|
මරදාන ටවර් රඟහලෙහි වෙස්සන්තර නාටකය වේදිකා ගත වෙමින් තිබිණි. එක් ජවනිකාවක් අවසන්ව තවත් ජවනිකාවක් සඳහා වෙනත්
නළු නිළියන් වේදිකාවට පිවිසි අතරවාරයේ විමලා නම් නිළිය වහාම වේදිකාවේ පසුපසට දිව ගියාය. එතැන කුඩා බිළිඳියක දෝතින් ගත් කාන්තාවක පුටුවක වාඩි වී ඒ බිළිඳිය නලවමින් සිටියාය. එහෙත් ඒ පුංචි එකී සිටියේ බඩගින්නේය. පුංචි කට අරිමින් ඈනුම් පිටකරමිනි.
මගේ දෝනිට බඩගිනිද පුතේ...”
නිළිය වහාම අර බිළිඳිය දෝතින් ගෙන ඇයට කිරි පොවන්නට පටන් ගත්තාය. විනාඩි පහක් පමණ තිස්සෙ බිළිඳිය මවගේ ලැමදෙන් කිරි උරා බිව්වාය. ඇයට තවත් බඩගිනිය. තවත් කිරි අවශ්‍යය. අම්මා අනෙක් පියවුර බිළිඳියගේ දෙතොල් අතර තබන්නට සැරසුනා පමණි.
”ඊළඟ සීන් එකට වෙලාව හරි...”
නිළිය වෙත ආ නාට්‍යයේ නිෂ්පාදක කීවේය.
මං ගිහින් එන්නන් දෝණි. කී විමලා බිළිඳිය කාන්තාව අත තබා ආපසු වේදිකාවට ගියාය.
විමලා සමග රඟපෑවේ රොම්ලස්ද සිල්වා නම් නළුවෙකි. ඔහුට සහෝදර නිළියගේ හැට්ටයේ බොත්තම ගැලවී ඇති බව පෙනිණි.
හැට්ටෙ බොත්තම... හැට්ටෙ බොත්තම
ඔහු රහසින් මෙන් නිළියට කීවේය. එහෙත් චරිතයට සම වැදී සිටි නිළියට රොම්ලස් රහසින් සහ අභිනයෙන් කී දේ තේරුණේ නැත.
|
සුජාතා හා රංජනී.. |
ඇය තවමත් රඟපාන්නේ හැට්ටෙ උඩ බොත්තම නැතිවය.
හැට්ටෙ ඇරිලා.
රොම්ලස් එවර ටිකක් සද්දයට කීවේය.
විමලා වහාම පසෙකට හැරී හැට්ටයේ බොත්තම පියවා ගත්තාය.
ඒ විමලා කාන්තා වූ කලී එවකට ටවර් නාට්‍ය කණ්ඩායමේ සිටි ප‍්‍රවීණ ශිල්පිණියකි. රැඟුමට මෙන්ම ගැයුමට ද හපනියකි. එදා ටවර් රඟහලේ පසු පස දොරකඩට වී ඇනුම් ඇර ඇර සිටි බිළිඳිය සුජාතාය. එදා සුජාතා පෙරේරා වූවත් පසු කලෙක සුජාතා අත්තනායක ලෙසින් ජනප‍්‍රිය ශිල්පිනියක බවට පත් වූ ගායිකාවය.
දැන් ඒ සුජාතා අත්තනායක මා ඉදිරිපිටය. නුගේගොඩ විමලවත්ත පාරේ පිහිටි ඇගේ සොඳුරු කැදැල්ලේ විසිත්ත කාමරයෙහි මම වාඩිවී සිටිමි.
ඇයට ලැබුණු විවිධ සම්මාන රාශියක් පසෙක ඇති මේසයක් මතය.”
”ඒ සියල්ල නිහඬව කියා පාන්නේ සුජාතාවගේ දක්ෂකමය.”
”මේ තියෙන්නේ සුජාතා කළ පොත”
සුජාතාගේ ආදරණීය සැමියා නවරත්න මාහට පොතක් ගෙනවිත් දෙයි. ටවර්හෝල් නූර්ති ගී නම් වූ එම පොත මම අතට ගතිමි. එහි කතුවරිය සුජාතා අත්තනායකය.
