ස්කොට්ලන්තයේ ප‍්‍රථම ථෙරවාද බෞද්ධ විහාරය අරඹා වසර දහයක් පිරීම නිමිත්තෙන් පරිත‍්‍රාණ ධර්ම දේශනාවක් සහ විශේෂ සැමරුම් උත්සවයක් පසුගියදා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේදී පවත්වන ලදි.
ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ නිර්මාතෘ එක්සත් රාජධානියේ ප‍්‍රධාන සංඝනායක කඹුරාවල සිරි රේවත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් දායක සභාව මේ පින්කම සංවිධානය කෙළේය.
ස්කොට්ලන්ත ජාතික ථෙරවාද බෞද්ධ භික්ෂුණියක වන චන්ද්‍රසිරි මෙහෙණින් වහන්සේ ආරාධිත දේශනය පැවැත්වූහ. ඇමරිකාවේ හොලිවුඞ් රංගන ශිල්පි බ‍්‍රයන් කොක්ස් මහතාද මෙහිදී විශේෂ ආරාධිත දේශනයක් පැවැත්වීය. හොලිවුඞ් චිත‍්‍රපට අධ්‍යක්ෂිකාවක සහ නිළියක වන නිකොල් කොක්ස් මහත්මියද නිව්යෝර්ක් නගරයේ සිට මෙම උත්සවයට පැමිණියාය. උත්සව සභාව අමතමින් බ‍්‍රයන් කොක්ස් මහතා පැවසුවේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ කාරුණික සිනහ රැල්ලකින් පවා බටහිර වැසියාගේ සිත් පහන් කරවන බවයි. ඔහු බුදු දහමට වඩාත් මුලින්ම නැඹුරු වූයේ රේවත හිමියන්ගේ කාරුණික මිත‍්‍රශීලීභාවය සහ සිනහවේ ආකර්ෂණය නිසා යැයිද පැවසීය. මේ නිසාම තම විවාහ මංගල උත්සවයද බෞද්ධ චාරිත‍්‍ර අනුව ඉටුකළ අතර උන්වහන්සේ සමග ධම්මපදය තුළින් වේදිකා නාට්‍යයක්ද ඇමරිකාවේ නිෂ්පාදනය කළ බව පැවසීය.
ස්කොට්ලන්ත පාර්ලිමේන්තු මන්ත‍්‍රී බොබ් මොරිස් මහතා ස්කොට්ලන්ත බෞද්ධ විහාරයෙන් සිදුකෙරෙන සමාජ සත්කාරය ඇගයූ අතර සතිපට්ඨාන භාවනාව තුළින් ස්කොට්ලන්ත වැසියන්ගේ මානසික සුවය වර්ධනය කිරීම සඳහා සිදුකෙරෙන භාවනා වැඩසටහන් අගය කළේය. ස්කොට්ලන්තයේ පළමු අමාත්‍යවරයාගේ සුභපැතුම් පණිවිඩයක්ද ඔහු ඉදිරිපත් කළේය.
එංගලන්තයේ විහාරස්ථාන රැසකින් භික්ෂූන් වහන්සේලා මෙම උත්සවයට වැඩම කළහ. දහවල් පිණ්ඩපාත චාරිකාවක් සහ ආශීර්වාද පිරිත් දේශනාවක්ද පැවැත්විණි. ලන්ඩන් නගරයේ සිට පැමිණි කලා ශිල්පීන් විසින් ඉදිරිපත් කරන ලද උඩරට සහ පහතරට නැටුම් සංදර්ශනය ශ්‍රී ලාංකික සංස්කෘතියේ අනන්‍යතාව ස්කොට්ලන්ත වැසියන්ට ප‍්‍රදර්ශනය කැරිණි.
ස්කොට්ලන්තයේ ඇබර්ඩින්, චන්ඩි, එඩින්බරෝ සහ ස්ටර්ලින් නගරවලින් විශාල පිරිසක් මෙම ඓතිහාසික අවස්ථාවට සහභාගි වූහ.
විහාරස්ථානය වෙනුවෙන් ඇලිස්ටෙයා කෙලී සහ ධම්මික සිරිපාල යන මහත්වරුද සභාව ඇමතූහ.
මෙම උත්සවයේ කැපී පෙනෙනම දර්ශනය වූයේ ස්කොට්ලන්ත බෞද්ධ විහාරයෙන් භාවනා ප‍්‍රගුණ කළ සහ බුදු දහම වැළඳගත් විශාල පිරිසක් සහභාගි වීමයි.









1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුගක් සතුටුයි.ඒත් ඉතිං අපි නම් තාමත් හිටපු තැනමයි ඉන්නේ
පින්තුර ටික බලන්න https://picasaweb.google.com/110401556721334722576/10thAnniversaryCelebration?authkey=Gv1sRgCNqF2tXe1Jv6Ow
නිර්මල බුදු දහම ලොව පුරා පැතිරේව , සාධු ..සාධු ..සාධු .
