IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


සෞදි දංගෙඩියෙන් බේරී ආ රාණි බලන්න තලතා යයි

වසර දෙකක කාලයක් සෞදි අරාබියාවේ සිර ගෙදරක කල් ගෙවූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් වූ ගලේවෙල කොලොන්ගොල්ලේ එම් .රාණි (29) පසුගියදා යළි ලංකාවට පැමිණියාය.

එක් දරු මවක වන ඇයගේ සුවදුක් සොයා බැලීම සඳහා විදේශ සේවා ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය ඇයගේ නිවසට පැමිණියාය. රාණි මහත්මියට ඉදිරියේදී ජිවත් වීමට අශ්‍ය පහසුකම් සලසා දීමටද ඇමතිනිය පොරොන්දු වුවාය .

ඇය සේවය කළ සෞදියේ අල්ගුරියාන්හි  නිවසේ සිටි මාස 9ක දරුවකු සුප්පුවක් උගුරේ සිරවී මියයාමේ සිද්ධියකට රාණි එරට පොලිසියේ අත්අඩංගුවට පත් වූවාය. ඒ ඇගේ හාම්පුතුන් පොලිසියට කළ පැමිණිල්ලක් අනුවය. රාණි දරුවා මැරූ බවට ඔවුහු චෝදනා කරති. හාම්පුතුන් පොලිසියට දන්වා ඇත්තේ දස වසරක් හිරේ දමා ඇගේ ගෙල කපා මරා දමන ලෙසයි යනුවෙන් ඇය කියන්නීය.

තමා 2014 සැප්තැම්බර් මාසයේ ගලේවෙල පොලිසිය ආසන්නයේ පවත්වාගෙන ගිය ලියාපදිංචි නැති ආයතනයකින් සෞදි ගිය බවද එම නිවසේ දරුවන් 6 දෙනකු බලාගත් බව ද 2014 නොවැම්බර්  මාසයේ දී එම සිදුවීම වූ බවද ඇය කියන්නීය. කුඩා දරුවාට බෝතලයකට සුප්පුව ගසා වතුර ලබාදී සාලයේ වැඩ කරමින් සිටියදී දරුවා මියගොස් තිබුණු බවත් එදා සිට තමන් එරට සිරගෙදර සිටි බවත් ඇය කීවාය.

තමන්ට ජීවිතය බේරා ගැනීමට ලක් රජය විශාල සහයෝගයක් ලබාදුන් බවද ඇය සඳහන් කළාය. රාණි ගේ මව කිවේ සියලු දෙනාට පින් සිදුවන්නට දියණිය ලැබුණු බවය. රාණි ගෘහ සේවයට යැවූ පෞද්ගලික රැකියා ආයතනය ඇයව ගෙන්වා දීමට අවශ්‍යනම් ඉඩම හා නස විකුණා සල්ලි ලබාදෙන්නැයි ඉල්ලූ බවද ඇගේ මව කීවාය.

පසුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා එරට තානාපති කාර්යාලයේ නිලධාරීන්ටත් ලක් රජයේත් දැනුම් දීම සමග තම අමාත්‍යංශය මැදිහත් වී  රාණි ලංකාවට ගෙන්වා ගැනීමට හැකිවූ  බව තලතා අතුකෝරල ඇමැතිනිය කීවාය .

විදේශ ගෘහ සේවය සදහා යන සියලු දෙනා අනිවාර්යයෙන් රජයේ ලියාපදිංචි විය යුතු බව ද කී ඇමැතිවරිය  මින් ඉදිරියට විදේශ රැකියා උප නියෝජිතයන් ලෙස පෙනී සිටිමින් කාන්තාවන් රට යැවීම සම්පුර්ණයෙන් තහනම් කැරෙන බවද කීවාය. මේ ආකාරයෙන් ක්‍රියා නොකළහොත් අප රට මිනිස් ජාවාරම් කරන රටක් ලෙස ලෝකයේ හැඳින්වීමට ඉඩ ඇති බවත් එය  විශාල අනතුරක් ඇතිවීමේ අවදානමක් බවද ඇමැතිවරිය සඳහන් කළාය.

DSC05223 DSC05228 DSC05231 DSC05255



අදහස් (0)

සෞදි දංගෙඩියෙන් බේරී ආ රාණි බලන්න තලතා යයි

ප්‍රභාත් මධුෂංක Monday, 28 November 2016 09:09 AM

බොරු කථා විතරයි. ඔක්කොම අත යටින් සල්ලි අරන් කරනවා. අයියා නම් ඇත්තටම ගමට රටට දෙයක් කළා (බ)

:       0       0

සම්පත් පතිරණ Monday, 28 November 2016 09:44 AM

පක්ෂ බේදයකින් තොරව ඔබතුමියගේ ක්‍රියාව අගය කරනවා (ම)

:       0       0

ඉසුරු Wednesday, 30 November 2016 10:09 AM

මෙන්ඩිස්, රට සූරා කන දේශපාලුවන් එළවුවොත් අපි හැමෝටම මේ රටේ සතුටින් ඉන්න පුළුවන් (බ)

:       0       0

රොමේෂ් Monday, 28 November 2016 04:22 PM

ජාතියක් හැටියට ලැජ්ජාවෙන්න ඕනෑ. මෙහෙම දෙයක් සිදුවුණාම මැදිහත්වන එක නෙමෙයි කරන්න ඕනෑ, ගෘහසේවයට මිනිස්සු යවන එක නවත්වන්න වැඩපිළිවෙලක් හදන එක. එතකොට මේ වගේ නාට්‍යය පෙන්වන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

මෙන්ඩිස් Wednesday, 30 November 2016 02:59 AM

මැද පෙරදිග ගිහිල්ලා, හැමෝම ස්වේච්ඡා වැඩ කරනවා වගේ මුදලුත් නැතුව කන්නත් නැතුව එහෙ අයට වැඩ කරනවා. පොඩි වරදකට නඩු දාලා වැරදිකරුවෝ කරනවා. මේක හරියන ක්‍රමයක් නොවේ. සල්ලි තිබුණ පළියට ඒකපාර්ශික තීරණ වලට යටත්ව වැඩකරන එක හරියන්නේ නැහැ. ලංකාවේ ශ්‍රමයට අනන්‍යතාව රැකගෙන වැඩ කරන පුළුවන් ක්‍රමයක් අවශ්‍යයි. එහෙම නැත්නම් හේනක් කරගෙන පැත්තකට වෙලා ජිවත්වෙන්න පුළුවන් ක්‍රමයක් අවශ්‍යයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1656 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 734 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 246 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 348 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 157 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 106 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40001 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 227 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1302 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site