වවුනියාව සෙට්ටිකුලමේ සරණාගත කඳවුර වසර තුනකට පමණ පසුව අද වසා දැමිණි. එහි රැඳී සිටි පවුල් 360ක 1186 දෙනාගෙන් පවුල් 110ක් මුලතිවු හි බණ්ඩුවිල් මුල් ගමටද, ඉතිරි පවුල් මුලතිවුහි තවත් පෙදෙසකට ද රැගෙන යනු ලැබූහ. කඳවුරු බාර මේජර් ජනරාල් බොනිපස් පෙරේරා පැවැසුයේ එම පවුල් 150 ඔවුන්ගේ මුල්ගම්වලට රැගෙන යාමට නොහැකි වූවත් මුලතිවුහි විකල්ප ඉඩම්වල පදිංචි කරවන බවයි. මුල්ගම්වලට හැර අන් තැනකට යෑමට ඔවුහු අකමැත්ත පළ කළහ. කඳවුරෙන් සමුගැනීම දුක හා සතුට මුසු අවස්ථාවක් විය. හමුදාව පැවැසුයේ ඔවුන් යළි පදිංචිකැරවීමේ දී සියලු පහසුකම් සලසන බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුමන් පිරිසිදුය මල් මෙන් සුවද රැදී දෙවියන් ඔවුන් ගැවෙසන හැම තැනම හිදී (ස)
අනේ හොදයි (දී)
හත්දෙයියනේ...දැන් අනිත් අයට තවත් සටන් පාඨයක් අඩුවෙනවානේ...(ස)
අසරණ මිනිස්සු (ස)
බොහොම සන්තෝෂයි , මින් ඉදිරියට ලංකාවේ අනාත කඳවුරු බිහිනොවේවා (ස)
දාමුකෝ පාලුව යන්නත් එක්ක අර දෙන්නව(ස)
අර පින්තූරේ ඉන්න අම්මයි දුවයි මතක් වුනාම මට මාවම මතක් වුනා.(නදී)
පාලුව යන්න අහවල් පැත්තේ අය ගෙනත් දාමුද? (නි)
හැකි ඉක්මණින් මෙවැනි කදවුරු ඉවත් කළ යුතුයි. (නි)
ගොඩක් සතූටූයි. ඒ අහිංසකයින්ට අවශ්‍ය සෑම දෙයක්ම ලබා දෙන්න. සූභ පතනවා! (නි)