වෝටර් ටවුන්හි බැක්යාඩ් නිවසක් පිටුපස බෝට්ටුවක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බොස්ටන් බෝම්බ ප්‍රහාරයේ සැකකරුගේ තත්ත්වය බරපතල බව පොලීසිය මින් මද වේලාවකට පෙර පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඔහුට වෙඩි වදින්නට ඇතැයි අනුමාන කෙරේ. එහෙත් පොලීසිය ඒ ගැන කිසිත් නොකියයි.
බොස්ටන් නුවර සැනසුම් සුසුම් හෙළයි
භීතිය සතුටට හැරේ
2013 අපේ‍්‍රල් මස 20 07:51:58 | .
වොටර් ටවුන්හි ෆරෑන්ක් වීදියේ නිවසක පිළිකන්නේ නවතා තිබූ බෝට්ටුවක සැකකාර තරුණයා සැගවී සිටින බවට නිවැරදි ඔත්තුවක් ලැබීමෙන් පසුව ගුවනින්ද, යාබද මහල් නිවාස මුදුනේ සිට ද එම බෝට්ටුව වට කැරිණි.
අහසට නැගුණ හෙලිකොප්ටර වලින් බෝට්ටුව දෙසට ආලෝක ධාරා එවීය. රාත්‍රී 8 පමණ වුවත් මුළු පෙදෙසම දහවල සේ පෙනෙන්නට විය.
පොලීසිය බෝට්ටුව ළඟට ගොස් ‘දැන් අපි මෙතනට ඇවිල්ලයි ඉන්නේ. එළියට ඇවිත් යටත් වනු‘ යැයි කීය.
අසල්වැසියකු පැවසුවේ සැකකරු ගිලන් රියකින් පවනට බඳු වේගයෙන් රැගෙන ගිය බවයි.
ඊට මදකට කළින් එම ප්‍රදේශයේ වෙඩි හඩක් ඇසුනේය. සැකකරුට තුවාල සිදුවීදැයි නොදනී. පොලීසිය පැවසුවේ ඔහු පණ පිටින් අල්ලා ගත් බවයි.
‘ දඩයම ඉවරයි.සෝදිසිය අවසන්. භීතිය නිමයි. යුක්තිය ජයගත්තා. සැකකරු සිරභාරයට' යැයි පොසිය නිවේදනය කළේය.
ඔහු අල්ලා ගැනීමත් සමග බොස්ටන් වැසියෝ ප්‍රීතියෙන් උද්දාමයට පත්ව මහරෑ වීදිවලට බැස සතුට පළ කරන්නට වූහ.
බොස්ටන් බෝම්බකරු පණ පිටින් අල්ලයි
මෙහෙයුමට පැය 22යි : පොලීසියේ 1000යි
2013 අපේ‍්‍රල් මස 20 06:31:36 | .
පැය 22ක අඛණ්ඩ මෙහෙයුමකින් පසු බොස්ටන් මැරතන් තරඟයේ 19 හැවිරිදි දෙවැනි බෝම්බ කරු වෝටර්ටවුන් නගරයේ බෝට්ටුවක සිටියදී මින් ටික වේලාවකට පෙර පණපිටින් අත්ඩංගුවට ගත් බව ඇමෙරිකා ෆෙඩරල් පොලීසිය කියයි.
ඔහු අත්අඩංගුවට ගැනීමේදී කිසිදු සටනක් නොවූ බව ද පොලීසිය කියයි.
ඔහුගේ 26 හැවිරිදි සහෝදරයාට පොලිස් වෙඩිපහරින් මරුමුවට පත් විය.
ඇමෙරිකා ෆෙඩරල් පොලීසියේ දහසක් පමණ මේ හෙයෙහුමට එක්වූහ. බෝස්ටන් වේලාව රාත්‍රී අට වන විට ගිලන්රථ, බෝම්බ නාශක රථ තවත් වාහන කිහිපයක් වෝටර්ටවුන්හි දැකගත හැකි වූ බව සීඑන්එන් වාර්තාකාරියක් පැවසුවාය.
