ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගයෙන් හිටපු යුද හමුදාපති සඳුදා නිදහස් කරන බව වැඩබලන ජන මාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මින් මද වේලාවකට පෙර මාතරදී ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාර එම නිදහස ලබා දෙන බවද, ජනපති පසුගිය 18 වැනිදා අදාළ ලිපියට අත්සන් කළ නමුත් සති අන්තයේ උසාවි නිවාඩු හෙයින් ද, ෆොන්සේකාගේ නීතීඥයන් සාකච්ඡා කර කරුණු කිහිපයක් නිරාකරණය කර ගැනීමට තිබූ හෙයින් ද ඔහු නිදහස් කිරීම සඳුදා පමා වන බව ද ඇමැති කීවේය. ලියැවිල්ලක් කියවූ ඇමැතිවරයා වාර්තාකරුවන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ නැත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටහරි බයවුණාවත්ද.............
අපි ඔබ සමඟයි ........
සරත් ෆොන්සේකා රට කොටින්ගෙන් මුදා ගන්න දායකත්වය දුන් රණවිරුවෙකි. රටේ හැම පුරවැසියෙක්ම ඔහුට ගරු කරයි .... UNP සහ JVP එක සිතන්නේ සරත් ෆොන්සේකා ඔවුන්ගේ නායකයා කියාය ඒත් ..ජනතාව සිතන්නේ හැමදාම අපේ නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා කියාය
වීරවරයාණෙනි ඔබට ජයෙන් ජය....
යන එන මඟක් නැතිව හිටි.......................?
පුවක් ගහෙත් දෙබලක්...
මේ සැරේ ගණන් යන්නේ පෙට්‍ට්‍රල්ද? කිරි පිටිද ? පානි පිටිද ???
හිරේට දාද්දි එහෙමයි......එවද්දි මෙහෙමයි....
අලිබබා මෙවර දක්වා ඇති අදහස ගැනත් සැලකිලිමත් වෙන එක ඉතා වැදගත්.මේක හරිකට නාට්‍යයක් වගේ ඉතාම සංවිධානාත්මකව,අති සූක්ෂමව. පිටට තාත්විකබව පේන්න කරපු සංවිධානාත්මක නාට්‍යයක්.එකේ විවිධ නළුවෝ ඉන්නවා.නමුත් මේ නාට්‍ය බලපු සමහරු රැවටුනා. සමහරු ඇත්ත දැනගෙනත් එළිපිට කතා කරන්න බය නිසා බොරුවට ඒ නාට්‍යයට පක්ෂපාතී බව මතුපිටින් එදා පළ කලා.කොහොම වුනත් මේ නාට්‍යය තවම ඉවරවුනේ නෑ. වැඩිය දෙයක් ඕන නැහැ සාමාන්‍ය පවුලක වුනත් පිරිමි වැඩි නම් ඒ පවුලේ අයට ඒ පලාතේ අනික් අයට වඩා ඉහළින් වැජඹෙන්න පුළුවන්.කවුරුන්වත් එයාලාට පාට් එක දාන්න යන්නේ නැහැ.එයාලා අනික් අයට පාට් එක දාගෙන ඉන්නවා මිසක්. මේක අන්න ඒ වගේ තත්වයක්.ඒ නිසා දැන කළ යුතු හොඳම දේ අතිගරු ජනාධිපතිතුමාට වැඳලා හරි කමක් නැහැ එතුමාව නිදහස් කරගන්න එක මේ මොහොතේ හැටියට අපිට වටිනවා.ඒ නිසා අනවශ්‍ය කුපිතවීම් සිදුනොකර කල්පනාකාරීව හැසිරීම මේ අවස්ථාවේ වැදගත්.ඒ කොහොම වුනත් තමන්ගේ ප්‍රබලම ප්‍රතිවාදියාව මේ විදිහට නිදහස් කරන්න මේ මොහොතේ වුනත් ඔබතුමා ඉදිරිපත්වීම ඔබතුමාගේ සංවේදී මනුෂ්‍යත්වය පිරි හදවතේ සලකුණක් ලෙස මම අවංකව විශ්වාස කරනවා.අතිගරු ජනාධිපතිතුමනි,ඔබතුමාගේ අවංක හදවතට මගේ අවංක හෘදයාංගම ආශිර්වාදය පළ කරමි.තෙරුවන් සරණයි..!!!
මෙතන ජනපතිට ස්තූති කරන්න තරම් දෙයක් නෑ
ඔබ වෙනුවෙනි අප.... හදවතින් සදාකල්........................
ඔබ වෙනුවෙනි අපි සදා....
