අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සමස්ථ ලංකාවෙන්ම පළමු ස්ථානය ලබාගත් පී.ඒ.මධුෂානී චතුරිකා කුලතුංග දැරියත් තෙවැනි ස්ථානය ගත් කේ.අයෝධ්‍යා ගයාත්‍රී ද අල්විස් දැරියත් අද උදෑසන ගාල්ල සංඝමිත්තා බාළිකා විද්‍යාලයේදී මහත් හරසරින් පිළිගැණිනි.
අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සමස්ථ ලංකාවෙන්ම පළමු ස්ථානය ලබාගත් පී.ඒ.මධුෂානී චතුරිකා කුලතුංග දැරියත් තෙවැනි ස්ථානය ගත් කේ.අයෝධ්‍යා ගයාත්‍රී ද අල්විස් දැරියත් අද උදෑසන ගාල්ල සංඝමිත්තා බාළිකා විද්‍යාලයේදී මහත් හරසරින් පිළිගැණිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර කිව්වේ වැඩ බැරි වුනත් ගම ගාල්ල කියලයි. දැන් කොහොමද ගාල්ලේ වැඩ? මම ගොඩක් සතුටු වුනු දවසක්.(නදී)
පුද්ගලික පන්ති පාසලට කොහොමවත් සම කරන්න බැහැ. මුළු පාසල් සමය තුලම පාසලෙන් ලැබෙන සියලු දේ පුද්ගලික පන්තියෙන් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පාසල් වලට ගරහන්න එපා. ඒවායේ අඩුපාඩු හදා ගන්න උදව් කරන එක තමා යුතුකම. මේ දරුවන් දෙදෙනාට සුබ අනාගතයක් මෙන්ම අනෙක් දරුවන්ට ද සුබ අනාගතයක්! (නි)
සංගමිත්ත තෙරණිය දන්නවා නම් අඩාවි, පාසලේ අධ්‍යාපනයට වඩා ටියුෂන් වලට දෙමව්පියන් කරපු වියදම් වලට හා කැපවීම් වලට! (නි)
පුද්ගලික පන්ති යන්නේ නැතුව ලංකාවේ කිසිම විභාගයක් සමත් වෙන්න බැරි බව තමයි මම නම් පිළිගන්නේ. (නි)
ගාල්ලේ දරුවන් කවදත් කොහේ ගියත් නමක් තියනවා. (නි)
නංගිලා දෙන්නට අපේ සුබ පැතුම්! සුබ අනාගතයක් පතනවා. (නි)
වෙඩි කනවද, (ඒ) ගන්නව ද? කියලයි ඉස්සරහට දෙමවුපියන්ට ළමයිගෙන් අහන්න වෙන්නේ මේ තියෙන තරගේ හැටියට... (නි)
බලන්න ලස්සනයි. (නි)
මම හිතන්නේ මේ සැරේ වීරයා විද්‍යාව පේපර් එකට ලකුණු 13ක් දුන්න ට්යුෂන් ගුරුතුමායි. (නි)
දෙමු අත්පුඩියක් සංඝමිත්තෙට. අපි රිච්මන්ඩි, මහින්ද කොල්ලෝ... (නි)
සුභම සුභ අනාගතයක් ...... (නි)
දෙදෙනාටම සුභ අනාගතයක්! (නි)
දරුවෙනි, උගත්කමට බුද්ධිමත්කමත්, එකතු කරගන්න. ඔයාලගෙ ජයග්‍රහණයට අපගේ සුබ පැතුම්..! බුදුසරණයි.(නදී)
පුද්ගලික පන්ති නවත්වා දරුවන්ට උගන්වන්න පාසලට ඉඩ දෙන්න. නැත්නම් මේ පෙරහරට පුද්ගලික පන්තිවල ගුරුවරු ඉස්සරහින් තියන්න වෙනවා. (නි)
අනේ වාසනාවන්. මෙන්න ලක්මෑණිගේ දරුවෝ.(නදී)
කොහොමද ගාල්ලේ වැඩ.(නදී)
අවශ්‍ය වන්නේ දැනුම හා අවබෝධයි. ඒ 9 ගත්ත ලමියි උපෙළ අසමත් වෙනවා ඕනේ තරම්. ඒ හින්ද උ.පෙළ අවබෝධයෙන් කරන්න කියල හැමෝටම කියන්නේ .ජය වේවා !(නදී)