සුජාතා අත්තනායක ගැන අප දැන සිටියේ දිවයිනේ අග‍්‍රගණ්‍ය ගායන ශිල්පිණියක ලෙසිනි. ඇගේ මාධූර්යවත් හඬ තවමත් අපේ මතකයෙන් ගිලිහී ගොස් නැත. ”පුතුනේ මේ අහගන්න පුතුනේ, සඳ බැස නෑ වෙසක් සඳ, සාධු දන්ත දා, මල් සරාට පේ‍්‍රම ලෝකෙ මාළිගා තනා, ඇතුළු ගීත සිය දහස් ගණනක් පිළිබඳ මියුරු මතකය හිතේ අවදිවෙයි.
එහෙත් ඒ ගැන නොඅසමි.
ඔය දවස්වල කොහෙද පදිංචි වෙලා හිටියෙ.
මම සුජාතාගේ බාල කාලය ගැනම අසමි.
‘‘කැලණියෙ වෙදමුල්ලෙ
ඔය කාලෙ ටවර් රඟහලේ නාට්‍ය තිබුණෙ සති අන්තයෙද?
”නෑ සතියෙ දවස්ලත් තිබුණ. ටවර් රඟහලේ විතරක් නෙමේ. ටවර් හෝල් නාට්‍ය අරගෙන අම්මලා රට වටේමත් ගියා...”
මේ වනවිට සුජාතාගේ අක්කා ප්ලොරිදේවි ද ටවර් හෝල් කණ්ඩායමේ නාට්‍ය ශිල්පිනියකි. මේ නිසා පුංචි සුජාතාටද රංගනය ගායනය සහ නර්තනය යනු අමුතු දේවල් නොවේ. ටවර් රඟහලේ දකින නාට්‍යය ගෙදර ඇවිත් රඟපාන්නටත් හින්දි චිත‍්‍රපටියක් බලා ඇවිත් එහි ගීතය ගයමින් නටන්නටත් සුජාතාට උපන් හපන්කම් තිබිණි.
”ප්ලෝරිදේවි අක්කා මට වැඩියෙ අවුරුදු දොළහකින් වැඩිමල්.” සුජාතා කියයි.
අක්කටත් හොඳට නටන්න පුළුවනි. ඒ ආභාෂය මටත් තිබුණා. ඒ හින්ද පුංචි කාලෙදිම මමත් නැටුම් පන්තියකට ගියා. ශාන්ති කුමාර් තමා මගේ ගුරුවරයා. එයාගෙ පංතියෙ මගෙත් එක් ඒ කාලේ ඉගෙන ගත්තු හුඟාක් අය පස්සේ කාලෙදි හුඟාක් ජනප‍්‍රිය වුණු ශිල්පීන් බවට පත් වුණා. ශ්‍රීමතී රසාදරී, කාන්ති ලංකා, ගීත බාලි වගේ අය ඒ පංතියෙ ඉගෙන ගත්තා
ඉතින් අම්මයි අක්කයි වගේ ඔබත් ටවර්හෝල් නාට්‍යවල රඟපෑවද!
මම සුජාතාට තවමත් ටවර් ශාලාව තුළම රඳවා තබාගනිමින් ඇසුවෙමි.
ඔව්, මං ටවර් හෝල් නාට්‍යයක රඟපානකොට මගේ වයස අවුරුදු නමයයි.
‘මතකද ඒ නාට්‍යයෙ නම?
විදුර නාඩගම, මම කළේ ඒකෙ ළමා චරිතයක්.
වයස අවුරුදු නමයේදී නාට්‍යයක රඟපෑ පුංචි සුජාතා ඊට වසර දෙකකට පසුව ගීතයක් ගායනා කරමින් ගායිකාවක බවටද පත් වූවාය. ඇය මුලින්ම ගැයූ ගීතය සාධු දන්ත දා නම් වූ බොදු බැති ගීතයකි.
|
”ඒ ගීතය ගුවන් විදුලි තැටියකටත් නැගුණා. තැටිගත වුණු මගේ පළමුවැනි ගීතය ඒක”
මේ ගීතය ඇසූ චිත‍්‍රපට නිෂ්පාදකවරු සුජාතාගේ කටහඬෙහි අපූර්වත්වය දැනිණි.
ඔවුහු සුජාතා ලවා චිත‍්‍රපටවලට පසුබිම් ගීත ගායනා කරවා ගත්හ.
මම මුලින්ම ගීත ගයපු චිත‍්‍රපටිය සොහොයුරෝ. සුරතල් මගේ පොඩි මුව පැටියා කියන ගීතය. මේ ගීතයට රඟපෑවේ ලීනා ද සිල්වා.
