ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවය ජූනි පළමුවැනිදා සිට සණස මීඩියා නෙට්වර්ක් ආයතනයට බදු දී ඇත.
වසරක ගිවිසුමේ මාසික බද්ද රුපියල් ලක්ෂ 15කි.
සංස්ථා සභාපති හඩ්සන් සමරසිංහ හා සණස ව්‍යාපාර සමූහයේ සභාපති ආචාර්ය පී ඒ කිරිවන්දෙනිය මහත්වරු ගිවිසුමට අත්සන් කළහ.
රුහුණු සේවය ආරම්භ වූයේ 1980 දීය.
1987 භීෂණ සමයේ ඊට ගිනි තැබිණි.
1993දී යළි එහි වැඩ ඇරැඹිණි.
රුහුණු සේවය 33 වැනි සංවත්සරය ද පසුගිය දා සැමරීය.
රවීන්ද්‍ර දෙවැනිගොඩ මහතා සණස මීඩියා නෙට්වර්ක් ප්‍රධානීයාය. ජූනි පළමුවැනිදා සිට රුහුණු සේවයේ ප්‍රධානියා වන උදාර නවරත්න මහතා පවසනුයේ ප්‍රජා සන්නිවේදනය සඳහා ගමට යෑම අරමුණ බවයි.
ජනමාධ්‍ය ආචාර ධර්ම පිළිපදිමින් රුහුණු සේවය අංක එකේ ප්‍රජා ගුවන් විදුලි නාළිකාව කරන බව ද ඔහු කියයි.
දැනට උදේ 5.30 සිට රාත්‍රී 7.30 දක්වා ගුවන්කාලය ජූනි පළමු වැනිදා සිට රාත්‍රී 10 දක්වා දීර්ඝ කෙරේ.
දෙනියායෙන් 107.3 ඔස්සේ ද, හපුතලෙන් 107.5 ඔස්සේද විකාශය කෙරේන රුහුණු ගුවන් සේවාව මාතර, ගාල්ල, හම්බන්තොට, ඇඹිලිපිටිය, රත්නපුර, බදුල්ල, නුවරඑළිය, මොනරාගල ආදී දිස්ත්‍රික්කවල ලක්ෂ 20ක පමණ ජනගහනයක් ආවරණය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හඩ්සන් සමරසිංහ මහත්තයට එයාගෙ යාලුවො ආදරයට කියන්නෙ හඩ්ඩා කියලා.(නදී)
නියමයි (නි)
කව්ද ඕක අහන්නේ? උදේට ඕකේ නිවේදකයා කියවන ඒවා ඇහුවම මගේ බඩත් මොකක්ද වෙනවා (නි)
රුහුණු සේවය , අනිත් සේවා වලට වඩා හොද සේවයක් , ජය වේවා! (නි)
එහෙම කියන්න එපා වරුණ. ඉස්සර ඔය එක එක මීඩියා නැති කාලේ මිනිස්සු සවන් දුන්නේ ඔය රුහුණු සේවය වෙළද සේවය වගේ ඒවාට නේද? දැන් ඒවාට ගරහන්න එපා. අපි ඒවා අගය කරමු (නි)
ඔන්න ඒක එහෙම නැතිකරන්න නම් එපා හොදේ (නි)
මම කියන්නේ විජේසිංහ , ලෝක කුසලානේ විකාශන අයිතිය දුන්නේ නැහැ කියලා කියපු කතා මතක්කරලා බලන්න කියලා (නි)
මිනිසුනේ ඇස් කන් ඇර බලන්න, අහන්න. තවමත් ගුවන් විදුලියේ සේවාවන් තමයි මිනිස්සුන්ගෙ මොළ වලට පන දෙන්නේ. (නි)
හඩිසන් මහතා ඕකෙන් අයින් වෙන එකනම් හොඳයි.(නදී)
හඩිසන් මහත්තයා ගියපු තැනක් ඇත්නම් ඉවරයි.(නදී)
ලංකාවේ හොදම රෙදි සේදීමේ ආයතනය සහ ලංකාවේ හොදම රෙදි සෝදන්නා.ජය වේවා!(නදී)