විදේශ අමාත්‍යංශ තානාපති නිලධාරියකු වන වඩිවෙල් ක්‍රිෂ්ණමුර්ති මහතා සෞදි අරාබියේ රියාද් නුවරදී සෙනසුරාදා රාත්‍රි 9.20 ට ශ්‍රී ලංකා තානාපති පදවියේ වැඩ බාර ගැනීමට නියමිතය.
සෞදි අරාබි විදේශිය අමාත්‍යංශයේ විශේෂ පිළිගැනීමේ නිලධාරියෙක් ගුවන්තොටුපළේදී වඩිවේල් ක්‍රිෂ්ණමුර්ති මහතා පිළිගත්තේය.රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ අමාත්‍ය සිරිපාල ගම්මන්පිල මහතා පාහඩ් රජු ගුවන් තොටේදී නව තානාපති පිළිගත්තේය.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විශේෂ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයක් ඉටු කරමින් වසර තිහකට අධික විදේශ සේවා පළපුරුද්දක් ඇති ක්‍රිෂ්ණ මුර්ති මහතා සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් වැදගත් කාර්ය භාරයක් උසුලනු ඇතැයි තානාපති කාර්යාලයයේ තුන්වැනි ලේකම් රොෂාන් ගුණවර්ධන මහතා වෙත පවසයි.
කෙසේ වුවද බ්‍රහස්පතින්දා තානාපති කාර්යාලයයේ නිලධාරීන් හමු වු නව තානාපති ක්‍රිෂ්ණමුර්ති මහතා ඉදිරියේදී ගතයුතු පියවර පිළිබඳව කෙටි සාකච්ඡාවක් පැවැත් වු අතර ලබන සෙනසුරාදා (1) නිළ වශයෙන් තානාපති ලෙස වැඩබාර ගැනිමට කටයුතු කරනා බවද පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තානාපති සේවය කියන්නේ බොහොබ වැදගත් දෙයක් රටකට (දී)
රටවල් අතරේ සම්භන්දය තියෙන්නේ මේ වැඩ වලින් තමයි (දී)
ජයවේවා ඔබතුමාට (දී)
සුබ පැතුම්. වෙනසක් දැක ගන්න පුළුවන් වේවි කියා බලාපොරොතු වෙනවා. (නි)
සාර්ථකව වැඩ කරගෙන යන්න සුභපැතුම්. මොන තානාපති ආවත් වැඩක් නැහැ නිසි විමර්ශනයක් නොකෙරේ නම්. බලධාරියනි සියළු තානාපති කාර්යාල විමර්ශනය කරන්න (නි)
නව තානාපතිතුමා සාදරයෙන් පිළිගනිමු ! පසුගිය දශක 2ක තුල රියාද් තානාපති කාර්යාලයේ සේවය කළ මුස්ලිම් තානාපතිවරු 4 දෙනා දෙස ආපස්සට හැරී බැලුවොත් කළ සේවාව විවේචනයට ලක්කළ හැකිය. සිංහලද,මුස්ලිම්ද , දෙමළද, යන වග අපට අදාල නොවේ. ශ්‍රී ලංකා ශ්‍රමිකයන් වෙනුවෙන් සේවය කිරීමට යමෙක් පත්කලේ නම් ඒ සේවය නොපිරිහෙලා ඉටු කිරීම ඒ තනතුර දරන්නාගේ යුතුකමයි. නව තානාපතිතුමාගේ ක්‍රියාකලාපයන් ගැනත් අපි විමසිල්ලෙන් සිටිමු. ඔහු අප වෙනුවෙන් අගය කළ යුතු සේවයක් ඉටුකරාවි යන්න අපේ විශ්වාසයයි.රට වෙනුවෙන් අපි ඔබතුමාව සාදරයෙන් පිළිගනිමු! (නි)
බෙල්ල පරිස්සම් කරගන්න.(නදී)
සුබ අනාගතයක් !(නදී)
සාදරයෙන් උණුසුම් ලෙස පිළිගනිමු (නි)
මහත්තයෝ, පළමුව තානාපති කාර්යාලයේ ඉන්න හොර නිලදාරීන් ටික චුත කරලම වැඩේ පටන් ගත්තොත් නේද හොද? (නි)
කවුරු ආවත් අපේ ගෑනුන්ට දෙවියන්ගේම පිහිටයි, සෞදි නීති ඇතුළේ (නි)
සුභපැතුම් ඔබට
ඔබට අපගේ සුබ පැතුම් නව වෙනසක් ඇති කරන්න.(ස)
ඔබ තුමාට අපෙන් උණුසුම් සුබ පැතුම්. ඒ වගේ ඔබ තුමාගෙන් එක දෙයක් ඉල්ලා සිටිනවා ඔතන සිටින හරියට කතා කරන්න නොදන්නා අය වහාම මාරු කර දමන්න. කලින් සිටි අය ඔතන ගොඩක් මගෝඩි වැඩ කරා. දැන් අපි බලා පොරොත්තු වෙනවා ඔබතුමාගේ අවංක සාදාරන සේවයක් වෙයි කියලා.(ස)
බලමු මෙතුමා හරි වැඩක් කරාවිද කියල. (ස)
සෞදි අරාබියේ වෙසෙන ශ්‍රමිකයන් වශයෙන් අපි ඔබ තුමාව සාදරයෙන් පිළිගනිමු. මෙතෙක් තානාපති කාර්යාලයේ සිදුවූ අඩුපාඩු මගහරවා ලාංකීය ජනතාව වෙනුවෙන් සාධාරණිය සේවයක් ඉටු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. ආගම්, ජාති, කුල, මල භේද වලින් තොර සර්ව සාධාරණ සේවයක් කිරීමට අප සැමගේ සහායද ලබාදෙන අතර ඔබ තුමාට දිගු ගමනක් යාමට ශක්තිය ලැබේවායි ප්‍රර්ථනා කරමු.(ස)