ඓතිහාසික සිතුල්පව්ව පූජා භූමියට අයත් ආකාස චෛත්‍යයයේ ධාතු ගර්භය ද වීරකැටියේ පීල්ලවල පුරාණ ටැම්පිට විහාරයේ පිළිම වලට ද නිදන් හොරු හානිකැර ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ආකාස චෛත්‍යය යාල වනෝද්‍යානයේ පලටුපාන වැව ආසන්නයේ පිහිටා ඇත. එහි ධාතු ඝර්භයේ අඩි දෙකක් පමණ කාණුවක් හාරා තිබේ. පීල්ලවල විහාරයේ හඳි පිළිමයේ සිරස කඩා දමා තැන තැන හාරා ඇත. එහි තිබූ විෂ්ණු දෙවි පිළිමයකට ද සිරිපතුල් ගලකට හානිකළ නිදන්හොරු චෛත්‍යෙය් හතරැස් කොටුව ද හාරා තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් සහකාර අධ්‍යක්ෂිකා වසන්ති අලහකෝන් මහත්මිය කියා සිටියේ සිදුව ඇති හානිය විශාල බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවි හාමුදුරුවනේ...!! මෙහෙම ගියොත් අපේ දරුවන්ට ඉතිහාසෙ කියල අපේ උරුමය කියල අපි මොනවද පෙන්නන්නෙ, කෝටි ගානක් වන්දනාමාන කරන මේ වගේ උතුම් දේවල් වනසල යැපෙන අයට යාදිනවද දෙයියනේ...!!
මේ වගේ සිද්ධීන් වලට එරෙහිව අපේ බොදු බල සේනාවයි සිංහල රාවයයි ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ? (ස)
දේශපාලනික වශයෙන් අපේ රට ඉදිරියට හෝ පසුපසට ගියත් අපිට උරුම අපේ ඉතිහාසය තව ඉදිරියටත් ආරක්ෂා නොවන වග නම් සහතිකයි. බලධාරීනි, මුදල මතම නොයැපී හෙට දවස වෙනුවෙන් අපේ උරුමය රැකදෙන්න....!!
රටේ ලොකු ලොක්කෝ නිතරම මෙම පන්සලට යනවා එනවා නේද?
කෝ මේ ප්‍රධාන දායක මහත්තයා. මේවට ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ? (ස)
ඉතිහාසය මකා දමන්න ක්‍රියාත්මක වන අන්‍යආගමික බලවේග
මේ අපරාධෙ කරපු අයට විතරක් නෙවෙයි, එයාලගේ හත්මුතු පරම්පරාවටම හෙන හත වැදිලා අළු දූවිලි වෙලා යන්න ඕනේ.
ඉතිහාසය කන්නද කියල අහපු අයට මේවා බලන්න බැරි වුනානේ. (ස)
මහ උන් ඇදේට ගිහින් පොඩි උන්ට කෙලින් යන්න කිවිවට වැඩක් නෑ...
මටත් සැකයි මේ විදියට බුදු පිළිම කඩා දාන්නේ සංවිධානාත්මක ආගමික කණ්ඩායමක් ද කියලා. බොරුවට නිදන් ගන්න හාරනවා වගේ පෙන්නන්න බුදු පිළිම විනාශ කරලා බුද්ධාගමත් නැති කරන්න හදනවාද දන්නේ නැහැ. හරියට ඇෆ්ගනිස්ථානය වගේ. (ස)
මේක බුද්ධාගම වැනසීමේ උපායක්
මේ අපරාදේ කරපු අයට මරණීය දණ්ඩනය දීමට හැකි වන විදියේ නිති තිබිය යුතුයි.
ඉතිහාසය මකා දමන්න ක්‍රියාත්මක වන බළවේගයක් වැඩක්
අපේ ජනපතිතුමාටත් රටේ පාලකයා විදියට මෙය විශාල අපකීර්තියකි. මෙම ජාතියේ උරුම විනාශ කරන මේ ගහලයන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න
මෝඩ මිනිසුනේ! නැති ධනයක් සොයා ගොස් අමාරුවේ වැටෙන්නෙ මොකටද? නිධන් හාරනවුන් බුරුතු පිටින් අහු වන බව දැන දැනත් තොපට තන්හාව අත්හැරිය නොහැකිද? සදාචාර සම්පන්නව ගොවිතැනක් කර ගත්තා නම් වඩා අගනේ නොවේද?
ඔන්න වැල්ලවායෙ තියෙන යුදගනාවත් බැකෝ දාලා හාරනවා. යුදගනාව කියන්නෙ දුටුගැමුනු සද්දාතිස්ස යුද්දය වුන තැන. එතන තමයි ලෝකෙ ලොකුම දාගැබ හදන්න දුටුගැමුනු රජු සුදනම් වුනේ. එතන දුටුගැමුනුගෙ කඩුව තියෙයි කියලා හිතලද මන්දා ?
සුනෙත් ඒකට කැලණි පැත්තට නේ යන්න ඕන
මෙහෙම ගිහින් අරලිය ගහ මන්දිරේටත් පනියිද දන්නේ නැහැ
රජ්ජුරැවන්ටත් මොනවා වෙලාද මන්දන්නෙ නැහැ මේවගේ දේවල් පිළිම අස්සෙ හැංගන්නෙ.. ස්විස් බැංකුවකටවත් දාන්නෙ නැතිව..
