IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


සීගිරි කළමනාකරු ලංකාදීපයට බනියි

පාසල් සිසුන් පිරිසක් සීගිරි සිංහපාදය කුරුටු ගා ඇති බව සහ සිංහ පාදය අසළ ආරක්ෂාවට කිසිදු නිලධරයකු යොදවා නොතිබීම ගැන ලංකාදීප පුවත්පත්තේ සහ එසැණ වෙබ් අඩවියේ වාර්තා පළ වීම සම්බන්ධයෙන්  මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කළමනාකරු චන්දන වීරසිංහ මහතා දොස් නැගීය.

මාධ්‍යයට අනවශ්‍ය දෙයක් කරලා යැයි ඔහු කීවේය.

මෙය සුළු සිද්ධියක් බවත්, ලංකාදීප වාර්තාකරුවනට නැවත සීගිරියට ඒමට ඉඩ නොදෙන බවත් වීරසිංහ මහතා පැවසීය.

ජ්‍යෙෂ්ඨ පුරා විද්‍යා නිලධරයකු පැවසුවේ මෙය සුළුවෙන් තැකිය නොහැකි බවයි.

මීට පෙර මෙවැනි සිද්ධි වී ඇති බවත්, පාසල් සිසුන් මේවා නැරඹීට එද්දී  එහි ඇති පුරා විද්‍යා වටිනාකම හා සිසුන් හැසිරිය යුතු අන්දම කියා දිය යුතු බත්, සිංහ පාදය ළඟ ආරක්ෂකයන් නොයෙදීම ගැන සොයා බැලිය යුතු බවත් එම නිලධරයා පැවසීය.

 

 

 



අදහස් (0)

සීගිරි කළමනාකරු ලංකාදීපයට බනියි

කරුණාතිලක Saturday, 16 March 2013 06:12 PM

සිගිරිය රැක ගන්න ඕන අපි

:       0       0

අජන්ත Saturday, 16 March 2013 12:31 PM

සුළුද? මහද? නොවේ ප්‍රශ්නය වැරැද්ද වැරැද්දමයි. ඔය හානිකරේ ජාතියේ අනාගතයට, බලන්න කොළඹ තාප්ප, නානාප්‍රකාර දේ ලියලා. මෙයාලත් හිතන්න ඇති සිගිරි ලදූන්නේ ඉන්නේ මොනවහරි ලියමු කියල කොළඹ වගේ. ඒවගේම පක්ෂ තීන්ත වලින් හැමතැනම එක එක සටන් පාඨ ලියලා තියෙන්නේ . වපුරන දේ තමයි ඔය කපන්නේ (ස)

:       0       0

ඩයස් Sunday, 17 March 2013 04:37 AM

කලමණාකරු යනු කළ යුතු දේ මනාවට කරන පුද්ගලයා. එහෙම නේද? ඔබ මුලු පුරාණ උරුමයේ කලමනාකරුනේ. එහෙනම් ඈයි මහත්තයෝ සීගිරියට නගින තැනවත් මුරකාරයෙක් නොදැම්මේ? දවසකට කී පාරක් ඔබතුමා නිරීක්ෂණ චාරිකා යනවද? වැදගත් ස්ථාන වල අඩුම ගානේ කැමරා පද්ධතියක් වත් සවිකරලා තිබෙනවා නම් එහි නිරීක්ශක නිලධාරියා නිදාගෙනද හිටියේ? සංස්කෘතික ඇමතිතුමනි, අපට ප්‍රශ්නය කොල්ලෝ කොලුකමට ලියපු එක නොවේ. අපේ උරුමයන් රෑකගන්න මහජන මුදලින් පඩිගන්නා අය ඒවා රැක නොගන්නා එකයි. මේ සටහන වගකිවයුතු අංශ වෙත යොමුවේවා. (නි)

:       0       0

පාලිත Saturday, 16 March 2013 06:32 PM

මෙහෙමත් මිනිස්සු (දී)

:       0       0

සිසර Saturday, 16 March 2013 12:44 PM

මාධ්‍යවේදීන්ට පුප්පන්නේ මෝඩ මිනිස්සු (ස)

:       0       0

රත්නායක Saturday, 16 March 2013 06:34 PM

මහත්තයෝ මාධ්‍යට විතරක් මොකුත් කියන්න එපා (දී)

