සෞදි අරාබියේ වෙසෙන කෝටියක් පමණ විදේශීය ශ්‍රමිකයන්ගෙන් හොඳම ශ්‍රම බළකායට හිමි සම්මානය ශ්‍රී ලාංකික ශ්‍රම බළකාය දිනාගෙන ඇතැයි සෞදි අරාබියේ අල් මතානියා පුවත්පත කියයි. සෞදි කම්කරු අමාත්‍යංශය වාර්ෂිකව සිදුකරන සමීක්ෂණයකට අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ 1012 වසරේ හොඳම ශ්‍රමිකයන් ලෙස තෝරාගනු ලැබූහ. කාර්යක්‍ෂමතාවය, දක්‍ෂකම, ආචාර ශිලීත්වය හා සේවක ප්‍රශ්න අතින් සෙසු ශ්‍රමිකයන් අභිබවා ඇතැයි එම පුවත්පත කියයි. දෙවන ස්ථානය ඉන්දියාවට හිමි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවත් වැඩද මල්ලි, ඕවත් වැඩද?(නදී)
ලංකාවේ මිනිස්සුන්ට සෞදියේ යම් තැනක් තියෙනවා. ඒත් අපේ සමහර ලාංකිකයින් කොටසක් ඒ නම විනාස කරනවා නොයෙක් අපචාර වැඩකිරීමෙන්.(නදී)
අඩුමගානේ එහෙම ප්‍රශංසාවක්වත් ලැබීම ඒ වගේ රටකින් බොහොම ලොකු දෙයක් (ස)
මේක බොරුවට දීපු එකක්. රිසානා මැරුවට පස්සේ මෙයාලා බයේ ඉන්නේ ලංකාවෙන් කාන්තා ශ්‍රමිකයෝ එන එක එක නවත්තයි කියලා. පිලිපීනෙන් සහ ඉන්දුනිසියාවෙන් තමයි වැඩියෙන්ම ආවේ. දැන් ඒ රටවල් ඔක්කොම කාන්තාවන් එවන එක නවත්තලා. ලංකාවේ නැවැත්තුවොත් මෙයාලගේ පිරිමින්ට තමයි වැඩකරන්න වෙන්නේ. ලංකාව සෞදියට ශ්‍රමික කාන්තාවෝ දාන තුන්වෙනි රට. සෞදි කාන්තාවෝ වැඩ කරන්නේ නැහැ. අනිත් එක මේ කප් එක කපටි කමට දීපු එකක්. තත්වයේ බැරෑරුම් කම දන්නේ මෙහේ ඉන්න අපිත් සෞදි ජනයාත් පමණයි.(නදී)
කළ වැරදි වහගන්න කප් එක දෙන්න ඇති.(නදී)
රිසානා දංගෙඩියට ගෙනියන කල් ආචාරශිලීව බලා හිටපු අපට මිට වැඩිය සලකන්න එපැයි! (ස)
අදහස පල කළාට ස්තුතියි.(නදී)
ඒ මිනිස්සු විදින දුක ඒ රටේ (දී)
අයියෝ කන වේදනාව දන්නේ අපිනේ (දී)
අහිංසක රිසානට කප් එක දුන්න හැටි අපි දැක්කා.(නදී)
අපොයි මේක අපේ මුත්තලටත් ඉස්සර කාලේ ලැබිච්ච කප් එකක් වෙන්න ඇති. 1012 කියන්නේ දැනට අවුරුදු එත්දහස් එකක් පරණයි. මේකෙන් කියන්නේ අර අරාබියේ තියෙන 1001 රැයක් කතාවද?(නදී)
කරුණාකර අරාබි වහල් සේවයට අපේ සහෝදරියන්, දියණියන්, මවුවරුන් පටවන එක නවතමු. කාන්තාවන් රට පටවන, කාන්තාවන්ගෙන් යැපෙන පිම්පියන්ට එරෙහිව පියවර ගනිමු.(නදී)
ශ්‍රම දහඩිය වගුරන අපගේ සහෝදර සහෝදරියන් ට උපහාර වේවා. (ස)
අවුරුදු 24 ක් අපි කාපු පරිප්පු අල්ලා තමයි දන්නේ. තාමත් පව් ගෙවනවා. කවදා නය ඉවරවෙයිද? දිලිදු සහනාදාරයක්වක් දෙනවානම් ලංකාවේ ඉන්න තිබුනා.(නදී)
මම දැනට සවුදියේ අවරුදු 4 ක සිට වැඩ කරනවා. මුලින්ම කියන්න ඕනේ අපි සිංහලුන් හැටියට ලැජ්ජා වෙන්න ඕනෑ අපේම අක්කලා නංගිලාව මේ රටේ ලිංගික සුරාකෑම් වලට බිලිදීලා ඒවා දන්නේ නැහැ වගේ ඉන්න එකට. කවදාවත් දන්නා කිසිම කෙනෙකුව සෞදියේ ගෙවල් වල වැඩට එවන්න එපා. බන්ගලියෝ තමන්ගේ ගෑනු මෙහෙට එවන්නේ නැහැ.ඇයි අපි විතරක් අපේම අක්කලා නංගිලාව බිලි දීලා ලංකාවේ සතුටෙන් ඉන්නේ? සිතන්න. සැමට බුදු සරණයි.. (නි)
