IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


සුජාතා අත්තනායක නූර්ති ගීයට පෙම්බඳී

 

 

මරදාන ටවර් රඟහලෙහි වෙස්සන්තර නාටකය වේදිකා ගත වෙමින් තිබිණි. එක් ජවනිකාවක් අවසන්ව තවත් ජවනිකාවක් සඳහා වෙනත් නළු නිළියන් වේදිකාවට පිවිසි අතරවාරයේ විමලා නම් නිළිය වහාම වේදිකාවේ පසුපසට දිව ගියාය. එතැන කුඩා බිළිඳියක දෝතින් ගත් කාන්තාවක පුටුවක වාඩි වී ඒ බිළිඳිය නලවමින් සිටියාය. එහෙත් ඒ පුංචි එකී සිටියේ බඩගින්නේය. පුංචි කට අරිමින් ඈනුම් පිටකරමිනි.


මගේ දෝනිට බඩගිනිද පුතේ...”

නිළිය වහාම අර බිළිඳිය දෝතින් ගෙන ඇයට කිරි පොවන්නට පටන් ගත්තාය. විනාඩි පහක් පමණ තිස්සෙ බිළිඳිය මවගේ ලැමදෙන් කිරි උරා බිව්වාය. ඇයට තවත් බඩගිනිය. තවත් කිරි අවශ්‍යය. අම්මා අනෙක් පියවුර බිළිඳියගේ දෙතොල් අතර තබන්නට සැරසුනා පමණි.

”ඊළඟ සීන් එකට වෙලාව හරි...”
නිළිය වෙත ආ නාට්‍යයේ නිෂ්පාදක කීවේය.

මං ගිහින් එන්නන් දෝණි. කී විමලා බිළිඳිය කාන්තාව අත තබා ආපසු වේදිකාවට ගියාය.
විමලා සමග රඟපෑවේ රොම්ලස්ද සිල්වා නම් නළුවෙකි. ඔහුට සහෝදර නිළියගේ හැට්ටයේ බොත්තම ගැලවී ඇති බව පෙනිණි.
හැට්ටෙ බොත්තම... හැට්ටෙ බොත්තම

ඔහු රහසින් මෙන් නිළියට කීවේය. එහෙත් චරිතයට සම වැදී සිටි නිළියට රොම්ලස් රහසින් සහ අභිනයෙන් කී දේ තේරුණේ නැත.

 

 
සුජාතා හා රංජනී..

ඇය තවමත් රඟපාන්නේ හැට්ටෙ උඩ බොත්තම නැතිවය.

හැට්ටෙ ඇරිලා.

රොම්ලස් එවර ටිකක් සද්දයට කීවේය.

විමලා වහාම පසෙකට හැරී හැට්ටයේ බොත්තම පියවා ගත්තාය.

ඒ විමලා කාන්තා වූ කලී එවකට ටවර් නාට්‍ය කණ්ඩායමේ සිටි ප‍්‍රවීණ ශිල්පිණියකි. රැඟුමට මෙන්ම ගැයුමට ද හපනියකි. එදා ටවර් රඟහලේ පසු පස දොරකඩට වී ඇනුම් ඇර ඇර සිටි බිළිඳිය සුජාතාය. එදා සුජාතා පෙරේරා වූවත් පසු කලෙක සුජාතා අත්තනායක ලෙසින් ජනප‍්‍රිය ශිල්පිනියක බවට පත් වූ ගායිකාවය.

දැන් ඒ සුජාතා අත්තනායක මා ඉදිරිපිටය. නුගේගොඩ විමලවත්ත පාරේ පිහිටි ඇගේ සොඳුරු කැදැල්ලේ විසිත්ත කාමරයෙහි මම වාඩිවී සිටිමි.

ඇයට ලැබුණු විවිධ සම්මාන රාශියක් පසෙක ඇති මේසයක් මතය.”
”ඒ සියල්ල නිහඬව කියා පාන්නේ සුජාතාවගේ දක්ෂකමය.”

