IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට

(නිමන්ති රණසිංහ)

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය කළ පුද්ගලයින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (13) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුල සංජීව මදනායක සහ ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු යන අයයි.
 
ඉකුත් නොවැම්බර් මස 10 වැනිදා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ මෙම සැකකරුවන් දෙදෙනා විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවක දී පුද්ගලයන් පැහැරගෙන යාම වධහිංසා පැමිණවීම ඝාතනය කිරීම රත්රන් හා යුරෝ මුදල් සොරකම් කිරීම යන අපරාධ පිළිබඳ අනාවරණය කළේ යැයි  මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදු කර තිබුනේ සිංහලයේ සංවිධානයේ ජාතික සංවිධායක කුමුදු ප්‍රදීප් සංජීව මහතා විසිනි .

 



අදහස් (25)

සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට

ලුම්බිණි Saturday, 14 December 2019 05:37 AM

මෙයින් පසු කිසිවෙක් සුදු වෑන් ගැන කතා නොකරනු ඇත.

:       238       3040

gamunuSaturday, 14 December 2019 07:14 AM

හිරිකිත නැතිව මඩ ගහන අයට නම් හොඳ පාඩමක් උගන්වන්න ඕනේ... පක්ෂ, පාට නොබලා අර තිස්ස අත්තානයකට කළා වගේ...

:       210       756

නිර්මලාSunday, 15 December 2019 03:51 AM

අපි ‌නොදන්න සුදු වෑන්.

:       1       14

ගුනා Saturday, 14 December 2019 06:33 AM

එතකොට අර කිඹුලට කරපු අපහාසය...?

:       1       438

raheem Saturday, 14 December 2019 07:13 AM

පව්, දැන් ඉතින් දාගත්තු බොරු රැවුල ගිනිගත්තා නේද?

:       159       520

Hafeel Saturday, 14 December 2019 07:14 AM

මේක නම් වෙන්නම ඕනේ. ඇයි රාජිතව අත්අඩංගුවට නොගත්තේ? අවුරුදු 5ක් බලයේ ඉඳන් නීතිමය පියවර ගන්න අසමත් වෙමින්, ඡන්ද කාලේට මඩ ගහන එකට වෙන්නම ඕනෑ...

:       137       1161

ජයන්ත මිලානෝ Saturday, 14 December 2019 08:43 AM

Hafeel සමග මාත් එකඟයි.

:       0       177

Chandana FSaturday, 14 December 2019 10:13 AM

අනිවාර්යයෙන් එයාවත් ප්‍රශ්න කරන්න ඕනෑ.

:       0       121

Raveendra Saturday, 14 December 2019 08:57 AM

අප කිසිවෙකුට අපහාස කරනවා හෝ තවකෙකුට කඩේ යනවා නොවේ. උපන් මව්බිමට විනකරන තම රට ජාත්‍යන්තරය ඉදිරියේ පාවාදෙන සෑම මෘගයකුටම පක්ෂ පාට කුමක් වුවත් ඇඩ්රස් නැති වෙන්නම දිය යුතුය. මෙම සුදු වෑන් නාඩගම මෙන්ම සුවිස් තානාපති කාර්යාලයේ වූ හානිය පිළිබඳව "සත්‍ය තොරතුරු" සියලුම පුරවැසියන් දැන ගැනීමට කැමැත්තෙමු. එහිද කුමක් හෝ රටේ නම කැත කිරීමට නාඩගමක් නටා ඇති බව හැඟෙන බැවින් තම මව්බිම පාවාදුන්නේ ඒ ළදැරියද, වයසක අම්මාද අදාළ නැත...

:       193       1008

MaheeSunday, 15 December 2019 01:52 PM

ඔබ සමග 100%ක් එකඟයි. ස්විස් සිද්ධිය දැන් නම් පේන්නෙම රටපනින්න අරුන්දෑ කරපු මවා පෑමක් හැටියටමයි. අපට කමක් නෑ රට පනින්න බැරිනම් ඕන තූත්තුකුඩියක ගියාට. සමාවක් දෙන්න බැරි වැරැද්ද අපි අමාරුවෙන් රැක ගන්න හදන අපේ රටේ නම් කාගෙනම ඒ වැඩේ කරන්න හදන එකයි. කොටින්ම අපේ රටේ නම කන්න අපට මෙච්චර ලොකු පිරිසක් ඉන්දැද්දී තවත් අය මොකටද?

:       0       72

siri Saturday, 14 December 2019 09:11 AM

ඔන්න කනෝ පිනුම්... දැන්වත් පෙනෙනවද වැඩ කෙරෙන්න ඕනෑ හැටි?