මුළු බොස්ටන් නගරයම පාළුවට ගොස් තිබූ අතර සියලු දෙනා නිවෙස්වලට වී සිටින ලෙසට පොලීසිය උපදෙස් දී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් ලෝකයේ බලවත්ම රට එක මිනිහෙක්ව අල්ලන්න 1000 ක පොලිස් බල ඇණියක් තව මදිවට හෙලිකොප්ටර් , ඕකට අපේ හමුදාවේ 10 දෙනෙක් යැව්වා නම් හොදටම ඇති. (නි)
මෙයාලට ඕනේ මුලු ලෝකයාම වනසන්න.(නදී)
මහින්ද චින්තනේ බූස්ටන් යවන්න. එතකොට ඔහුටත් ලංකාවේ දේශපාලකයන්ට වගේ නිදහස ලැබෙයි.(නදී)
රිස්වාන්, ත්‍රස්තවාදියාගේ ඇස්වල තියෙන්නේ ඔයාලගේ වගේ පෙනුමක්.(නදී)
වෙඩි තියන්න කලින් මාධ්‍ය වේදීන්ට ජංගම දුරකථන වසන්න කීවලු. ලංකාවේ උනානම් මානව හිමිකම් කාරයෝ කෑ ගහාවි. උන්ගේ මානව හිමිකම් කඩ වුනා කියලා.(නදී)
මේකයි වෙලා තියෙන්නේ මෙයාව බෝම්බ හදපු තැන පෙන්නන්න එක්ක ගිහිල්ලා. එතකොට එයා බෝම්බෙකින් ගහන්න හදලා එතකොට පොලිසිය ආත්මාරක්ෂාවට වෙඩිතියලා. එයාල මේ ක්‍රමය ලංකාවෙන්ලු ඉගෙන ගත්තේ.(නදී)
මට පේන්නේ මානව හිමිකම් බෝට්ටු ඇතුලේ ඉදලා අල්ලපුහම නැහැ කියල ජිනීවා වල ලියලා ඇති. හොඳටම අමරුයි කියන්නේ සීතලට වෙන්න ඇති.(නදී)
ඔබාමාගේ කට්ටියට පෙළපාලි වගේ ගිහින් ත්‍රස්ත වාදියෝ මරන්න පුලුවන්නම් මොකද අපට බැරි කියලා ලබන පාර ජිනීවා ගිහින් අහන්න හොඳට මතක තියාගන්න.(නදී)
අවරුදු 20 වත් නැති මේ කෙසඟ කොල්ලා අල්ලගන්න දාල තියන ජිල් මාර්ට්.(නදී)
අවුරුදු 30 ත්‍රස්තවාදය ඉවර කිරීම අපිට මොනතරම් සතුටක්ද කියල ඇමෙරිකානුවන්ට නොතෙරෙනවද? නැත්නම් කුහක කමද ?(නදී)
මොකක් ද කිව්ව්වේ? මට මතක නෑ.(නදී)
රිස්වාන්, මට මුස්ලිම් යාලුවෝ ඉන්නවා. නමුත් ඔයා වගේ කෙනෙක් ගැන හරිම ලැජ්ජා හිතෙනවා. ඇයි අප්පේ ලංකාවේ ඉපදුනේ ඔයා? (නි)
නිලාම් කියන නම සිංහල නොවුනට වචන ත්‍රස්තයි. ඔයාගේ වචන ඉල්ලා අස්කරගන්න. සාමකාමී ලංකාවට ඔයා ගැලපෙන්නේ නැහැ. වහාම පිටවන්න.(නදී)
ඇමරිකානුවනි, ඔයාලා ඔයාලගේ මව් රටට ආදරෙයි වගේම අපිත් අපේ මව් බිමට ආදරෙයි. ඉතින් දැන්වත් ඔය අපිට කෙනෙහිලිකම් කරන එක නවත්වලා ඔයාලගේ දුර්වලකම් හදාගන්න බලන්න. (නි)