ධර්මානූකූලව සිතුවොත් ලදදෙයින් සතුටු නොවීමත්,සියලු දුක්වලට හේතුවක් අසතොත් නිවරද මුනිඳු තෙපුල්මය-හරිතොත් නොතබා දස අකුසල්මය රකිතොත් සිත පිරිසිදු කොට සිල්මය-දනිතොත් මෙසියල්ලට මෙ කල්මය"අසන්නේ නම් නිවැරදි වු බුදුන්ගේ ධර්මයමය ඉතුරු නොකට අත්හරින්නේ නම් දස අකුසල්මය.රකින්නේ නම් සිත පිරිසිදු කොට සිල්මය.දැන ගන්නේනම් මේ සියල්ල කිරීමට සුදුසු කාලය මෙයයි.(ලෝවැඩ සඟරාව)
මේ ගොල්ලෝ ඒකටත් නැකත් බලනවා.කෙසේ හෝ වේවා අයෙමත් මෙතුමා කට වරද්ද ගන්නේ නැතුව හිටියොත් හොදයි.
ජෙනරල් තුමා කල මහගු සේවය කලගුණ දන්නා මනුෂ්ශයෝ දනිති. දිට්ට ධම්ම වේදනී කර්මය අනුව උස් පහත් භේදයෙන් තොරව කර්මය ලැබේ. ජෙනරල් තුමා කලගුණ දන්නා නියම සිංහල පුත්ත්‍රයෙකි. ඔබට ත්‍රිවිද රත්නයේ රැකවරනයි෴
ඔය කියන වියවස්ථා කලින් පාවිච්චි නොකලේ ඇයි...
බාලගිරිදෝසය නොවේවා !!!
ගරුතර වීර වරයාණෙනි, නිරොගී සුවයෙන් කල් ගෙවන්න රාජ උදහසට ලක් වෙන්න එපා. ලක් ඉතිහාසයේ ඇහැලේපොල නිලමෙට වුණෙත් ඔය දේමයි
ඒකවත් සැලසුම් කරලා රණවිරු දිනයයට ෆොන්සේකා මහතාව නිදහස් කරන්න අපේ ආණ්ඩුවට බැහැ. නමුත් තීරණයට ගොඩක් ස්තුතියි.
ආණ්ඩුව හොඳටම බය වෙලා වගේ
ඔබට දීර්ඝායූෂ ලැබේවා
ආයෙ කන්න දීපු අත හපලා කයිද දන්නේ නෑ.
අතිගරු ජනාධිපතිතුමනි..අනේ ඉක්මනින්ම එතුමා නිදහස් කරන්න.. ඔබතුමාට ගොඩක් පින්
ඔබතුමා දේශපාලනයට එන්න එපා. ලංකාවෙ මිනිස්සු කැමති ඔබතුමාට හිටපු හමුදාපති විදියට රණවිරුවෙක් හැටියට සලකන්න පිලිගන්න.
මොනවා කියලා පිළිතුරු දෙන්නද?
ෆොන්සේකා මහත්යව නිදහස් කරනවාය කියල අපේ අය මොනවද කරන්නේ ෆොනසේකා මහත්තයව සිංහයෙක් කරල, කොටියෙක් කරල, සමහර අය වලහෙක් කරල, රතිංඤා පත්තුකරල, ඩෙගානටනවා. එතකොට කොහොමත් බලයේ ඉන්න ඇත්තන්ට ටිකක් ආයෙත් සැකයක් ඇතිවෙනවා. මොනවයින් මොනව වෙයිද කියල. මෙචිචර දුක් විදපු ඒමනුෂ්‍යයාට පාඩුවෙ නිදහස්වෙලා යන්න දෙන්නැතිව ආයෙත් එකතුවෙලා ඇතුලට දාන්නද දන්නෑ හදන්නේ. මේ අපේ සමහර ඇත්තන්ගේ මෝඩවැඩ නිසා. පාලකයන්ට අවශ්‍යය එයා හිරකරුවෙක් ලෙස නිදහස්වෙනවා දකින්නයි. එම නිසා කවුරු කවුරුත් මේ අවස්ථාවෙ ටිකක් නිහඩව ඉන්න එක හොදයි. කාගේ කාගේත් සතුට අවසානයේදී ඔහුටම දුකක්වන නිසා. මෙ මිනිසුන්ගේ කලබැගෑනිය නිසා දැන්තවටිකක් පුමාදවෙනවා. නායකයන් සිතුවොත් ඔහුව දිගටම ඇතුලේ තියන්නත් පුලුවන්. ඒ අයට නිදහස ලබාදෙන්නත් පුලුවන්. මන්දයත් නායකත්වයත් ඔවුන සතුයි. බලයත් ඔවුන්සතුයි.
වෙන මොනවා කියන්නද? කියන්න කිව්ව ටික කිව්වට පස්සේ මොනවත් අහන්න එපා. එතුමාත් රැකියාවක්නේ කරන්නේ.
විර වරයාණනි ඔබට සදා ජය
මට හිතෙන්නේ මණ්ඩලේ කචල්...
ඇහැළෙපොල කෙනෙක්ට නිදහස දෙන එකම සිංහල නායකය වෙන්න පුලුවන්.
ජෙනරාල් තුමා ඔබ අපේ වීරයා...සදා ජය
මේ වගේ අදහස් දරණ මිනිස්සු නිසා තමයි රණවිරුවන්ට නිසිතැන හා නිදහස නොලැබෙන්නේ....
අපේ ජනපති ඔබයි මැතිතුමණි
ගොඩක් හොඳ වැඩක්....