මේ වීරයෝ ඔක්කෝමටයි මේ කියන්නේ. කටින් බතල හිටවන්නේ නැතුව පාරට බහින්න. (නි)
නමුත් මේ ලබා ඇත්තේ ශ්‍රී ලංකාවේ අදුරු කාලයයි. (නි)
රට විරුවෝ, රට විරුවෝ කියමින් ඇමති තුමා අපිව ගොනාට අන්දවනවා.(නදී)
මේක මහ වංචාවක්. ඔවුන් බය වෙලා ඉන්නේ අපි අපේ කාන්තාවන් මෙහේ වහල් සේවයට එවන එක නවත්තයි කියලා.(නදී)
අපි කන හැටි ලිපා දනී කිව්වලු.(නදී)
කාන්තාවෝ රට යවන්න එපා කියන අය චීනය, ජර්මනිය වගේ ආර්තිකයක් හදන්න දිකට පැය 16 වත් වැඩ කරන්න. හොරකන් වංචා දේශපාලන වන්දි බට්ටකම්, කකුලෙන් ඇදිලි, පෙත්සම්, පන්තිබේද, නිලධාරීවාද නවත්වන්න ලෑස්තිද?(නදී)
අරාබිකරයට අපේ අය යන එක නකර කරන්න ඕනේ.(නදී)
කටින් විතරක් නෙමෙයි වැඩත් පෙන්නන්න. (නි)
ඔව්, ඔව් ඉතාම ඉවසීමෙන් ශරීරයට ඇන ගහගෙන ආපහු එන්නේ. සෞදියට කාන්තාවන් යැවීම නතර කරනු. වසරකට 485 විතර පෙට්ටියෙන් එනවා.(නදී)
හොඳම බලකායට සලකන විදිය දැක්කම අනිත් අයට කොහොම ඇන ගහනවා ඇතිද කියල හිතා ගන්ඩ පුළුවන්.(නදී)
වෙනත් රටවල අයට වැඩිය සෞදියේ අය ලංකාවේ අපිට කැමතියි. (නි)
අපේ අය මෙච්චරම හොඳ නිසා ආයේ ඇණ ටිකක් වැඩිපුර ගහල එවන්නකෝ (ස)
සෞදි අරාබි ජාතිකයන් තුලත් අපිට හොඳ ගෞරව නාමයක් තියෙනවා (ස)
කොහොම කප් ගත්තත් ඒ මිනිස්සු හමුබ කරපු සල්ලි වලින් දුක්විදින්නේ කොහේවත් නැති දේශපාලකයෝ.(නදී)
මම ඒ සැමදෙනාටම සුභ පතනවා! (නි)
ඈත අතීතයේ කතාවක් ගැනද මේ කියන්නෙ (ස)
ජය වේවා (ස)
වැඩ වගේම දංගෙඩියට බෙල්ල තියනඅය ගෙනුත් කප් ගහන්නේ අපේ අයම තමයි. (ස)
1012 කියන්නේ පරණ කාලේ කතාවක් නේ දැන් 2013 අපි ඒ තරම් හොඳ නෑ............(ස)
මේ පුවත් හරි ඇති,එක 1012 වෙන්නැති. දැන් 2013. (ස)
කාර්යක්‍ෂමතාවය ,දක්‍ෂකම මොනවා හින්දද දන්නවද ?? (ස)
අහන්නත් සතුටුයි, අපේ රට ලෝකයේ ඉදිරියේදී හොඳ තැනකට යනවාමයි (ස)
කොහොම උනත් බලාගෙන. පරිස්සමින් (ස)
වැඩකාරයින්ට බොරු බෑ (ස)
ලෝකේ මොලය හොදටම වර්ධනය වෙලා තිඑන්නේ ආසියාතිකයන්ගේ, එකෙනුත් ලාංකිකයන්ගෙ, (දී)
මේ වෙලාවේ ඔය අපිට ටොපියක් දෙන්නේ. උන්කරපු හිරිහැර වහගන්නත්, වහල් සේවයට සහ ගණිකාවන් ලෙස තවදුරටත් ලංකාවෙන් ගෙන්නා ගැනීමට යෙදූ උපායක්. මේවට අහුවෙන්න එපා. වහල් සේවයට යාම තහනම් කරමු.(නදී)
වැඩකාරයින්ට තමයි අපල. දැක්කනේ රිසානට වෙච්ච දේ (ස)
පඩිය ටිකක් වැඩි කරලා දෙන්න එහෙනම් (ස)
සෞදියේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙක් ලෙස ආඩම්බර විය යුතුයි.(නදී)
ලංකාවේ මිනිස්සු එහෙමතමයි (දී)
සුභපැතුම් (දී)