රිසානා නෆීක් ශ්‍රී ලංකා වේලාවෙන් අද දවල් 12ට පමණ හිස ගසා මරා දැමූ බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරියෙක් එසැණට පැවැසීය.
ඝාතනය සිදුවූයේ රියාද් නුවරට බටහිරින් කිලෝමීටර් 400ක් පමණ දුරින් පිහිටි දවාදමී නගරයේදී ය.
රිසානාගේ ගමම හඬා වැළපේ
2013 ජනවාරි මස 09 16:15:25 ( . , රෝෂාන් රණසිංහ )
රිෂානාගේ මරණය සැළවූ විගස මූතූර්හි ඇගේ මව්පියෝ හඬා වැටෙන්නට වූහ. ගම් වැසියෝ පල්ලිට ගොස් යාඥා කරන්නට වූහ. රිසානාගේ සිරුර ගෙන්වා ගැනීමට ඇති ඉඩ කඩ ගැන සොයා බලන බව ප්‍රාදේශීය දේශපාලනඥයෙක් ප්‍රකාශ කළේය. මුළු ගමම මේ සිද්ධියෙන් කම්පාවටත් ශෝකයටත් පත්ව ඇති බව පෙණිනි.
රිසානාගේ මව අහමදු සෙයිදු ෆරීනා හඩා වැටෙමින් පවසනුයේ දුවගේ මුහුණ අවසන් වරට බැලීම සඳහා සිරුර ගෙදරට ගෙන එවන ලෙසයි.
රිසානා නෆීක්ට මරණ දඬුවම දීලා?
2013 ජනවාරි මස 09 15:26:56 ( අමදෝරු අමරජීව )
සෞදි ආරාබියේ හාම්පුතාගේ නිවෙසේදී මාස හතරක දරුවකු මැරීයැයි මරණ දඩුවම නියම වූ මුත්තූර්හි රිෂානා නෆීක් ට අද මරණ දඩුවම පැමිණවූ බව සෞදි ආරචි කියයි.
රිසානා නෆීක් ගැන
2013 ජනවාරි මස 09 16:32:08
ගෘහ සේවිකාවක ලෙස රිසානා සෞදි අරාබියට ගියේ වයස 17 දීය. ගෙදර අග හිඟ කම් නිසා වැඩමල් දුව රිසානා රට ගොස් සල්ලි එවීමට කැමැත්තෙන් ඉදිරිපත් වූ බව, ගස් කෑපීමෙන් ජිවිකාව ගෙන යන රිසානගේ පියාවන මෙහොමඩ් සුල්තාන් නෆික් කියයි. ඔවුන්ගේ පදිංචිය ත්‍රිකුණාමලයෙ මුතුර්හිය...... >> වැඩිපුර
රිසානාගේ මවට පියාට අඬන්න කඳුළුත් නෑ
2013 ජනවාරි මස 09 16:33:25 | මුතූර් රොෂාන් ජීවන්ත
සෞදි අරාබියේදී මරණ දඬුවමට ලක්ව හිස ගසා මරා දැමුනු රිසානා නෆීක් ගේ මාපියෝද නංගී සහ මල්ලීද දැඩි ශෝකයට පත්ව සිටියහ.
මුතූර් සාපිනගර් ප‍්‍රදේශයේ රිසානාගේ නිවස පිහිටා තිබිණි. එය වටේට තහඩු ගසා පොල් අතු සෙවිලි කල මඩුවක් වැනි නිවෙසකි.....>> වැඩිපුර






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ලංකාවෙත් වැරදි කරන අයට මරණ දඩුවම දෙන්න බැරි? ඒක ක්‍රියාත්මක උනොත් මිනී මැරුම් අඩුවෙයි.. සාහසික ක්‍රියා අමානුෂික ලෙස ඝාතනය කිරීම් ස්ත්‍රී දූෂණ ආදිය අඩුවෙයි. ඒත් ලංකාවෙ දැං පවතින තත්ත්වය අනුව නීතිය ගැන සැක සහිතයි..!(නු)
අමානුෂික දඩුවම් තමයි ඒ රටේ තියෙන්නේ (දී)
අපි දැන් ළමයාට පින් දෙමු (දී)
එකම ආගමේ අය නේද මේ..ඇයි අත්වැරදීමකට සමාවක් නැත්තේ (ස)
අපරාදේ තරුණ ජිවිතයක් (දී)
ඒ රටේ ඉන්න අනෙකුත් කාන්තාවන් ලංකාවට එන්න
මට ගොඩාක් දුකයි ඔබ ගැන (දී)
සදාචාර පටහැනි නීති තමයි ඒ රටේ තියෙන්නේ (දී)
අගුලානෙ සිද්ඡිය මැරුණු පොඩි ළමයාගෙයි සෞදියෙ මැරුණු පොඩි එක්කෙනයි වෙනස මොකද්ද? එතකොට අපේ අයට අගුලානෙ සිද්ධියෙදි ශර්යා නීතිය ඕන.. මේකට එපා..!(නු)
හිතක් පපුවක් නැති අරාබියෝ... (නි)
අපේ ජනාධිපතිතුමාගෙ ඉල්ලීම් සලකලා නැහැ නේ සෞදි රජය..!(නු)
වරදකට සමාව දෙන්න මෙයාලා දන්නේ නැද්ද ? (ස)
කෝ දෙනවා කිව්ව නිදහස? අපේ අයට කිසිම දෙයක් කරගන්න බැහැනේ..!(නු)
අහිංසක දැරිය බිල්ලට දුන්නා වගේ මෙයාව යැව්ව හොර ඒජන්සිකරුටත් දඩුවම් දිය යුතුයි..!(නු)
මුන බලලා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ.. කවුරු කළතක් වරද වරදමයි..!(නු)
ලංකාවෙ කෙනෙක් නිසා දුකයි.. ඒත් හැම දේටම ලොකුවට තම ආගම ගැන කතා කරන අය කෝ... අද? (නු)
බෞද්ධ දර්ශනයේ විතරයි මේ තරම් යහපත ගුණාංග ගැන කතා කරන්නේ..
මගේ හදවත ගැහෙනවා.. ලංකාවෙ අපේ සහෝදරියක් නේද මේ..!(නු)
පවු අහිංසක කෙල්ල. මොක් සුව පතනවා (ස)
ඉල්ලීම් සියල්ල වතුරෙ!!! (නි)
අනේ මෙහෙමත් නීතියක්..!(නු)
කාගෙ වුණත් දරුවෙක්නේ. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඇත්තටම අප ලැජ්ජා විය යුතුයි ශ්‍රී ලාංකිකයන් හැටියට ජාති බේදයක් නැතුව. දැන්වත් අපි ගැහැණුන් රට යවන එක නවතන්න ඕනෑ. පිරිමි බේබද්දෝ නොවී පවූල බල ගන්න ඕනෑ. ශ්‍රී ලාංකිකයන් විදිහට අපේ රටට අපිට කොන්ද කෙලින් තියාගෙන ඉන්න ලැබේවා! ජනපතිතුමනි, ඔබට විතරයි අපව ගොඩ ගත හැක්කේ. රට ආඝාධයට ගෙනියන අය අදුරගෙන බුද්ධිමත් අය සේවයට අරගෙන රට හදන්න ඔබට ශක්තිය ලැබේවා! (නි)
අනේ අපේ රිසානා
අනේ මෙහෙමත් නීතියක්. පවු අහිංසක ළමයා (ස)
මොන තරම් අමානුෂික වැඩක් ද (දී)
ජාත්‍යන්තරව අපිට බැරි උනාද මේ ළමයාව බේරා ගන්න (දී)
ඔබට නිවන් සුව ලැබේවා .ඇයව බේරා ගැනීමට වෙහෙස වූ සැමට ස්තූතියි..දැන්වත් තේරෙනවද ශරියා නීතියේ තරම.. (ස)
