IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


සිතුල් පව්වටත් තව පන්සලකටත් නිදන් හොරු පනිති.

ඓතිහාසික සිතුල්පව්ව පූජා භූමියට අයත් ආකාස චෛත්‍යයයේ ධාතු ගර්භය ද වීරකැටියේ පීල්ලවල පුරාණ ටැම්පිට විහාරයේ පිළිම වලට ද නිදන් හොරු හානිකැර ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ආකාස චෛත්‍යය යාල වනෝද්‍යානයේ පලටුපාන වැව ආසන්නයේ පිහිටා ඇත. එහි ධාතු ඝර්භයේ අඩි දෙකක් පමණ කාණුවක් හාරා තිබේ. පීල්ලවල විහාරයේ හඳි පිළිමයේ සිරස කඩා දමා තැන තැන හාරා ඇත. එහි තිබූ විෂ්ණු දෙවි පිළිමයකට ද සිරිපතුල් ගලකට හානිකළ නිදන්හොරු චෛත්‍යෙය් හතරැස් කොටුව ද හාරා තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් සහකාර අධ්‍යක්ෂිකා වසන්ති අලහකෝන් මහත්මිය කියා සිටියේ සිදුව ඇති හානිය විශාල බවයි. පීල්ලවල විහාරයේ හිඳි පිළිමය කඩා දමා ඇති අයුරු කඩා දැමූ බුදු පිළිමයේ සිරස විෂ්ණු දෙවි ප්‍රතිමාවට හානිකැර ඇති ආකාරය හානිකර ඇති සිරිපතුල් ගල ආකාස චෛත්‍යයේ ධතු ගර්භයේ කාණුවක් කපා ඇති ආකාරය  ආකාස චෛත්‍යය පිහිටි ස්ථානය



අදහස් (0)

සිතුල් පව්වටත් තව පන්සලකටත් නිදන් හොරු පනිති.

ෂෙරීෆ් Sunday, 15 July 2012 09:22 PM

මේ බුදුන්ගේ දේශයයි. මේ ගෞතම බෟද්ධ රාජ්‍යයයි. (ස)

:       0       0

සිසිර Sunday, 15 July 2012 09:00 PM

මේවා පිටිපස ලොකු බලවේග තියනව කියලයි හිතන්නේ ?

:       0       0

චමිල ප්‍රනාන්දු Sunday, 15 July 2012 10:09 PM

මේ අපරාධෙ කරපු අයට විතරක් නෙවෙයි, එයාලගේ හත් මුතු පරම්පරාවටම හෙන හත වැදිලා අළු දූවිලි වෙලා යන්න ඕනේ.

:       0       0

දීපාල් Sunday, 15 July 2012 10:10 PM

අනේ ඔතනට ලගදි අපු දෙසපාලක තුමා කව්ද ?.

:       0       0

ප්‍රසන්න Sunday, 15 July 2012 11:23 PM

මෝඩ මිනිස්සුන්ගෙ වැඩ. ඉක්මනට පෝසත් වෙන්න ගිහිල්ල අන්තිමට වෙන්නෙ හිරේ විල්ංගුවෙ වැටෙන්න. හැමදාම ප්‍රවෘතියක් බැලුවොත් කොහෙ හරි නිධන් හොරු ටිකක් අහුවෙලා. ඒවා දැකලා වත් මේගොල්ලොන්ට බය හිතෙන්නැද්ද මන්දා............

:       0       0

ඒ වීරක්කොඩි Sunday, 15 July 2012 10:50 PM

මේවා වගකිවයුත්තන්ගේ අනුදැනුම ඇතුව සිදුවෙන දේවල් .මෙවැනි සිදුවීම් සිය දහස් ගානක් වෙලත් තව තවත් සිදුවෙන්නේ නීතියේ ලිහිල් බාවය නිසයි

:       0       0

සේනානායක Sunday, 15 July 2012 11:51 PM

විස්නු දෙවියනේ ....ඔබවහන්සේ සත්තනම් මේවගේ කැත වැඩ කරන අයෙඅගේ හත්මුතු පරම්පරාවටම හෙනවදින්න ඕනේ .

:       0       0

හෙළයා Sunday, 15 July 2012 11:24 PM

නිදන් වස්තු තන්හාවෙන් ,බුදුපිළිම කඩනවා.බුදුගෙයි අගල් හාරනවා. පන්සල් කඩනවා. වයස බලන්නෙවත් නැතුව හිමිවරුන්ට හිරිහැර කරනවා, හිත් පිත් නැතිව මරා දමනවා. මේවායින්ද ? ආශ්චර්යට යන්න හදන්නේ. ?????????? ?????