පුංචි සුජාතා ඒ අයුරින් ඇරඹූ කලා ගමනේ ඉදිරිය බොහෝ අලංකාර විය. ඇය කථක් වැනි ශාස්ත‍්‍රීය නැටුම් සම්ප‍්‍රදායක්ද උගත්තාය. නර්තනය, ගායනය, වාදනය, යන සෑම අංගයක්ම සුජාතාට අතැඹුලක් වැනිය. සිංහල, හින්දි දෙමළ මෙන්ම බෙංගාලි ගී ද ඕනෑම එකක් නිවැරැදි ශ‍්‍රැතියට ගැයීමේ දුර්ලභ හැකියාව මේ ශිල්පිනිය සතුය. ඇය ඉදිරිපත් කළ ඇසි මිහිර ප‍්‍රසංගත් ඉන්දියාවේ නාග්පූර් නුවර දී ඉදිරිපත් කළ සුජාතා ස්වර සංගීත් ප‍්‍රසංගවලදීත් ඇය විවිධ භාෂාවලින් ගී ගැයුවාය. මේ මොන බසකින් ගැයුවත් ඒ ගී වෙන කාගේවත් ගී නොවීමද විශේෂත්වයකි.
මේ තරම් හපන්කම් කළ සුජාතා අත්තනායක වෘත්තියෙන් අධ්‍යාපනයට සම්බන්ධය. ඇය අධ්‍යාපන අධ්‍යක්ෂිකාවක ලෙස මහඟු සේවයක් සංගීතය වෙනුවෙන් ඉටුකර තිබේ.
”ඔය කාලෙ මට තේරුණා පැරැණි නූර්ති ගී කිසිවක් නිවැරදි නැති බව. හුඟාක් දුර්ලභ නූර්ති ගීත් තිබුණා. මේවා වැළලී යාමට ළංවෙලයි තිබුණෙ. ඒ නිසා මේවා සංරක්ෂණය කිරීමේ වැදගත්කම මට තේරුණා. මම අසූගණන්වල අම්මත් එක්ක එකතුවෙලා මේ නූර්ති ගී පිටපත් කරන්න පටන් ගත්තා. අම්මා ළඟට ගිහින් සර්පිනාවෙන් මේ නූර්ති ගී වාදනය කළා. අම්මා ඒවා ගායනා කළා. මම අදාළ ස්වර ලියාගෙන ස්වර ප‍්‍රස්තාර හැදුවා. ඔය විදිහට එක්රැස් කළ ගීත දෙසීයක් විතරම තියෙනවා. එයින් කොටසක් තමයි මේ විදියට පොතක් බවට පත් කෙරුණේ.”
අසූ ගණන්වල ආරම්භ කළ කටයුත්තක් අවසන් කිරීමට මේ තරම් කාලයක් ගත වූයේ කෙසේදැයි මට ප‍්‍රශ්නයකි.
”මගේ අම්මා 1993 දී නැතිවුණා. ඔය අතරෙ අපි අවුරුදු විස්සක් විතරම හිටියෙ ඇමරිකාවෙ. මේ වෙද්දි හැම දෙයක්ම එපා වෙලා මං හිටියෙ. හේතුව වුණේ මගේ පුතාගෙ වියෝගය. මේනිසයි මේ පොත එළියට ඒම මේ තරම් ප‍්‍රමාද වුණේ.
කෙසේ හෝ වේවා සුජාතාගේ නූර්ති ගී පොත ඉකුත් ජනවාරි 28 වැනිදා ටවර්හෝල් පදනමේදී දොරට වැඩියේය. ටවර් හෝල් රඟහල පදනමේ සභාපති ප‍්‍රමුඛ කලාකරුවන් ඉදිරිපිට කෙරුණු මේ උළෙලේදී නූර්ති ගී ප‍්‍රසංගයක්ද පැවැත්විණි.
මේ ප‍්‍රසංගයේදී නූර්ති ගී ගායනා කළේ මගේ පවුලෙ අය. නංගි රංජනී, මල්ලි සුසිල්, හේලි අත්තනායක, සංදේශ් තිසෙත් ඉන්දික කියන මගේ මුණුබුරු බිරියන්. ඒ වගේම අනෝජා වීරසිංහයි ජගත් වික‍්‍රමසිංහයි එදා නූර්ති ගී ගායනා කළා.”
සුජාතා අත්තනායක මට එසේ කියා ගිටාරය වයන්නට පටන් ගත්තාය. තාමත් ඇගේ සංගීත වාදන අතිශයින් මිහිරිය.
”මම මගේ ප‍්‍රසංගවලදීත් සිතාරයත් පියානෝවත් වාදනය කරනවා.” ඇය කීවාය.
