සෞදි අරාබියේ ගෘහ සේවිකා රැුකියාවට යන ශ්‍රී ලාංකික කාන්තාවන්ට රැකියාවට පිටත්වීමට පෙර රුපියල් ලක්‍ෂයේ සිට එක් ලක්‍ෂ පනස් දහසක් දක්වා වූ මුදලක් සන්තෝසම් ලෙස ලබා දෙති. ඔවුන් බොහෝ දෙනෙකුට මුල් තුන්මාසයේදී වැටුප් නොලැබෙතියි එසේ මුදල් ලබාගෙන මැද පෙරෙදිග ගිය කාන්තාවෝ පවසති.
කලින් මුදලදීම ප‍්‍රයෝජනයක් බව බොහො දෙනෙක් කියති.
හාම්පුතුන්ගෙන් ඒජන්සිකරු ලබාගන්නා මුදලෙන් කොටසක් මෙසේ ලබාදෙන අතර එම මුදල් ලංකාවේදීම ලබාගෙන පසුව අරාබියට යන ගෘහ සේවිකාවන්ට පෙරවරු පහේ සිට පසුදා අලූයම දෙක පමණ දක්වා වැඩ කිරීමට සිදුව ඇතැයි පැවැසේ.
එමෙන්ම එසේ විශාල මුදලක් ගෙවා ගෙන්වා ගන්නා ගෘහ සේවිකාවන් වෙනත් නිවාසවලට විකිණීමටද හාම්පුතුන් කටයුතු කරන බව වාර්තාවේ.
කලින් ලබාගත් මුදලට සේවය කිරීමට මෙම පිරිසට සිදුව ඇති අතර කවර හෝ හේතුවක් මත මවුබිමට යාමට සිදුවුවහොත් යටද හාම්පුතුන් ඉඩ ලබා නොදෙන්නේ මෙසේ මුදල් කලින්ම ගෙවා එම ගෘහ සේවිකාවන් මිලදි ගෙන නැතැයි පවසමින් යැයි එම කාන්තාවෝ කියා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ බිරිඳව රට පටවන්නේ කොන්ද පන නැති පිරිමි, නමුත් සැමියන් නැති කාන්තාවනුත් රට යනවා තමන්ගේ දරුවන් ජීවත් කරවන්න ඕනෑ නිසා. ඒ ගැන නම් රජයෙන් සොයා බලලා එයාලට සාධාරණයක් ඉටුකළ යුතුයි. (නි)
සිංහලයෝ හැමදාම රැවටෙනවා..!(නු)
තම්බීන්ට වැඩට ගිය නිසා තමා ලජ්ජා නැති පිරිමි සිංහල තම්බීන් ඇඳුම් ඇදගෙන ඉන්නේ. (නි)
අම්බලමක් වගේ තිබෙන අපේ රට වන ලංකාවේ මොන මොන ජාතියේ දේවල් වුණත් ඕනෑම කෙනෙකුට කිසිම කරදරයක් නැතුව කරන්න පුලුවන්නේ. (නි)
වහල් වෙළදාම මීට වඩා විධිමත් කළ යුතුය. බොරු කියා මිනිසුන් විකුණන වහල් වෙළද පොළවල් වලට එරෙහි ව නීති ගෙන ආ යුතුය. සෞදි රටේ සිටින ලාංකිකයන් 90% කුමන හෝ ආකාරයකින් රැවටීමකට ලක්ව මෙහි පැමිණි අය වේ. (නි)
ෂෙරිෆ් මම නම් ලැජ්ජා වෙනවා මේ වගේ දේවල් වලට.. අල්ලා කියලා තියෙන්නේ දුප්පත් අයට සළකන්න කියලායි.. ( නු)
නියාස්ලා සිංහල තම්බි කියලා කොටසක් හැදින්වුවාට ඔය කොයි තම්බියත් සිංහල තමයි, කිරිකිත්තලගෙ කාලෙ. (නි)
සිංහල ගෑණු විතරම නෙමෙයිනේ රට ගිහින් මිනිස්සුන්ට කන්න දෙන්නේ.ඒක නෙමෙයි මෙතන වැරැද්ද. කම්කරු නීතියෙන් එක් නීතියක්වත් අරාබි රටවල් පිලිනොගැනීමයි. අපෙන් යන අය තනිකරම වහල්ලු. කීප දෙනෙකුට හොඳ වුණත්, බහුතරයක් දුක් විදිනවා. ඒජන්සි කරුවන්ට මේවට නීති ගේන්න ඕනෑ. (නි)
යේකා ශින්ගලයා හෙම තාම මෝඩයි අප්පා. (නි)
අපේ රටේ ලොක්කන්ට ශාප වේවා! එයාලට අම්මලා නැද්ද? අපේ රටේ ගැහැණු වහල් වැඩට යවලා එයාලා සැප විදිනවා. (නි)
නියාස්, ඔබලා මහ උජාරුවට ලොකු අරාබි තම්බින් ගැන කථා කරනවා. නමුත් නුබලාව ඔවුන් සතයකටවත් ගනන් ගන්නේ නැති බව මතක තියා ගන්න. (නි)