:       0       0

ක්‍රිෂාන්ත Monday, 16 July 2012 12:16 AM

ජාතියක් ජන්මයක් නැති තිරිසන් ගති ඇති පවුකාරයන්ගේ වැඩ. මේවට ඵල විපාක මේ භවයේදීම ලැබෙන්න ඕනේ. (ස)

:       0       0

කමලා Monday, 16 July 2012 12:17 AM

මේවා පස්වලට යටවෙලා යනවා. ගත්තම තියෙන වැරැද්ද මොකක්ද ?

:       0       0

මතුගම77 Monday, 16 July 2012 12:38 AM

මේවා හාමුදුරුවරු සම්බන්ධ හොර වැඩ. අහිංසක මිනිස්සු මේවට අහු වෙන්න නම් එපා.

:       0       0

රජිත් Monday, 16 July 2012 12:49 AM

මේවා කරන්නේ අම්මා කෙනෙක්ගේ දරුවන් නම් වෙන්න බෑ. පිටසක්වලින් වැටුණ අය වද්ද දන්නේ නෑ

:       0       0

මධු Monday, 16 July 2012 06:53 PM

මෙහෙම ගිහින් අරලිය ගහ මන්දිරේටත් පනියිද දන්නේ නැහැ

:       0       0

අමරා Monday, 16 July 2012 01:03 AM

ලොකුම හොරුන්ට ඇප නොදී උපරිම දඩුවම් දෙන්න

:       0       0

මාලා Monday, 16 July 2012 01:17 AM

මම දැනට අවුරුදු 25 කට ආසන්න කාලයක් පිටරට(යුරෝපයේ) ඉන්න කෙනෙකි. මෙම රටවල වටිනා වස්තු ආරක්ෂා කරන්න තද දඩුවම් හා නීති රීති දමලයි තියෙන්නේ. ඒ නිසා ආරක්ෂා විය යුතු වස්තු හොදින් ආරක්ෂා වී තිබෙනවා. අපේ රටේ ලස්සන තිබෙන්නේ මුහුදු වෙරළේ පමණක් නොවේ. ලංකාවේ තිබෙන පෞරාණික වස්තු නිසායි අපේ රටට විශේෂ තැනක් හිමිවන්නේ. එම නිසා දැන් වහාම ඒවා ආරක්ෂා කරන්න පියවර ගන්න. තවත් පරක්කු කරන්න එපා..ගරු ජනාධිපතිතුමනි. මෙම නිදන් හාරන අය‍ට මරණ දඩුවම ඉතාම සුදුසුය. පෞරාණික ආගමික හා සංස්කෘතික ස්ථාන වලට අවශ්‍ය ආරක්ෂාව සලසන්න.ඒවා ආරක්ෂා කරන්න.

:       0       0

ලංකා Monday, 16 July 2012 01:50 AM

මේ හොරුන්ට හෙණ හතම ගහපන් දෙවියනේ!!!

:       0       0

ජයන්ත Monday, 16 July 2012 02:04 AM

බුදුන් වහන්සේ බුදු මුවින් දේශනා කළා කිරි දොවපු ගමන් මිදෙන්නේ නෑ, යම් කිසි වේලාවක් ඒ වෙනුවෙන් ගත වෙනවා, සමභර පව් කාරයින්ට ඒවා පල දෙන්නෙත් ඒ වගේ කියලා.ඒ නිසා මේ කරන අපරාධ වලට දඩුවම් ටිකක් පරක්කු වෙලා හරි අනිවර්යෙන්ම ලැබෙනවා.ඒක තමා සනාතන දහම. තාවකාලික සුවයකට කල්ප ගානක් නිරයේ දුක් විඳින විට තේරෙවී මේ අපරාධයේ බරපතලකම.

:       0       0

සිරිනාත් Monday, 16 July 2012 02:50 AM

මේක බුද්ධාගම වැනසීමේ උපායක්

:       0       0

නාමල් Monday, 16 July 2012 04:27 AM

මේ වගේ සිද්ධීන් වලට එරෙහිව අපේ බොදු බල සේනාවයි සිංහල රාවයයි ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ? (ස)

:       0       0

මධුක... Monday, 16 July 2012 05:54 AM

දේශපාලනික වශයෙන් අපේ රට ඉදිරියට හෝ පසුපසට ගියත් අපිට උරුම අපේ ඉතිහාසය තව ඉදිරියටත් ආරක්ෂා නොවන වග නම් සහතිකයි. බලධාරීනි, මුදල මතම නොයැපී හෙට දවස වෙනුවෙන් අපේ උරුමය රැකදෙන්න....!!

:       0       0

සාලිය Monday, 16 July 2012 06:14 AM

රටේ ලොකු ලොක්කෝ නිතරම මෙම පන්සලට යනවා එනවා නේද?

:       0       0

පිලිපිනෝ Tuesday, 17 July 2012 10:22 AM

රජ්ජුරැවන්ටත් මොනවා වෙලාද මන්දන්නෙ නැහැ මේවගේ දේවල් පිළිම අස්සෙ හැංගන්නෙ.. ස්විස් බැංකුවකටවත් දාන්නෙ නැතිව..