ලංකාවෙන් පිට රටවලට මිනිසුන් යවන එක නැවැත්විය යුතුයි.. (නු)
මෙකද්ද මෙකෙන් හොඳින්ම තහවුරු වුණේ ?? (ස)
දෙවියනි....ඔබ එදා නොවේ අද දවසෙයි ඉන්නට තිබුණේ (ස)
ඒ ළමයාට ඒ මොහොතේ මොන වගේ මානසිකත්වයක් තියෙන්න ඇතිද (දී)
තරුණ ජිවිතයක් පව් (දී)
මෙවන් විපත් යලි නොවේවා (දී)
මෙහෙම අය දුක් විඳලා හොයන සල්ලි වලින් තමයි අනේ, තීරුබදු රහිතව සැප කාර් ගේන්නේ. (නි)
අනේ පවු! (නි)
දුප්පත්කමට හොරෙන් රට ගියා. නොදන්නකමට දරුවෙකු මරණයට පත් වුණා. දැන් ජීවිතය ඉවරයි. දුප්පත්කම නිසා නේද මේ දුක? (නි)
අහනකොටත් ඇඟ වෙවුලනවා (දී)
සෞදියට කාන්තාවන් යැවීම නතර කළ යුතුයි. (නි)
අපේ කනගාටුව (දී)
ලංකාවෙ වෙන අපරාධවල හැටයෙට ඔහොම දඩුවම් දෙන්න ඕන ලංකාවෙ ඉන්න අයටයි..!(නු)
ලංකාවෙ ආගමික සහජීවනය ගෑන බයිලා කියවන අය හොදට බලාගෙන ඉන්න. (නි)
අපේ ලංකාවෙ වගේ නෙමෙයි මෙහෙ නීතිය නම් නීතිය ඒ ළමයා අතින් වරදක් උනා එම ගෙදර මැරුණු ළමයාගේ මව කැමතිනම් විතරයි මෙයාට සමාව ලබා දෙන්න පුළුවං..!(නු)
බොහොම කණගාටුදායක පුවතක්.. ජනාධිපතිතුමාටක් එයාව නිදහසි කරගන්න උත්සාහ කළ හැම දෙනාටමත් ස්තුතියි.. රිසානා තරැණියට නිවන් සැප ලැබේවා..!(නු)
මේ රටවල් වලට යන්න කලින් දෙපාරක් හිතන්න (ස)
දැං මේ ඔක්කොමල කෑ ගැහුවා නේද මේ ගැහැණු ළමයා හෙට අනිද්දා ගෙදර එනවා කියලා.. රටේ නීතියට අත තියන්න රජතුමාටවත් බැහැ.. අපේ ජනපතිතුමා සමාව ඉල්ලුවත් ඒ ගැන සැළකුවෙත් නැහැ.. (නු)
මෙහෙමයි සෞදි අරාබියෙ නීති බොහොම තදයි.. නමුත් අපේ රටින් කරපු ඉල්ලීම්වලට තව ටිකක් ඇහුම් කන්න දෙන්න මෙයාලට තිබුණා.. මොනවා කරන්නද? මේ ළමයාව වැඩි වයසක් දාලා රට යවපු ඒජන්සිය හොයලා දඩුවම් දෙන්න ඕන.. එතකොටයි මේ මේ ළමයාට සාධාරණයක් වෙන්නේ..!(නු)
මගේ සාතිශය සංවේගය. මෙය ආගමේ වරදක් නොවේ. මියගිය ළදරුවාගේ මව්පියන්ට, පමණයි රිසානා මරණයෙන් බේරගනිමට් හැකියාව තිබුණේ .එයයි සෞදි නීතිය. ලංකාවේ මෙන් සෞදි රජුට මරණ දඬුවම් නියම වුවන් නිදහස් කිරීමට අයිතියක් නොමැත.තවද නීතිය ක්‍රියාත්මක කිරීමේදී ජාතිය , ජන්මය තරාතිරම සාදකයක් නොවේ. (ස)
දැන් ලංකාව තීරණයක් ගත යුතුයි මේ වගේ නොමිනිසුන් ඉන්න රටකට අපේ කාන්තාවන් යවනවද කියන එක ගැන (ස)
බෞද්ධයෙක් හැටියට මම මේ ක්‍රියාව දැඩි සේ හෙලා දකිමි (ස)
වහල් සේවයට කාන්තාවන් සපයන ආශ්චර්යමත් දීපය මෙයයි . රිසානා ඔබට නිවන් සුව. (ස)
කවුද කෙනෙක් කියල තිබුණා නේද මේ ශරීය නීතිය දෙවියන්ගෙන් මිනිසාට ලැබුන ලොව අනගිතම දායාදය බව. (ස)
කෝ ඔය කියන මානව හිමිකම් (ස)
අයියෝ සල්ලි
අපේ රටේ මිනිස්සු ගැන මට සතුටුයි, දුකකදී හැමෝම එකට ඉන්නවා (දී)
මදැයි අල්ලාගේ තීණ්දුවේ තරම... (නි)
අනේ දෙයියනේ, ඇයි මෙහෙම වුණේ? කෝ මහ ලොකු පුරාජේරු කතා කියෝන විදේශ තානාපති සේවය? හෙට අනිද්දා නිදහස් කරනවා කිවුවා නේද? මෙහෙම නිදහස් කරනකල්ද බලන් හිටියේ? (නි)
අපේ රජයෙන් ගිහිල්ලා බේරගත්ත කිව්ව නේද? රිසානාට නිවන් සුව..!(නු)
අල්ලා දෙවියන්ගේ කැමැත්තද මේ.. (නු)
අපි කරන්න පුලුවන් හැමදේම කළා (දී)
අපි නුඹට නිවන් සුව පතනවා (දී)
මිණී මැරුවහම සමාව දෙන්නේ කොයි රටේද ජනක (ස)
සදාචාර පටහැනි දඬුවමක් මේ (දී)
දෙවි පිහිටයි දුවේ නුබට (දී)
නැවත මෙවන් දේ නොවෙන්න වග බලා ගනිමු (දී)
අපේ රටින් අපි කරන්න පුළුවන් හැමදේම කළා දුව් ඔබ වෙනුවෙන් (දී)
මෙවන් විපත් කවදාවත් අසන්නටවත් දකින්නටවත් නොලැබේවා (දී)
පිට රටක ඉන්නකොට තනිවෙච්ච ගතියක් හිතට දැනෙනවා, ඒ නිසා පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ (දී)
අනේ මෙහෙමත් රටක්...!(නු)
දැන්වත් අපේ සහෝදරියන් වහල්කමට දීලා රට සල්ලි හොයන එක නවත්තන්න. (නි)
මීට කලින් දැම්මා නේද රිසානා නිදහස් වන බව..!(නු)
මාගේ ශෝකය ප්‍රකාශ කරමි (දී)
මොන හිතකින්ද දන්නෙ නැහැ මේ අහිංසක කෙල්ලගේ බෙල්ල කැපුවේ..!(නු)
නීතිය අකුරටම ක්‍රියාත්ම කරලා . නීතිය කාටත් පොදුයි ඒ රටේ . ලංකාවේ වගේ නෙමෙයි (ස)
අල්ලා කරීම්(නු)
අපේ රට ඒ අතින් බොහොම හොදයි කියලා හිතෙනවා.!(නු)
අහෝ දෙවියනේ! අහිංසක දරුවා. (නි)
අපගේ බලවත් ශෝකය..! ඉපදෙන මතු ආත්මයකදිවත් මෙවන් කුරිරු අකල් මරණයකට ඔබ ගොදුරැ නොවේවා..! ඔබට නිවන් සුව..!(නු)
රිසානා ඔබට නිවන්සුව. අපට කලහැකි එකම දෙය එපමණයි..මතු භවයකදී මෙවන් අකල් රුදුරු වූ මරණයකට ගොදුරු නොවේවා... (ස)
දුකයි....දුකයි.... මට ඇත්තටම දුකයි....