”මේ තියෙන්නේ සුජාතා කළ පොත”
සුජාතාගේ ආදරණීය සැමියා නවරත්න මාහට පොතක් ගෙනවිත් දෙයි. ටවර්හෝල් නූර්ති ගී නම් වූ එම පොත මම අතට ගතිමි. එහි කතුවරිය සුජාතා අත්තනායකය.

සුජාතා අත්තනායක ගැන අප දැන සිටියේ දිවයිනේ අග‍්‍රගණ්‍ය ගායන ශිල්පිණියක ලෙසිනි. ඇගේ මාධූර්යවත් හඬ තවමත් අපේ මතකයෙන් ගිලිහී ගොස් නැත. ”පුතුනේ මේ අහගන්න පුතුනේ, සඳ බැස නෑ වෙසක් සඳ, සාධු දන්ත දා, මල් සරාට පේ‍්‍රම ලෝකෙ මාළිගා තනා, ඇතුළු ගීත සිය දහස් ගණනක් පිළිබඳ මියුරු මතකය හිතේ අවදිවෙයි.
එහෙත් ඒ ගැන නොඅසමි.

ඔය දවස්වල කොහෙද පදිංචි වෙලා හිටියෙ.

මම සුජාතාගේ බාල කාලය ගැනම අසමි.

‘‘කැලණියෙ වෙදමුල්ලෙ

ඔය කාලෙ ටවර් රඟහලේ නාට්‍ය තිබුණෙ සති අන්තයෙද?

”නෑ සතියෙ දවස්ලත් තිබුණ. ටවර් රඟහලේ විතරක් නෙමේ. ටවර් හෝල් නාට්‍ය අරගෙන අම්මලා රට වටේමත් ගියා...”
මේ වනවිට සුජාතාගේ අක්කා ප්ලොරිදේවි ද ටවර් හෝල් කණ්ඩායමේ නාට්‍ය ශිල්පිනියකි. මේ නිසා පුංචි සුජාතාටද රංගනය ගායනය සහ නර්තනය යනු අමුතු දේවල් නොවේ. ටවර් රඟහලේ දකින නාට්‍යය ගෙදර ඇවිත් රඟපාන්නටත් හින්දි චිත‍්‍රපටියක් බලා ඇවිත් එහි ගීතය ගයමින් නටන්නටත් සුජාතාට උපන් හපන්කම් තිබිණි.

”ප්ලෝරිදේවි අක්කා මට වැඩියෙ අවුරුදු දොළහකින් වැඩිමල්.” සුජාතා කියයි.
අක්කටත් හොඳට නටන්න පුළුවනි. ඒ ආභාෂය මටත් තිබුණා. ඒ හින්ද පුංචි කාලෙදිම මමත් නැටුම් පන්තියකට ගියා. ශාන්ති කුමාර් තමා මගේ ගුරුවරයා. එයාගෙ පංතියෙ මගෙත් එක් ඒ කාලේ ඉගෙන ගත්තු හුඟාක් අය පස්සේ කාලෙදි හුඟාක් ජනප‍්‍රිය වුණු ශිල්පීන් බවට පත් වුණා. ශ්‍රීමතී රසාදරී, කාන්ති ලංකා, ගීත බාලි වගේ අය ඒ පංතියෙ ඉගෙන ගත්තා

ඉතින් අම්මයි අක්කයි වගේ ඔබත් ටවර්හෝල් නාට්‍යවල රඟපෑවද!

මම සුජාතාට තවමත් ටවර් ශාලාව තුළම රඳවා තබාගනිමින් ඇසුවෙමි.

ඔව්, මං ටවර් හෝල් නාට්‍යයක රඟපානකොට මගේ වයස අවුරුදු නමයයි.
‘මතකද ඒ නාට්‍යයෙ නම?

