස සලසා, සාක්ෂිකරුවන්ට ඉදිරියට පැමිණීමට කටයුතු කරන්න. රටේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක කල යුතුයි.(නු)
ඉතාම හොදයි..!(නු)
මේ අයට සාක්කි නැති බව අපි දන්නවා.. (නු)
මොනවද මේ වැඩ, ඒක අපරාධයක් නොවෙයිද (දී)
නීතියේ තිබෙන අඩුපාඩුවක් කියලා තමයි මම නම් දකින්නේ..!(නු)
අපරාධයක් සිදු වී ඇත. (අ)
ඒක මහා අපරාධයක්. නිතිය ක්‍රියාත්මක කරන්න (දී)
දැන් අළුත්ම තර්ජනය තමයි ඇසිඩ්. (නි)
සදුනි ඔබ නිවැරදියි (ස)
මොනවා.... (දී)
දැන් බැලුවහම නීතියෙන් වෙන්නේ අපරාධකරුවන් රැකෙන එකනේ (ස)
නඩුකාර හාමුදුරුවන්ට ගහනවා කිව්වෙ නැද්ද?(නු)
ඇතුලට යවන්න අවුරුදු ගානකට..!(නු)
රට යන අත බොහොම හොඳයි, ආශ්චර්‍ය්‍ය ඉතාමත් ලඟයි (ස)
අපේ නිල නොවන පොලිසිය මේකට මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)
ඔන්න රටේ නීතිය . චන්ඩින්ට බයේ තමයි දැන් ඉන්න වෙලා තියෙන්නේ (ස)
කොහොම උනත් බුද්ධ පුත්‍රයෙක් රටට අහිමිවීම විතරයි සිද්ධ වුණේ (ස)
අනේ අම්මේ ඇසිඩ් ගහන්න එපා (ස)
දැන් කවුද සාක්කිකරුවන්ව රැකබලා ගන්නේ? (නි)
මේ කාන්තාවට එරෙහිව නඩුවත් ගොනු කරන්න නොහැකිද? (නි)
ඔන්න, ආදර්ශයට ගන්නවානම් අම්මලා! (ස)
හරිනේ වෑඩේ.....සාක්කි නෑ , මිනීමරන්න උදව් කල අයත් ඔක්කොම එලියට හෙට අනිද්දා වන විට. අනේ කාලේ වනේ වාසේ කිව්වලු........මොරටු ජනතාවට දෙවියන්ගේම පිහිටයි ආරක්ශාවයි...(ස)