රුපියල් කෝටි සියයකට වැඩි තැන්පතු වංචා කළැයි වසර තුනකට ආසන්න කාලයක් රිමාන්ඩ් බාරයේ සිටි සක්විති මූල්‍ය සමාගමේ හිමිකරු හා ප්‍රසිද්ධ ඉංග්‍රීසි ටියුෂන් ගුරුවරයකු වූ සක්විති රණසිංහ ගංගොඩවිල මහේස්ත්‍රාත් අජිත් මාසිංහ මහතා විසින් අද දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබීය.
රුපියල් ලක්ෂ පහක මුදල් ඇපයක් ද, රුපියල් ලක්ෂ පනහ බැගින් ශරීර ඇප තුනක් ද නියම කළ මහේස්ත්‍රාත්වරයා ඇපකරුවන් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් විය යුතු යැයි ද ප්‍රකාශ කළේය.
මාසයේ අන්තිම සෙනසුරාදා රහස් පොලීසියේ වාණිජ අපරාධ අංක දෙක අංශයේ පෙනී සිටින ලෙසද නියෝග කළේය.
සක්විතිගේ මව එච් ජී චන්ද්‍රලතා මහත්මිය (69) අධිකරණයෙන් පිටදී පැවසුවේ තම බාල පුතාට ඇප ලැබීම ගැන බෙහෙවින් සතුටු වන බවයි.
ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයද තහනම් කැරිණි.
තම බිරිය බාල වයස්කාරියකව සිටියදී ඇය සමග විවාහවී ඇය කෙළෙසීයැයි චෝදනාවට වරදකරු වූ ඔහු දැන් වසර දෙක හමාරක සිර දඩුවමක් ගෙවයි.
ඔහු බහුවිවාහ චෝදනාවට ද වැරදිකරුවෙක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටික දවසකින් කවුරුහරි සක්විති පැහැරගනීද දන්නෙ නැහැ. දඩුවම් මුදලාලි ගේ කතාව වගේම වේවි කියලා මට සැකයි (නි)
චානක, මම ඔබේ අදහසට 100% ක් එකගයි. ඇත්තටම ඔහු ප්‍රවීන ඉංග්‍රීසි ගුරුවරයෙක්. මමත් එතුමාගේ නුගේගොඩ පන්ති ගියා. කවුරුත් මිනිස්සුනේ. දැන් නීති පටිපාටියක් අනුව ඉංග්‍රීසි පන්ති කරගෙන යන්ඩ වැඩ පිළිවෙලක් හදල නිදහස් කලානම් හරි.(නදී)
පුදුම තීන්දුවක්. එක නඩුවකට අවුරුදු 2 හිරේ ඉන්න කෙනෙක් කොහොමද රටේ ලොකුම මුදල් වංචාවකට ඇප ලබාගෙන එලියට එන්නේ ?(නදී)
මහා විනාශයක් කරන්න සැලසුම් කල ත්‍රස්තවාදියෙක් තමන්ව බලන්න පැමිණි තම පුතාව ඇකයේ තියාගෙන පුංචිකාලේ වගේ හුරතල් කල අම්ම කෙනෙක් උල් පිහියකින් ඔහුගේ ළය පසාරු කරලා වෙන්න ගිය මහා විනාශය වළක්වන්න තරම් සාධාරණ වුනාලු.(නදී)
මේයාගේ විදේශ ගමන් බලපත්‍රය නම් තහනම් කරලා වැඩක් නැහැ. ඊට ඉස්සෙල්ලත් පැනල ගිහින් තිබ්බේ හොර විදේශ ගමන් බලපත්‍රයකින්. (නදී)
මෙයත් අරිය සිංහල සුට් ගහල සැරසෙන්නේ දේශපාලන කඹේ අතට ගෙන ගොඩ එන්න ද කොහෙද? (ස)
සක්විති සිටිය යුත්තේ සදෙව් ලොවේම තමයි. (ස)
කේ.පී. මහා ඇමති නම්, සක්විති මන්ත්‍රී කෙනෙක් උනාම මොකද ? මහා බැංකුවේ අධිපතිට වඩා සක්විති හොදයි.(නදී)