විදුර නාඩගම, මම කළේ ඒකෙ ළමා චරිතයක්.
වයස අවුරුදු නමයේදී නාට්‍යයක රඟපෑ පුංචි සුජාතා ඊට වසර දෙකකට පසුව ගීතයක් ගායනා කරමින් ගායිකාවක බවටද පත් වූවාය. ඇය මුලින්ම ගැයූ ගීතය සාධු දන්ත දා නම් වූ බොදු බැති ගීතයකි.
 

”ඒ ගීතය ගුවන් විදුලි තැටියකටත් නැගුණා. තැටිගත වුණු මගේ පළමුවැනි ගීතය ඒක”

මේ ගීතය ඇසූ චිත‍්‍රපට නිෂ්පාදකවරු සුජාතාගේ කටහඬෙහි අපූර්වත්වය දැනිණි.

ඔවුහු සුජාතා ලවා චිත‍්‍රපටවලට පසුබිම් ගීත ගායනා කරවා ගත්හ.

මම මුලින්ම ගීත ගයපු චිත‍්‍රපටිය සොහොයුරෝ. සුරතල් මගේ පොඩි මුව පැටියා කියන ගීතය. මේ ගීතයට රඟපෑවේ ලීනා ද සිල්වා.
පුංචි සුජාතා ඒ අයුරින් ඇරඹූ කලා ගමනේ ඉදිරිය බොහෝ අලංකාර විය. ඇය කථක් වැනි ශාස්ත‍්‍රීය නැටුම් සම්ප‍්‍රදායක්ද උගත්තාය. නර්තනය, ගායනය, වාදනය, යන සෑම අංගයක්ම සුජාතාට අතැඹුලක් වැනිය. සිංහල, හින්දි දෙමළ මෙන්ම බෙංගාලි ගී ද  ඕනෑම එකක් නිවැරැදි ශ‍්‍රැතියට ගැයීමේ දුර්ලභ හැකියාව මේ ශිල්පිනිය සතුය. ඇය ඉදිරිපත් කළ ඇසි මිහිර ප‍්‍රසංගත් ඉන්දියාවේ නාග්පූර් නුවර දී ඉදිරිපත් කළ සුජාතා ස්වර සංගීත් ප‍්‍රසංගවලදීත් ඇය විවිධ භාෂාවලින් ගී ගැයුවාය. මේ මොන බසකින් ගැයුවත් ඒ ගී වෙන කාගේවත් ගී නොවීමද විශේෂත්වයකි.

මේ තරම් හපන්කම් කළ සුජාතා අත්තනායක වෘත්තියෙන් අධ්‍යාපනයට සම්බන්ධය. ඇය අධ්‍යාපන අධ්‍යක්ෂිකාවක ලෙස මහඟු සේවයක් සංගීතය වෙනුවෙන් ඉටුකර තිබේ.

”ඔය කාලෙ මට තේරුණා පැරැණි නූර්ති ගී කිසිවක් නිවැරදි නැති බව. හුඟාක් දුර්ලභ නූර්ති ගීත් තිබුණා. මේවා වැළලී යාමට ළංවෙලයි තිබුණෙ. ඒ නිසා මේවා සංරක්ෂණය කිරීමේ වැදගත්කම මට තේරුණා. මම අසූගණන්වල අම්මත් එක්ක එකතුවෙලා මේ නූර්ති ගී  පිටපත් කරන්න පටන් ගත්තා. අම්මා ළඟට ගිහින් සර්පිනාවෙන් මේ නූර්ති ගී වාදනය කළා. අම්මා ඒවා ගායනා කළා. මම අදාළ ස්වර ලියාගෙන ස්වර ප‍්‍රස්තාර හැදුවා. ඔය විදිහට එක්රැස් කළ ගීත දෙසීයක් විතරම තියෙනවා. එයින් කොටසක් තමයි මේ විදියට පොතක් බවට පත් කෙරුණේ.” 