එතකොට දෙවැනි ස්ථානය කවුද ගත්තේ? (නි)
මේ සොයුරියන්ට සුභ අනාගතයකට ආසිරි පතන්නේ මහින්ද විද්‍යාලයෙන්..(ස)
සුභ පැතුම්! (නි)
ගොඩක් ආඩම්බරයි. මමත් ඉගෙන ගත්ත පාසැල. ගුරු මෑනිවරු, පියවරු වැජඹේවා! නැගණියට සුබ අනාගතයක් පතමි! (නි)
සා.පෙ. ඉහල ස්ථාන ලබා ගත්තහම ඒ ඉගෙනගන්න පාසැලේ නම කියනවා මිසක්, ඒ දරුවෝ නිකන්වත් 5 වසරේ ශිෂ්‍යත්වේ පාස්වෙලා මේ තැනට එන්න මග පෑදුනු ප්‍රාථමිකයේ නම මතක් කරන්නේවත් නැහැ. ප්‍රාථමික පාසලේ නමත් මතක් කරනවානම් වඩා වටිනවා දුවේ, පුතේ. (ස)
උදාරයි, උදාරයි, ගුරු මව්වරුණි, ඔබගේ මෙහෙය අති උදාරයි... (ස)
ඔබ දෙදෙනාටම සුබ අනාගතයක් (ස)
ඔබ දෙදෙනාටම සුබ අනාගතයක් පතනවා... ! (ස)
ගාල්ලට නමක් ගෙනා නංගිලා දෙන්නට අපේ සුබ පැතුම්...! (රිසිත, විනුෂි) (ස)
අපේ සුභ පැතුම් නැගෙනියණි...! (ස)
ඔය සෑම ලමයෙක්ම පුත්ගලික පන්ති ගිහිල්ලා විභාග සමත් වේන්නේ, නමුත් පින්තුරවලට ගරු ගාම්බිරව ඉස්කෝලේ ගුරුවරු ඉදිරිපත්වේනවා මේ ගුරුවරු වැඩිය පුත්ගලික පන්තිවල ගුරුවරුන්ට ස්තුති කරන්න ඕන. විභාග සමත්වුනාම කවුරුවත් කියන්නේ නැහැ අපි පුත්ගලික පන්ති ගියාය කියලා.(ස)
උදාරයි...(ස)
උදාරයි... (ස)
ගමත් ගාල්ලේ, වැඩත් ගාල්ලේ (ස)
සුබ අනාගතයක් ! (ස)
දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ -නැන බලයෙන් පිරියේ . (නදී)
ආර්.සිල්වා, මමත් 5 වසර ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉහලින් සමත් වෙලා විශ්ව විද්‍යාලයට ඇතුලත් උන කෙනෙක්.පුද්ගලික පන්තිත් ගිහින් තියෙනවා. ඒත්, විභාග සමත්වෙන්න වගේම පෞරුෂ වර්ධනයට පාසලෙන් ලැබෙන උදව්ව කොහෙත්ම පුද්ගලික පන්තියකින් ලබන්න බැහැ. (ස)
දස්කම් පෙන්වූ සඟමිත් දියණියනි, ජයෙන් ජයම වේවා.. ඔබේ ඉදිරි දිනේ! (ස)
ඔබ දෙදෙනාටම සුබ අනාගතයක්! (නි)
ආර් සිල්වා මහත්තයාගේ කතාව හරි. මේ ජයග්‍රහණය මේ දරුවෝ පුද්ගලික පන්ති නොගිහින් මෙහෙම ගත්තා නම් ඉස්කෝලේ නම ගියාට කමක් නැහැ. කොහොම වෙතත් මේ දරුවෝ දෙන්නට අපේ උපහාරය! (නි)
මහත්තය පුද්ගලික පන්නති පවත්වන බව දන්නවා. මේක දැන්වීමක් කරගත්ත කොහොම හරි.(නදී)
ඔය කියන පාසැලේ අසමත් වුන ළමයිනුත් ඇතිනේ.(නදී)
පුද්ගලික පන්ති ගිහින් හරි, පාසලෙන් හරි හොදට ඉගෙනගෙන ඉහළම ලකුණු ලබාගත් දරුවෝ හැම දෙනාටම අපි හදවතින්ම සුබ පතමු. ඔබ සියලු දෙනාට සුබම සුබ අනාගතයක් දුවේ, පුතේ...! (නි)
මේ ගොල්ලෝ පාස් වුණේ පන්ති ගිහිල්ලා නොවෙයි කියලා අපි දන්නවා. (නි)