කමල් ඔයා හරි (ස)
දෙයියෝ සාක්කි
ලෝකය කම්පා කල තවත් සිද්දියක් (දී)
මේ ක්‍රියාව මමනම් අනුමත කරන්නේ නැහැ
අල්ලාහ්ගේ කැමැත්ත මෙයයි. (නි)
දැන් අර ළදරුවාගේ අම්මාට හරි සතුටු ඇති නේද? අනිත් ඔක්කොම (දරුවාගේ පියා පවා ) රිසානාව නිදහස් කරන්න කැමැත්තෙන් ඉඳිද්දී ඔය අම්මනේ දිගටම විරුද්ධව ඉදලා තියෙන්නේ. (නි)
මෙවන් විපතක් කවදාකවත් කාටවත් නොවේවා (දී)
අපේ අනෙකුත් කාන්තාවන්ට මම කියන්නේ එන්න නැවත ලංකාවට (දී)
මට ඇස් දෙක අදහා ගන්න බැරි උනා (දී)
ජීවිතය...... පුදුම දෙයක්
ඉතාම කණගාටුදායක මරණයක්. අඩුම තරමේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ දැරියගේ අසරණ දෙමව්පියන්ට සුදුසු නිවසක්වත් ඉදිකර දෙන්න. (නි)
අනේ දුවේ
ෂය රටවලට දැංවත් සේවයට යවන එක නවත්තන්න ඕන..!(නු)
ගෘහසේවයට තරැණ තරුණියන් යවන එක දැංවත් නවත්තන්න..!(නු)
ඇහැට ඇහැක් ඉල්ලන මොකක්ද මේ දහම.තවදුරටත් මෙම දහම පැතිරවීමට විරුද්දවෙමු .අපේම මුස්ලිම් සහෝදර සහෝදරියන්ට නියම ජීවන දහමකට මග පෙන්වමු .ඇ සදහා බොදු බල සෙන මැදිහත් වීම අපේක්ෂා කරමු.(නු)
ඔබ මෙන ආගමේ උනත් ඔබගේ මරණය ගැන අපි දුක් වෙනවා ...ඔබට නිවන් සුව !!! (ස)
ඇත්තටම හරිම කණගාටුයි (ස)
රටේ නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා. දේශපාලන ඇගිලි ගැසීම් නෑ. ඒක නිසා මරණ දඩුවම ක්‍රියාත්මක වෙලා (ස)
නීතිය කාටත් පොදුයි (ස)
උපන් රටේ මිය යනු මිස නොයනු මැනේ කිසි දින රට (ස)
සෞදි අරාබියට තවත් ගෘහසේවයට ළමයි යවනවාද අම්මේ තාත්තේ..?(නු)
උපන් රටේ මියයනු මිස- එපා කිසිම දින පිටරට.... (නි)
අලුගෝසුවා කියන්නඑපා.. ඒ දෙවියන්ගේ දූතයෝ.. උද්ඝෝෂණයක් එහෙම කරන්නෙ නැද්ද අපේ රටේ අය..!(නු)
දැන් වන්දියක් හරි ඉල්ලගන්න බලන්න. වෙච්ච දේ වෙලා ඉවරයි. (නි)
කමල් 'වහල් සේවයට කාන්තාවන් සපයන ආශ්චර්යමත් දීපය මෙයයි' ඔයාගේ මේ කතාව වැරදියි.. අපේ රටේ බෙලෙන් වහල් සේවයට යවන්නේ නැහැ.. එයාලා කැමැත්තෙන් ගියේ.. ඒක එයාලගේ කැමැත්ත..!(නු)
මගේ කනගාටුව
මට ඇත්තටම කඳුළු අවා මේ කතාව ඇහුවහම (දී)
අපේ සමාජය මේ සිද්දියට වග කියන්න ඕනේ (දී)
ඔබට නිවන් සුව
මේකතමයි ශරියා නීතිය කියන්නේ. (නි)
දුවේ නිවන් සුව ලැබේවා
මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින එන්.ජී.ඕ. මෙම අහිංසක බාල වයස්කාර දැරියට සිදුවු දේ ගැන දක්වන අදහස් දැන ගන්න කැමතියි. (නි)
ලංකික ජනතාව නැවත ලංකාවටම එන්න (දී)
හිතක් පපුවක් නැති අලගෝසුවෝ (ස)
කනගාටු දායක පුවතක්
අරාබි නීතිය මේකනම් අපේ රටේ හරියට නීතිය ක්‍රියාත්මක කරලා ඒ අහිංසක ළමයාව රට යැව්ව හා බොරු පාස්පෝට් සෑදු අයව අත්අඩංගුවට ගන්න. ලංකාවෙත් හරියට නීතිය ක්‍රියාත්මක උනානම් මේ වගේ දේවල් වෙන්නෙ නැහැ..! (නු)
අපි මේකට විරුද්ධව පාරට බැසිය යුතුයි (ස)
නිවන් සුව ලැබේවා (ස)
සිරි, ජානක, සිරා, කමල්, දන්නේ නැද්ද මෙය මුස්ලිමි ශරියා නීතියයි. එය අල්ලාහ්ගේ කැමැත්තයි. එය සෞදි රජුටවත් වෙනස් කළ නොහැක. (නි)
මහත්වරුණි දැන්වත් ඒ අසරණ පවුලේ අයට ගෙයක් හදලා දෙන්න. සෞදියේ අය මෙහෙ ඇවිත් ඒ වරද කළානම් කිසි දඩුවමක් නැහැ.. නීතිය වරදට සමාව දෙන නිසා.. අරාබියෙන් එන සුළගවත් අපේ රට හරහා යන්න එපා.!(නු)
වරදක් උන එකට මෙහෙම කරන ඕනද? මැරැවොත් මරපං කියන එකද කුරාන් එකේ අල්ලා දෙවියන් කියලා තියෙන්නේ..!(නු)
අපගේ කණගාටුව (ස)
මේක තමයි අල්ලා දෙවියන්ගේ කැමැත්ත..!(නු)
එතකොට අර උතුරේ පන්සල් ඩෝසර් කරන ඒවා..!(නු)
මේක ඒ රටේ නීතිය , ආගම් ගාවන්න එපා (ස)
එකම ආගමේ අය නේද මේ?? අයුක්තියට එරෙහිව දැන්වත් නැගී සිටින්න. (නි)
ඇත්තටම කණගාටුදායක ආරංචියක්.. (නු)
මේ අසරණ මුහුනු දැක්කාම පවුලේ අමාරැකම් ගැන කියන්න ඕන නැහැ.. විමල් වීරවංශ ඇමතිතුමනි මේ අයට ගෙයක් ලබා දෙන්න.(නු)
අනේ! හදවත කම්පා වුණා. ඒ දුප්පත් දරුවාට මොනවා හිතෙන්න ඇද්ද අන්තිම මොහොතේ? මේ වගේ රටවල් වලට යන හැමෝටම හිතන්න බොහෝ දේ මේ දරුවා ඉතිරිකරලා යන්න ගියා. දියනියණි, ඔබට නිවන් සුව පතමු! (නි)
අපේ රටේ දයාබර පියවරුනි, සැමියනි, දැන්වත් ඔබේ දරුවන් බිරිදන් මැදපෙරදිග රටවලට වහල් සේවයට යැවීමෙන් වළකින්න. පිරිමින් විදියට පෞරුෂයක් ඇතිව තම පවුල රැක ගන්න. බේබදුකමට වහල් නොවන්න. (නි)
මම හිතුවෙ මේගොල්ල කිව්ව විදියට මෙයා නිදහස් වෙලා ඒවි කියාල.. මේවගේ නීති ලොවෙන් ඉවත් කරලා දාන්න ඕන..!(නු)
මෙයට හේතුව අපේ රටේ දුප්පත්කමයි. (නි)
නිවන් සුව ඔබට
අයියෝ සල්ලි
මෙවන් හොකනිය කතා යලි අප සවනට නොඇසේවා (දී)
රිසානා ඔබට නිවන් සුව පතමි (දී)
දුවේ ඔබට මෙවන් විපතක් සසර කවදාකවත් නොවේවා (දී)
වහල් සේවය කුරානයේ අනුමත කර ඇත. ඒ නිසා මේක සාමාන්‍ය දෙයක්. (ස)
පුවත දුටු ගමන් ගද ගැස්ම නැවතුනා වගේ උනා (ස)
ඔබට නිවන් සුව
මගේ ජිවිත කාලෙට මෙවන් සිද්දියක් උනාමයි
නොදැන කල වරදට සමාව දෙන්න බැරිනම් කුමක්ද මෙහි ඇති ඵලය (ස)
දෙවියනි, ඔබ කොහිද? (නි)
නිහඩ බව මිස කුමක් කියමි මම ...... (ස)
මේකද ඔබලාගේ කරුණාව ????? (ස)
අපි අපේ කනගාටුව පුද දෙනවා ඇගේ දෙමවුපියන්ට (දී)
රිසානා, ඔබට නිවන් සුව ලැබේවා! (නි)
මේක නම් අපිටත් අවනඩුවක් තමයි. අපේම සහෝදරයො කියලයි සෞදියෙ අයව අපි හිතාගෙන හිටියෙ. මට නම් මීට පස්සෙ ඔය නොදන්න අරාබි අය හරාම්. (නි)
අහෝ රිසානා, මම ඔබට නිවන් සුව පතනවා (දී)