:       0       0

සමීර Saturday, 16 March 2013 12:44 PM

කාගෙන් හරි හම්බවුණ පත්වීමක් වෙන්න ඇති. දුක්වෙවී බලන් ඉන්නව ඇරෙන්න කරන්න දෙයක් නැති එක තමයි දුක. රට කරන අය හරියට ඒ දේවල් කරනවනම් මෙහෙම වෙන්නෙ නෑ. (ස)

:       0       0

චන්ද්‍රා Sunday, 17 March 2013 06:49 AM

හොදට හොයලා බලන්න වෙනවා. (නි)

:       0       0

සනත්123 Saturday, 16 March 2013 12:40 PM

පුරාවිද්‍යා අමාත්‍යංශය මුලින්ම කරන්න ඕනෙ මේ කලමණාකාර තැන අයින් කිරීමයි.තමන්ගෙ වරදට මාධ්‍යට බැනලා වැඩක් නෑ. ලෝක උරුමයක් පාලනය කරන්න සුදුස්සෙක් දාන්න එපැයි. පාසැල් වලින් උනත් මේවා ගැන දැනුවත් කරන්න ඕනේ මෙහෙම තැන් වලට යනකොට.(අ)

:       0       0

ලලිත් Saturday, 16 March 2013 12:49 PM

ඔය වගේ අය නිසා තමයි පාරම්පරික උරුමයන් අද අපේ රටට නැතිවේගන යන්නේ (ස)

:       0       0

පූජ්‍ය කේ හේමසර Saturday, 16 March 2013 01:13 PM

ඔය නිලධාරීන් ඔය දේවල්වල වටිනාකම දන්න අයෙක් ද? ළමයින්ට කලින් ඔය ගොල්ලන්ට මේ වටිනාකම ගැන කියා දිය යුතුයි (අ)

:       0       0

තිලක් Sunday, 17 March 2013 07:46 AM

ඇත්ත පෙන්නුවාටද (දී)

:       0       0

උපුල් Saturday, 16 March 2013 01:29 PM

නීතිමය ක්‍රියාමාර්ග ගන්න (දී)

:       0       0

ජනිත් Saturday, 16 March 2013 01:38 PM

මම හිතන්නේ මේ වගේ අවස්ථාවක කාංචන මහතාට අවස්ථාව තිබෙනවා තමුන්ට කල තර්ජනය ගැන පොලිසියට පැමිණිල්ලක් දමන්න.මොකද එතකොට නිතිය ඉදිරියේ ඔහු කියන්නේ මොනවද කියා රටම දැනගැනී.මම දැක්ක අද ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේම මේක පළකර තිබෙනවා,මාධ්‍ය ආයතනයක් ලෙස ඔබ වගකීම ඉටු කොට තිබෙනවා,වරක් සිගිරි රූප විනාශ කල මොහොතේ ඉතාලියෙන් අපු ලුසියානෝ මරන්සි මහතා ඒවා රැක ගත්තා. අපේ මුදලින් පඩි ගන්න රජයේ නිලධාරීන් මෙම බැන වෑදීම ගැන සදුදා පත්තරෙත් මුල් පිටුවේ දාන්න පුළුවන් නම් අඩු ගානේ ජනාධිපතිතුමා වත් මෙම අය ගැන පර්රික්ෂණයක් වත් පවත්වාවි, මොකද රටේ ඉන්න අනික් අයට ඕක සුළු දෙයක් වන්නට පුළුවන් නිසා.පොඩියට දැම්මොත් ගණන් ගන්නේ නෑ. සිංහ පාදයට කල විනාශය සුළුවෙන් තැකූ කෙනා ගැනත් ලියන්න. (ස)

:       0       0

සුරංග Saturday, 16 March 2013 02:19 PM

විදේශිකයෙකුගෙන් රු.3900 අය කරනවා සීගිරිය නරඹන්න. ආරක්ෂක නිලධාරීන් කී දෙනෙක් යොදවන්න පුළුවන්ද සීගිරිය රැක ගන්න (ස)

:       0       0

රංජිත් Saturday, 16 March 2013 02:28 PM

ඔය වගේ තැන්වල ඉන්න සමහර නිලධාරින් නිසි පරිදි ‍සේවය කරන්නේ නෑ. ලංකාදීප පුවත්පත්තේ එසැණ වෙබ් අඩවියේ නිලදරුවනි, ජතියකට ආදරයක් නැති මිනිස්සු දොස් නැගුවට අපි නිතරම ඔබලා සමගයි. (ස)