සක්විතිගෙ පවුලේ විස්තර අපි මාධ්‍ය මගින් දැක්කා.දුප්පත් කෙනෙක්.නමුත් මේ ලෝකයේ ඉපදෙන හැමෝටම ජීවත් වෙන්න ක්‍රමයක් ලැබෙනවා.මෙයාට ලැබුනෙ ඉංග්‍රිසි. ඒක කරගෙන හිටියා නම් අද මුලු රටම බබලන ගුරුපියෙක් නේද?? (නි)
මොහු හිරේ ඉන්න අතරේ ඉංග්‍රීසි ගුරුවරයෙක් නැති පාසලකට යවලා ළමයින්ට ඉංග්‍රීසි උගන්වන්න. බරපතල වැඩ ඇතුවනේ සිර දඬුවම් දීලා ඇත්තේ. එතකොට ගුරුවරයෙකුට ගෙවන පඩියත් ඉතුරු වෙනවා. (ඉගැන්වීම කියන්නෙත් බරපතල වැඩක්) නැතුව හිරේ ඉන්න අපරාධකාරයෝ මොහුගෙන් ඉංග්‍රීසි ඉගෙනගත්තොත් ජාත්‍යන්තර මට්ටමේ අපරාධ කරයි. (නි)
අපේ පොන්සේකා මහත්තයා හරි ඉදිරිපත් වෙලා නිතිය ක්‍රියාත්මක කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා (නි)
මහේෂ් ඔබ සම්පුර්නයෙන්ම නිවරදියි. ඒත් මේ වැඩකට නැති ප්‍රතිචාර ගොඩක් තියෙනවා මේ පුද්ගලයා ගැන.(නදී)
මෙයාව නිදහස් කරන්නේ කොහොමද? (නි)
රජ කම් කලත් කළකම් පලදෙනවා (නි)
සක්විති කරපුවට වගකියන්න ඔෙන මහබැංකුවයි.(නදී)
මම කාගෙන්හරි සල්ලි ගත්තද? මට මතක නැහැනේ!! (නි)
දිට්ටි දැම්ම වේදනීය කර්මය ඵලදෙනවා.(නදී)
පින්වතුනිථ මේ ප්‍රශ්නේ දිහා බැලුවහම මට කියන්න තියෙන්නේ එක දෙයයි. ඇප නොදී ඇතුලේම තියන එක මෙතුමාගේ ආරක්ෂාවට ඉතාම හොඳයි. එහෙම නැත්නම් පලාත් සභාවකට හරි ප්‍රාදේශීය සභාවකට හරි ආණ්ඩු පක්ෂෙන් චන්දෙ ඉල්ලන්න අපේක්ෂකත්වය අරන්දෙන්න. වැරදිලාවත් විරුද්ධ පක්ෂේට නම් පළාතේ යන්න දෙන්න එපා.(නදී)
මෙයාට වැරදුනේ දේශපාලනය නොකළ නිසයි . නැත්නම් ලංකාවේ ඕනෑතරම් කම්බ හොරු ඉන්නේ සුදු පිරුවට ඇඳගෙන .(නදී)
"සක්විතිට ඇප දුන්නත් එළියට එන්න බෑ".... ඒ කියන්නේ හදිසියකටවත් එලියට දාන්නත් බැරිවේද? පවු දෙයියනේ. (නි)
එයට කවදා හෝ සමාව දේවි (නි)
ජනපතිතුමණි වැරදි දේවලට නොපමාව දඩුවම් දෙන්න. එහෙම වුණොත් අපි ඔබ තුමා සමගයි. (නි)
මිනිස්සුන්ගේ මෝඩ කම් නිසා තමයි මෙයාට මෙහෙම උනේ. ඒ කොහොම වුනත් මෙයාගේ ඉගැන්වීම් ශෛලියට මම කැමතියි. (නදී)
ලලිත් නිකන් සවුත්තු කතා කියන්න එන්න එපා. (නි)
කෙලවරේ මූණ වහගන ඉන්න එක්කෙනා කවුද? (නි)
එහෙනම් ඇයි ඇප දුන්නේ? (නි)
මෙය රුපියල් කීයක් තැන්පතු අරගෙන තියෙනවද?(නදී)
තව ටික දවසකින් ඇමති පුතා සහ කහවත්තේ ධර්මසිරි දෙදෙනා වගේ නීතිපතිතුමා මොහුට විරුද්ධ ව සාක්ෂි ප්‍රබල නැහැ කියමින් නිදහස් කරයි.(නදී)
සක්විති දෙවියෝ බඩ කපාගෙනලු මෙයාගේ වැඩ දැකලා.(ස)
බලනකොට සක්විති ඉදල තියන්නෙත් සක්විති වගේමයි. (ස)
හිටපු අගවිනිසුරුවරිය ඉවත්වීම වෙනුවෙන් කිරිබත් කාලා පාටි දාපු අයගේ සල්ලි දැන් ලැබිලද තියෙන්නේ? කිසි සද්දයක් බද්දයක් නැති නිසා බැලුවේ.. (නි)