අසූ ගණන්වල ආරම්භ කළ කටයුත්තක් අවසන් කිරීමට මේ තරම් කාලයක් ගත වූයේ කෙසේදැයි මට ප‍්‍රශ්නයකි.
”මගේ අම්මා 1993 දී නැතිවුණා. ඔය අතරෙ අපි අවුරුදු විස්සක් විතරම හිටියෙ ඇමරිකාවෙ. මේ වෙද්දි හැම දෙයක්ම එපා වෙලා මං හිටියෙ. හේතුව වුණේ මගේ පුතාගෙ වියෝගය. මේනිසයි මේ පොත එළියට ඒම මේ තරම් ප‍්‍රමාද වුණේ.

කෙසේ හෝ වේවා සුජාතාගේ නූර්ති ගී පොත ඉකුත් ජනවාරි 28 වැනිදා ටවර්හෝල් පදනමේදී දොරට වැඩියේය. ටවර් හෝල් රඟහල පදනමේ සභාපති ප‍්‍රමුඛ කලාකරුවන් ඉදිරිපිට කෙරුණු මේ උළෙලේදී නූර්ති ගී ප‍්‍රසංගයක්ද පැවැත්විණි.

මේ ප‍්‍රසංගයේදී නූර්ති ගී ගායනා කළේ මගේ පවුලෙ අය. නංගි රංජනී, මල්ලි සුසිල්, හේලි අත්තනායක, සංදේශ් තිසෙත් ඉන්දික කියන මගේ මුණුබුරු බිරියන්. ඒ වගේම අනෝජා වීරසිංහයි ජගත් වික‍්‍රමසිංහයි එදා නූර්ති ගී ගායනා කළා.”

සුජාතා අත්තනායක මට එසේ කියා ගිටාරය වයන්නට පටන් ගත්තාය. තාමත් ඇගේ සංගීත වාදන අතිශයින් මිහිරිය.
”මම මගේ ප‍්‍රසංගවලදීත් සිතාරයත් පියානෝවත් වාදනය කරනවා.” ඇය කීවාය.

ඇගේ අතැඟිලි තුඩුවලින් පිරිමැදෙන සිතාරයේ තත් අතරින් මතු වූ මියුරු හඬ හැරදා නික්ම යන්නට අපහසු තරම්ය. එහෙත් යා යුතුය.

 

 

සටහන - ශාන්ත කුමාර විතාන 

ඡායාරූප හා ඡායාරූප පිටපත් කිරීම - පුෂ්පා වීරසේකර 

 

සුජාතා අම්මා සමග....

 

සුජාතා ප්ලෝරිදේවි සහ ලලිත්.

 

 



අදහස් (0)

සුජාතා අත්තනායක නූර්ති ගීයට පෙම්බඳී

මංජු Monday, 25 March 2013 11:17 PM

ඔබට නිරෝගී සුව ලැබේවා (දී)

:       0       0

ජීවා Friday, 15 March 2013 04:10 PM

ඔබතුමිය වගේ විශිෂ්ඨ කලාකාරිනියෝ අද ලංකවේ ඇත්තෙම නැති තරම්. ඔබට දීර්ඝායුෂ. (ස)

:       0       0

ප්‍රියා Wednesday, 20 March 2013 10:15 AM

ඔබ තුමියට සුබ පැතුම් (දී)

:       0       0

ඉමේෂ් Friday, 15 March 2013 04:28 PM

මෙය ලංකාදීප පුවත්පතට, ඔබට ස්තූතිවන්ත වෙනවා මේ වගේ ලිපියක් පලකරපු එකට. පුළුවන්නම් එතුමියගේ ජීවිත කතාව පලකරන්න. (ස)

:       0       0

ටෝනි Friday, 05 April 2013 01:40 PM

ආදරණීය මාතාවකි ඔබ. (නි)

:       0       0

අනුරාධා Saturday, 16 March 2013 06:24 PM

ඔබ තුමියට ධිර්ගායු වෙවා (දී)

:       0       0

Dinesh Friday, 15 March 2013 05:04 PM

අද ඉන්න ගායිකාවෝ ගොඩක් යැපෙන්නේ ඔබේ ගීතවලින් එය ඔබට ලොකු පිනක්. (ස)

