නකල්ස් කරගස්තැන්නේ පතන කැලේ අක්කර දහයක් ගිනි තබා වනසා ඇතැයි ලග්ගල අඩවි වන කාර්යාලයය කියයි. සතුන් දඩයමට මෙසේ කැලෑව ගිනි තබන්නට ඇතැයි කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන සංරක්ෂණ නිලධාරීන් නිදිද ? මේවා කරන අයට දඩුවම් දෙන්න බැරිද ? අර හෝර්ටන් තැන්නේ අවසන් පිටවීමේ දොරටුව ගාව ඉන්න පොලිතින් පරීක්ෂක නිලධාරියෝ වගේද දන්නේ නෑ මේ ගොල්ලෝ..(ස)
ගිනි තියපු අය අල්ලල ඒ අයටත් ගිනිතියන්න ඕන...(ස)
අපරාද කරන්නේ ඇයි දරුවනේ. (ස)
ඇයි දෙයියනේ මේ මිනිස්සු මෙච්චර පවටම බර....(ස)
ලංකාවේ ඔහොම තමයි.මම දන්නේ නෑ ඒ ඇයි කියන්න..(ස)
කරන කලට පව් මිහිරියි ගෙවන කලට .... ගෙවලාම බලන්නකෝ (දී)
කොහෙද අර සත්ව හිංසා ගැන කතාකරපු කට්ටිය? මෙතන මැරෙන්නේ සත්තු නෙවෙයිද? (නි)
ආගම සම්බන්ධ දෙයක් වුණා නම් මෙලහකට ශාක භක්ෂකයන්ගේ ප්‍රතිචාර 200ක් විතර දකින්න තිබුණා. (නි)
මහ එපා කරපුම සතා තමයි 'මනු සතා'. (නි)
අපේ රටේ වනාන්තරවල ඇතිවන සියළුම ගිනිගැනීම් නොමනා මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන දේවල්. එහෙත් කැළෑ ගිණි ඇතිවීමට ප්‍රධාන හේතුව ලෙස මාධ්‍ය වාර්තාවල නිතරම සඳහන් වන පරිදි සතුන් දඩයම් කිරීම සඳහාම කැළෑ ගිණි තබන අය මෙරට ඉතා අල්ප බව මාගේ වැටහීමයි. කැළෑ ගිණි තැබීමෙන් මතුපිටට පෙනෙන්නාවූ ආර්ථිකමය හානියට වඩා විශාල වූ පරිසර විනාශයක් සිදුවන බව වටහාගත යුතුය. දිවිගලවා ගැනීමට වාසනාවන්ත වූ ජීවීන් අතර, එම වාසනාව අහිමි වූ වන ජීවීන් සිය ගණනින් ගින්නට පිළිස්සී මියැදෙති. එසේම මහා වනස්පතීන් ද ගිණි රකුසාට බිළිවී විනාශ වී යයි. මෙවන් විනාශයන්හිදී වන සංරක්ෂණ නිළධාරීන් නිදා නොසිටින බව අවධාරනය කරමි. එසේම මෙවැනි අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කරන අවස්ථාද ඇත. එහෙත් ගින්නක් පැතිරෙන විට අපරාධකරුවෙකු එම ස්ථානයේ සොයා ගැනීමට නැත. විශාල පරිසර හා ජෛව සම්පත් විනාශයන් සිදුකරන කැළෑ ගිණිතබන්නන් අල්ලා ගැනීමට අදාල බලධාරීන් වෙත අවශ්‍ය සහාය ලබා දී අපගේ මිලකළ නොහැකි වටිනා ස්වභාවික සම්පත් රැකගැනීමට කටයුතු කිරීම රටට ආදරය කරන සෑම පුරවැසියෙකුගේම යුතුකමකි. (නි)
වතුර පොඩ්ඩක අගය දැණුනහම තමයි ගින්දර වල රස්නය තේරෙන්නේ. (නි)
මීට වැඩිය හොද නැද්ද තමන්ගේ අතින්ම තමන්ගේම බෙල්ල මිරිකා ගත්තානම්? (නි)
අනේ මන්දා! ලංකාවේ මිනිස්සුන්ගේ මොළේ? සත්තු මරන්න හොඳ නැහැ. හැබැයි ගිනි තියන්න පුළුවන්. (නි)
අපා ගතවන මිනිස්සු