මෙවර වෙසක් උත්සවය උත්කර්ශවත් ලෙස සැමරීමට සෞදි අරාබියේ රියාද් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයෝ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය හා එක් වූහ. විදේශ ගතවුවන්ගේ සංගමය සහ බෞද්ධ එකමුතුවේ සංවිධානයෙන් වෙසක් පොහෝදින සිට සතියක් පුරා වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේය. බත් සහ සිසිල් පැන් දන්සැල්, ලේ දන්දීමේ වැඩසටහන්, ධර්ම දේශනා, වෙසක් නාට්‍ය, වෙසක් තොරණ, වෙසක් කූඩු තරග ඇතුළු වැඩසටහන් ගණනාවක් මේ අතර විය. වෙසක් සිල් වැඩ සටහන අද (11) ඇරැඹීණි. දාහත් වැනි වතාවට පැවැත්වෙන මෙම වෙසක් පින්කම සාර්ථක කර ගැනීමට බෞද්ධ අබෞද්ධ විශාල පිරිසක් එකමුතුව සහයෝගය දුන් බව බෞද්ධ එකමුතුවේ සංජය ප්‍රසංග වික්‍රමආරච්චි මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්තෝෂ වෙන්න දෙයක් නෑ.ඔක්කොම එම්බසි එක ඇතුලේ විතරයි.එළියේ මුකුත් නෑ
එල....එල
රසුල්ට වැරදිලා මේක තිබුනේ තානාපති කාර්යාලය ඇතුලේ මේකේ ලේ දන්දීමේ පින්කමක් තිබුන. එකට සහබාගි උනේ ලංකාවේ සිංහල දෙමළ මිනිස්සු විතරයි. මම ඒක වගකීමෙන් කියන්නේ. අපි ලේ දෙනකොට ඒ අය හිනාවෙනවා.මැටි ගොඩවල් අපෙන් අහනවා ඇයි උබලට ලේ වැඩිද කියල .ඒ අයට තේරෙන්නේ නැහැ අපි මේ ලේ ලංකාවට ගෙනියන්නේ නැහැ ඒ අයගේ අයටම තමයි මේවා දෙන්නේ කියල.ආගමික නිදහස තියනවනම් ඇයි අපි මේ තානාපති කාර්යාලයේ තාප්පේ ඇතුලෙ මේවා කරන්නේ.මෝඩ ජෝක් දාන්න එපා. ඒ අය අපේ ආගමටත් බයයි.
ඔබට වැරදිලා රසුල්.සත් දිනක් පුරා සියලුම දේ සිදු උනේ තානාපති කාර්ය්‍යාලයේ ඇතුලේ.අපිට ඉන් එහාට ගිහින් මේ දේ සමරන්න නිදහසක් තිබුනා නම් මීට වඩා හොදට කරනවා වෙසක් උත්සවය.එහෙනම් පාරේ යන සෞදි මිනිස්සුන්ටත් දන්සල් දෙනවා.දඹුලේ සිද්ධියක් මෙතන්ට ඇදලා ගන්න එපා.නිකන් බොරුවට.මේ රටවල් එක්ක බලද්දි අපේ රටේ තමයි අනය්‍යාගමික නිදහස වැඩි.අපි කිව්වේ දඹුල්ලේ තියෙන අනවසර ඉදි කිරීම ඉවත් කර ගන්න මිසක් වත් මුස්ලිම් ආගම අදහන්න එපා කියලා නෙමෙයි.ඕනවට වඩා නටන්න එපා ලංකාව ඇතුලේ ඔයාලා.තියෙන නිදහසත් නැති කර ගන්න වෙන්නේ ඔයාලට.ඔයා මහ ලොකුවට කතා කලාට මෙහෙ තිබුන වෙසක් සතියට ජාති භේදයකින් තොරව සියලු දෙනාම උදවු කලා මේ සාර්තක කර ගන්න.මුස්ලිම් ජනතාවත් ඇවිත් හිටියා.(දන්සල් වල පෝලිමේ ඉන්නවත් දැක්කා ) ඉතින් එවැනි තත්වයක් උඩ කවුරු උනත් නැට්ට පාගන් කෑ ගහන්න එපා...බුදු සරණයි...
රසුල් දන්නේ නැතිව කතා කරන්න එපා. සෞදි වල ඇති අන්‍ය ආගමික නිදහසක් නෑ. එහේ වැඩට යන මිනිස්සු වීසා එකටවත් දාන්නේ නෑ බෞද්ධ කියලා. මේ ඔක්කොම දේවල් කලෙ ශ්‍රි ලංකා තානාපති කාර්යලය ඇතුලේ. ලංකාවේ ඉන්න මුස්ලිම් මිනිස්සුන්ට ලංකාවේ පන්සල් ඉස්සරහාම පල්ලි හදාගෙන පන්සලේ බණක් භාවනාවක්වත් කරගන්න බැරි වෙන්න පල්ලියේ සද්දේ දාල යාඥා කරන්න දුන්න එක තමා දැන් වැරැද්ද වෙලා තියෙන්නේ. ඒ වගේ නිදහසක් වෙන කොයි රටේද දීල තියෙන්නේ? සිංහල බෞද්ධ රටේ මිනිස්සුන්ගේ හිත හොඳ වැඩියි.