මූල්‍ය වංචා ලංකාවේ නීතිගත කරලා තියෙද්දී මොකටද මෙයා හිරේ දැම්මේ? එයා සම්බන්ධව පාර්ලිමේන්තුවේ විවාදයක් අවශ්‍ය වෙනවා. (නි)
ලලිත් ඔබ හරියටම හරි. කරුණාකරලා මට පුලුවන් නම් හොරකම් නොකරන සල්ලි පිල්ලි නොගහන සර්ව සාධාරන මන්ත්‍රී කෙනෙක් හරි ඇමති කෙනෙක්ගේ හරි නමක් කියනවද? (නි)
සක්විති කරේ තියාගෙන කඩේ අරන් ගිය දේශබන්ධු කෙනා කෝ? අම්මපා මේවා දකිනකොට ගගේ මාලු ඇගේ නටනවා.... (නි)
දිනපතා පොලිසියට වාර්තා කරන්න කියන්න. නැත්තම් පනීවි. (නි)
විද්වතුන් මේ ගැන මොකද දන්නේ නැහැ කියන්නේ (නි)
මේ සැරේ වෙසක් වලට තොරණක් හදමු මේ සක්විතිගේ කතාව දාලා. ඒකත් ලොකු දෙයක් අපේ නරක වැඩ කරන අයට ඉගෙන ගන්න. බොරැල්ලේ වැලිකඩ හිර ගෙදර හදන වෙසක් තොරණ මෙය කරමු (නි)
සක්විති කතා වස්තුව ඇප ලැබීමත් සමග නිමාවට පත්විය. අවසානෙදි සක්විති රජතුමා මුළු රටේ හෙළයන්ව මෝඩයෝ බවට පත් කළේය.(නදී)
නැවත පන්ති කිරීමට අවස්ථාවක් හදල දෙන්න. ඒ ලැබෙන මුදලින් මිනිසුන්ගේ සල්ලි ගෙවන්න කියන්න. මේ මිනිහට කරන්න පුළුවන් දේ එපමණයි නේද. හිරගෙදර හිටියට සල්ලි ලැබෙන්නේ නැහැ නේද?(නදී)
කරුණාකරලා මට පුලුවන්නම් හොරකම් නොකරන සල්ලි පිල්ලි නොගහන සර්ව සාධාරන ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක් හරි ඇමති කෙනෙක්ගේ හරි නමක් කියනවද?(නදී)
සඳුනි, ඔය ගොල්ලෝ වගේ කට්ටිය ඉන්නකන් මෙයා ඔය වැඩේ ආපහු පටන් ගත්තත් ඔයගොල්ලෝ ගිහිල්ල සල්ලි තියයි මෙයා ගාව. ඔයාට මෙයා ගැන දුක හිතෙනවා. මෙයා නිසා අනාත වුනු පවුල් ගැන දුකක් එන්නේ නැද්ද ඔයාට.(නදී)
අනුර ඔබ හරියටම හරි. සක්විති වැඩ කිඩ වලින් වගේම ඇඳුමෙනුත් ඇමති ධුරයකට සුදුසු බව හොඳටම පෙන්නුම් කරනවා. පක්ෂෙට දායක මුදල දුන්නනම් ටිකට් එක ෂුවර්. (නදී)
මුහුණ වහගෙන ඉන්නේ නීතිඥයානේ.(නදී)
ඇයි මේ අනෙක් එක්කෙනා මුණ වහගෙන යන්නේ.(ස)
ලංකාවේ මිනිස්සුන්ට නොම්මර එකට අන්දවපු සාමාන්‍ය මිනිහෙක්.(නදී)
ඇප ලැබුනට පරණ වරදට ඉන්න වෙන්නේ හිරේ නේද? (නි)
සක්විති අංක 2 පටන් ගනීවිද ? (නි)
දැන්වත් මේ වගේ මෝඩ වැඩ වලින් තොරව සමාජයට හොද පුරවැසියෙක් වේවා!(නදී)
එක හොද වැඩක්. හැම සැකකාරයෙකුටම ඇප දෙන්න. එත කොට රජයට හොද ආදායමක් ලැබෙනවා. බන්ධනාගර වල තද බදයත් අඩු වෙනවා.(නදී)
පව් පොඩි එකා.... (නි)
ඔය තමයි අන්තිම වතාව මිනිහව දැක ගන්න පුළුවන් .(නදී)
ලස්සන පුවතක්. මෙයාව ලංකාවේ මුදල් ඇමති කමට පත් කරන්න. විහිලුවට නෙවෙයි. (නදී)
ඔව් ඉතින් හැමදාම ඇතුලෙම ඉන්නත් බැහැනේ.(නදී)
