සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ දමාම් 91 පිහිටි ආගමන විගමන කඳවුරේ රඳවා සිටින ඉන්දිය හා ශ්‍රී ලාංකික රැදවියන් වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් මල්ලක් බැගින්
ඉන්දිය ව්‍යාපාරික ප්‍රජාව විසින් පිරිනැමිණි.
දමාම් අවට වෙසෙන ඉන්දිය ව්‍යාපාරික ප්‍රජාව විසින් පරිත්‍යාග කෙරුණු මෙම භාණ්ඩ මල්ලට ටී ෂර්ට් කලිසම්,සරොම්,කමිසා,තුවා, දත් බෙහෙත්, සබන්, රෙදි සේදීමට ගන්නා කුඩු, යට ඇදුම් ඇතුළු දේ අඩංගු විය.
වටිනාකමින් රුපියල් 6000 ක පමණ වෙයි. ඉන්දීය ජාතිකයන් 500කට පමණ සහ එහි සිටින 75 දෙනකු පමණ වු ශ්‍රී ලාංකික රැදවියනටද මෙම තෑගි ලැබුනහ.
මෙතෙක් කිසිදු දිනෙක මෙවැනි ආධාර මල්ලක් මෙම කඳවුර තුළදී කිසිවෙකුත් පරිත්‍යාග කර නොමැත. කෙසේ වුවද අද (25) රාත්‍රී ශ්‍රී ලාංකික රැදවියන් එකොලොස් දෙනකු මව් බිමට යැවීමට සෞදි බලධාරීන් කටයුතුකර ඇති බවද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදව් කරපු සියලුදෙනාට දෙවියන්ගේ පිහිට ලැබේවා.(නදී)
සමහර පුද්ගලයන්ගේ හිතුවක්කාර ක්‍රියා නිසාත් තමන් රැකියාවට පැමිණි ස්ථානයේ රාජකාරි හරියට ඉටු නොකර වැඩිමුදල් බලාපොරොත්තුවෙන් එරට නීතිය පවා උල්ලංඝනය කරමින් තමන්ට රිසිසේ වෙනත් ස්ථානවල රැකියාවට යෑමෙන් සිදුවන ප්‍රතිවි පාකයන්ෙග් ඒක් අවස්ථාවක්.(නදී)
මතභේද මොනවා තිබුණත් සෞදිය අපේ ලොකු අයියානේ. (නි)
කව්රු කොහොම කිවුවත් ගැහැණු රට යවන්න එපා. රට ගෙවල් වලින් පැන්නහම බංගලි ගෙනහින් විකුණනවා. ඕකයි සැබෑ තත්ත්වය. අතීතයේදී අපි අනුන්ගේ ඉදුල් හෝදන්න ගියේ නැහැනේ. දැන් සිංහලයොත් අරාබින්ගේ වැසිකිළි හෝදනවා. ලංකාවේ ගැහැනුන්ට තියෙන තැන. ලැජ්ජයි නේද? (නි)
මෙහෙන් අරාබි රටවලට යනකල් "ඕනෑම වැඩකට සුදානම් කියා යන කට්ටි , එම රටවලට ගියාට පසු නටන හිතුවක්කාරකමට, එයාලට කොහේ ගියත් හරි යන්නෙම නැහැ තමයි. (නි)
ශෙහාර්ට ලොකු අයියා වුණාට අපිට නම් එහෙම නැහැ. ශෙහාරුත් යන්නකෝ එහෙටම. (නි)
ඒ වුණාට අපේ සමහර පත්තිනි අම්මලා රට සල්ලි ව්තරක් නෙමෙයි ඉන්දියන් පැටවුනුත් අරගෙනයි ආපහු එන්නේ. (නි)
ස්තුති කරන්න ඕනේ