ඇති හැකි හැමෝම මේ පවුලට උදව් කරන්න රිෂානා වෙනුවෙන්. උපයන මුදල ගැනම පමණක් හිතලා සෞදි වගේ රට වලට ගෘහ සේවිකාවන් යැවීම ගැන දෙවරක් කල්පනා කළ යුතුයි. ඵ් වගේම යාමට ඉදිරිපත් වන අයත් නැවත වරක් සිතිය යුතුයි. මොකද ඕනෑම කෙනෙකු අතින් අත්වැරදීම් සිදුවිය හැකි නිසා. දැන් මේ දෙමව්පියන්ට ජීවිත කාලයම මේ දුක දරාගන්න වෙලා, තමන්ගෙ නොමේරු දරුවාව වහල් සේවයට යැවීම නිසා. සෞදි අය හිතන විදියට මෙය වරදකරුවෙකුට දුන් එක දඩුවමක් පමණයි. අපි නම් දරුණුම මිනීමරුවෙකුට වුණත් මරණ දඩුවම දෙනකොට අනේ අපොයි කියනවා. ඵ්ත් ඵ් අය එහෙම දයාවෙන් අනුකම්පාවෙන් හිතන්නෙ නැහැ. මම හිතනවා මේ අවස්ථාව උපයෝගී කරගෙන අපේ රජය දැන් සිටම ක්‍රියාත්මක විය යුතුයි. අපගේ ගෘහසේවිකාවන් ඵ් අයගේ සේවා කාලය අවසන් නම් නැවත ගෙන්වාගැනීමටත්, නැවත ගෘහසේවිකවන් සෞදියට නොයැවීමටත්... මක්නිසාද සෞදියේ කෲරකම් වලට අපේ ගැහැනුන් බිලිවුණු පළමු අවස්ථාවත් අවසන් අවස්ථාවත් මෙය විය නොහැකි නිසා. (නි)
මෙවන් පවුකාර ලෝකයක යළි නොඉපදේවා! ඔබට නිවන් සුව රිසානා! (නි)
අහෝ දෙවියනි ඔබ කොහිද? ලෝකය දරුණුද මෙතරම්.. රිසානා ඔබට නිවන්සුව ලැබේවා.. සෞදියට යෑම අපි නතරකරමු..!(නු)
ලෝකයේ මෙවන් නීතිත් තියෙනවා නේද?(නු)
ඔබට නිවන් සුව! (නි)
මුස්ලිම් සහෝදරයොත් අදහස් දක්වනවා නම් අගය කරමි. රිසානා, ඔබට නිවන් සුව! (නි)
දුක්බර පුවතක්, රිසානා නැගණියගේ අදහන දහමට අනුව ඇයට මරණින් මතු යහපතක්ම වේවා! නමුත් අපගේ ශ්‍රමිකයින් ඒ රටවලදී පුළුස්සා මරා දැමුවත් ඔවුන්ට කිසි දින නීතියක් ක්‍රියාත්මක නොවේ. දිනපතා පහර කෑමට ලක්වූ, අබ්බගාතයන් බවට පත් කළ කාන්තාවන් නැවත ලංකාවට පැමිණේ. මෙම අපරාධ කරන්නන්ට එම රටේ කිසිම දඩුවමක් නැත. ඔවුන් මනුස්සකමක් නොදන්නා තිරිසන් ජන කොටස ලෙස හැදින්වීම ද වරදක් නැත. ශ්‍රී ලංකා රජය දැන්වත් ක්‍රියාත්මක වී මේ රට වලට අපේ ශ්‍රමිකයින් යැවීම නතර කළ යුතුය. (නි)
මේ සොයුරියව නිදහස් කරගැනීමට තිබුණු එකම මග එම කුඩා ළදරුවාගේ දෙමාපියන් විසින් රිසානාට සමාව දීම පමණි. සෞදි රජයෙන් එම දෙමාපියන්ගෙන් මේ ගැන සළකා බලන ලෙස කීවත් ඔවුන් එය ප්‍රතික්ෂේප කර ඇත. එම දෙමාපියන් සමාව දුන්නේ නම් රිසානා අද ලංකාවේ. හරිම කණගාටුයි. (නි)
පවු මේ අහිංසක කෙල්ල.... දෙවියනේ කොච්චර පොඩි ළමයෙක්ද මෙයා ??? කිරි පොවන්න තියා ළමයෙක්ව බලා ගන්නවත් දන්නේ නැතුව ඇති. මම ඇහුව මෙයාව හිරේ තියාගෙන සෑහෙන්න වද දීල දීල තමයි මේ අන්තිමට මරල තියෙනේ කියල.. මොන ආගමේ උනත් අපි ඔක්කොම මේ වෙලාවේ එකතු වෙලා මේකට ගන්න පුළුවන් උපරිම ක්‍රියා මාර්ගය ගන්න ඕනේ.. (ස)
දැන් මොකද අපේ මහ ලොකු මුස්ලිම් නෑනලා ටික කියන්නේ? සත්තු මවලා තියෙන්නේ මිනිසුන්ට මරාගෙන කන්න කියලනේ කියන්නේ. මරනවා කියන එක සාමාන්‍ය වචනයක් මෙයාලට. බුද්ධාගමේ උගන්නන්නේ සතුන්ට කරුණාව දක්වන්න කියලා, ක්‍රිස්තියානි ආගමේ උගන්වන්නේ අන් අයට ප්‍රේම කරන්න කියලා. මෙයාලගේ මොනවද උගන්වන්නේ? සතුන්ව හලාල් විදියට හිමීට රිදෙන්නේ නැති වෙන්න මරන්න කියලා. පවු මේ අහිංසක කෙල්ල. (නි)
බුදු දහමේ අගය දැනේ.... (නි)
අයියෝ අනේ එයා මරලද ? (ස)
ගිය සතියේ කිව්වේ නිදහස් කරනවා කියලා (ස)
උපදින ජාති ජාතිත් මෙවන් අකල් මරණයකට ගොදුරැ නොවේවා..!(නු)
ඇත්තෙන්ම හද සසළ කරවන පුවතක්.. කෝ මේවට වගකිවයුත්තන්..!(නු)
පපුව පිච්චිලා යනවා මේ පවුලේ අය දැක්කාම.. නැතිබැරි කමට රට යන අහිංසක ලංකාවෙ කාන්තාවන් මොනතරම් දුක් විදිනවාද? රිසානා ඔබට නිවන් සුව..!(නු)
මුස්ලිම් සහෝදරයිනි, මෙයද ඔබේ ශරියා නීතිය? ඔබ විසින් ලංකාව තුළද ක්‍රියාත්මක කළ යුතුයැයි පවසන්නේ මෙයද? ඔබ විසින් සැමවිටම ඉතා ගෞරවයෙන් සළකන මුස්ලිම් සහෝදරත්වය මේකද? ඔබේ ආගමේ ඇති යල් පැනගිය ශරියා නීතිය ගැන දැන්වත් හොදින් හිතන්න. ඔබ මුස්ලිම් වීමට පෙර ලාංකිකයෙක් බව හොදින් සිතට ගන්න. දැන්වත් ඔබේ අන්තවාදි ආගමික සිතුවිලි වෙනස් කරගන්න. ඒ සදහා මෙය හොදම වේලාවයි.... (නි)
අනේ පවු අහිසංක දරුවා. කෝ මේ කාන්තා සංවිධාන, මානව අයිතිවාසිකම්, එක්සත් ජාතින්ගේ සංවිධානය? කවුරුවත් මේ අහිංසක කෙල්ලව බේරගන්න ඉදිරිපත් වුණේ නැහැනේ. අපේ ලංකාවේ රජය මේ ගැන මොකද කරන්නේ? තවත් මොනවා කළත් ඇයට ජීවයක් ලැබෙන්නේ නැහැනේ. සිංහල වුවත් දෙමල වුවත් මුස්ලිම් වුවත් දුප්පත්කම නිසා නේද මේ සියල්ල. (නි)
කලක සිට රජය කියන්නේ කාන්තාවකන් ගෘහසේවයට යන්නේ නැහැ කියලා.. (නු)
කාන්තාවන් සෞදියට යැවීම තහනම් කළ යුතුයි.,!(නු)
සෞදියට යවන ගෘහ සේවය නවත්වන්න. (නි)
ශරියාව භංගවේවා! (නි)
මේ අසරණ කෙල්ල මේ තරම් කාලයක් නොමරා මරලා අද හිස ගසලාම දාලා. මේ වගේ පාප කර්ම වලට වන්දි ගෙවන්නම වෙනවා. මිනිස්කම ගෑවිලාවත් නැති අයට ශාප වේවා! නොදරුවන්ව රට යවලා විකුණන පවුකාරයන්ටත් ශාප වේවා! (නි)
නැවත මෙවන් විපත් කාටවත් සිද්ද නොවේවා (දී)
මේ මොන විපතකද (දී)
කුමන ආගම අදහනු ලැබුවත්, මාගේ ආගමේ විදිහට රිසානා සොයුරිය, ඔබට නිවන් සැප ලැබේවා!! (නි)
අපේ උදවියගේ කීමට විදෙස් රටවල් වලින් තුට්ටුවක සැළකීමක් නැති බව මේ සෝබර පුවත යලිත් පෙන්වා දෙයි. දුවේ ඔබට නිවන් සුව! (නි)
හරිම කනගාටුදායක පුවතක් (ස)
රිසානාගේ දෙමව්පියන්ට මීට කලින් ටිකක් හිතන්න තිබුණා (ස)
තිරිසන් වැඩ මේවා... (නි)
මොකද්ද අපේ කෙල්ලට මේ සිද්ද උනේ (දී)
කමල් ඔබ හරි (ස)
පාලකයිනේ කාන්තාවන් ගෘහසේවයට යැවීම සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුයි (ස)
ලෙයට ලෙය පළිගන්නවා කියන්නේ දෙවියන්ගේ නීතියක්ද? යකුන්ගේ නීතියක්ද? මොන දේ උනත් තැලෙන්නේ පොඩි මිනිසුන්..!(නු)
මෙයාලට මනුස්සකම ගෑවිලාවත් නෑ (ස)
ලංකාවෙ ඉන්න මුස්ලිම් අයට මේ වෙනුවෙන් මීට වඩා යමක් කරන්න තිබුණා.. මොනවා උනත් රිසානා පොඩි ළමයෙක්නේ තවම..!(නු)
තවත් මොකටද පල්ලියට ගිහිං යාඥාකරන්නේ.. දෙවියන්ගේ කැමැත්ත ඉටුවෙලා ඉවරයි.. රිසානාට නිවන් සුව ලැබීමට මග සැළසේවා..!