ඊලග අලුත්ම පුවත තමයි සක්විති රණසිංහ ලංකාවේ මහ බැංකු අධිපති ලෙස දිව්රුම් දුන්නේය. එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.(නදී)
මමනම් කියන්නේ මෙතුමා නැවතත් ඉංග්‍රීසි පන්ති පටන් අරන්. ඒ උපයන මුදලින් වංචා කල මුදල් නැවත ගෙවන්න කියලා.(නදී)
අධිකරණය සිත මතා ගත්ත තීරණයක්. මොකද මේ නඩුව විසදන්න බැරි බව ඔවුන් දන්නවා. මෙමගින් සක්විතිගේ ආයු කාලයට නැවතීමේ තිතද ලැබෙන බවද , මේ උසාවිය කිසිම ප්‍රකාශයක් කර නැත. වංචා මුදල් ලබා දීමේ ක්‍රමයක්. මොහුගේ ජීවිතය නැති උනොත් එහි වගකීමද අධිකරණය සතු වේ. (නදී)
කාපු දේවල් වමාරින්න බලාගෙන ඉන්න.(නදී)
දෑන් ඉතින් පෞද්ගලික පන්ති ටිකක් පටන් අරගෙන යහපත් ජීවිතයක් ගත කරන්න.(නදී)
අනේ මේ අම්මට සක්විති සත පහක උදව්වක් නොකළ බව පල උනා නේද? එත් අම්මල දරුවන් ගැන තරහ ඇතිකරගන්නේ නැති හැටි. (නදී)
මේ මනුස්සයා එලියට දැම්මනම් මරා දමාවිනේ. (නදී)
මිනීමරපු කී දෙනෙක් නම් දැන් ඇප නැතුවම නිදහස් කරලා තියෙනවද? ඉතින් මේක මොකක්ද? (නි)
දැන් ඉතින් බාල පුතා සක්විති රජම තමයි, මවට (නි)
පව් අහිංසක මිනිස්සුන්ගේ සල්ලි (නි)
හරි, හරි දැන් තේරෙනවා.(නදී)
හරි ශෝක්නෙ. අනේ කාලේ වනේ වාසේ. අහේතු කාලේන කජ්ජේන පුහුලන් කිව්වලු.(නදී)
තව ටික දවසකින් නිදහස් කියල කියාවි. ලංකාවේ එහෙම නේ දැන්. (නදී)
සල්ලි නැති කරගත්ත අය හරිම ප්‍රීතියෙන් සතුටෙන් ඉන්නේ. කොහොමද කියලා බලන්න වෙන්න ඇති උසාවිය සක්විතිට ඇප දුන්නේ. සක්විතිට ඇප ලැබිල සතුටින් සාමයෙන් ජීවත් වෙන හැටි බලන්න උසාවියට හා ආණ්ඩුව කරගෙන යන අයට බොහොම උවමනාවක් තියෙන බව පැහෙදිලිවම අපි දකිනවා. අසරණ ජනතාව බලාගෙන ඉන්නවා මොනවද වෙන්නේ කියලා.(නදී)
මහා බැංකුවේ නිසි ලියාපදිංචියක් නැති මුල්‍ය ආයතනයක විශ්වාසය හා කීර්තිනාමය මත මුදල් තැන්පත් කළ ගනුදෙනුකරුවන්ද අනියම් අන්දමින් වරදකරුවන් විය හැක. (නි)
සක්විතිට සක්විති දෙවියන් ගේ පිහිට ලැබිලා වගේ. සක්විති දෙයියන්ට බැරි දේවල් නේ මිනිහ කරන්නේ.(නදී)
සදුනි,සක්විති සැකකාරයෙක් පමණයි කියන්නේ කවුද? අනේ මන්දා සදුනිටත් කියක් හරි දුන්නද සක්විති? (නි)
අද අපේ රටේ ලොකු ලොක්කන්ගේ ඉඳලා වටේ ඉන්න ඔක්කොමලා සක්විතිලා. (නි)
බඩ එලියවත් යන්න තහනම්ද?(නදී)
මව් සෙනහස කියන්නේ මහ පුදුම දෙයක්. තමාගේ පුතා රජාද හොරාද කියලා මව්ට වැදගත් වන්නේ නැහැ. එය නොතේරෙන්න තරම් අපේ මිනිසුන්ට මොනවද වෙලා තියෙන්නේ... (නි)
