අරණායක ප්‍රදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයකුගේ සාක්කුවෙන් හා නිවසෙන් ගංජා සොයා ගත් බව කෑගල්ල කොට්ඨාස දූෂණ මර්ධන අංශය කියයි.
පොලිස් සුනඛයකු යොදවා සිදු කළ වැටලීමේදී ගංජා මිලිග්‍රෑම් 52450ක් සොයා ගැනිනි. මන්ත්‍රීවරයාගේ සාක්කුවේද ගංජා පැකට් කිහිපයක් තුබූ බව පොලීසිය කියයි.
මන්ත්‍රීවරයා සැකපිට අත්අඩංගුවට ගෙන මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා බය වෙන්න එපා. සාක්කි නැති හින්දා මෙයාව නිදොස් කරලා නිදහස් කරන්නත් පුළුවන්. මේක තමා අපේ රටේ අළුත්ම ආශ්චර්යය. (නි)
ඉතින් ඔය ගංජා කාරයෝ ප්‍රාදේශීය සභාවට ඇරියේ කවුද? (නි)
ජනතාවගේ ඡන්‍දයෙන් පත් වූ පසු ඒ ගෞරවයවත් තියන්න.(ස)
මේක සුළු දෙයක්, සමර ලොකු අය කරන වැඩ ගැන බැලුවහම. පළමු වරට නිදහස් කරමු.(ස)
අරනායක ප්‍රාදේශීය සබාවට වැඩිහරියක් පත්ව එන්නේ ඉස්කෝලේ අට පාස් වත් නැති අය. ඉතින් මොවුන් ගංජා වැඩ තමයි කරන්නේ. අපේ අරනායක නම කනවා නූගත් එවුන්. (ස)
නියම නම (දී)
නියම මහජන සේවකයෙක්. තම ඡන්ද දායකයන්ට ලබා ගැනීමට අපහසු දේවල් ඔහු සපයා තිබෙනවා. මේකත් අද මනාපය ගනීම සදහා අත්‍යාවශ්‍ය සුදුසු කමක්. හැබැයි මේක අල්ලපු නිලදරියට දෙවියන්ගේත් පිහිට නැතිවෙන්න පුළුවන්. අනේ මහත්මා දේශපාලනයකට ගිය කල.(නදී)
භය වෙන්නේ මොකටද? ඒකාන්ත වශයෙන් නිදහස් වෙනවා. (නි)
බටහිර රටවල් වලට ඕනෑ විදියට ඇල්කොහොල් වලට ඉඩ දීලා 'ගංජා' අල්ලනවා. නමුත්, 'ගංජා' ඇල්කොහොල් වලට වඩා ඖෂධීය ගුණයක් ඇති පැළෑටියක්. (නි)
ප්‍රදේශීය සභා වලින් වැඩි හරියක් මහජන මුදල් නාස්ති කරන දුෂණයට පදනම් දමන ආයතන. මේ අය තමා අද කරන බොහොම වැරදි වලට සම්බන්ධ. (නි)
පළාත් සභා මන්ත්‍රීන් ගංජා කොන්ත්‍රාත්තුවක් කරනවා වගෙයි ජයටම. පළාතත් විනාසයි. රටත් ජාතියත් විනාසයි. පවුල් පක්සලුත් විනාශයි.(නදී)
ඊළඟ පාර වැඩිම මනාප ලැබෙන්නේ මේ වගේ අයටද? (නි)
ඈයි අර ස්වාමින් වහන්සේ කෙනෙක් කිව්වෙ ඉන්දියාවෙ ඒවා නැතුව ලංකාවෙ ගංජා බිව්වට කමක් නැහැ කියලා. ඒක හින්දා මෙයා මේක සාක්කුවෙ දාගෙන ඉන්න ඇති (නි)
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන්ට දඩුවම් සහිත ස්ථාන මාරු.(නදී)
සාදූ...සාදු...සාදු.....සා
අද අරක්කු බෝතලයක මිල කීයද? දුම්වැටියක මිල කීයද? තමුන්ගේ ආධාර කරුවන්ට සලකන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකුට තවම වත් කමක් නැහැ. අඩු වියදමින් වැඩි සොමියක් දුන්න නම් හුරේ තමයි.(නදී)
බලන්නකෝ තව දවස් දෙක තුනකින් අපුරුවට නිදහස් වෙලා යන්නේ නැද්ද කියලා.(නදී)
නුසුදුස්සන්ව නුසුදුසු තැන් වලට පත් කළහම අපිට මේ වගේ දේවල් අහන්න ලැබෙනවා තමා. (නි)
මෙහෙම අයට නොමිනේෂන් දෙන එක කොයි හැටි වෙතත් මොලේ තියෙන උගත් බුද්ධිමත් ජනතාව ඡන්දෙ දෙන එකනේ වැඩේ. (නි)
සාක්කුවෙන් ගංජා? මේ ගොල්ලෝ වැඩි දෙනෙක් කරන කියන දේවල් බැලුවාම නම් මං හිතුවේ හැමකෙනාගේම සාක්කුවල නිතරම ටික ටිකවත් තියාගෙන ඉන්නේ කියලයි. (නි)