:       0       219

janaka Saturday, 14 December 2019 10:54 AM

දන්න කෙනෙක් කියන්නකෝ මේ සුදු වෑන් වලින් උස්සලා කිඹුලන්ට කන්න දාපු කෙනෙක්ගේ නමක්...

:       6       352

sumuduSaturday, 14 December 2019 12:28 PM

නම් නම් කියන්න අමාරුයි. යුද්දේ කාලේ උතුරේ අතුරු දහන්වුණු සමහරු කිඹුලන්ගේ බඩට ගිය බව හමුදාවේම සමහරු කියනවා.

:       403       130

ChandimaSaturday, 14 December 2019 01:23 PM

උපන් ගමන් නමක් දාන්නත් කලින් කිඹුලන්ට දල වෙන්න ඇති එහෙනම්?

:       3       142

සෙනෙවිරත්න Saturday, 14 December 2019 12:12 PM

මමත් 62ලක්ෂයේ කෙනෙක්, මෙයා එදා දිනුවට පස්සේ අතේ රෝල් කරලා කිව්වා ඩුබායි බැංකු ගිණුම් අද පෙන්නනවා, හෙට පෙන්නනවා, තාජුදීන් කේස් එක ගැන... කෝ ඒවා?

:       60       415

athulaSaturday, 14 December 2019 09:19 PM

මා ඔය දෙගොල්ලටම තරයේ අකමැතියි. එහෙත් මේවා බොරු නොවේ. නමුත් ඒවා සොයන්න 2015 ජනතාව පත් කළේ ඔවුන්ගේම අතිජාත මිත්‍රයින් මරා ගත්තට ඒදෙගොල්ල එකට ඉන්නේ. රනිල් කවදාවත් මහින්දට නපුරක් කරන්නේ නෑ වගේම මහින්ද කවදාවත් රනිල්ට නපුරක් කරන්නෙත් නැහැ. රනිල්ව බට ලන්දෙන් බේරුවේ මහින්ද. චන්ද්‍රිකා ඇස්පනාපිට කරපු අපරාධ හොරකම් ඔප්පුවෙලා තිබිලත් යට ගැහුව්වේ පස මිතුරු ක්‍රමය.

:       78       49

ධම්ම Saturday, 14 December 2019 01:19 PM

අප සුදු වෑන් දැක්කේ යහපාලන ආණ්ඩු කාලේ රයන් උස්සන්න ආ වෙලේ. එතෙක් අප කිසි කලෙක ඔය කියන සුදු වෑන් දැකලා නැහැ.

:       25       242

jayath Saturday, 14 December 2019 02:13 PM

මේක හරියන්නේ නැහැ... මේ දෙන්නව සුදු වෑන් එකකින්ම උස්සන්න ඕනෑ නටපු නාඩගමට...

:       9       188

upali Saturday, 14 December 2019 04:13 PM

ආයුධ පෙන්නන්න අරන් යන්න.

:       0       21

wije Saturday, 14 December 2019 04:54 PM

නාට්‍යයේ නළුවෝ විතරක්නම් අත්අඩංගුවට ගත්තට වැඩක් නැහැ. ප්‍රධාන අධ්‍යක්ෂකවත් අත්අඩංගුවට ගන්න ඕනා.

:       0       74

Chathuri Saturday, 14 December 2019 05:30 PM

බොරු ප්‍රචාර ඇරපු නිසා මේ දෙන්නව අත් අඩංගුවට ගත්තා. දැන් ගන්න.

:       0       20

manjula Saturday, 14 December 2019 11:45 PM

මෙය සිදුවිමට පමාවුනා වැඞියි. ස්විස්ටර්ලන්ත සිදුටිමක් රගදැක්වුනේ ඒනිසායි.

:       0       122

Bandara Sunday, 15 December 2019 01:00 AM

බොරු සුදු වෑන් භීතිකාවට නැවත මිනිසුන් මුලා කල නොහැක. ළඟදීම තව නාඩගමක් පටන් ගනු ඇත

:       0       82

Nishan Sunday, 15 December 2019 03:59 AM

සුදු වෑන් ගැන බබා පාට දාන අයගේ දැනගැනීම පිණිසයි. පෝද්දල ජයන්ත සී.අයි.ඩී. එකට දීපු කට උත්තරේ තියෙනවා තමන්ව සුදු වෑන් එකකින් පැහැරගැනීම ගැන. ඒක ගැන නම් අද වෙනකන් කවුරුත් කතා කළේ නැහැ. ඒවා ගැන ඉහතින් ලියපු මහත්වරුන්ට අමතකයි.

:       31       139

නොකවුට් Sunday, 15 December 2019 06:55 AM

කිඹුල් සංහතියට වහා සාධාරණය ඉටු කරනු.

:       0       30

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1431 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 280 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 534 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 762 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 152 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 548 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 725 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 506 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site