ඇගේ අතැඟිලි තුඩුවලින් පිරිමැදෙන සිතාරයේ තත් අතරින් මතු වූ මියුරු හඬ හැරදා නික්ම යන්නට අපහසු තරම්ය. එහෙත් යා යුතුය.
සටහන - ශාන්ත කුමාර විතාන
ඡායාරූප හා ඡායාරූප පිටපත් කිරීම - පුෂ්පා වීරසේකර
|
සුජාතා අම්මා සමග.... |
|
සුජාතා ප්ලෝරිදේවි සහ ලලිත්. |
|

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ බිහිවූ විශිෂ්ට කාලා කාරිනියක් (දී)
ඔබගේ ගීත සියල්ලම අපේ ජාතියේ උරුමයකි. (නි)
ඔබ තුමියට සුබ පැතුම් (දී)
මගේ තවමත් ආසාම ගායිකාව (දී)
'සුදෝ මම ආදරෙයි' කියලා තුන්කොන් පෙමක් ගැන සුජාතා අත්තනායක මහත්මිය ගයන මියුරු ගීයට මම හරි ආසයි. (නි)
අපි කැමති ඔබේ ගීත වලට (දී)
ඔබේ දෙමාපිටන්ට පින් ඔබ වගේ කෙනෙක් රටට දායාද කලාට (ස)
මගේ සිගිති පුතාගෙත් දුවගෙත් ප්‍රියතම ගීතය පුතුනේ මේ අහගන්න ගීතයයි. ඔවුන් දෙදෙනා නිදි කරවා ගැනීමට මගේ බිරිඳ ගායනා කළේ ඔබගේ එම ගීතයයි. ඔබට සදා ජය ! දීර්ඝායු වේවා. මෑණියනි. (ස)
මම කැමති ඔබේ ගී වලට (දී)
ඔබේ හඩ ඉදිරියටත් අහන්න අපිට අවශ්‍යයි. ඔබතුමියට දිර්ඝායු වේවා !! තෙරුවන් සරණයි (ස)
ඔබ වැනි පරමාදරශී චරිත ගැන ඇසීමට පවා අපි කැමතියි. (නි)
ඔබ ගීත ලොවේ සදාචාරාත්මකම චරිතයකි. (නි)
ඔබ තුමිය 1975 වර්ෂයේ කැළණිය විද්‍යාලංකාර සරසවියෙදි පවත්වන ලද සමාස තද්දිත ප්‍රසංගය මට කිසිදිනක අමතක වෙන්නේ නැහැ. ඔබ තුමියගේ ගීත එකක් අනෙකට දෙවැනි නැහැ. ඔය කට හඩ පෙර පිනතට ලැබුන එකක්. සුජාතා අත්තනායක කියන්නේ අපේ රටේ උරුමයක්. ඔබට තෙරුවන් සරණ බලයෙන් දීර්ඝායුෂ ලැබේවා.(නදී)
මුළු ජීවිත කාලයක් මම ඔබේ ගීත රසවිදිනවා. ඔබට බොහොම පින්. එම සුන්දර ලෝකය මට ලගා කර දුන්නට.(නදී)
මට ඔබ ගැන ආඩම්බරයි. (නි)
මා හිතන්නෙ සුජාතා බරණැස සුජාතාවන් ලෙසින්ම දානශීලි වු ලක් දියණියක් බවයි. යුද්දය උග්‍ර ව තිබු මොහොතක උතුරට ගොස්,හමුදා පිරිස් ගීතයෙන් සතුටට පත් කරන්න තරම් නිහතමානි වු අතර දැය,ජාතිය වෙනුවෙන් තම පුතෙකු පරිත්‍යාග කල එකම ගායන ලොව එඩිතර මව ඇය වුවාය. චිරත් කාලයක් වැජඹේවා !! (ස)
අද හවසට මා හමු වෙනු මැනවී ගීතය මා තරුණ කාලයට ගෙනගොස් ලයනල් වෙන්ටඩ් රගහලට රැගෙන යනවා.(නදී)
ඔබට නිරෝගී සුව ලැබේවා (දී)
ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා! (නි)
ඔබ වැනි ශ්‍රේෂ්ඨ ගායිකාවන් දැන් බිහිනොවන්නේ ඇයි දැයි යන්න මට ඇති ගැටළුවකි. (නි)
මැතිණියනි, ඔබට දීර්ඝායුෂ! (නි)
සන්තෝසයි ඔබෙන් කළා ක්ෂේත්‍රයට වෙන සවයට තුති (දී)