මේ වෙනුවෙන් ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ අය මොකවත් කළේ නැහැ ඇයගේ ජීවිතය බේරගන්න.. මේක හොද පාඩමක් කාන්තාවන්ට මැද පෙරදිග රටවලට යන.. නවත්තන්න මැදපෙරදිග රටවලට යන එක. අපේ කම්කරු ඇමතිතුමා මේ ගැන සොයා බලන්න..!(නු)
රජය මේවාට වගකිවයුතුයි.!(නු)
රජය වග කිවයුතුයි ගෘහසේවයට කාන්තාවකන් යැවීම ගැන..!(නු)
ඉස්ලාම් බැතිමතුනි, ඔබේ ආගම ඔබලාට මහා අසාධාරණයක් කරමින් සිටිනා බව හොදින් බලන්න. කරුණාව, දයාව, අනුකම්පාව මහත් සේ බෙදාදෙන බුදු දහම හා එක්වන්න. ඔබලාට සදා සැනසිල්ල ලැබෙනු ඇත. (නි)
ඔබට නිවන් සුව රිසානා! (නි)
මේවාට අදහස් ප්‍රකාශ කරලා වැඩක් නැහැ. මුස්ලිම් බහුතරය මෙවැනි දඩුවම් අනුමත කරනවා. ඔවුන් හිතන්නේ දෙවියන්ගේ නමින් මොන දේ කළත් හරි කියායි. යුක්තියට ධර්මයට හරි වැරැද්දට එහිදී ඉඩක්නැත. දෙවියන්ට මෙවැනි පහත් අපරාධ කිසිදා වැළැක්විය නොහැකි බව මිනිසා යම් දවසක අවබෝධ කර ගතහොත් එදාට මිනිසාට තමන්ගේම දෙපයින් නැගීසිට සැමදෙනා වෙනුවෙන්ම යුක්තිය ඉටුකරගත හැකිවනු ඇත. දෙවියන් මිනිසා මැවුවාද මිනිසා විසින් දෙවියන් මැවුවාද යන්න නැවතත් සිතාබලනු මැනවි. (නි)
මෙයාලාගේ ආගම මොකද්ද ඇත්තටම.!(නු)
අනුකම්පාවක් සාධාරනයක් නැති නීතියක්.. රිසානාට නිවන් සුව..!(නු)
තවත් හලාල් සහතිකයක්ද? (නි)
මේ වගේ අහිංසකයින් තමයි ලංකාවට විදේශ විනිමය ගෙනෙන්නේ. ඒත් ඒ අයට අපි මොනවද දෙන්නේ? (නි)
පවු අනේ රිසානා. ඔබට නිවන්සුව (ස)
ඇයි මේ කාන්තාවන්ම යන්නේ පිරිමි නැද්ද (දී)
ඔබට නිවන් සුව ලැබේවා (දී)
අපේ රටේ කාන්තාවන් රට රැකියා වලට යන්න එපා (දී)
මෙවන් විපතක් කාටවත් සිදු නොවේවා (දී)
මටනම් හරිම කනගාටුයි (දී)
හදවත පැලෙන්න තරම් දුකයි. අපේ කාන්තාවන්ට රට යන්න එපා කියලා අවවාධ කරන්න (ස)
මෙන්න රටවල්වල නීතිය ක්‍රියාත්මක වෙන හැටි ..ඒකට අපේ රටේ ...?? (ස)
ශ්රී ලංකික මුස්ලිම්වරු සෞදිකාරයෙක්ව ලංකාවේදී අල්ලා, අල්ලා ළඟට යැවිය යුතුයි. එවිට ඔවුන්ටම මරණයේ වේදනාව දැනේවි. (නි)
රංජන් හරි. ෂරියා නීතිය ඉතා ප්‍රාතමිකයි (ස)
මේ තිරිසන් මුර්ඝයන්ට කඹුරන්න රට යන්නේ නැතිව තියෙන හැටියට කාල හිටියනම් ඉවරයිනේ. (ස)
මේකනම් මහා මහා තිරිසන් නීතියක් , පවු ඒ දරුවා (ස)
අයියෝ (දී)
ඔබට නිවන් සුව (ස)
රිසාන සහෝදරිය ආගම සැමදා පිහිටවනුයේ ධනපතියන්ටයි.. ලංකාවෙ හෝ පිටරට කවුරු හෝ මුස්ලිම් නායකයෙක් ඔබ වෙනුවෙන් හඩ නොනගයි..!(නු)
සල්ලි තිබුණට මොලයක් නැති මිනිස්සු ඉන්න රටක් . කවදාවත් යහපතක් වෙන්නෑ මේ කර දේටනම් (ස)
කොයි රටටවත් කාන්තාවන් යවන්න එපා ගෘහසේවයට..!(නු)
අපේ රටින් සමාව ඉල්ලලත් සමාවක් නොදුන් එකේ අපේ කාන්තාවන් එහේ යවන එක නැවැත්විය යුතුයි (ස)
දැන්වත් වහල් සේවය නවත්තමුද? සෞදි අරාබිකාරයෙක් ඕක කළා නම් අපේ අය එතුමාව ගෙදරත් ගිහින් බස්සවලා මෙලහකටත්.. (නි)
සෞදි ශ්‍රී ලාංකා තානාපතිකාර්යාලය ගැන කණගාටුයි.. එයාලට මේ ගැනයමක් කරන්න තිබුණා.. මේ තාත්තාත් වගකියන්න ඕන පොඩි ළමයෙක් පිටරට යැවීම ගැන.. හරිම කණගාටුයි.. (නු)
මේ වසරේ ඉතාම සන්වේදී පවුත මෙය විය හැක. හද කම්පා වෙන පුවතකි. ඔබේ කොයි ආගමේ උනත් අපි මෙය හෙලා දකිනවා.. ඔබ අපේ නෙතට කදුලක් එක් කලා නංගියේ..!(නු)
මට රිසානා ගැන අවංකවම දුකයි. මම හිතුවේ එයා එයි කියලා. එනවා කියලනේ කිවුවේ. ඒ ලමයා එනකොට නංගිලට අරං එන්න එයාට ලැබුණු ඇඳුම්, සබන් එකතු කරලා තිබුණලු. ඒ ලමයත් හිතාගෙන ඉන්න ඇත්තේ ගෙදර යන්න. ඒත් දැන් වුණ දේ වෙලා ඉවරයි. මෙහෙම දේවල් නැවත නොවෙන්න වග බලා ගන්න ඕනෑ. කාගෙ වුණත් මෙහෙන් ගිය දරුවෙක්. අපි සිංහලයො විදිහට මේ ගැන දුක් වෙනවා වගේම මේවට විරුද්ධ වෙන්නත් ඕනෑ. (නි)
ඔබෙ ජීවිතය සදහටම නැවතුණා. මගේ ජීවිතය මොහොතකට නැවතුණා. (නි)
රිසානාගෙ මරණය හද සසල කිරීමක්, සත්‍ය දන්නේ අල්ලාහු සහ ඇය පමණයි. රටක් නිතිය ක්‍රියාත්මක වී ඇත. ආගම් භේදයක් එහි නැත. අද ලංකාවේ සිදුවන මිනීමැරුම් සංඛ්‍යාව කොපමණද? මරණයෙන් දඩුවම් ලැබුණේ කාටද? රිසානාට සමාව දිය හැකිව තිබුණේ දරුවාගේ මවට හෝ පියාට පමණයි. මෙය අපේ දේශපාලුවෝ නොදැන සිටියා නොවේ, නැටුවේ නාඩගමකි. ඇය ගේ මරණය සැළවීමෙන් හද සසල විය. නමුත් මුළු ලොවටම පණිවුඩයක් ලැබී ඇත. එනම් සෞදියේදී කෙසේ හැසිරිය යුතුද යන්නයි. ලංකාවේ මෙම නීතිය තිබුණා නම් කැලණියේ පුදබිම පුදබිමක් සේ දැකගත හැක. තම දරුවන් පාතාලයට බිලිදුන් මවුවරුනි, පියා බිලිදුන් දරුවනි, සැමියා බිලිදුන් බිරින්දෑවරුනි, මෙම නිතිය ලංකාවේ තිබුණා නම් ඔබව හැරගිය අය අදත් ඔබ සමග නේද? ලංකාවේ නීතිය මිනීමරුවනට දඩුවම් දුන්නද? අසාධාරනය සිදුවුයේ ඔබටයි. වෙනකෙකුට එහි වේදනාව හෝ පාඩුව නොතේරේ. මෙය නොතේරීම අපගේ අවාසනාවන්තකමයි. (නි)
මේකට ආගමක් කියන අයටත් ශාප වෙනවා. මේ මිනිස්සු කොච්චර දුප්පත් අසරණ මිනිස්සුද කියලා මහ ලොකු ආගම්කාරයන්ට පේන්නෙ නැති එකනේ පුදුමේ. (නි)
සෞදියට ගෘහ සේවිකාවන් යැවීම වහා නතර කළ යුතුයි. (නි)
