සුගතදාස ක‍්‍රීඩාංගනයේ නව කෘති‍්‍රම ධාවන පථය එළීමේ කටයුතු ලබන මාසයේදී ආරම්භ කරන බව අදාළ ව්‍යාපෘතිය බාරව කටයුතු කරන දේශීය සමාගම පවසයි.
මීටර් 400 ක දුරකින් යුත් කෘති‍්‍රම ධාවන පථය නැවත ඇතිරීමේ කටයුතු ජර්මනියේ ඉදිකිරීම් සමාගමක අධීක්ෂණයෙන් එහි ආසියානු කලාපීය නියෝජිත ආයතනය විසින් කරනු ලැබීමට නියමිතය. ධාවන පථය ඉදිකිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය යන්ත‍්‍ර සූත‍්‍ර හා උපකරණ රැගත් නැව් කීපයක් මේ වන විටත් ශ්‍රී ලංකාව බලා පිටත්වී ඇතැයි දේශීය නියෝජිත ආයතනය පවසයි.
ස්විට්සර්ලන්තයේ රොටර්ඩෑම්, ජර්මනියේ හැම්බර්ග් හා හොංකොං යන වරාය තුනකින් අවශ්‍ය ද්‍රව්‍ය නැව් ගත කර තිබේ. ඒවායින් පළමුවැන්න ලබන සති අන්තයේදී පමණ කොළඹ වරායට ළඟාවීමට නියමිතය.
සුගතදාස කෘති‍්‍රම ධාවන පථය යළි ඇතිරීම රුපියල් මිලියන 113 ක ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය සඳහා දේශීය නියෝජිත සමාගම තෝරා ගැනීමේ ටෙන්ඩරය විවාදයට තුඩුදුන් අතර ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසුවේ අඩුම ලංසුව ඉදිරිපත් කළ දේශීය සමාගමට ව්‍යාපෘතිය ප‍්‍රදානය කළ බවයි.
ලබන ජූනි මාසයේ කොළඹදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලිය සඳහා මෙම ධාවන පථයේ ඇතිරීම් නිම කළ යුතුය.
ධාවන පථය ඉදිකිරීම සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය සපයන සමාගම අන්තර් ජාතික මලල ක‍්‍රීඩා සංගමයේ අනුමැතිය ලත් වරලත් සමාගමක් බව ද අවධාරණය කෙරේ.
මේ අතර සුගතදාස ක‍්‍රීඩාංගනයේ නව ඉදිකිරීම්වලට සමගාමීව ආරම්භ කළ පාපන්දු පිටියේ නවීකරණ කටයුතු මේ වන විට 90% කින් පමණ නිමාවට පත්ව තිබේ. එහි අලූතින් තණකොළ සිටුවීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇතැයි ද වාර්තාවේ.
පාපන්දු පිටියේ නවීකරණ කටයුතු ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 32 කි. පාපන්දු පිටිය සකස් කිරීමේදී අඩි දෙකේ පමණ ගැඹුරට හාරා පස් අලූතින් පිරවීමට සිදුවූ බවත් ඊට හේතුවූයේ දීර්ඝ කාලයක් තිස්සේ නිසි ලෙස නඩත්තු නොකිරීමෙන් ක‍්‍රීඩාංගණය ගිලා බැසීම බවත් ඉදිකිරීම් සමාගම පවසයි.
එහිදී පාපන්දු පිටියට ස්යංක‍්‍රීයව ජලය ඉසින ක‍්‍රමයක් මෙන්ම මුලූ ක‍්‍රීඩාංගණයට එකවර ආවරණය කළ හැකි කෘමීන් පාලනය කරන කෘමි ආරක්ෂක පද්ධතියකින්ද සමන්විත වනු ඇත. එවැනි කෘමි ආරක්ෂක පද්ධතියක් ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩාංගණයක් සඳහා යොදාගන්නා පළමු අවස්ථාව එයවේ.
සුගතදාස ක‍්‍රීඩාංගනයේ මෙවර නව ධාවන පථය ඉදිකිරීමේ විශේෂත්වය වන්නේ එය නිල් පැහැයෙන් සකස් කිරීමය. නිල් පැහැති ධාවන පථ ලොව වඩාත් අධිවේගී ධාවන පථ ලෙස සලකන බැවින් හා මෙතෙක් වැඩිම මලල ක‍්‍රීඩා ධාවන ඉසව් ලෝක වාර්තා පිහිටුවා ඇත්තේ නිල් පැහැ ධාවන පථ වලදී බැවින් ද ශ්‍රී ලංකාව සිය එකම අන්තර් ජාතික (ජවන හා පිටිය) ක‍්‍රීඩාංගනයේ කෘති‍්‍රම ධාවන පථය සඳහා රතු වර්ණය වෙනුවට නිල් වර්ණය තෝරාගෙන තිබේ.
ජර්මනියේ ස්ටොක්මියර් උරේතනස් ආයතනයේ මෙහෙයවීමෙන් ඇක්ෂන් ස්පෝර්ට්ස් ඉන්ටර්නැෂනල් ලිමිටඞ් ආයතනය ධාවන පථය ඉදිකරයි. ව්‍යාපෘතිය බාරව දේශීය සම්බන්ධීකරණ ආයතනය ලෙස ගහකොළ ලෑන්ඞ්ස්කේපින් ආයතනය කටයුතු කරයි.
ඒ සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුළුව ආයතන නවයක් ටෙන්ඩරය ලබා ගැනීම සඳහා තරග වැදුණි.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සුගතදාස කී‍්‍රඩාංගණයේ කෘත‍්‍රිම ධාවන පථය යළි ඇතිරීම ලබන මස ඇරඹෙයි