අත්තනායක මැතිනියගේ ගීත වලට අපි තවම ආසයි (දී)
සිංහල ජාතියට අවංකව මෙහෙයක් කලා අතලොස්සක් දෙනාගෙන් ඔබට දීර්ඝායුෂ.(නදී)
විශිෂ්ටයි (අ)
කිසිම දේශපාලන වැඩ වලට නොගියපු සුජාත අක්කට මගගේ ප්‍රණාමය! (ස)
ආදරණීය මාතාවකි ඔබ. (නි)
සුජාතා අක්කේ, ඔබ ලතා අක්කා, ඇන්ජලින් අක්කා අපේ රටේ දුර්ලබ සම්පත්. දැන් ඉන්න හොරු ඔබලාගේ දේපල ප්‍රසිද්ධියේ හොරකන් කරනවා. නව පරපුරේ රසිකයෝ ඒවාට අනුබල දෙනවා (නි)
ඔබේ පුතා දැය වෙනුවෙන් දිවිදුන් රණ විරුවෙක්. (ස)
සමහර අය එතුමියගේ හඩට සමානව සිංදු කියන්නත් යනවා. හැබැයි කාටවත් එහෙම සමාන වෙන්න බැහැ. (නි)
ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)
ඔබතුමියගේ "පුතුනේ මේ අහගන්න" ගීතයට මම අදටත් ආසයි. මගේ අම්මා මාව නිදි කරවලා තියෙන්නේ ඒ ගීතය කියලා. අද මගේ දුවටත් නිදාගන්න මම ඒ ගීතය කියන්න ඕනෑ. ඔබට දීර්ඝායුෂ. (නි)
ඔබට දීර්ඝායුෂ ලැබේවා. ! (ස)
ඔබ තුමිය අපේ සංගීත කලාවේ මිනි පහනක් චිරාත් කාලයක් වැජඹේවා. (ස)
ඔබ උතුම් ආදර්ශමත් කෙනෙක්ව අනුගමනය කරලා හරි ජීවන රටාවක් ඇති හෙළ කතකි. (ස)
ඔබතුමියගේ රුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා මේ සිංදු ඇහෙනකොට පුදුම ආශාවක් දැනෙනවා. (ස)
ඔබතුමිය වගේ විශිෂ්ඨ කලාකාරිනියෝ අද ලංකවේ ඇත්තෙම නැති තරම්. ඔබට දීර්ඝායුෂ. (ස)
මෙය ලංකාදීප පුවත්පතට, ඔබට ස්තූතිවන්ත වෙනවා මේ වගේ ලිපියක් පලකරපු එකට. පුළුවන්නම් එතුමියගේ ජීවිත කතාව පලකරන්න. (ස)
අද ඉන්න ගායිකාවෝ ගොඩක් යැපෙන්නේ ඔබේ ගීතවලින් එය ඔබට ලොකු පිනක්. (ස)
ඔබ රට වෙනුවෙන් දිවි දුන් වීර හෙළ දරුවෙකුගේ මවකි. ඔබට දීර්ඝායුෂ (ස)
ඔබතුමියගේ ගීතවලට මම ගොඩක් කැමතියි. ඔබට දීර්ඝායුෂ ලැබේවා. ! (ස)
මම මෙතුමියගේ මීදුම් වළාවන් ගලලා යන ගීතයට හරිම ආසයි. (ස)
සුජාති අත්තනායක කියන්නේ ලංකාවේ ඉන්න උතුම් කාන්තාවක් (අ)
ඔබට අපි ආදරයි (දී)
ඔබ තුමියට ධිර්ගායු වෙවා (දී)
මගෙ අක්ක පුංචි කාලෙ ඔබතුමියගේ "පුතුනේ මේ අහගන්න" ගීතය ආසාවෙන් ගායනා කලා. ඒ සිංදුවෙ සැඟවෙලා තිබුණ ශෝකය මුසු සංවේදී බව මට තවමත් මතකයි. (අ)
මම ඔබතුමියට,මම ඔබතුමිගේ ගීත වලට කවදත් ආසයි (දී)
ගීයෙන් ලොව නැළැවූ සුජාතාවනි, ඔබට දීර්ඝායු! (නි)
සුභපැතුම් ඔබට (දී)
සිංහල ගීතයට ඔබ කල මෙහෙය අපමණයි (දී)
ඔබගේ රිදී සීනු හඩට අපි තවමත් ආදරෙයි. (නි)
උතුම් කාන්තාවක්! (නි)
සුභ පැතුම් ඔබට (දී)
ගීතයට ඔබ කල මෙහෙවර අපමණයි (දී)
ඔබ තුමියට සුභ පැතුම් (දී)
මගෙන් සුභ පැතුම් (දී)