මුස්ලිම් තම්බින්ට වහල් වැඩට ගැහැණු ගිහින් තමයි ලංකාවේ සිංහල තම්බින් ජීවත් වෙන්නේ. (නි)
හොදම දේ නම් ලංකාවේ ගෘහ සේවාව විධිමත් කර ලංකාව තුල කාන්තාවන්ට හොද පඩියකට රැකියා ලබාදීම. ඒ වගේම අවංකව රැකියා කිරීමට පෙලඹවීම. මීට රජයේ හොද වැඩදපිළිවෙලක් තිබිය යුතුයි. රට යාමෙන් කාන්තාවට හොද වගේම නරකත් වීමට ඉඩ තිබේ . (නි)
අසංග සහ ශාන්ත ගැන මට දුකයි (නි)
ඇත්ත (දී)
බොහෝ දුප්පත් ස්ත්‍රින් ලංකාව තුලදී හරියට තුන්වේල කන්න නැතුව දුක් විඳිනවා. ඔවුන් රැකියාවක නිරත වෙනවාටත් ලංකාවෙදි ස්වාමිවරු කැමති නැහැ. ඉතිං ඔවුන් ඉතිරි ජීවිත කාලය හෝ සතුටින් අඩු තරමෙ බඩට කාලවත් ඉන්න ඒ රටවලට යනවා. ඒවායේ කිසිම වරදක් නැහැ. හැමෝම හදන්නෙ ගෑනු විකුනලා හරි සල්ලි හම්බකරගන්න. අනික් හැමදේම බොරුව විතරයි. (නි)
මේ රට යන ගෑනුන්ට ලංකාවෙ ගෙදරක ගිහින් වැඩ කරලා කාලා බීල 10000ක් දෙන්නවත් හොයාගන්න බැහැ. තියෙන ඇණ ඔක්කොම ගහගෙන එන්නනේ මේ රට යන්නේ. යන එවුනුයි දැනගන්න ඕනෑ, ආණ්ඩුව නෙමෙයි වගකියන්න ඕනෑ (නි)
සියළුම රැකියා ඒජන්සි තහනම් කරන්න ඕනෑ. (නි)
කතාවට නම් කියන්නේ කාන්තාවන්ට සැළකිය යුත්තේ තම මව ගැන හිතලා පිරිමින්ටත් වඩා උසස් අයුරින් කියලා. ඒ වුනාට ක්‍රියාවෙන්... (නි)
මුලින්ම ගෑනු රට යවලා හම්බ කරන කොන්ද පන නැති පිරිමි ටික හම ගහන්න ඕනේ.(නදී)
ඔයාලා හිතන්නේ අපේ ගැහැණු ගල්ෆ් එන්නේ මේවා නොදැන කියලද? මෙහෙ සුදු නංගිලට වාසි වැඩියි. (නි)
මේ කතාව සම්පුර්ණ ඇත්ත. සමහර ගම්බද නුගත්,දරිද්‍රතාවයෙන් පෙලෙන කාන්තාවන් විදෙස්ගත වෙන්න නොසිටියත් මේ ලැබෙන රුපියල් ලක්ෂය නිසා විදෙස්ගත වෙන්න පෙලඹෙනවා. එවැනි කාන්තාවන් තමා බොහෝවිට කරදරයන්ට මුහුණ දෙන්නේ. ඒජන්සිකරුවාටත් ඕනෑ කවුරුන් හෝ පටවලා දාලා ඔවුන්ගේ මල්ල තර කර ගන්නයි. වගකිවයුතු නිලදාරියනි, ඔබේ විශේෂ අවදානය මෙම ලක්ෂයේ කතාව වෙත යොමු වනවා නම් ඔබෙන් රටට සේවයක් සිදු වූවායයි හදවතින් ඔබට සතුටු විය හැකිය. (නි)
අපේ රජය මේ ගැන නිවැරදි තීන්දුවක් ගනීවි (නි)
මෙහෙමත් දුක් වෙලා යන්නේ ඇයි? රජයේ රැකියාවක් ලබා දෙන්ඩ කියල කියන්න. (ස)
සෞදි අරාබියේ අපේ කාන්තාවන් මේවාට අහුවෙලා ඉවරයි.ලංකාවේ ඒජන්සි වටලන්න ඕනා. (නු)
සෞදියට ගෘහ සේවිකාවන් යවන එක නවත්තන බැරි මොකද ? (ස)
ලංකාවේ කාන්තාවන් රට යවන ඒජන්සි කාරයෝ කරන අපරාද වලට විදේශ සේවා කාර්යංශයෙන් පුළුවන් වුනත් තමාගේ හෘද සාක්ෂියෙන් නම් බේරෙන්න බැහැ. පළමු වතාවට මැදපෙරදිගට එවන ගෘහ සේවිකාවන්ට කිසිම ඒජන්සියක් ඍජුව ගමන් කල හැකි ගුවන් ටිකට් පතක් දෙන්නේ නැත. හේතුව ඒවා මිලෙන් ඉහල නිසා.සෞදියට එන ගෘහ සේවිකාවන්ට දෙන්නේ ඩුබායි හරහා හෝ වෙනත් රටක් හරහා හෝ එන මිල අඩු ටිකට් පතක් ලබා දෙති. මේ කාන්තාවන් අතරමැදි ගුවන් තොටු පලේ දින ගණන් කෑමක් නැතිව ඉඳල සෞදියට පැමිණෙනවා. මේවා ඒජන්සිකරුවන් වැඩි ලාබයක් ලබා ගැනීම සඳහා කරන දේවල්.(නු)