:       0       0

වරුණ Monday, 16 July 2012 08:10 AM

කෝ මේ ප්‍රධාන දායක මහත්තයා. මේවට ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ? (ස)

:       0       0

තරුෂ Monday, 16 July 2012 03:03 PM

සුනෙත් ඒකට කැලණි පැත්තට නේ යන්න ඕන

:       0       0

නිශා Monday, 16 July 2012 08:48 AM

ඉතිහාසය මකා දමන්න ක්‍රියාත්මක වන අන්‍යආගමික බලවේග

:       0       0

ගිහාන් Monday, 16 July 2012 08:59 AM

මේ අපරාධෙ කරපු අයට විතරක් නෙවෙයි, එයාලගේ හත්මුතු පරම්පරාවටම හෙන හත වැදිලා අළු දූවිලි වෙලා යන්න ඕනේ.

:       0       0

දර්ශන් Monday, 16 July 2012 08:25 AM

ඉතිහාසය කන්නද කියල අහපු අයට මේවා බලන්න බැරි වුනානේ. (ස)

:       0       0

විජේසිරි Monday, 16 July 2012 09:39 AM

මහ උන් ඇදේට ගිහින් පොඩි උන්ට කෙලින් යන්න කිවිවට වැඩක් නෑ...

:       0       0

සමීර Monday, 16 July 2012 09:08 AM

මටත් සැකයි මේ විදියට බුදු පිළිම කඩා දාන්නේ සංවිධානාත්මක ආගමික කණ්ඩායමක් ද කියලා. බොරුවට නිදන් ගන්න හාරනවා වගේ පෙන්නන්න ‍බුදු පිළිම විනාශ කරලා බුද්ධාගමත් නැති කරන්න හදනවාද දන්නේ නැහැ. හරියට ඇෆ්ගනිස්ථානය වගේ. (ස)

:       0       0

නුවන් Sunday, 15 July 2012 04:43 PM

මේ අපරාධෙ කරපු අයට විතරක් නෙවෙයි, එයාලගේ හත් මුතු පරම්පරාවටම හෙන හත වැදිලා අළු දූවිලි වෙලා යන්න ඕනේ.

:       0       0

යටියන ගුණේ Monday, 16 July 2012 10:07 AM

දෙවි හාමුදුරුවනේ...!! මෙහෙම ගියොත් අපේ දරුවන්ට ඉතිහාසෙ කියල අපේ උරුමය කියල අපි මොනවද පෙන්නන්නෙ, කෝටි ගානක් වන්දනාමාන කරන මේ වගේ උතුම් දේවල් වනසල යැපෙන අයට යාදිනවද දෙයියනේ...!! …

:       0       0

ජීවක Sunday, 15 July 2012 05:10 PM

බෞද්ධයන්ගෙම වැඩක් තමයි මේක.....

:       0       0

Magiya Monday, 16 July 2012 10:40 AM

මේ අපරාදේ කරපු අයට මරණීය දණ්ඩනය දීමට හැකි වන විදියේ නිති තිබිය යුතුයි.

:       0       0

ජොනී Monday, 16 July 2012 11:30 AM

ඉතිහාසය මකා දමන්න ක්‍රියාත්මක වන බළවේගයක් වැඩක්

:       0       0

තරුෂ Monday, 16 July 2012 10:57 AM

අපේ ජනපතිතුමාටත් රටේ පාලකයා විදියට මෙය විශාල අපකීර්තියකි. මෙම ජාතියේ උරුම විනාශ කරන මේ ගහලයන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න

:       0       0

ගාමිණි Monday, 16 July 2012 11:55 AM

මෝඩ මිනිසුනේ! නැති ධනයක් සොයා ගොස් අමාරුවේ වැටෙන්නෙ මොකටද? නිධන් හාරනවුන් බුරුතු පිටින් අහු වන බව දැන දැනත් තොපට තන්හාව අත්හැරිය නොහැකිද? සදාචාර සම්පන්නව ගොවිතැනක් කර ගත්තා නම් වඩා අගනේ නොවේද?

:       0       0

සුනෙත් Monday, 16 July 2012 11:57 AM

ඔන්න වැල්ලවායෙ තියෙන යුදගනාවත් බැකෝ දාලා හාරනවා. යුදගනාව කියන්නෙ දුටුගැමුනු සද්දාතිස්ස යුද්දය වුන තැන. එතන තමයි ලෝකෙ ලොකුම දාගැබ හදන්න දුටුගැමුනු රජු සුදනම් වුනේ. එතන දුටුගැමුනුගෙ කඩුව තියෙයි කියලා හිතලද මන්දා ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 86 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1779 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 798 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1029 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 622 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 496 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26037 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site