ලංකාවෙ නීතිත් මේ වගේ දැඩි කරන්න. (නු)
මෙහෙමත් නීති..!(නු)
මේක තමයි ලොකුම විනාශය ආයෙ වෙනම විනාශ වෙන්න දෙයක් නැහැ..! (නු)
මේ අයට තානාපති කාර්යාලට ළගට ගිහිං උපවාසයක් කරන්න බැරිද? මේක නිකං යන්න දෙන්න හොද නැහැ.. හරිම දුකයි..! (නු)
සෞදියට කාන්තාවන් යවන එක වහාම නවත්වන්නට වගකිවයුත්තන්ට කොන්දක් ඇති වේවා . මේ තරුණිය ඔවුන්ගේ ආගමේ උනත් ශ්‍රී ලාංකිකයෙක් මනුස්සකම් ඇති ජාතියක් ලෙස මේවා අනුමත නොකල යුතුයි (ස)
ගරු ජනපතිතුමනි, අපේ ලංකාවේ අහිංසක ඉල්ලීමටවත් කන් නොදුන් සෞදි අරාබි වගකිවයුත්තන් වහාම රටින් පිටකරන්න. මින් මතුවට රිෂානා නමින් නීතියක් ගෙනවිත්, සෞදියට කාන්තාවන් යැවීම සපුරා තහනම් කරන්න. කරුණාකර මෙම ඉල්ලීම සලකා බලන්න. (නි)
රිසානා වෙනුවෙන් ශ්‍රී ලාංකිකඅපි එකතුවෙලා උදව් කරන්න සූදානම් වෙමු.. රිසානා දිවි දුන්නා අපේ රට සහ ඇගේ පවුල වෙනුවෙන්..! (නු)
කියන්න වචන නැත, තිබුනත් කීමට හැකියාවක් නැත.සිංහල සහෝදර වරුනි, ජාතිය කෙසේ වෙතත් අප රටේ කෙනෙකුට විපතක් වන විට සියලු දෙනා එකතුවීම ගැන ගොඩක් ආඩම්බරයි. පවුලේ සාමාජිකයන්ගේ අනාගතය වෙනුවෙන් මා දෙවියන් ප්‍රර්ථනා කරමි. (ස)
ළමයින්ට කන්න බොන්න අඳින්න දෙන්න බැරිනම් ඇයි මේ මිනිස්සු ඔච්චර ළමයින් හදන්නේ? (ස)
මෙහෙමත් අය තවත් ඇද්ද? ඇයි ඉතිං මේ වගේ අය ඉන්න රටකට තවත් සේවයට යවන්නේ? දැංවත් බුදුදහම පැත්තට හැරෙන්න..! (නු)
දැන්වත් අරාබියට ගෘහසේවිකාවන් යැවීම නවත්වන්න (ස)
කාන්තාවන් රට යද්දී ඔවුන්ගේ වයස ගැන ගුවන් තොටුපළේදී පරීක්ෂා කළයුතුයි. (නි)
දෙවියනේ! දැන්වත් ලංකාවේ අහිංසක ගැහැණුන් මේ රටට යවන එක නතර කරන්න . (නි)
රිසානා, ඔබට නිවන් සුව ලැබේවා! (නි)
අනේ දුවේ
මට කියන්න වචන නැහැ, මගේ කනගාටුව (දී)
කනගාටු දායක පුවතක්
දෙවියන් මිනීමරන්න අවසර දෙනවාද? (නි)
නිතියේ වරදක් නැහැ,,කුඩා ළමයාගේ දෙමව්පියනට තිබුණා මෙයට සමාව දෙන්න. නමුත් අපි ඔවුන්ගේ මානසික තත්වය දන්නේ නැහැ . අවුරුදු ගණන් සමාව නොදී ඉන්න හේතුව කුමක්ද කියා ? (ස)
තාරුණ්‍යයට හෙටක්ද? නැත්නම් ආසියාවේ ආශ්චර්යයද? (නි)
ආගම, ජාතිය කුමක් වුවත් ඔබට සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ශෝකය පළ කරන්නෙමු. මතු භවයෙදීවත් ඔබට මෙවන් මරණයක් අත්නොවේවා! ඔබට නිවන් සුව..... !!! (නි)
මානව හිමිකම් ගැන තුට්ටුවකටවත් මායිම් නොකරන මිනිස්සු ඉන්න රටක්.... (නි)
අප ඒ ඒ රටවල පවතින නීති ගරු කළ යුතුය. අප රටේ හිඩැස් තිබුණාට එහි එය නැති හැඩයි. මේ රටටද අවශ්‍ය වන්නේ එවැනි නීතියි. නැත්නම් තව වසර කීපයකින් මේ දේශය තවත් වාර්ථා කීපයක් ලබාගනු ඇත. (ජාත්‍යන්තර ම්ට්ටමින්) (නි)
වහල් සේවයට කාන්තාවන් යවන්න එපා (ස)
රිසානා ඔබට නිවන් සුව (ස)
මේකටත් කියමුකෝ දෙවියන්ගේ කැමැත්ත කියලා. නේද? (නි)
මෙහෙමත් විපතක් නැවත නොවේවා, රිසානා ඔබට නිවන් සුව (දී)
අනේ අපොයි රිසානා (දී)
අනේ රිසානා
මේ දඩුවම ශර්යා නීතියට අනුවයි.. ඒකට කරන්න දෙයක් නැහැ.. මේක අවබෝධකරගන්න නමුත් සෑම පුද්ලයකුටම පුළුවං මේගොල්ලන්ට උදව් කරන්න. සහ මෙවැනි දේවල් වන එක නවත්තන්න මිං මතුවටවත්. (නු)
කෝ දැන් වගකිව යුත්තන් (ස)
අපේ රටේ ලොකු පොඩි කවුරුත් මේවා ආදර්ශයට ගත යුතුයි.. නීතියට කවුරුත් යටත් විය යුතුයි.. නීතියට අවනත විය යුතුයි.. (නු)
දරුවන්ව විකුණන් කන්න ඉඩ දෙන්න එපා (ස)
මේවා කාට කාතත් පාඩම්.! (නු)
හොදම පාඩම තමයි සෟදි රජයෙන් ලබා ගත හැකි.. නීතිය නම් නීතිය.. මේවගේ නීතියක් ලංකාවටත් අවශ්‍යයි.. (නු)
නංගියේ, ඔබට වඩා දරුණු අපරාධ කළ අය අද නිදැල්ලේ. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
රිසානා, ඔබට නිවන් සුව! (නි)
රිසානාව බේරාගන්න මුස්ලිම් මිනිස්සුන්ට වඩා උත්සාහ කළේ සිංහල අයයි. ඔබට නිවන් සුව! (නි)
සැකයේ වාසිය විත්තියට අහිමි වූ හරිම කණගාටුදායක පුවතක්. (නි)
අපිට හරිම කණගාටුයි දියණිය ඔබ ගැන..! (නු)
ඉතාම කණගාටුයි දුප්පත් රිසානා..! (නු)
කිරි හිස්පොල්ලෙ ගිය දරුවගෙ වරද මකා..... රිසානාගෙන් පලිගති අඩුවිය නොතකා..... අළුගෝසුවෙකි ඇයගේ හිස සින්ද එකා..... වැඩිකල් නොගොස් ඔහු බිල්ලට ගනියි යකා (නි)
අපේ මතය වන්නේ ලංකාවෙ තියෙන තානාපති සේවය නතර කළ යුතු යුතුයි. නමුත් එය කිරිමට බැරි බව අපි දන්නවා. (නි)
ඒ බිහිසුණු මොහොත මතක් වෙනකොටත් දුකයි (දී)
මෙවන් අකල් මරණ සිදු නොවේවා (දී)
මට කියන්න මොකුත් නැහැ. නිවන් සුව පතමි (දී)
අපි මොන දේවල් කිව්වත් දැන් ජීවිතයක් ඉවර උනා නේද? කවුද මේකට වග කිව යුත්තේ? අපරාධයක් කලාම දඬුවම් තියෙනවා. ඒ අපරාධය කල සහ සැලසුම් කල පිළිවෙල අනුව. මෙතන ඇත්තටම හිතා මතා අපරාධයක් කලබවක් අපට පේන්න තිබුනේ නැහැ අත්වැරදීමක් හැර. මේකට සවුදි අරබියාවට දොස් කියල වැඩකුත් නැහැ ඒක ඒ රටේ නීතිය නිසා. එකම ආගමේ උනත් නීතිය නීතියමයි. ඒත් කොහේදෝ වැරදීමක් තියෙනවා. ඒ නිසා තමයි මේ තරුණ ජීවිතය නැති උනේ. අන්න ඒ වැරැද්ද අපි හදා ගත්තොත්, අඩු වශයෙන් ඉදිරියට මේ වගේ දේවල් නොවෙන්න කටයුතු කල හැකි වේවි. (ස)
