ශ්රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ ඩී.වී.ඩී. තැටි හොරෙන් නිපද වීම ලඟ තබාගැනීම හා අලෙවි කිරීම චෝදනාවට ලක්ව අධිකරණය හමුවේ වරඳ පිළිගත් දෙදෙනකුට මතුගම මහේස්ත්‍රාත් දමින්ද රාමනායක වැලිගොඩපිටිය මහතා අද(22) දඩ හා වන්දි මුදල් ගෙවන ලෙස නියෝග කළේය.
ඒ අනුව නඩුවේ පළමු සැකකාර ඩී.ඩී. ඒ.එස්. සදරුවන් සිරිවර්ධනට (මතුගම) රුපියල් දෙලක්ෂ පනස් දෙදහසක දඩයක් හා අගතියට පත් පාර්ශවයට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසත්
දෙවන සැකකාර එල්.ඩී. රංග වික්‍රමරත්න (පානදුර) රුපියල් දෙලකෂ පනස්දහසක දඩයක් හා අගතියට පත් පාර්ශවයට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ! ධර්ම ප්‍රචාරක කටයුත්තක් කියලානේ කියන්න තිබුණේ. (නි)
අනේ හොරෙන් කොපි කරන්නම වටිනා ෆිල්ම් එක... මම නම් පෞද්ගලිකව මේකට කැමති නැහැ. (නි)
ලංකාවේ චිත්‍රපට බොහොමයක තිබෙන්නේ දෙමල කොපි. ලක්ෂ 2ක්?? මේකේ මොනවද අප්පා ඔච්චර තිබෙන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
බෝසත් චරිතය විකෘති කරාට මේක හදපු අයට අපායෙන් දඩ කන්න වෙයි.(ස)
අහමඩ් බෞද්ධ අපිට ගොඩක් දේවල් තියෙනවා එකේ බලන්න. ඔයාල අන්තගාමී වෙන්න එපා. මේක අපේ ආගම. දන්නේ නැති නිසයි කියල දුන්නේ. පුළුවන්කමක් තියෙනවනම් කරුණාකරලා බලන්න.(ස)
ගත්ත කෙනෙක් ඉන්නවා නම් පොඩි දන්සලක් දාගෙන පිනක් ලබා ගන්න බලන්න. (නි)
අහමඩ් , මම කතෝලිකයෙක්. ඉගෙනගත්තේ පිරිවෙනේ. ඔයා එක දවසක් පන්සලකට යන්න. ඔයාට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් (නි)
අහමඩ් ඔයාලට ඒවා බල ගන්න පිනක් නෑ තොප්පිය ගලවල සාක්කුවේ දමාගෙන ගැලරියට රිංගුවා නම් බුද්ද චරිතය ගැන අඩු වියදමකින් වැඩිපුර දැනුමක් ලබාගන්න තිබුණ
මේකේ බුද්ධ චරිතය විකෘති කරලනේ තියෙන්නේ .(නදී)
අහමඩ්, මේකේ මොනවද අප්පා ඔච්චර තිබෙන්නේ? (නි)
තීන්දුව තව බරපතල වුණා නම් තමයි වඩාත් හොඳ. මෙතනදී දඩය ලක්ෂ පහයි(රජයට) , අගතියට පත්වූ පාර්ශවයට ලක්ෂ දෙකයි.වරදකරුවන් මුදල් ගෙවලා නිදහස් නොකර හිරෙත් යවන්නයි තියෙන්නේ. (නි)