:       0       0

සිංහ Friday, 15 March 2013 05:01 PM

ඔබ රට වෙනුවෙන් දිවි දුන් වීර හෙළ දරුවෙකුගේ මවකි. ඔබට දීර්ඝායුෂ (ස)

:       0       0

ෆොන්සේකා Thursday, 28 March 2013 10:49 AM

සන්තෝසයි ඔබෙන් කළා ක්ෂේත්‍රයට වෙන සවයට තුති (දී)

:       0       0

ගාමිණි Thursday, 28 March 2013 10:53 AM

අත්තනායක මැතිනියගේ ගීත වලට අපි තවම ආසයි (දී)

:       0       0

ප්‍රභාත් Friday, 22 March 2013 10:45 PM

මගේ සිගිති පුතාගෙත් දුවගෙත් ප්‍රියතම ගීතය පුතුනේ මේ අහගන්න ගීතයයි. ඔවුන් දෙදෙනා නිදි කරවා ගැනීමට මගේ බිරිඳ ගායනා කළේ ඔබගේ එම ගීතයයි. ඔබට සදා ජය ! දීර්ඝායු වේවා. මෑණියනි. (ස)

:       0       0

පෙරේරා Sunday, 17 March 2013 08:20 AM

සුභපැතුම් ඔබට (දී)

:       0       0

හර්ෂ Thursday, 28 March 2013 05:35 PM

සිංහල ජාතියට අවංකව මෙහෙයක් කලා අතලොස්සක් දෙනාගෙන් ඔබට දීර්ඝායුෂ.(නදී)

:       0       0

නන්ද Sunday, 24 March 2013 11:35 PM

ඔබ තුමිය 1975 වර්ෂයේ කැළණිය විද්‍යාලංකාර සරසවියෙදි පවත්වන ලද සමාස තද්දිත ප්‍රසංගය මට කිසිදිනක අමතක වෙන්නේ නැහැ. ඔබ තුමියගේ ගීත එකක් අනෙකට දෙවැනි නැහැ. ඔය කට හඩ පෙර පිනතට ලැබුන එකක්. සුජාතා අත්තනායක කියන්නේ අපේ රටේ උරුමයක්. ඔබට තෙරුවන් සරණ බලයෙන් දීර්ඝායුෂ ලැබේවා.(නදී)

:       0       0

රවිදු Tuesday, 19 March 2013 12:08 PM

සුභ පැතුම් ඔබට (දී)

:       0       0

කුමාර Tuesday, 19 March 2013 04:58 PM

මගෙන් සුභ පැතුම් (දී)

:       0       0

ප්‍රේමරත්න Friday, 15 March 2013 11:09 AM

සමහර අය එතුමියගේ හඩට සමානව සිංදු කියන්නත් යනවා. හැබැයි කාටවත් එහෙම සමාන වෙන්න බැහැ. (නි)

:       0       0

හිමාෂි Tuesday, 26 March 2013 08:11 AM

ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

සුදත් Saturday, 16 March 2013 08:40 PM

මගෙ අක්ක පුංචි කාලෙ ඔබතුමියගේ "පුතුනේ මේ අහගන්න" ගීතය ආසාවෙන් ගායනා කලා. ඒ සිංදුවෙ සැඟවෙලා තිබුණ ශෝකය මුසු සංවේදී බව මට තවමත් මතකයි. (අ)

:       0       0

පනාගොඩ Monday, 18 March 2013 05:35 PM

උතුම් කාන්තාවක්! (නි)

:       0       0

මනෝජ් Friday, 22 March 2013 10:31 AM

ඔබේ දෙමාපිටන්ට පින් ඔබ ව‍ගේ කෙනෙක් රටට දායාද කලාට (ස)

:       0       0

අනිල් Friday, 15 March 2013 11:20 AM

ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

රුවනි Sunday, 24 March 2013 03:40 PM

ඔබ ගීත ලොවේ සදාචාරාත්මකම චරිතයකි. (නි)