ඇයි මුසල්මානුවෝ පෙළපාලි, විරෝධතා පිකටින් කරන්නේ නැත්තේ? අල්ලාගේ ආගමේ හැටියට මෙය සාධාරණ ගෙල සිදීමක්ද? අපට නොපෙනෙන මුස්ලිම් සමාජයේ තරම හිතාගත හැකියි. අර අම්මාට, තාත්තාට හැර අනිත් මුස්ලිමුන්ට මෙය අල්ලාගේ නීතියයි. (නි)
ජීවිතයක ඉරණම (දී)
රිසානා ඔබට නිවන් සුව අත් වේවා (දී)
වහල් සේවයට කාන්තාවන් සපයන එකම ආශ්චර්යමත් දීපය මෙයයි. (නි)
තවත් යන්නකෝ රට. (නි)
ඔබ ජිවිතයෙන් වන්දි ගෙවුවා (දී)
මේ අය බටහිර ජාතියේ කෙනෙක්ව මේ විදියට කවදාවත් මරන්නෙ නැහැ.. (නු)
හීනෙකින්වත් හිතපු නැති දෙයක් නේ (දී)
රිසානා හිතා මතා කරපු දෙයක් නෙමෙයිනේ මේක.. ඒක හොදට පැහැදිළියි. එකම ආගම අදහන මිනිසුන් විදියට සමාව දෙන්න තිබුණා.. ශ්‍රි ලාංකිකයන් වශයෙන් මේ මොහොතේ අපි දුක් වෙනවා..! (නු)
අයියෝ දෙයියනේ (දී)
කනගාටුයි.. ගොඩාක් කනගාටුයි (දී)
ඇයි මේ ගැන වගකිව යුතු නිලධාරීන් නිහඬ (ස)
සමාව ලැබෙනවා කියලා කලිනුත් කිව්නේ (ස)
මේ දඬුවම මේ කාන්තාවට ඇමෙරිකාව වගේ රටකින් දුන්නනම් අද ලංකාවේ ඉන්න ඔක්කොම මුස්ලිම් මිනිස්සු ඇමෙරිකාවට විරුද්දව පෙළපාලි යනවා.නමුත් ඒ රටවල් මේ වගේ ම්ලේච්ඡ වැඩ කරන්නේ නැහැ (ස)
ඔය තරම් දරුණු ඇයි (දී)
රිසානා අදහපු දෙවියන්ට පෙනුනෙ නැද්ද අසාධාරණය. අත්වැරදීමකට මරණ දඩුවම දීලා. අපේ සහෝදරියො මේ රටට යවන්න හොද නැහැ. (නි)
ඔය රටවල හිස ගසා දමන්නේ ඉතා වේදනාකාරී භයංකාර වීදීයකට කියලයි අපි අන්තර්ජාලයෙන් දැකලා තියෙන්නේ. රිසානාව බේරගන්න අදාල බලධාරියො නිසි අවධානයකින් දිගටම කටයුතු කළාද කියන එකයි ගැටලුව. නැත්නම් මෙච්චර බිහිසුණු මරණයකට දිනය ලංවෙලා තියෙද්දී වගේ වගක් නැතුව කියෙවුවෙ ඇය අද හෙට නිදහස් වෙලා ගෙදර එනවා කියලා. ඒ මදිවට ඊයෙ පෙරේදා පත්තර වලත් දාල රට මුලාකලා. මේවට උත්තර ඕනෑ. (නි)-
මෙවන් කතා නැවත අපිට අසන්නට නොලැබේවා (දී)
මොහොමඩ් මේක ඒ රටේ නීතිය , ආගම් ගාවන්න එපා කියලා කිව්වට මේක අගමික නීතිය නේද ??
රිසානා ගැන ලියන්න දෙයක් නෑ (ස)
අපරාදේ ජිවිතයක් (දී)
කිසිවෙකුටත් මෙවන් විපතක් සිදු නොවේවා (දී)
දෙවියනි ඔබ මැවු ලෝකය පුදුමයි.....රිසානා ඔබට නිවන් සුව (ස)
අපි පරක්කු වැඩි (දී)
අයියෝ කෙල්ල (දී)
මොන හිතකින්ද ඒ වැඩේ කලේ (දී)
අවුරුදු හතක් තියෙද්දී බේරගන්න බැරි වුණ එකේ අද හෙට බේරගන්න හදනවා කියලා කියද්දි මට තේරුනා ඒක නොවෙන දෙයක් බව (ස)
යුක්තිය ඉෂ්ඨ විය (ස)
අපේ කනගාටුව (දී)
අනේ.. අපොයි (දී)
ඔබට නිවන් සුව ලැබේවා (ස)
අපෝ. මටනම් බැහැ දකින්න නෙවෙයි අහන්නවත්. ඇඟ කිලි පොලා යනවා (දී)
මොහොමඩ් මේක අල්ලා දෙවියන්ගෙ කැමැත්ත නම් ඔයාලා අදහන්නෙ මහ කෲර දෙවියෙක්වනෙ. (නි)
ඉතාම කණගාටුයි. (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
මටනම් අහන් ඉන්න බැහැ (දී)
රටින් රටට තියෙන්නේ අමුතු අමුතු දඬුවම් ක්‍රම (දී)
ඔබට නිවන් සුව පතමි, නැවත මෙවන් දෙයක් කිසි දවසක නොවේවා (දී)
නැවත මෙවන් විපතක් කිසිවකුට නොවේවා! ඔබට නිවන් සුව ලැබේවා! (නි)
අපි උත්සාහ නොකලා නොවෙයි ඒ සියලු උත්සාහ වතුරේ ගියා (දී)
ඇයි ලංකාවෙන් මෙහෙම රටවලට කාන්තාවන් යැවීම නතර කරන්න බැරි? (නි)
මේ ළමයගේ පවුලේ අයට ගෙයක් හදලා දුන්නොත් හොඳයි නේද ? (ස)
කාට කියන්නද මෙදුක (දී)
අපෝ.. ඇඟ හිරි වැටෙනවා ඇහෙන කොටත් (දී)
කනගාටු දායක පුවතක් (දී)
මොන හිතකින් එහෙම කලාද (දී)
ඔබට නිවන් සුව (දී)
මේ රටවල් වල ඉවසීමෙන් වැඩ කර තරමට තමයි සැනසීම ලැබෙන්නේ .අවසානයේ මට කියන්න තියෙන්නේ එපමණයි (ස)
රුහුණුපුත්‍ර, ඔයා සිංහල නම්වලින් අදහස් දාන්නේ, ලැජ්ජයිද තමන්ගේ නම දාන්න? ශාරියා නීතිය කියන්නේ ඉස්ලාම් ආගමේ කොටසක් මිස සෞදියේ විතරක් තියෙන නීතියක් නෙවෙයි. ඕක තමයි, පකිස්ථානේ, ඇෆ්ගනිස්ථානේ වගේ රටවලත් දරුණුවටම තියෙන්නේ. ලැජ්ජා නැද්ද බොරු කියන්න? මුස්ලිම් අයට ඕක පිළිගැනීම අනිවාර්යයි. ඔයා කැමති වුණත් නැතත්! ඔයා ඒකයි නොකියන රහස! (නි)
දයාබර රිසානා ඔබ නැවත අප අතරම ඉපදේවා (ස)
ඉස්මිත්, ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක සෞදියට වැඩක් නැහැ. අනික සෞදිය කියන්නේ 100% ඉස්ලාම් රටක්. ඔය 'රටක් නීතිය ක්‍රියාත්මක වී ඇත' කිව්වට ඕක තමයි මුස්ලිම් හැමෝටම අදාල, කෙලින් නොකියන "ශාරියා" නීතිය. (නි)
මොකක්ද මේ ෂරියා කියන නීතිය? (නි)
කණගාටුයි තමයි. ඒත් මේක තමයි සෞදියේ තියෙන ඉස්ලාම් ශරියා නීතිය. හරිම කණගාටුයි, අපේ අයටත් මෙහෙම වීම ගැන. (නි)
මට අපේ ජාතිය එපා වුණා. (නි)
මට අදහා ගන්න බැහැ මේ වෙච්චි සිද්දිය (දී)
අනේ දෙවියනි, අපිව බේරාගන්න. අපිව නම් කිසිදු භවයක මුස්ලිම්වරයෙක් වී නොඉපදේවා! (නි)
රිසානා, ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ගැණු රට ඇරලා මිනිස්සු උඩබලාගෙන ඉන්නවා. වෙන රටවලට බැණලා පලක් නැහැ. මේක නම්බුකාර රැකියාවක්ද? මෙපමණ කාලයක් පාර්ලිමේන්තුවෙ පුටු රත්කළ අය රටට යමක් කළාද? (නි)
සත්‍යය දන්නේ රිසානා පමණී. (නි)