මොනවාහරි සැර බීමක් පාවිච්චි කරලවද්ද දන්නේ නැහැ. (නි)
අවි ගත්තෝ අවියෙන්ම නසිති. ඕක කාටත් පොදු දෙයක්. (නි)
තරස්තවාදීන් බිහිකෙරන්නෙත් ඇමෙරිකාව , නැතිකරන්නෙත් ඇමෙරිකාව(නු)
රුවිනි , ඇමෙරිකාව ත්‍රස්තවාදීන් බිහිකරලා එයාලට ආයුධ විකුණලා, අහිංසක ජීවිත බිලි අරන් ඊට පස්සේ මානව හිමිකම් කඩකලා කියල චෝදනා කරලා ආයුධ විකුනපු රටටම ඔවුන් පහරදෙනවා. මේක තමා ඔවුන් ගේ කලාව. මේ අතරතුර කදිම මුදලක් උපයාගෙන අවසන්. (නි)
අල්ලලා තියෙයි ප්‍රභාකරන් එහෙ හිටියනම්..(ස)
නයි රෙද්ද අස්සේ දාගෙන කනෝ කනෝ කියලා කෑගහනවා කියන්නේ මේවට තමයි.(ස)
ඇමරිකාවෙම වැඩ නිසානේ සේරම ඇමරිකාවම ඇදගෙන නාවන්නේ.(නදී)
ඇමරිකාවෙම වැඩ හින්දනේ හැමදාම එයාලා මෙහෙම වැඩ වරද්දාගන්නේ. (නි)
ඇමරිකාව ඔවුන් විසින් ඔවුන්ටම වළ කපා ගන්නවා (නි)
ඇමරිකන් ත්‍රස්තවාදියෙක්. (අ)
හංගපු ආයුද පෙන්නන්න ගිහින්ද දන්නේ නෑ.(නදී)
මේගොල්ල අහිංසකයන්ට අනතුරු කරන අය දැක්කනේ. මියෙම්වා රැකෙම්වා කියලා ම්හුදේ පිහිනල ලංකාවට ඇවිත් ආක්‍රමණය කරපු හැටි. අපේ අතීත සිංහල රජවරුන්ගේ අනුකම්පාව සහ මනුස්සකම නිසා මෙහෙ නැවතුනු අයගෙන් ජාතිවාදය කරට ගත් අය කරපු දේ. ඒ නිසා ත්‍රස්තවාදියාට අනුකම්පාව නොදැක්විය යුතුයි.(නදී)
ඒවාට අන්න අපේ පොලිසිය. තිබ්බොත් බඩුම තමයි. (නදී)
මෙහෙම ඉවර වුනහම බොස්ටෝන් නගර වාසින් විසින් පොලිසිය අත්පුඩි ගසමින් පිළිගත් හැටි හරිම හැගිම්බරයි. අපේ පොලිසිය කොච්චර හොද වැඩ කලත් බැනුම් පමණි ලැබෙන්නේ. අර වගේ අඩු ගානේ අත්පුඩියක් වත් ගහනවානම් කොච්චර හොදද.(නදී)
මානව හිමිකම් කඩකරන්න පුලුවන්ද ? ත්‍රස්තවාදින්ගේ පව් එහෙම කොහොමද කරන්නේ.(නදී)
බැක් යාඩ් කියන්නේ නිවස පිටුපස කියන එක තමයි..තැනක් නෙමෙයි...!(නු)
අනේ පව් අහිංසක ක්‍රස්තවාදියට හොදටම අමරුයි ගහලා. පොලිසිය මානව හිමිකම් කඩනවා අනේ පව් අහිංසක ත්‍රස්තවාදියා.(නදී)
දෙන්නෙක් අල්ලන්න 1000 දැම්මනම් ප්‍රභාකරන් වගේ කෙනෙක් හිටියනම් මුළු ඇමරිකාවම දායි.(නදී)
26 හැවිරිදි ත්‍රස්තයා මැරීම ගැන ජිනීවා වලදී විමසිය යුතුයි. ප්‍රභාකරන් මරා දමන්නට යෙදුනේ සටනකදී. නමුත් මේ තරුණයා. දෙබිඩි ඇමරිකානු සහ යුරෝපා සංගම් ප්‍රතිපත්ති හාස්‍ය ජනකද?(නදී)