:       0       0

රුක්ෂලා Friday, 15 March 2013 07:50 PM

ඔබතුමියගේ ගීතවලට මම ගොඩක් කැමතියි. ඔබට දීර්ඝායුෂ ලැබේවා. ! (ස)

:       0       0

කාෂ්යප Monday, 25 March 2013 02:24 AM

මුළු ජීවිත කාලයක් මම ඔබේ ගීත රසවිදිනවා. ඔබට බොහොම පින්. එම සුන්දර ලෝකය මට ලගා කර දුන්නට.(නදී)

:       0       0

සේනානායක Monday, 18 March 2013 12:07 AM

ඔබගේ රිදී සීනු හඩට අපි තවමත් ආදරෙයි. (නි)

:       0       1

සුදත් Thursday, 21 March 2013 04:11 AM

'සුදෝ මම ආදරෙයි' කියලා තුන්කොන් පෙමක් ගැන සුජාතා අත්තනායක මහත්මිය ගයන මියුරු ගීයට මම හරි ආසයි. (නි)

:       0       0

අප්පු Wednesday, 20 March 2013 06:04 AM

ඔබගේ ගීත සියල්ලම අපේ ජාතියේ උරුමයකි. (නි)

:       0       0

ප්‍රියන්ති Wednesday, 20 March 2013 06:03 PM

මගේ තවමත් ආසාම ගායිකාව (දී)

:       0       0

ප්‍රියන්ත කඩවත Friday, 15 March 2013 08:36 PM

මම මෙතුමියගේ මීදුම් වළාවන් ගලලා යන ගීතයට හරිම ආසයි. (ස)

:       0       0

බර්නාඩ් Saturday, 01 June 2013 05:33 PM

සුජාතා අක්කේ, ඔබ ලතා අක්කා, ඇන්ජලින් අක්කා අපේ රටේ දුර්ලබ සම්පත්. දැන් ඉන්න හොරු ඔබලාගේ දේපල ප්‍රසිද්ධියේ හොරකන් කරනවා. නව පරපුරේ රසිකයෝ ඒවාට අනුබල දෙනවා (නි)

:       0       0

සමන් Tuesday, 19 March 2013 12:58 PM

ගීතයට ඔබ කල මෙහෙවර අපමණයි (දී)

:       0       0

ප්‍රදීපා Friday, 15 March 2013 12:21 PM

ඔබතුමියගේ "පුතුනේ මේ අහගන්න" ගීතයට මම අදටත් ආසයි. මගේ අම්මා මාව නිදි කරවලා තියෙන්නේ ඒ ගීතය කියලා. අද මගේ දුවටත් නිදාගන්න මම ඒ ගීතය කියන්න ඕනෑ. ඔබට දීර්ඝායුෂ. (නි)

:       0       0

කසුන් Saturday, 23 March 2013 04:18 AM

මම කැමති ඔබේ ගී වලට (දී)

:       0       0

ලහිරු Tuesday, 26 March 2013 06:10 PM

ඔබ වැනි ශ්‍රේෂ්ඨ ගායිකාවන් දැන් බිහිනොවන්නේ ඇයි දැයි යන්න මට ඇති ගැටළුවකි. (නි)

:       0       0

ලියනගේ Friday, 15 March 2013 01:31 PM

ඔබට දීර්ඝායුෂ ලැබේවා. ! (ස)

:       0       0

සඳුනි Friday, 15 March 2013 09:50 PM

ඔබේ පුතා දැය වෙනුවෙන් දිවිදුන් රණ විරුවෙක්. (ස)

:       0       0

ලාල් Sunday, 17 March 2013 12:14 PM

සිංහල ගීතයට ඔබ කල මෙහෙය අපමණයි (දී)

:       0       0

කමල් Monday, 25 March 2013 02:51 PM

ලංකාවේ බිහිවූ විශිෂ්ට කාලා කාරිනියක් (දී)

