සෞදි අරාබියේ ජෙඩා කලාපයේ තායිෆි හි දී අනතුරකින් ලංකාවේ කාන්තාවෝ තිදෙනෙක් මරු මුවට පත් වුහ.
ගම්පහ වෑබඩ පස්යාල ආචාරිලාගේ පද්මා රංජනී (55), කඩවත සමරතුංග මුදියන්සේලාගේ සෝමලතා (56), හා කසීනා උම්මා අබ්දුල් හමීඩ්(52) යන එම තිදෙනාය.ඔවුහු මරදානේ ආයතනයකින් එහි රැකියාවකට ගියහ.
පිරිසිදු කරීමේ සෙවිකාවන් ලෙස ශ්‍රී ලංකාවේ සිට රැකියාවට පැමිණ ජෙඩා ගුවන් තොටුපළේ සිට වාහනයකින් ගමන් කරමින් සිටියදි තායිෆි මක්කම අධිවේගී මාර්ගයේ දී මේ අනතුර සිදු විය.
වාහනය පදවාගෙන පැමිණි බංගලිදේශ ජාතික රියදුරා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මුස්ලිම් කාන්තාවගේ මෘත දේහය මිහිදන් කළ අතර අනිකුත් කාන්තාව දෙදෙනාගේ මෘත දේහයන් තායිෆි හෙරා රජයේ රෝහලේ තැන්පත්කර ඇති බව ජෙඩා කොන්සියුලර් කාර්යාලය පවසයි.
නීතිමය කටයුතු නිම කර සිරුරු ශ්‍රී ලංකාවට පිටත්කර හැරීමට කටයුතු කරන බව තානාපති කොන්සියුලර් කාර්යාලය පවසයි.මරදානේ රැකියා එජන්සියකින් ඔවුන් පැමිණි බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට යන අය රක්ෂනය කරනවාද (දී)
අයියෝ සල්ලි නිසා නේද (දී)
දෙයියෝ සාක්කි!(නදී)
අනේ මේ වගේ අම්මලා අරාබියට යවන්න එපා. (නි)
වයස අවුරුදු 45ට වැඩි කාන්තාවන් විදේශ රැකියා වලට යවනවද? (නි)
පුදනකොටම කාපි යකා කිවුවලු. පවු අසරණ මිනිස්සු! (නි)
ඉතාම කණගාටුදායක සිදුවීමක්. (නි)
අෂ්ට ලෝක ධර්මයට පිටුපෑමට කිසිවෙකුට නොහැක. (නි)
මම දන්න නිසයි කියන්නේ. මොන ගණුදෙනුව කළත් ප්‍රවේශමෙන්! (නි)
පවු! අහිංසක ජීවිත තුනක්. (නි)
අපි සමාජයක් හැටියට මේ දේවල් වලට වග කියන්න ඕනේ (දී)
අයියෝ සල්ලි, දුප්පත් කම නිසානේ (දී)
සල්ලි නිසා ජීවිතය අවධානමකට ලක් කරන්න එපා (දී)
ලංකාවේ කට්ටියටම මොකද මෙහෙම වෙන්නේ (දී)
මොකද මේ කාන්තාවන් රට යන්නේ, කොන්ද පන තියෙන පිරිමි නැද්ද (දී)
පවුලේ බර ගෙනියන්න පිරිමියාට් බැරිද (දී)
බලන්න ඉතින් ලංකාවේ ඉන්න අය තමයි අසරණ උනේ (දී)
කාන්තාවන් රට රස්සාවට යවන්න එපා (දී)
මමනම් කියන්නේ පිරිමි අපි ලජ්ජා වෙන්න ඕනේ මේ වෙන දේවල් වලට (දී)
ඔබලාට නිවන් සුව (දී)
මේ අපේ රටේ මිනිස්සු ඒ මිනිස්සු මැරෙනකොට වග කියන්න ඕනේ අපි හැමෝම (දී)
සල්ලි සොයන්න ජිවිත පවා අවදානමේ දා ගන්නවා (දී)