නීතී විරෝධීව හෝ අනවසරයෙන් සෞදි අරාබියේ රැදී සිටින ආසියාතික රටවල ශ්‍රමිකයින් වෙනුවෙන් ගත යුතු පියවර පිළිබදව සාකච්ඡා කිරීම සදහා සෞදි කම්කරු අමාත්‍යංශයේ දී සෙනසුරාදා (11) පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී වන ලෙස ශ්‍රී ලංකාව ,ඉන්දියාව ,පකිස්ථානය බංගලිදේශය නේපාලය හා පිලිපීනය නියෝජනය කරන තානාපති නිලධාරීන්ට ආරාධනා කර ඇතැයි ‘‘ඇරැබ් නිවුස් ‘‘ පුවත්පත කියයි.
සෞදි රජය විසින් දෙන ලද සහන කාල සීමාව හා සමගාමීව මෙම පියවර ගැනෙයි.
තානාපති කාර්යාලයයේ උසස් නිලධාරියකු පැවසුවේ කම්කරු අමාත්‍යංශය පවත්වන සාකච්ඡාව සදහා රියාද් ප්‍රධාන කාර්යාලයයේ නිලධාරීන් දෙදනකු ජෙඩා නුවර පිහිටි කොන්සියුලර් කාර්යාලයයෙන් නිලධාරියකුද ඊට සහභාගීවන බවයි .
සෞදියේ අවතැන් වුවන් වෙත කිසියම් සහනයක් ලබා දිමට ඉඩ ඇති බවත් සෙනසුරාදාවෙන් පසු ඒ පිළිබදව දැනගත හැකි බවත් ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට මොලේ නෑ හිස ගසා දාන්න නියෝග කරාවි. මේ කම්කරුවෝ උන්ගේ රටට බැල මෙහෙවර කලා කියල මුන්ගේ හිත් වල නෑ .(නදී)
අපේ අය හොද දෙයක් කරාවි.(නදී)
ඇයි සෙනරත් එහෙම කියන්නේ. සෞදි මිනිසුන් හැම කෙනාගෙම බෙලි කපාදාන්න තරම් මන්ද බුද්ධික පිරිසක් නොවෙයි. එසේ නම් ලක්ෂ සංඛ්‍යාත විදේශිකයින් එරට සේවය කරන්නේ කෙසේද?(නදී)
නදීගේ අදහස හරී කියලා මමත් හිතනවා.
මේ වනවිට ඉන්දියානු රජය හා පිලිපීන රජය සෞදි බලවතුන් සමග සාකච්චා වට කිහිපයක් කර අවසන්.කියන්න කණගාටුයි ශ්‍රී ලංකා රජය තවම අදුරේ අත පතගාමින් නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින් සිටි. ඉන්දියානු රජයේ යෝජනාව සහන කාලය තව මාස 3ක් දික්කර ගැනීමය.එම යෝජනාවට සෞදි බලධාරීන් එකග නොවීමත් සමගම ඇතිවූ මත ගැටුම නිසා සෞදි කම්කරු අමාත්‍යවරයා ආසියාතික තානාපතිවරු සෙනසුරාදා රියාද් අමාත්‍යංශයට කැදවීමට පියවර ගත්හ.සමහර විට අනවසර ශ්‍රමිකයන්ට මේ සාකච්චාව වාසි සහගත විය හැකි යයි අපි බලාපොරොත්තු වෙමු. ඒ වගේම ආසියා කලාපයේ ගංවතුරින් අවතැන් වුවන් ගැනද විශේෂ අවධානය යොමුකිරීමටද නියමිතය. (නි)
නිමල්ගේ කතාවට මම සීයට සීයක්ම එකගයි.(නදී)