:       0       0

සුජිත් Thursday, 28 March 2013 04:33 AM

මැතිණියනි, ඔබට දීර්ඝායුෂ! (නි)

:       0       0

අනුර Friday, 15 March 2013 02:07 PM

ඔබ තුමිය අපේ සංගීත කලාවේ මිනි පහනක් චිරාත් කාලයක් වැජඹේවා. (ස)

:       0       0

පිටිගල මිලානෝ Friday, 15 March 2013 02:12 PM

ඔබ උතුම් ආදර්ශමත් කෙනෙක්ව අනුගමනය කරලා හරි ජීවන රටාවක් ඇති හෙළ කතකි. (ස)

:       0       0

හේමන්ත Saturday, 23 March 2013 05:41 PM

ඔබ වැනි පරමාදරශී චරිත ගැන ඇසීමට පවා අපි කැමතියි. (නි)

:       0       0

බිනෝෂා Tuesday, 19 March 2013 08:30 PM

මට ඔබ ගැන ආඩම්බරයි. (නි)

:       0       0

අකිල Saturday, 16 March 2013 04:49 PM

ඔබට අපි ආදරයි (දී)

:       0       0

අසෝක රාජපක්ස Thursday, 04 April 2013 09:12 AM

කිසිම දේශපාලන වැඩ වලට නොගියපු සුජාත අක්කට මගගේ ප්‍රණාමය! (ස)

:       0       0

ජයශාන්ත Monday, 25 March 2013 09:28 PM

අද හවසට මා හමු වෙනු මැනවී ගීතය මා තරුණ කාලයට ගෙනගොස් ලයනල් වෙන්ටඩ් රගහලට රැගෙන යනවා.(නදී)

:       0       0

මිලින්ද Sunday, 17 March 2013 01:11 AM

මම ඔබතුමියට,මම ඔබතුමිගේ ගීත වලට කවදත් ආසයි (දී)

:       0       0

කුරුවිට Friday, 15 March 2013 02:53 PM

ඔබතුමියගේ රුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා මේ සිංදු ඇහෙනකොට පුදුම ආශාවක් දැනෙනවා. (ස)

:       0       0

ගලබඩ Sunday, 17 March 2013 01:43 AM

ගීයෙන් ලොව නැළැවූ සුජාතාවනි, ඔබට දීර්ඝායු! (නි)

:       0       0

පාලිත Thursday, 21 March 2013 09:28 AM

අපි කැමති ඔබේ ගීත වලට (දී)

:       0       0

රවි Sunday, 31 March 2013 09:37 PM

විශිෂ්ටයි (අ)

:       0       0

දයාවංශ Monday, 25 March 2013 04:03 PM

මා හිතන්නෙ සුජාතා බරණැස සුජාතාවන් ලෙසින්ම දානශීලි වු ලක් දියණියක් බවයි. යුද්දය උග්‍ර ව තිබු මොහොතක උතුරට ගොස්,හමුදා පිරිස් ගීතයෙන් සතුටට පත් කරන්න තරම් නිහතමානි වු අතර දැය,ජාතිය වෙනුවෙන් තම පුතෙකු පරිත්‍යාග කල එකම ගායන ලොව එඩිතර මව ඇය වුවාය. චිරත් කාලයක් වැජඹේවා !! (ස)

:       0       0

සුනිල් Saturday, 23 March 2013 10:40 AM

ඔබේ හඩ ඉදිරියටත් අහන්න අපිට අවශ්‍යයි. ඔබතුමියට දිර්ඝායු වේවා !! තෙරුවන් සරණයි (ස)

:       0       0

ෂවීන් Thursday, 14 March 2013 03:29 PM

සුජාති අත්තනායක කියන්නේ ලංකාවේ ඉන්න උතුම් කාන්තාවක් (අ)

:       0       0

සාරංග Tuesday, 19 March 2013 03:05 PM

ඔබ තුමියට සුභ පැතුම් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1018 1

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 142 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 138 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 426 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 1094 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 2154 4

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38766 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25467 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 996 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site