නිදන් වස්තු තන්හාවෙන් ,බුදුපිළිම කඩනවා.බුදුගෙයි අගල් හාරනවා. පන්සල් කඩනවා. වයස බලන්නෙවත් නැතුව හිමිවරුන්ට හිරිහැර කරනවා, හිත් පිත් නැතිව මරා දමනවා. මේවායින්ද ? ආශ්චර්යට යන්න හදන්නේ. ?????????? ?????
බෞද්ධයන්ගෙම වැඩක් තමයි මේක.....
මේ බුදුන්ගේ දේශයයි. මේ ගෞතම බෟද්ධ රාජ්‍යයයි. (ස)
මේවා පිටිපස ලොකු බලවේග තියනව කියලයි හිතන්නේ ?
මේ අපරාධෙ කරපු අයට විතරක් නෙවෙයි, එයාලගේ හත් මුතු පරම්පරාවටම හෙන හත වැදිලා අළු දූවිලි වෙලා යන්න ඕනේ.
අනේ ඔතනට ලගදි අපු දෙසපාලක තුමා කව්ද ?.
මෝඩ මිනිස්සුන්ගෙ වැඩ. ඉක්මනට පෝසත් වෙන්න ගිහිල්ල අන්තිමට වෙන්නෙ හිරේ විල්ංගුවෙ වැටෙන්න. හැමදාම ප්‍රවෘතියක් බැලුවොත් කොහෙ හරි නිධන් හොරු ටිකක් අහුවෙලා. ඒවා දැකලා වත් මේගොල්ලොන්ට බය හිතෙන්නැද්ද මන්දා............
මේවා වගකිවයුත්තන්ගේ අනුදැනුම ඇතුව සිදුවෙන දේවල් .මෙවැනි සිදුවීම් සිය දහස් ගානක් වෙලත් තව තවත් සිදුවෙන්නේ නීතියේ ලිහිල් බාවය නිසයි
විස්නු දෙවියනේ ....ඔබවහන්සේ සත්තනම් මේවගේ කැත වැඩ කරන අයෙඅගේ හත්මුතු පරම්පරාවටම හෙනවදින්න ඕනේ .
මේ අපරාධෙ කරපු අයට විතරක් නෙවෙයි, එයාලගේ හත් මුතු පරම්පරාවටම හෙන හත වැදිලා අළු දූවිලි වෙලා යන්න ඕනේ.
ජාතියක් ජන්මයක් නැති තිරිසන් ගති ඇති පවුකාරයන්ගේ වැඩ. මේවට ඵල විපාක මේ භවයේදීම ලැබෙන්න ඕනේ. (ස)
මේවා පස්වලට යටවෙලා යනවා. ගත්තම තියෙන වැරැද්ද මොකක්ද ?
මේවා හාමුදුරුවරු සම්බන්ධ හොර වැඩ. අහිංසක මිනිස්සු මේවට අහු වෙන්න නම් එපා.
මේවා කරන්නේ අම්මා කෙනෙක්ගේ දරුවන් නම් වෙන්න බෑ. පිටසක්වලින් වැටුණ අය වද්ද දන්නේ නෑ
ලොකුම හොරුන්ට ඇප නොදී උපරිම දඩුවම් දෙන්න
මම දැනට අවුරුදු 25 කට ආසන්න කාලයක් පිටරට(යුරෝපයේ) ඉන්න කෙනෙකි. මෙම රටවල වටිනා වස්තු ආරක්ෂා කරන්න තද දඩුවම් හා නීති රීති දමලයි තියෙන්නේ. ඒ නිසා ආරක්ෂා විය යුතු වස්තු හොදින් ආරක්ෂා වී තිබෙනවා. අපේ රටේ ලස්සන තිබෙන්නේ මුහුදු වෙරළේ පමණක් නොවේ. ලංකාවේ තිබෙන පෞරාණික වස්තු නිසායි අපේ රටට විශේෂ තැනක් හිමිවන්නේ. එම නිසා දැන් වහාම ඒවා ආරක්ෂා කරන්න පියවර ගන්න. තවත් පරක්කු කරන්න එපා..ගරු ජනාධිපතිතුමනි. මෙම නිදන් හාරන අයට මරණ දඩුවම ඉතාම සුදුසුය. පෞරාණික ආගමික හා සංස්කෘතික ස්ථාන වලට අවශ්‍ය ආරක්ෂාව සලසන්න.ඒවා ආරක්ෂා කරන්න.
මේ හොරුන්ට හෙණ හතම ගහපන් දෙවියනේ!!!
බුදුන් වහන්සේ බුදු මුවින් දේශනා කළා කිරි දොවපු ගමන් මිදෙන්නේ නෑ, යම් කිසි වේලාවක් ඒ වෙනුවෙන් ගත වෙනවා, සමභර පව් කාරයින්ට ඒවා පල දෙන්නෙත් ඒ වගේ කියලා.ඒ නිසා මේ කරන අපරාධ වලට දඩුවම් ටිකක් පරක්කු වෙලා හරි අනිවර්යෙන්ම ලැබෙනවා.ඒක තමා සනාතන දහම. තාවකාලික සුවයකට කල්ප ගානක් නිරයේ දුක් විඳින විට තේරෙවී මේ අපරාධයේ බරපතලකම.