IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


​‘සංචරණ සීමා තවත් සතියකින් දීර්ඝ කරන්න‘

(අජන්ත කුමාර අගලකඩ)

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා  රටපුරා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින් දීර්ඝ කරන්නැයි සෞඛ්‍ය අංශ රජයට යෝජනා කර ඇතැයි වාර්තා වේ .

එසේ නොවුණහොත්, සංචාරණ සීමා පනවමින් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග වල නිසි ප්‍රතිඵල නොලැබෙනු ඇතැයි ද ඔවුන් පෙන්වා දී ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සදහන් කරයි.

කොරෝනා රෝගීන් 3000ක්  ඉක්මවා දෛනිකව වාර්තා වීම බරපතළ තත්ත්වයක් බවත් ,එහි යම් පාලනයක් සදහා සංචරණ සීමා නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු බවත් ,සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දී ඇත.

මේ අතර ,ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ද මෙම l කරමින් පිටු  තුනකින් යුත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉකුත් දෙවෙනි දා යවා ඇතැයි ද දැනගන්නට ඇත’

කොරෝනා ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් ඉකුත් විසි එක් වෙනිදා රටපුරා සංචරණ සීමා පනවනු ලැබූ අතර ,එය විසිපස් වැනිදා ඉවත්කර එදිනම යළි පනවනු ලැබීය.

සංචරණ සීමා හෙට  (07)දිනයේ ඉවත් කිරීමට රජය මුලින් තීරණය කර තිබුණ ද එය ලබන සදුදා (14) දක්වා දීර්ඝ කිරීමට පසුව තීරණය කළේය.

එහෙත් එය ලබන විසි එක් වැනි දා දක්වා   දීර්ඝ කරන්නැයි සෞඛ්‍ය අංශ යෝජනා කර ඇති බව දැනගන්නට ඇත . 



අදහස් (14)

​‘සංචරණ සීමා තවත් සතියකින් දීර්ඝ කරන්න‘

kapila Sunday, 06 June 2021 11:49 AM

ඒ කියන්නෙ පාපැදියක් නැති මිනිහයි ඉස්කෝල ලමයිනුයි ගෙදර ඉන්න සීන් එකක් තියෙන්නේ...

:       4       133

WCA Sunday, 06 June 2021 12:44 PM

පිස්සු.හරියට එකක් කියහල්ලකෝ දවස් 14ද 21ද.මුන්ට වෙලාවක් අවේලාවක් නැතුවට ඉස්පිරිතාලේ ලෙඩ්ඩු බලන්න අනෙක් වැඩකරන මිනිස්සුන්ගේ කාලේ කන්න එපා.

:       205       171

hesaMonday, 07 June 2021 02:16 AM

ඒකට ඔය ඕන තරම් සති 2 ක් කල් තියෙන්නේ... පසු ගිය වසරේ ඒ නීති දැම්මේ එකරැයෙන්..

:       0       0

Sk Sunday, 06 June 2021 12:56 PM

පොඩි අයනම් ගෙදර ලොක්කො තමයි රට වටේම යන්නේ

:       0       241

pakeer Sunday, 06 June 2021 02:54 PM

පාපැදිය නැති අයත් පයින් යනවා. යන්නේ නැත්තේ ඉස්කෝලෙ ළමයිනුයි, වයසක අයයි, අබ්බගාගයිනුයි විතරයි..

:       1       17

Jaya Sunday, 06 June 2021 02:54 PM

සංචරණ සීමා දැනට ක්‍රියාත්මක වන ආකාරයට නම් කවදාවත් ඉවත් කරන්න බැරි වෙයි වගේ.

:       1       21

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 06 June 2021 04:27 PM

අනේ දෙවියනේ .. මොනතරම් හොඳට තිබුණු රටක්ද මේ? අපේ රටට මේ වසංගත ආවා නෙමෙයි ගෙනාවා. ඒ අයගෙන් සමහරක් දෙනා අද රටේත් නැහැ. මේ ගෙනඒමේ ප්‍රධාන අරමුණ වුනේ සල්ලි වලට තිබුණු කෑදරකමයි. ඒ නිසා මේ රටේ මේ වසංගතය පැතිරුණා. නියපොත්තෙන් කඩන්න තිබූ දේ ඒ වෙලාවේ කැඩුවේ නැහැ. දැන් ඉතින් පොරවෙන් තියා ඊට වඩා ලොකු දේකින් වත්, කඩන්නට බැහැ. අනේ.. රටකට ගිය කලක්...