:       0       0

විජිත Saturday, 16 March 2013 02:28 PM

සිංහ නමක් තිබුනට සිංහ ගතියක් නෑ ඒ මහතාට (අ)

:       0       0

ජීවන් Saturday, 16 March 2013 08:58 PM

ලංකාදීපය මොන වරදක් කලාටද

:       0       0

අනුර සිල්වා Saturday, 16 March 2013 02:51 PM

පාසල් ළමයින්ට ඉතිහාස ඉගැන්වීමට පෙර මධ්‍යම සංස්කෘතික අරමුදලේ කට්ටියට ඉතිහාසය නැවත ඉගැන්විය යුතුයි (ස)

:       0       0

සිල්වා Saturday, 16 March 2013 02:52 PM

මොහු‍ගේ ඡායාරූපයක් ඉදිරිපත් කරන්න. (ස)

:       0       0

සරත් Saturday, 16 March 2013 02:54 PM

සිංහ නමක් තිබුනට තියෙන ගති සිරිත් නම් හොඳ නෑ (ස)

:       0       0

නිශාන්ත Sunday, 17 March 2013 10:45 AM

ඔය තියෙන්නේ වැඩේ, වරද පෙන්නලා දුන්නාම බනින්න එනවා (දී)

:       0       0

සුමති Saturday, 16 March 2013 09:54 PM

අනේ අනේ මෙහෙමත් නිලධාරීන්. මාධ්‍යවේදීන් හිටියට නියම වෙලාවට වැරැද්ද පෙන්වාම ඔහෝමද කතා කරන්නේ (අ)

:       0       0

දිසානායක Saturday, 16 March 2013 03:31 PM

මේ වගේ මිනිස්සු මේවාට ගැලපෙන්නේ නැහැ. (අ)

:       0       0

තිලක් Saturday, 16 March 2013 10:55 PM

මහත්තයා මාලිංග ට උන දේ අමතකද (දී)

:       0       0

සුභා Saturday, 16 March 2013 11:02 PM

හරි වැඩක්නේ (දී)

:       0       0

දිසානායක Saturday, 16 March 2013 03:34 PM

මම ලංකාවේ හිටියානම පොලිසියට බැරි දේ මම කරනවා (අ)

:       0       0

eපාලිත Saturday, 16 March 2013 11:07 PM

වරද පෙන්වා දුන්නාම සලකන හැටි (දී)

:       0       0

රූපසිංහ Saturday, 16 March 2013 11:11 PM

මොකටද ඒ බනින්නේ වරද පෙන්වා දුන් නිසාද (දී)

:       0       0

සාරංග Saturday, 16 March 2013 04:18 PM

මොකද්ද ලංකාදීපය කල වෙඅද වරද (දී)

:       0       0

ජයසිංහ Sunday, 17 March 2013 12:05 AM

මේවට පුරාවිද්‍යා මහත්තුරුන්ටම බැණලා වැඩක් නැහැ මහත්තයෝ. (නි)

:       0       0

හිල්මි Sunday, 17 March 2013 12:21 AM

හැමතැනම ලොකු තැන්වල ඉන්නේ සිංහල අය. මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. (නි)

:       0       0

පුෂ්පෙ Sunday, 17 March 2013 12:21 AM

සීගිරියට එන සැම පාසැල් කණ්ඩායමකටම මග පෙන්වන්නෙක් ගැනීම අනිවාර්ය කරන්න ඕනෑ. එදා රජ කොරපු රජ කෙනෙක් හිටියා නම් මෙලහකට ලියපු අයව එලොව යවලා. අපේකමක් නොදන්න ඇත්තන්ගෙන් රටට ඇති සෙතේ කුමක්ද? (නි)

:       0       0

රණසිංහ Sunday, 17 March 2013 12:38 AM

මෙහෙමත් මිනිස්සු ඇත්තට (දී)

:       0       0

රසාන්ජලි Sunday, 17 March 2013 12:38 AM

ඒ එයාගේ අත පසු වීම ලෝකෙම දැනගනී කියලා

:       0       0

සනත් Sunday, 17 March 2013 12:44 AM

ඔය සිංහ පාදයෙ අසල ලොකු කුහරයක් තියෙන්නේ. අකුනක් වැදිලා නම් වෙන්න බැහැ. (නි)

