IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


සාංචි විහාරය බුදු බැතියෙන් ඇළලේ

ඉන්දියාවේ සාංචි නුවර චේතියගිරි විහාරයේ විශේෂ භූගත ගර්භයක තැන්පත් කර ඇති සැරියුත් මුගලන් අගසවු දෙනමගේ  ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය 64 වැනි වරටත්  සිකුරාදා (25) අලුයම 6ට ඇරඹුණි.

මෙම පුණ්‍ය මහෝත්සවය බෞද්ධ නාට්‍ය ඇතුළු අංග රැසක් ඇතුළත් වේ. 21 වැනි දා ආරම්භ කළ ආලෝක පූජාව අද (25) වැනි දින විවෘත කරන ලද්දේ වියට්නාමයේ සිට සාංචිය වෙත වැඩම කළ බෝධි සිතා මෙහෙණින් වහන්සේ විසිනි.

මහාබෝධි සමාගමේ සභාපති සාංචි චේතියගිරි විහාරාධිපති බානගල උපතිස්ස ජපානයේ ප්‍රධාන සංඝනායක හිමියන්ගේ අනුශාසකත්වයෙන් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ආණ්ඩුව සහ ශ්‍රී ලංකා මහා බෝධ සංගමය එක්ව මෙම පිංකම සංවිධානය කරයි. වියට්නාමය, තායිලන්තය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක බෞද්ධ උවැසි උවැසියෝද සාංචිය වෙත පැමිණෙමින් සිටිති.

චේතියගිරි විහාරය පිවිසුම වන විදුලි ආලෝකයෙන් මෙන්ම බෞද්ධ ධජවලින් අලංකාර කර ඇත.

ධර්මාශෝක අධිරජ්‍යයාගේ පාලන සමයේ සැරියුත් මුගලන් දෙනමගේ ශාරීරික ධාතු තැන්පත් කර මෙම සාංචි ස්තූපය ඉදිකළ බව ඉතිහාසයේ සඳහන් වේ. 14 වන සියවසේ සිට 19 වන සියවස දක්වා සාංචි පුදබිම කැලයෙන් වැසී ගොස් තිබුණි.

බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ඇලෙක්සැන්ඩර් කනිංහැම් හා  එෆ්.සී. මෙයිස්ගේද පුරාවිද්‍යාඥයන්ගේද සහායෙන් එහි කැණීම් සිදුකර සැරියුත් මුගලන් ධාතූන් වහන්සේ විශේෂ මංජුසාවක බහා ස්තූපයේ ගර්භයේ තැන්පත් කර තිබූ  සොයාගෙන ඔවුන් ධාතුන්වහන්සේ එංගලන්තයට රැගෙන ගිය ද මහාබෝධී සමාගමේ මහ ලේකම්ව සිටි බ්‍රහ්මචාරි දේවප්‍රිය වලිසිංහ මහතා ලෝක බෞද්ධ ජනතාවගේද සහායෙන්  ධාතූන් වහන්සේ නැවත ලබාගැනීමට හැකි විය. 1947 මේ ධාතුන් වහන්සේලා ලංකාවට වැඩමවා වසර 2-3ක් පමණ රට පුරා   ප්‍රදර්ශනය කැරිණ. ධාතූන් වහන්සේ ලබා ගැනීමේ උත්සවයේ දී එවකට සාංචි විහාරාධිපති ධූරය දැරූ හැඩිගල්ලේ පඤ්ඤා තිස්ස නාහිමියෝ මුල්වූහ.

අනතුරුව එම  ධාතූන් වහන්සේ තැන්පත් කිරීමට සාංචි චේතියගිරි විහාරයේ ඉදිකිරීම් ආරම්භ කළේය. ඊට බෝපාල් පාලකයා වූ සිකන්දර් සෞලාන් උල්මුල්ති නවාබ් මහම්මද් හම්දුල්ලා ඛාන් බහදුර් මහාරාජාගේ ද අනුග්‍රහය ලැබූ බව සඳහන් වේ. ඉන්දියාවේ අගමැති ධූරය දැරූ ශ්‍රීමත් ජවහර්ලාල් නේරුතුමා 1952 නොවැම්බර් 30 වැනි දා සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ ශාරීරික ධාතූන් වහන්සේ තැන්පත් කරමින් චේතියගිරි විහාරය විවෘත කළේය. එදා පටන් සෑම වසරකම නොවැම්බර් මස අවසන් ඉරිදා මෙම පිංකම පැවතියේය. පසුගිය වසරේ සිට අවසන් සෙනසුරාදා දිනයේත් පින්කම පැවැත්වෙන බව බානගල උපතිස්ස නාහිමියෝ

අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ සහ සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩම කරවීමට පෙර සිට  සාංචි විහාරයේ වැඩ සිටි බව උපතිස්ස හිමි කියති. ශ්‍රී ලාංකික බෞද්ධයින්ගේ මහගෙදර වශයෙන් සැලකේ. මෙසේ මිහිදු මහාරහතන් වහන්සේ වැඩ සිටි සාංචි පුදබිමත් උන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ මිහින්තලා පුදබිමත්  යන දෙකෙහිම සමානකම් දක්නට ඇත. සාංචි පුදබිම තරමක් උසක පිහිටි මනරම් පරිසරයක පිහිටා ඇති අතර මිහින්තලය ද ඒ හා සමාන  උසින් යුක්ත වූ ශාන්ත පරිසරයක පිහිටා ඇත.

ලෝකයේ අති විශිෂ්ඨ හා මනරම් නිර්මාණයන්ගෙන් එකක් වන සාංචි ස්තූපය බෞද්ධ ස්තූප අතර අසාමාන්‍ය විශිෂ්ඨත්වය විදහා දක්වයි. මේ හේතු කොටගෙන සාංචිය කොතරම් විශිෂ්ටත්වයට පත් වීද යත් ඈත දේශ දේශාන්තරවවල සිට බෞද්ධ බැතිමත්හු පමණක් නොව ලක්ෂ ගණනක් සංචාරකයෝ එහි වෙති.

 

480

අගසවු දෙනමගේ ශාරීරික ධාතූන් වහන්සේ තැන්පත් කරන විශේෂ මණ්ඩපය මලින් සරසා ඇති අයරු

481

479 482

485 486 490

 

488 491

වියට්නාමයෙන් පැමිණි බෞද්ධ උවැසි උවැසියන් සැරසිලි කරන අයුරු

489

සඝමිත් තෙරණිය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමකරවන අයුරු දැක්වෙන සිතුවමක්

487

මිහිදු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය ගැන චේතියගිිරි වාහාරයේ ඇති සිතුවමක්

483 484



අදහස් (0)

සාංචි විහාරය බුදු බැතියෙන් ඇළලේ

ධම්මික Sunday, 27 November 2016 05:50 AM

සාදු සාදු සාදු! මගේම ඇස්වලින් දකින්න පතනවා (නි)

:       0       0

බණ්ඩාර Saturday, 26 November 2016 04:44 AM

සාදු සාදු එන වසරේදීවත් මගේ ඇස්වලින් දකින්න පතනවා (හේ)

:       0       0

එරන්ද Saturday, 26 November 2016 05:40 AM

සාදු සාදු සාදු..(හේ)

:       0       0

දයානි Saturday, 26 November 2016 05:57 AM

සම්මා සම්බුදුරජානන් වහන්සේගේ , අගසව් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු !!! (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1602 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 516 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 196 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 283 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 132 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 89 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39995 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site