ලස්සන පුංචි ත්‍රස්තවාදියාට පොලිසිය අමානුෂිකව පහරදීලා මානව හිමිකම් කඩකරලා. පරික්ෂනයක් කරලා පොලිස් නිලදාරින්ට දඩුවම් කරනු.(නදී)
මෙතන අන්තර් ජාල වීරයෝ ඇමෙරිකාවට බැන බැන ඉන්නවා, ආණ්ඩුව ජනතාවට තරු පෙන්නනවා, කරන්ට් වද්දනවා, පිටරටවලට වෙලා ඉදගෙන වෙන රටවලට බනිනවා, අනේ අපේ රට, කවදා දියුණු වෙයිද?(නදී)
මේත් අපි වගේම සාමාන්‍ය මිනිස්සුනේ, හම සුදු වුණත්! (නි)
ඇමරිකාව මෙහෙයුම් වලදී ලංකාව ආදර්ශයට අරගෙන. පිංබුවාට බඩ ගෙම්බාගේ නැ හැඩ. හරිම ප්‍රාථමිකයි ඒ මෙහෙයුම. (නදී)
ප්‍රභාකරන් සටනකදී මැරුණම මානව හිමි කම් කඩ වෙනවා නම් දැන් ඇමෙරිකාව හැංගිලා හිටපු මිනිහෙකුට වෙඩි තියපු එක හරිද ?(නදී)
කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි. (නි)
මේ එක ත්‍රස්තවාදියෙක් අල්ලගෙන මේ මිනිස්සුන්ට මෙච්චර සතුටුයි. නමුත් ත්‍රස්ත සංවිධානයක් නැතිකළ අපේ රටට මානව හිමිකම් කඩ කළා කියල මුන්ම තමයි වැඩිපුරම කෑගහන්නේ. සාමාන්‍ය වැසියන් පව් උනත් රටක් වශයෙන් උන්ට ඔහොම වෙන්න ඕනි.(නදී)
හොද පුවතක් ! ඇමරිකාවට ජය ජය ජය ජය ජය ජය ජය !(නදී)
මට පේන්නෙ මේ දෙන්නට නගරය මාරුවෙලා. ඔබාමා කියාපු කතාව ඇත්ත.(නදී)
මේ වගේම සතුටක් තමා ප්‍රභාකරන් මරපු වෙලාවෙත් අපේ මිනිස්සුන්ට තිබුනේ. ත්‍රස්තවාදය ඇමෙරිකාවට හරාම් නම් අපිට හලාල් කියන්නේ ඇයි?(නදී)
ලංකාවටත් වෙන්නෙ මෙකම තමයි. (නදී)
මේ ත්‍රස්තයන් උනත් මානවයන් නොමරා නීතිය හමුවට ගෙනෙන්න තිබුනා. කෝ මාණව හිමිකම්. ප්‍රසිද්ධියේ මිනී මරන්න ඇමරිකාවට පුලුවන්. භීශණ සමයේ කොළඹට බෝම්බ තියු සැකකරුවකු අසු උනොත් මාණව හිමිකම් නිලධාරීන් ඔහුගේ පිටුපස සිටියේ. අප රටේ මොන තරම් ත්‍රස්ථ ක්‍රියා කලත් ඔවුන්ව මැරුවොත් අපට ජිනීවා යන්න වෙනවා. ඒ මදිවාට අපේ අමණ රැලත් දෙකට බෙදී ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ කරනවා. බලන්න ඇමරිකන් මිනිසුන් එම මරාදැමීම එකාමෙන් සනාථ කරන හැටි.(නදී)
ඒ රටේ ඉන්න එල්.ටී.ටී කාරයොද දන්නේ නැහැ නේද?(නදී)