තම්බියෝ කොහොමත් සුත්තරකාරයෝනේ. (නි)
තම්බින්ට වහල් වැඩට යනවට හොඳ වැඩේ. ලංකාවේ කොළඹ ගෙවල්වල හොඳ පඩි දෙනවා, එහෙත් ගණු වැඩට එන්නේ නැහැ.සමහර තැන් වල පව්ලේ අයට වගේ සලකන්නේ. එහෙත් මාස දෙකෙන් යනවා. (නි)
මොනතරම් මාධ්‍ය තුලින් අපේ රටේ කාන්තාවන් දැනුවත් කළත් වැඩක් නැහැ (නි)
නිශාන්ත පිස්සු කතා කියනවා. නොයවා හිටියොත් අපේ පිරිමි ටිකට බඩගින්නේ ඉන්නයි වෙන්නේ (නි)
මට දුකයි වහල් සේවයට රට යන අපේ කාන්තාවන් ගැන. මේවා නවත්තන්න බැරිද? (නි)
දැන් සවුදි අයට දෙස් දෙවොල් තියන්න ඉස්සර මේ අය එහෙ යන තැනට අසරණ කරපු උදවියට දෙස් දෙවොල් තියල ඉන්න.එහෙම කරන්න අමාරුයි කියල අපි දන්නවා. සවුදියෙ අය බලෙන් අරන් යන්නේ නැහැනේ.අපිනේ බලෙන් යන්නේ.(නු)
හා හා.... දැන් කට්ටිය සවුදියට දෙස් දෙවොල් තියන්ට ඉස්සරලා මේ අය එහෙට යනතත්වෙට පත්කරපු අපේ අයට දෙස් දෙවොල් තියල ඉන්න...(නු)
වගකිවයුත්න්ට කොච්චර කිව්වත් ඇහෙන්නෙත් නෑ.මේ අපේ කාන්තාවන්ට තේරෙන්නෙත් නෑ.(නු)
රජයෙන් ගත යුතු තීරණයක්, අද ලංකාවේ තිබෙන ආර්ථික විෂ්මතවයේ හැටියට වහල් සේවයේ පමණක් නොවේ ගණිකා සේවයට යාමටත් පෝලිමේ අපේ ගෑනු එනවා. (ස)
අසංග සහ ශාන්ත හැමෝටම මවුබිමේ රැකියා හොයල දෙයි. (නු)
අමිල, නියම කියමන. (නි)
කාන්තාවන් මේ ලෙස පිට රට යවන පිරිමි තමන්ගැන ලැජ්ජා විය යුතුයි...මේ අයට ලැබෙන්නෙත් බොහොම අඩු වැටුපක්.. (නු)
කාන්තාවන් පිට රට යැවීම ගැන පිරිමින් ලැජ්ජා විය යුතුයි..!(නු)
හෘහ සේවයට යන්නේ ඒ අයගේ නැතිබැරි කමටයි..! ඒ අය මොනවා කරන්නද? (නු)
ඇත්තටම මට හරි ආඩම්බර හිතෙනවා, තම්බියෝ සුත්තරකාරයෝ කියනකොට. බහුතර හෙළයා කොහොමත් මෝඩයිනේ. කොහොමද තම්බි මොලේ...... (නි)
සෞදියේ වහල් සේවයට ගම්බද කාන්තාව එන්න වැඩිපුර පෙලඹිලා තියෙන්නේ ඒජන්සි කරුවන් විසින් ගෙවන මේ අති විශාල මුදල නිසයි .ගෑනියකුට එකවර රුපියල් ලක්ෂයක් අතට එනවා කියන්නේ සුවිප් එකක් ඇදුනා වාගේ. නන්නාදුනන රටක රැකියාවට එන ගෙදර කිසිම තොරතුරක් නොදැන ඒජන්සි කරුවාගේ සුරංගනා කතාවට රැවටිලයි මේ අය එන්නේ .ඇවිත් අමාරුවේ වැටුනට පස්සේ කිසිම කෙනෙක් නැහැ .අද සෞදියේ තියෙන තත්වය ඉතාම සෝචනීයයි. මේ වන විට ගැබ්බර මව්වරු වගේම ගබ්සා කරගත් මව්වරු කොපමණ සිටීද ? අපයෝජන වල නිරත කාන්තාවෝ කොපමණද ?මේවාට වගකිවයුත්තෝ මුනිවත රකිමින් මර නින්දේ! අනාගතය අති භයංකාර බව කිවයුතුමය. (නි)
ගැනුන් වහල්කමට යවලා, හම්බ කරගෙන කන පිරිමි ජාතියක්නේ අපේ රටේ ඉන්නේ. (නි)