කාන්තාවන්ට රට රැකියා වලට යන්න දෙන්න එපා (දී)
අයියෝ සල්ලි (දී)
අපේ කෙල්ලට නිවන් සුව (දී)
ජාතිය මොකක් උනත් අපි සේරම ලාංකිකයෝ (දී)
කොහොමද මේ දේ ලංකාවේ උනානම්. මුස්ලිම් රටක උණ නිසානේ ඔය නිශ්ෂබ්ධව ඉන්නේ. (ස)
අපි සේරම ලාංකිකයෝ. අපි සේරම දුක් විය යුතු මොහොතක් මේක (දී)
මේ වගෙ අන්ත දුප්පත් මිනිස්සු රට පුරාම ඉන්නවා. තමන් ළග සල්ලි මොනතරම් තියෙනවද කියලා කියන්න බැරි තරම් පෝසත් මිනිස්සුත් ඉන්නවා. දැන් රිසානා මරා දැම්මට පස්සෙ පාලකයො,දානපතියො පැල් බැඳගෙන එයි මේ පවුල නගා සිටුවන්න (එසේම වේවා!) නමුත් තවත් මේ වගෙ පවුල් තියෙනවා...අර නැගුම,මේ නැගුම කියකියා ලස්සන නම් දාලා වැඩක් නැහැ. බැරිම තැන දුප්පත් මිනිස්සු රට ගිහින් බෙලි කැපෙන තරමට වැඩ තමයි සිදු වෙන්නෙ. මේ මිනිස්සුන්ගෙ ගේ දැක්කම හිතෙන්නෙ නැද්ද බොරු කරලා හරි රට යවන්න හේතුව??? (නි)
අනේ අපේ කෙල්ල (දී)
රටක් තුල වෙසෙන අපි සේරම ඒ රටේ වැසියෝ. ජාති වශයෙන් වෙනසක් නැහැ (දී)
නිවන් සුව එක එක්කෙනාට ලබා දෙන්න බැරි බව තේරුම් ගන්න (ස)
අපි රිසානාගේ දෙමවුපියන්ට උදවු කරමු (දී)
අපි කාටවත් බැරි උනා මේ කෙල්ලව බේරා ගන්න. අපේ උත්සාහය වතුරේ ගියා අපේ කෙල්ලට නිවන් සුව (දී)
රිසානාට වුණ දේ ගැන අද මුලු ලෝකයම දුක්වෙනවා. (නි)
දුකයි මට ඔබ ගැන (දී)
අර පූජක කෙනෙක් ඊයෙ ජනමාධ්‍ය වලට කිවුවා නේද මරපු එකට එකගයි කියලා? (නි)
හලාල් ගේන්න පුළුවන් නම්, ෆරියා නීතිය ගෙනත් මුස්ලිම්ලට ක්‍රියාත්මක කරමු. වැඩේ ඉවරනෙ. එයාලා කැමතියිත් කිවුවනෙ. ආගම නාමයෙන් අනිත් ආගම්වල අයත් මරනවා. තමුන්ගෙ අයත් මරනවා. අද ලෝකයට පිළිලයක් මේක. (නි)
මුස්ලිම් අය එකතු කරලා අගහරු වලට යවන්න බැරිද? එතකොට ඇතිතරම් වර්ගයා හදාගත්තහැකි. (නි)
අවාසනාවක තරම (දී)
මොන හිතකින්ද එහෙම කලේ (දී)
කෝ අපේ මුස්ලිම් සහොදරවරුන්ගේ හඬ ?? (ස)
මම හිතුවා ඒ කෙල්ල නිදහස් වෙයි කියලා (දී)
මේ මොන අපරාධයක්ද මේ (දී)
මමනම් කිසිසේත් පිළිගන්නේ නැහැ සෞදිය නීතිය හරියටම ක්‍රියාත්මක කරන රටක් කියන බව. ඒ රටේ නීතිය ක්‍රියාත්මක කළේ එරටේ කෙනෙකුට එම දෙය වූ නිසයි. එහෙම නම් මෙහෙවරකමට යන අපේ අයට ඒ රටේ අයගෙන් මොනතරම් අපරාධ වෙනවද? කෝ!!!ඒවට ඔය කියන ශරීයා නීතිය??? (නි)
අතිශය කනගාටු දායක පුවතක් (දී)
ලංකාවේ ඉන්න මුස්ලිම් අයටත් මෙම නීතියම ක්‍රියාත්මක කරන්න. (නි)
රිසානා,ඔබට නිවන් සුව ලැබේවා! (නි)
අයියෝ කෙල්ලේ ඔබට නිවන් සුව පතිමි (දී)
රිසානා,ඔබත් මද්දුම බණ්ඩාර කෙනෙක් (දී)
අල්ලා දෙවියනේ, මෙහෙමත් නීතියක්. (නි)
පෙරේරාගේ අදහසේ ගැබ්වූ සත්‍යතාවය පහත සඳහන් කරුණ අතරින්ද මනාව ඔප්පු වේ. සෞදිය මේ දක්වා කිසිම සුදු ජාතිකයකුගේ ගෙළ සිඳ මරාදමා නැත. රිසානා, බලවත් යුරෝපීය ජාතික රටක දරුවෙක් වූවා නම් ඊළඟ ගුවන් යානයට නංවා ගෙදර යවනවා නිසැකය. ඔය කියන දෙපිටකාට්ටු නීතියට අසුවන්නේ ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්තානය, පිලිපීනය ආදී රටවලින් අඩූ වැඩට ආ අය පමණයි. (නි)
දම්සර නිවැරදියි. (නි)
අරාබියේ අයටත් මේ වගේම තමයි කරන්න ඕනෑ. (නි)
අපොයි....අපොයි.... අපිට අපේ කෙල්ල වෙනුවෙන් මොකුත් කර ගන්න බැරි උනා (දී)
අපේ රටින් ගිහිල්ලා ගුටිකාලා අන්තිමට පෙට්ටිවල දාලා මේ රටට එවන අයගේ මරණවලට වගකිවයුත්තන්ට එයාලගේ ශරියා නීතිය බලපාන්නෙ නැද්ද දන්නෙ නැහැ. (නි)
ඔබ යළි අප අතරම ඉපදෙන්න. නමුත් යළිත් මෙවන් රටකට නොයන්න. (නි)
මම වෙන වෙබ් පිටුවකින් ඊට අදාළ වෙනින් වීඩියෝ වගයක් බැලුවා ඒවා බලන්න බැහැ (දී)
සාකච්චා කරලා විසදා ගන්න බැරිද (දී)
ලබා උපන් හැටි තමයි (දී)
බලන්න, පිටරට ඉන්න සමහරු දක්වා තිබෙන අදහස්.... (නි)
අනේ ! (නි)
මේ වැඩ කවදා හරි පටිසන් දෙවි (දී)
පුතේ අපිට හොද පාඩමි!!! (නි)
පවු. (නි)
අනේ අපේ කෙල්ල (දී)
කණගාටුයි. නමුත් නීතිය වෙනස් කරන්න රජුටත් නොහැකියි. (නි)
අනේ කොහොම ඉවසන්නද මේ දුක (දී)
ඔබට නිවන් සුව (ස)
වැඩක් නෑ අපි බොරුවට කෑගහල. එයාලා ඒ නීතියට කැමති නම් (ස)
නිවන්සුව ලැබේවා (ස)
වැඩක් නෑ අපි බොරුවට කෑගහල. එයාලා ඒ නීතියට කැමති නම් (ස)
අයියෝ දුවේ ඔබට නිවන් සුව (දී)
අයියෝ සල්ලි. මේ මොන අපරාධයක්ද (දී)
මම දැක්ක සෞදි අරාබි බළධාරීන් නිකුත් කළ ප්‍රකාශනයක තිබුණා රිසානාගේ වයස 21ක් යැයි ගමන් බලපත්‍රයේ තිබුණ නිසා කියලා ඇයට මරණ දණ්ඩනය නියම වුණේ. කවුරු මොනවා කිව්වත් දැන් සිදුවුණ දේ සිදුවී හමාරයි. මේ හැම දේකටම මුල දරිද්‍රතාවයයි. කවදා හරි දරිද්‍රතාවය නැති කළ දිනෙක මෙවන් දෑ අපට අහන්න ලැබෙන එකක් නැහැ. (නි)
අපේ රටේ ෂරියා නීති ක්‍රියාත්මක කරන්න හදන අයටත් විරුද්ධව දැඩි පියවර ගන්න ඕනෑ. (නි)
ෂරියා නීතිය තියෙන්නේ මිනිස් සමාජය හදන්න මිසක් වනසන්න නෙමෙයි. (නි)
ඇයි අපේ අයව මෙහෙම පොඩි වැරදි වලට මරාදාන්නේ? (නි)
අහිංසක දරුවා නිරපරාදේ ජීවිතෙන් වන්දි ගෙව්වා. (දී)
අයියෝ සල්ලි (දී)
හිතක් පපුවක් නැතිවද මේ වගේ මල් කකුලක් විනාශ කෙරුවේ? (දී)