සීගිරියේ අදත් බඹර ප‍්‍රහාරයක් එල්ලවිය. 18 දෙනෙක් ඊට ලක්වූහ. තවත් පිරිස් පර්වතය මුදුනේ ඊට ලක්වීමට ඇතැයි සැක කෙරේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරක් විට මෙම සතුන් මෙලෙස ඇවිසීමක් ඇතිවන්නේ භුමිය තුල සිදුවන්නාවු අසාමාන්‍යය චලනයන් විපර්යාසයන් වීමටද පුළුවන. මන්දයත් සමහර දේ මිනිසුන් වන අපට නොදැනුනත් සතා සිවුපාවුන්ට එයට වැඩි ප්‍රමාණයක ඇසීම, දැකීම, දැනීම වැනි ක්‍රියාවලියන් සිදුවෙමින් තිබේ. එවැනි අවස්ථා වලදී මෙවැනි සතුන් කෘමින් වර්ග කලබලයට පත්වීම නොවැලැක්විය හැකි කරුණකි.
අද කවුද දන්නේ නෑ ගල් ගැහැව්වේ
මම කිව්වා කලින්ම ඹබරුත් එක්ක බෑ කියලා ..
එන්න එන්න මිනිස්සු මිනිසත්කමින් ඈත් වෙලා දුර්ජන හා අසත්පුරුෂ වෙන්න පටන් අරන් ඒ නිසාම තමයි මේ විදිහේ සිදුවීම් නිතර සිදුවන්නේ. අනික කොච්චර එපා කීවත් මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතාකර අසංවර ලෙස හැසිරෙන පිරිස් එන්න එන්නම වැඩියි ඉතින් මේ වගේ දේවල් එක්ක සත්තුන්ට වුනත් ඉව වගේ දැනෙනවානේ..
මේක මහා ලොකු ප්‍රශ්නයක් නොවෙයි. අධිවේගී ජල ප්‍රහාරයක් යොදල දැන් බැඳලා තියෙන බඹරු ඉවත් කරන්න. ඉන් පස්සේ ගලේ වාර්ෂිකව බඹර බදින තැන වල ග්‍රීස් ටිකක් තවරන්න. අවුරුද්දක් දෙකක් බඹර බදින කාලයට පෙර ග්‍රීස් ආලේප කලාම ඔය වැඩේ බොහෝ කාලයකට නවතිනවා. මෙතැනදී සතා සීපාවාගේ ස්වාභාවික වාසස්ථාන වනසන්න එපා කියල පරිසර සංවිධාන කියන දේට මමත් අතිශයින්ම ගරු කරනවා. නමුත් මේ වගේ විශේෂිත ස්ථානයක එම සතුන් ඉවත් නොකර බෑ.
අලිබබා හා තිලක් යන දෙදෙනාගේ අදහස්වලට එකඟ වෙනවා. මේ ස්ථානවල සිටින බඹරුන් ඇවිස්සීමට මිනිස්සුන්ගේ විකාරූපී චර්යාවන්ද හේතු වෙනවා.එහෙත් සංචාරක කර්මාන්තයට දැඩි මේ ගැටළුව බලපාන බැවින් මේ බඹර කූඩු ඉවත් කිරීමට පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමි.
මමත් හිතන්නේ මේ දෙබර හා බඹර කූඩු ටික මෙතනින් ඉවත් කළා නම් හොඳයි කියලයි.එකපාරක් අපේ පවුලේ කට්ටිය ආපු අවස්ථාවකදීත් මේ වගේම බඹරු ඇවිස්සිලා අපිට ගොඩක් කරදර වුණා.
මිනිසුන් ඇවිල්ලා ගල් කොරි දමාලා කැළෑ එලි කරලා බඹර උරුමෙට ඇත්තෙ විපතා බඹර වද බැදුමට නැ තැනක් දැන් බඹරට ආව සීගිරියට වරද පැටවිය යුතුය මිනිහට
කෝ අද අපේ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහත්මා පේන්න නැත්තේ මොකද?වෙනද මම දකින්වා එතුමා අපි සේරටම කලින් මෙහි කමෙන්ට්ස් දාලා තියෙනවා.අද මොකද දන්නේ නැහැ එතුමා පේන්න නැත්තේ.. මම හරිම කැමතියි එතුමගේ අදහස් කියවන්න..වෙනත් ආගමක වුනත් එතුමා හොඳ නිහතමානි උගත් විද්වතු කෙනෙක්.