දන්නේ නැතුව ප්‍රතිචාර දාන්න එපා.සවුදි වල බෞද්ධ නිදහස නෙමෙයි කුරුසයක් වත් ගත්ත බෑ.දැක්කොත් පොළොවේ ගහනවා එයාර් පෝට් එකේදී
රසූල්ලට ඕනවට වඩා නිදහසක් මෙහේ තියෙනවා
ඇත්ත නිරෝෂන්, මමත් එකගයි ඔබත් එක්ක. උපුල් හා රසුල් ට වැරදිලා. රසුල් මෙහේ (සෞදි අරාබියේ) අන්‍යගාමික නිදහසක් ගැන කියලා නිකන් අනිත් අයව අන්දන්න හදන්න එපා. මේක තානාධිපති කාර්‍යාලයේ ඇතුලෙ නොතිබුනා නම් බලන්න තිබුනා තොරණ් කෙසේ වෙතත් වෙසක් කූඩුවක් හරි එල්ලන විදිය.... කොටින්ම කීවොත්, බණකට හමුදුරුවෝ නමක් වඩම්මන්න තියා අන්තර්ජාලයෙන් හරි බුද්ධ ප්‍රතිමාවක් භාගත කරගෙන තමන්ගෙ පරිගණකයෙ තබගෙන තිබිල අහුවුනත් රටින් පිටුවහල් කරන්න තරම් දරුණු අන්‍යගාම් විරෝදී නීති තියෙන රටක ඔබ කථා කරන ආගාමික නිදහස විහිළුවක්. ඕවා නොදන්න අයට කියලා නිකන් බෞද්ධ මිනිස්සු මුලාවෙ දමන්න එපා.... පුවත් පත්, සගරා ඇතුළු අලෙවිය සදහා තබා ඇති මුද්‍රිත මධ්‍යයේ ඇති සියළුම දේ මෙන්ම, තැපැල් මගින් ලැබෙන වෙසක් සුභපැතුම් වල ඇති බුදුරාජාණන් වහන්සේගේ පින්තූර හැම දේම කළු මාකර් උලල විනශ කරලා දාන රටේ කොහෙද අන්‍යගාමික නිදහසක්. අපේ රටේ අන්‍යගාමික නිදහස ඕනවටත් වැඩියි. ඒකනෙ මේ රසුල්ල දඹුල්ලෙ කථාව ඇදගෙන උඩුබුරන්නෙ.... හැබැයි හිතන්න එපා සිංහල බෞද්ධයා නිවටයි කියලා...
ආගමික, නිදහසක් නම් මේ රටේ ඇත්තේම නැත. එය මේ රටේ ඉන්න හැමෝම දන්නවා.රජය අනුග්‍රහයෙන් මේ වෙසක් සතිය පැවැත්වීම ගැනත් එයට පූර්න සහයෝගය දුන් විදේශ ගතවූවන්ගේ සංගමයටත් බොහෝ පිං,,,,,,,,,,,
උපුල් හා රසුල් ට වැරදිලා මෙහේ(සෞදි අරාබියේ) කොහෙද අන්‍යගාමික නිදහසක්. මේකත් මේ තානාධිපති කාර්‍යාලයේ තිබුන නිසා පිට නම් මෙහෙම තියන්න දෙයි. බණකට හමුදුරුවෝ නමක් වඩම්මන්න බැරි රටේ කොහෙද අන්‍යගාමික නිදහසක්. පුවත් පත් සගරා ඇතුළු අලෙවිය සදහා තබා ඇති මුද්‍රිත මධ්‍යයේ ඇති සියළුම දේව රූප සහා බුදුරාජාණන් වහන්සේගේ පින්තූර මාකර් පෙන් එකෙන් මකන රටේ කොහෙද අන්‍යගාමික නිදහසක්. අපේ රටේ අන්‍යගාමික නිදහස ඕනවටත් වැඩියි රසුල්
අහන්නත් සන්තෝෂයි, දැන් සවුදි වල අන්‍ය ආගමික නිදහස තියෙනවා කිව්වම
සඳහම් සිසිලෙන් ලොව නැහැවේවා !!
තානාපති කර්යලබිමේ ඕනදෙයක් කරන්න ඉඩතියෙනවා. බොහො අරාබිරටවල ලංකාවේ වගේ පන්සල්හාදන්න තිය බුදුපිලමයක්වත් ගෙනියන්න ඉඩ ලැබෙන්නේ නැහැ.
දැන් ඔය කොයි රටෙත් සමානත්මතාව නමැති ප්‍රතිපදාව පවතිනව ළයිනේ. සමහරක් අයගේ හිත්වල තමයි ඒක නැත්තේ. (සන්තෘෂ්ටි පරමං ධනං)වටිනාම ධනය සතුටයි
අපිත ආසයි මෙහෙත් කරන්න.ඒත් අපිට එහෙම කරන්න බෑනේ
සන්තෝෂයි.ඉස්සර ඕවා තිබ්බේ නෑ
ඔවු සවුදි වල තියෙනවා අන්‍ය ආගමික නිදහස.ඒ උණාට දඹුල්ල? අනේ මන්දා මේවා
අපිත් ගියා එහේ වෙසක් බලන්න.දැනුනේ හරියට ලංකාවේ වගේමයි
වෙන අවුරුදු වලට වඩා මෙවර ලස්සනයි.පින් සැමටම!
ඉතාම හොදයි.හැමෝටම ස්තූතියි