:       0       0

තිලාන් Saturday, 16 March 2013 11:11 AM

මේවයේ වටිනාකම පාසල් සිසුන්ව දැනුවත් කරන්න ඕන..මේවට ගුරුවරු වගකියන්න ඕන (ස)

:       0       0

ඉන්දි Saturday, 16 March 2013 11:21 AM

කාංචන කුමාර ආරියදාස හා තරිඳු ජයවර්ධන මහතානනි කිසි දෙයකට බිය නොවන්න. මේවා අපේ උරුමයන්. මේවා ආරක්ෂාකර ගැනීම සදහා මාධ්‍යය මැදිහත් වීම ඉතා වැදගත්. අපි ඔබ සමගයි. (ස)

:       0       0

අමිත් Saturday, 16 March 2013 11:23 AM

බලධාරීන් සම්පූරණයෙන්ම වග කිව යුතුයි. මීට වඩා ක්‍රමවත්ව අපේ උරුමයන් ආරක්ෂා කරන ගන්න ඕන. බළධාරීන් නිදාගෙන ඉන්නේ අයි මේ (අ)

:       0       0

සරත් Saturday, 16 March 2013 11:26 AM

පාසල් ළමුන්ට කලින් කලමණකාරතුමාට දඩුවම් කළොත් හොඳයි වගේ,නැත්නම් ආයෙත් කියයි සුළු දෙයක් කියලා (ස)

:       0       0

සෑම් Saturday, 16 March 2013 11:29 AM

මාධ්‍ය කියන්නේ රටත් ජනතාවත් ආරක්ෂා කරන ආයුධයක්. මාධ්‍යයෙන් හරි කමක් නැහැ වැරැද්දක් පෙන්නලා දුන්නහම ඒක පිළිගන්න ඕනෑ. (නි)

:       0       0

අරුණ Saturday, 16 March 2013 11:32 AM

ඔන්න ඉතින් දිවි නසා ගන්න තමයි ඔය හදන්නේ (දී)

:       0       0

රමිල Saturday, 16 March 2013 11:56 AM

මෙයාට සුළු දෙයක් වුණාට ‍අපිට මෙය මිල කල නොහැකි වස්තුවක් . කවුද මෙයාට මේ වගකීම දුන්නු කෙ‍නා (ස)

:       0       0

ෆාරු Saturday, 16 March 2013 12:00 PM

ඒ බව පේනවා (ස)

:       0       0

චමින්ද ජයනාත් Saturday, 16 March 2013 11:59 AM

මේ තැනට විදේශිකයෙක් පත් කලානම් මීට වඩා හොදට රැක බලා ගන්නව.ඔවුන්ට මේව ගැන අපේ අයට වඩා කැක්කුමක් තියෙනව. කවුරුවත්ම නැත්නම් රටේ ජනාධිපතිතුමාවත් මේ වගේ වැරදි වැඩ කරන්න පුද්ගලයන් ගැන තීරණයක් ගන්න. මොකද කවද හරි සිංහ පාදය ගලවගෙන ගියත් කියන්නෙ ඔය මිනිස්සු මේක ගනන් ගන්න දෙයක් නෙමේ සුළු සිද්ධියක්ය කියල. තමන් අතින් වගකීමක් පැහැර හරියම ඒ ගැන පෙන්වා දීම වගකිව යුතු මාධ්‍යයක යුතුකමක්. මේ මිනිස්සු ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරනව වෙනුවට කරන්නෙ මාධ්‍යයට තර්ජනය කරන එකනේ වැඩේ. (ස)

:       0       0

චතුරංග ප්‍රියශාද් Saturday, 16 March 2013 05:41 PM

ඇයි මේවා මීට කලින් දැකල නැද්ද වැඩක් බලාගෙන යනව මනුස්සයෝ යන්න. යන වචන ආදර්ශයට ගන්න. (ස)

:       0       0

හේරත් Saturday, 16 March 2013 12:14 PM

වරද කරුවන්ට බනින්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තියුණු ආයුධ සමඟ අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 117 0

මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග


පොත් ගන්න මහ සෙනඟක්
2024 ඔක්තෝබර් මස 03 332 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්


‘ කුෂ්‘ ගුවන් තැපැලෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 03 229 0

රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ


මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 545 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1643 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 75 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38720 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25439 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 286 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 976 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 344 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site