සුදෝ සුදට ඇඳගෙන ඉන්නකොට කාටද කියන්න පුළුවන් මේ ඉන්නේ කම්බ හොරෙක් කියලා. දැන් හරියට දේශපාලඥයෙක් වගේ.(නදී)
සක්විති කියන්නේ සැකකරුවෙක් විතරයි තවම. සක්විතිගේ මිනිස් අයිතිවාසිකම් අපි ආරක්ෂා කරමු. මෙතන කට්ටිය උසාවියට උගන්නනවා වගේ.(නදී)
දැන් ඉතින් ඉතුරු ටික ජනතාවට හරි විදියට විසදන්න තියෙන්නේ. මම හිතන්නේ මම හරි. නේද? සල්ලි නැතිකරගත්තු අය නං හිතාමතාමයි ඒවා කරගත්තේ. වැඩිපුර හම්බකරන්න ගිහින්. එත් මෙයාව නං සමාජයෙන් අයින් කරන්න වෙනවා. ස්තුතියි.(නදී)
දෑත් ශක්තිමත් කරන්න කැමති වුණාද දන්නේ නැහැනේ. (නි)
ඕකට තමයි ශිරානිව එලව ගත්තේ දුමින්ද සක්විති තව කව්රුත් ඉන්නවද මම නම් අපහාසයක් කලේ නැහැ ඕන්න. මාව කුඩු කරන්න එපා.(නදී)
ඔබතුමා දැන් පාර්ලිමේන්තු ඇමතිකමකට සුදුසුකම් සපුරලා හමාරයි. (නි)
ඔන්න දැන් ඉතින් හැමෝම බය නැතිවම මුදල් වංචා කරන්න පටන් ගනීවි. පසුගිය දවස්වල උසාවියෙන්ම ඔප්පුකරල පෙන්නුවනේ වන්චා කරපු මුදල් වලින්ම දඩයත් ගෙවල තව ඒවගේම අතිවිසාල මුදලක් ලාභ ගන්නත් පුළුවන් කියල.(නදී)
පව් අහිංසක සක්විති.(නදී)
සක්විතිටත් තියෙන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් වෙන්න. එතොකොට නඩුත් නෑ. සක්ෂිකාරයොත් නෑ. කාටත් අමතක වෙනවා. ආයෙත් අයි.ටී.එන් එකේ වැඩසටහනකුත් කරන්න පුළුවන් ගරු මන්ත්‍රී තුමාට.(නදී)
එලියට දැම්මා නම් මිනිස්සු මරනවා. ඔහොම ඇතුලෙම ඉන්න දෙන්න (නි)
මිනිහා මුදල් වංචා කල එක ඇත්ත.හොරකම් කළ එකත් ඇත්ත.එහෙත් හැමදාම හිර ගේ තිබ්බට අහිංසක මිනිස්සුන්ගේ මුදල් ගෙවෙන්නේ නැහැ නේද.සක්විති කියන්නේ මේ ලංකාවේ නම ගියපු හරියට ඉංග්‍රීසි උගන්නන්න පුළුවන් මනුස්සයෙක්.දැන් නීතියට කරන්න තියෙන්නේ මේ මිනිහව තවත් හිර කරන එක නෙමෙයි.යම් නීති පටිපාටියක් මගින් ළමයින්ගේ දැනුම වැඩි කිරීමට නැවතත් අවස්ථාවක් හදලා දෙන එක.වැරදි හොරකම් කවුරුත් කරනවා. (නි)
ආරක්ෂාව තියෙන්නේ ඇතුලේ විතරයි.(නදී)
වැරදිලා හරි සක්විතිව අපේ උගත් අන්දරේ ජනතාව පාර්ලිමේන්තුවට යැවුවොත් ඇමතිලා ඇත්තෝ ඔහුගෙන් ඉගෙන ගනීද? නැත්නම් ගෙඩිය හරියට කන විදිය සක්විති ඔවුන්ගෙන් ඉගන ගනීද? (නි)
අම්මට මොන තරම් සතුටක් ද අනේ! බාල පුතාට ඇප ලැබුන හින්දා. නඩුවෙන් ,නිදොස් කර නිවැරදිකරු වුණ දාට දරු සෙනෙහස ආදරණීය මෑණියන්ට දරාගන්න පුළුවන් වෙයිද දන්නෙ නැහැ (නි)
එදා සල්ලි යහමින් ගැවසෙන කාලේ මෙයා අම්මට සැලකිලි කරලා තිබුණේ නැහැ. එහෙත් ඒ අම්මා අද ඇප දෙනකන් උසාවිත් ඇවිල්ලා තියෙනවා. අම්මගේ තිබුණු සෙනෙහස දැන්වත් තේරුන් අරන් හොද මිනිහෙක් වෙන්න. (නි)