සෞදි රාජ්‍යය විසින් ප්‍රකාශයට පත් කැරුණු පොදු සමාකාලයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින පිරිස 200ක් පමණ වෙතියි ජෙඩා නුවර සෞදි තානාපති කාර්යාලයය පැවැසීයැයි විදේශ ලේකම් කරුණාරත්න අමුණුගම මහතා එසැණ සමග පැවැසීය. එහෙත් සෞදි ජනමාධ්‍ය හා අතරමං වූ පිරිස කියනුයේ දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන් එහි අතරමංව සිටින බවයි. ජෙඩා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලට කඩා වැදුණු පිරිසක් එහි කටයුතුවලට බාධ කළ නිසා ඔවුන් ඉවත් කිරීමට පොලිසිය කැඳවු බව ද විදේශ ලේකම් කියයි. ජෙඩා පාලම යට ශ්‍රී ලාංකියන් 150 දෙනකු පමණ සිටින බවත් ඔහු පවසයි. ‘අතරමංව සිටින අයට කෑම බීමත් ඇතුළු පහසුකම් සලසනවා. ඔවුන් එකවිට ගෙන්වා ගැනීම අමාරුයි. එසේ කිරීම සඳහා සෞදි රජයට දඩ ගෙවිය යුතුයි. දඩ නොගෙවා ඔවුන් ගෙන්වා ගැනීමට සෞදි රජය සමග අප සාකච්ඡා කරනවා‘ යනුවෙන් විදේශ ලේකම් සඳහන් කෙළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට පාලම් යට ඉන්න අය?(නු)
ද සිල්වා බෙර්ලින් ගේ කතාව හරියටම හරි. ඒ දුක දන්නේ මෙහෙ ඉන්න අය විතරයි. (නි)
අද ලංකාවට ප්‍රධාන විදේශ විනිමය ලබා දෙන්නේ මේ මැද පෙරදිග ශ්‍රමිකයන් විසිනුයි. එම නිසා මොවුන් ගෙන වැඩි අවධානය යොමු කරන්න. (නි)
අපේ දහඩිය කදුළු වල සැප විඳිමින් සුසුම් හෙලන මැති ඇමැතිවරුනි, සෞදිය යහතින් දකින්නේ කවදාද ? දැන් ඇස් හරින්න කාලය ඇවිත්. (නි)
අනේ පවුනේ. ඉක්මනින් ලංකාවට ගෙන්වාගන්න. (නි)
සෞදියෙ විතරක් නෙමෙයි කුවේට් වලත් අල්ලනවා. ඔය සෞදියෙ නීතියමයි,අළුතින් දාලා තියෙන්නෙ. සෞදි පොලිසිය තමයි කුවේට් වලත් අල්ලන්නෙ. (නි)
මමත් මෙතන ඉන්න කෙනෙක්. අපි සල්ලි හොයලා වෙන රට වලට යැව්වේ නැහැ. ඒ ඔක්කොම ලංකාවට එව්වේ. අපිට ඕනෑ ලංකාවට යන්න (නි)
වැඩක් නැ මේ මිනිස්සු කොච්චර දුක් වින්දත් එයාලට මේ තමන්ගේ රටේ මිනිස්සුනේ කියලවත් දුකක් හිතෙන් නැ. එයාලට ඕනි මෙහෙන් යවන සල්ලි විතරයි. (නදී)
ඉදිරියට එන ජූනි, ජුලි මාස සෞදි අරාබියට හරිම රස්නෙයි. උෂ්ණත්වය 50°C වඩා ඉහලයනවා. එහෙ දුවිල්ලි කුණාටු ඇතිවෙනවා. එතකොට කොහොමද පාලම් යට ඉන්නේ. මේ අසරණයෝ ගලවගන්න කරුණාකරලා.(නදී)
ගාමිණී ගජබා රජතුමාගේ කාලේ එහෙම උනාට දැන් ඉන්න දුටුගැමුනුල හදන්නේ ජනතාව මසට හරි සෞදි අරාබියට හරි වෙන නරකාදියකට හරි පටවල රියාල්, ඩිනාර් ලංකාවට ගෙනත් තව පැජරෝ, ප්‍රාඩෝ ටිකක් ලංකාවට ගෙනත් රේස් ගිහින් ඒවාට යටකරල පාරේ ඉන්න අසරණයෝ ටිකක් මරල දමන්නයි.(නදී)