ශක්තිය, සත්‍ය, වැදගත්කම, ධර්මයේ දියුණුව ලෝකයටම පෙන්විය යුතුයි
පාරවල් වල, සරසවි වල ගහගන්න හාමුදුරුවරුන්ට හොද ආදර්ශයක්
රේවත ස්වාමීන් වහන්ස, බොහොම වටිනවා ඔබ වහන්සේගේ ආගමික වැඩසටහන..ගොඩක් සතුටුයි...
වොෂින්ටන් සහ මේරිලෑන්ඩ් පන්සල් වලත් මෙවැනි දේවල් කළා නම් කොච්චර අගනේද?
අපේ ප්‍රදේශයෙ හාමුදුරු කෙනෙක්නෙ. අපේ සුභපැතුම් රටේ ගමේ නම හිටින විදිහට වැඩ කිරීම සතුටට කාරනයක්.
සතුටුයි. හොද පුවතක්
ගරු කතුතුමනි ! අද ප්‍රධාන පුවත් දෙකම අපේ සිත් පහන් කරවනවා.ඔබතුමාට බොහොම පින් ! මේ හාමුදුරුවරු දෙනමම අද යුරෝපයේ ඉන්න ඉතාම දක්ෂ ව්‍යක්ත දෙනමක්.හුඟක් පන්සල් වලින් කරන්නේ සිංහල අයගේ ආගමික කටයුතු විතරයි . නමුත් මේ පන්සල් දෙකෙන් ගොඩක් සුදු අයට භාවනා ප්‍රගුණ කරවනවා. සුදු මහත්තයෙක් සුදුපාට ඇදගෙන පින්ධපාතේ බෙදන හැටි දැක්කහම හරිම සතුටුය්.රේවත හාමුදුරුවනේ ඔය සේවය දිගටම කරගෙන යන්න . හැකිනම් දස අවුරුදු අත්දැකීම් තුලින් තවත් පන්සලක් පටන්ගන්න. හැමෝම පන්සල් හදන්නේ ලන්ඩන්වල .ඔබවහන්සේ තමය් පිටිසර පළාතකට වැඩම කලේ.එනිසා පන්සලක් නැති උතුරු අයර්ලන්තයේත් එකක් පටන්ගන්න.එයට ඔබවන්සේට ශක්තිය තියෙනවා. තෙරුවන්සරණයි
සතුටුයි ගොඩක් . එත් අපි තාම හිටපු තැන . දුරාචාර නැති රටක් හදන්න . මුලින්ම මිස්සු දුසිරිතෙන් ඉවත් කල යුතුයි . නමුත් අපේම පාලකයෝ ඉඩ දෙන්නෙම නැ . යන්නෙම වැරදි පාරේ . රටට වෙනසක් ඕනේ . අපේ දේ අපි රක ගන්න ඕනේ . තෙරුවන් සරණයි / හරි පාරට වැටෙන්න ඕනේ
සාධු සාධු සාධු ! පිටරට ධර්ම ප්‍රචාරයට කදිම නිදසුනක් මේක. ඔබ වහන්සේට තවත් ශක්තිය ලැබේවා!
සිත නිවන කතා! සාධු... සාධු... සාධු...!
ලොව්තුරු දහම (ගම්භීරො)ගැඹුරුය.(දුද්දසො)වටහා ගැනීම දුෂ්කරය.(දුරනුබොධො)අවබොධ කරගැනීම පහසු නොවේ.(සන්තො)ශාන්තය.(අතක්කාවචරො)තර්කයෙන්ම දත නොහැකිය.(පණ්ඩිතවෙදනීයො)පණ්ඩිතයන් විසින්ම වටහාගත යුත්තේය.එවන්වූ දහමක සරු බීජ ලොවට බෙදා දෙන ස්කොට්ලන්ත බෞද්ධ විහාරය දිගුකල් වැජඹේවා...!
* බෞද්ධ භික්ෂූන් වහන්සේලාට මාගේ නමස්කාරය ස්කොට්ලන්ත බෞද්ධ විහාරයෙන් භාවනාව ප‍්‍රගුණ කළ සහ බුදු දහම පතුරෑවාලිම සදහා ගත් වැයමට...................!!!
අපේ නිර්මල බුදු දහම ගෙන මුළු ලෝකෙම අය ආශීර්වාද කරනවා සාදු සාදු සාදු
මෙවන් දේවල් තවත් ඉදිරියට කරගෙන යාමට ඔබට අවශ්ය! ශක්තිය සහ ධෛර්යය ලැබේවා!
බොහොම සතුටුයි
තෙරුවන් සරණයි!
බුදුදහම ලොව දස දෙස පැතිරේවා..!!
බොහොම අපුරැයි... රේවත හාමුදුරැවෙයි දායක ඇත්තොයි වැඩක් කළොත් ආයෙ නියමෙටම කරනවා.. අපිට බොහොම සන්තෝසයි.. සාදු..සාදු... සාදු...!!
මමත් පිං අනුමෝදං කරගන්නෙමි...සාදු .. සාදු.. සාදු...