:       10       105

විජිත් Sunday, 06 June 2021 05:11 PM

සහතික ඇත්ත සමිත, ලෝකයේ සිටින ප්‍රවිනම වයිරස් විද්‍යාඥයෙක් වන මලික් පිරිස් මහත්මයා, මහාචාර්ය කමනි මෙන්ඩිස් මහත්මිය ...වැනි ප්‍රවීනයින් කියන්නේ මේ රට අඩුම වශයෙන් දවස් 15 කට වසා තබන්න කියලා.ඒ අය තවත් කියනවා අඩු ආදායම් ඇති අයට දෙන මුදල කලින්ම දීලා ඒ අයට ආහාර ලැහැස්ති කරගන්න කියලා , රට වසන දිනය නිශ්චිතවම දන්වන්න කියලා.රටේ අනිත් අයටත් දින 15 කට ආහාර ආදියසුදානම් කරගන්න කියලා ඒ නිශ්චිත දිනයේ සිට දවස් 15ක් රට සම්පුර්ණයෙන්ම වසා තබන්න ඕනා.

:       3       58

Prasad Adikari Sunday, 06 June 2021 04:54 PM

සංචරණ සීමාවලින් කිසිම වැඩක් නැහැ. දානවා නම් ඇඳිරි නීතිය තමයි හොඳ... ඒත් තවත් එහෙම කළොත් අපිට හිඟාකන්න තමයි වෙන්නේ...

:       1       120

wicky Sunday, 06 June 2021 05:51 PM

මොන නීතියත් අදාල පොඩි මිනිහට තමයි. ෂැන්ග්‍රිලා එකෙ පාටි දාන්න පුලුවන්, අපි කඩේකට ගිහින් බඩුවක් ගත්තොත්, කොරොනා බෝ වෙනවා.. අත්‍යාවශ්‍ය වැඩකට, වගා කටයුතු වලට අපිට යන්න විදියක් නැහැ. පැලවලට වතුර, එතකොට පොහොර දාන්න ඕනෑ. 7 කියනවා, 14 කියනවා 21 කියනවා. එකක් කියනවලකෝ.. මේ නීති දාන මහත්තුරුන්ට නම් මොකද, එයාලට කැම ටික හම්බෙනවා, පඩිය ලැබෙනවා. ඕනෑ තැනක යන්න පුලුවන්. එක්කෝ නිසි පිළිවෙලක් තියෙන්න ඕනෑ. නැත්නම් රටම එක සැරේ වහලාම දාලා ඉවරයක් කරන්න ඕනෑ. අන්තිමට වෙලා තියෙන්නේ අපි දුක් විඳිනවා.. සල්ලි තියෙන, පගාව දෙන ලොකු මිනිහා හොඳට ජොලි කරනවා...

:       4       228

SkSunday, 06 June 2021 07:36 PM

මාත් එකඟයි.

:       0       110

පූජා. Sunday, 06 June 2021 06:08 PM

ලංකාව තරම් කොරෝනාව අනාගෙන, වණ කරගෙන තිබෙන තවත් රටක් වෙන කිසිඳු තැනක නොදුටුවෙමි. ලංකාවේ ජීවත් වෙන අසරණ ජනතාව ගැන ඇත්තේ විශාල කණගාටුවකි. ස්වාභාවික විපත්වලින් පෙන්නුම් කරන්නේ " ලංකා මාතාව" හෙළන උණුකඳුලු නොවේදැයි මට නිකමට වගේ සිතෙයි..

:       235       1126

siri Monday, 07 June 2021 08:03 PM

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කම්කරුවන්ගේ සිට වෛද්‍යවරු දක්වා සියලුම සේවක කණ්ඩායම් ජීවිත අවදානම අරන් කරන සේවය කවුරුත් අගය කළ යුතුය. මේ අවදානම් අවස්ථාවේ දැනට සේවය කරන මේ පුහුණු සේවය විශ්‍රාම යාමෙන් ඔබ්බට පවා මේ අවදානම පහව යන තුරු ලබාගන්නේ නම් ප්‍රයෝජනවත් වනු ඇත.

:       0       0

Sugath Tuesday, 08 June 2021 12:36 PM

ජාතික ඇඳුනුම්පතේ අංකයෙන් යන එක දාන්න 14 වැනිදා ඉඳලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සීවලී මහරහතන් ධාතුන් වහන්සේ ගංගාරමයට වැඩමවති
2025 අප්‍රේල් මස 25 551 0

උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ


මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්
2025 අප්‍රේල් මස 25 58 0

ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම


ඉදිරි පැය 36 තුළ වැසි තත්වයක්
2025 අප්‍රේල් මස 25 264 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව


මාතරින් දේශබන්දුට දුන් නියෝගය
2025 අප්‍රේල් මස 25 1261 0

“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත


අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාව ලැබෙයි
2025 අප්‍රේල් මස 25 356 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.


ලාංකිකයෝ දෙදාහකට ඊශ්‍රායලයේ රැකියා දොර ඇරිලා
2025 අප්‍රේල් මස 25 339 0

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 805 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 532 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site