තවදුරටත් මේ මිනීමරු දේශයට ශ්‍රමිකයන් යැවීම නතර කරලා දමන්න. තවත් ගුල්ෆ් රටවල් තිබෙනවා ශ්‍රමිකයන් යවන්න . කෝ දේශප්‍රේමියෝ ? බොදුබල සේනා , හෝටල් වල තිබෙන බුදුපිළිම නෙවෙයි. මේවා ජාතික ප්‍රශ්න ඔබලාගේ ස්ථාවරය පැහැදිලි කරන්න , හලාල් , ෂරියා නීතියට විරුද්ධ නම් ශ්‍රමිකයින් යවන්නේ ඇයි.(නදී)
මේ අහන සිද්දීන් නිසා අපට ඇතිවෙන කම්පාව ගම් දනව්වල දුගී, දුප්පත් පාසැල් යන දරුවන්ට මොනතරම් දුකක් නම් දැනෙනවා ඇද්ද? අම්මාවරුන්, පියවරුන් මොන තරම් විලාප ගහනවාද? කියලා තේරුම් ගත් ලංකා ඉතිහාසයේ ගජබා රජවරුන් සිය දහස් ගණනක් ඉක්මනින් බිහිවෙත්වා.(නදී)
මේ 200 කියන එක අමුලික බොරුවක්.(නදී)
මේ 200 කියන කතාව අමුලික බොරුවක්
සෞදි අරාබිය මේ වන විට ප්‍රකාශ කර ඇත්තේ පොදු සමා කාලයක් නොව සහන කාලයකි. සහන කාලය යනු තම හාම්පුතා සතුව තමන්ට සුදුසු රැකියාවක් නොමැතිනම් ඒ සදහා සුදුසු හාම්පුතෙක් ලගට වීසා මාරු කර ගැනීමට හා තම අකාමා බලපත්‍රයේ ඇති රැකියාව හැර වෙනත් රැකියාවක යෙදෙන්නේ නම් එය නීති විරෝධී බවත් නොඑසේ නම් රටින් පිටවීම සදහා මේ සහන කාලය ප්‍රකාශයට පත් කොට ඇත .මේ වන විට ජෙඩා කොන්සල් කාර්යාලයේ පමණක් ලියාපදිංචි වූ ගණන 4000 ඉක්මවනවා. ජෙඩා අනවසරයෙන් ඉන්න කාන්තාවන් ප්‍රමාණය ස්ථිරවම ගණන් ගත නොහැකියි .මුළු සෞදිය පුරාම සමීක්ෂණයක් කලොත් මේ ගණන දෙගුණ වෙන්න පුළුවන් .(නදී)
කෝ අර දේශප්‍රේමියෝ.(නදී)
අඩු තරමේ ලංකාවට එනකම් කන්න බොන්නවත් ලැබෙනවා නම්. මොනවා කරන්නද අපේ රටේ මිනිස්සු වෙන රටවොලදී මොනතරම් දුක්විදිනවද. කිසිම දෙවියෙක් නැ පිහිටවෙන්න .කෝ අර සේනාව කියලා අහන්න .(නදී)
වැරදි ගනන් කියන්න එපා. එය සත්‍ය වසා දැමීමක්. ඇත්තෙන්ම දහස් ගානක් ඉන්නවා. කරුණාකර පුළුවන් අයගේ සහය ඇතිව ප්‍රශ්ණය විසදන්න මහන්සි ගන්න.(නදී)
මැලේසියාවේ හිරගෙවල්වලත් අපේ කට්ටිය ඉන්නවා. වීසා නැතුව අහුවෙලා.(නදී)
කන්දරා පාලම යට 250 ක් 500ක් පමණ ඉන්නවා. දමාම්, රියාධ් ජෙඩා ඇතුළු සෞදියේ අවතැන් වූවන්ගේ ගණන 5000-10000 දක්වා පිරිසක් ඉන්නවා. තවම සාකච්චා කරමින් පවතිනවා ඉදිරියේදී යහපත් ප්‍රතිපල ලැබේවි යැයි බලාපොරොත්තු වෙනවා..(නදී) ..
මාර වැඩේ, ඉස්සරලා තිබුනු ජනාධිපති තුමාගේ කතාවත් අතුරුදහන් වෙලා. (නදී)
මම ඉන්නෙත් සව්දියේ. අපේ සමාගමෙන් පමනක් පැනපු ගනන 135ට වැඩියි. (නදී)
පොදු සමා කාලය බලා ගෙන දමාම් වල පමණක් 2000ත වැඩිය ඉන්නවා. (නදී)