සෞදි අරාබියේ නැගෙනහිර පළාත දමාම් අයි.ඩී.ජී.සී. ආයතනය මගින් සංවිධානය කරන ලද මිතුරු හමුව ආධ්‍යාත්මික විනෝදජනක වැඩසටහන පසුගිය සිකුරාදා විශාල ශ්‍රී ලාංකික පිරිසක් මධ්‍යයේ සාර්ථක අන්දමින් පැවැත්විණ.
සවස 4.00 සිට රාත්‍රී 10.00දක්වා පැවැති මෙම මිතුරු හමුව සඳහා ශ්‍රී ලංකාවේ ආවේනික ජන ක්‍රීඩා කිහිපයකින්ම සමන්විත වූ අතර ගෝනියේ බැස දිවීම, දෙහිගෙඩිය හැන්දේ තබා දිවීම, කෙටි ධාවන තරඟ, බදා ගැනීමේ තරග, සංගීත පුටු තරගවලින් සමන්විත වූ අතර සංවාධාත්මක දේශන, කථීක තරග සහ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන්වලින්ද සමන්විත විය.
දුම්බීමේ ආදීනව සහ දුම්බීම මගින් මිනිහාටත් සමාජයටත් වන හානිය පිළිබඳව දීර්ඝ දේශනයක්ද ශ්‍රී ලාංකික මවුලවිතුමකු විසින් කරන ලද දේශනය ඉතාමත් හරවත් සහ ව්‍යක්ත දේශනයක් විය.
සිංහල සහ ද්‍රවිඩ බසින් පැවැති මෙම මිතුරු හමුව සඳහා ඉන්දියානු ජාතිකයින්ද සහභාගි වී සිටීම කැපී පෙනිණ. විවිධ තරග ඉසව්වලින් ජයගත් ජයග්‍රාහකයින් සඳහා ත්‍යාගද පිරිනැමුනු අතර රාත්‍රී භෝජන සංග්‍රහයකින් පසු ‘මිතුරු හමුව‘ සමාප්ත විය.
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉෂාන්, සෞදි වල ජාති වාදය කරන්න වෙන ජාතියේ කට්ටිය නැනේ. ඉන්නේ එක ජාතියි.(නදී)
අශාන් ඔයා හරි පුතා. සිංහල සහෝදරින්ගේ සිතුවිලි එහෙම තමා (නි)
නලිත්ලා වාගේ අය අරාබියේ ඉදිමින් මුදල් උපයමින් මේ වගේ උදාර වැඩසටහන්වලට සහබාගිවී හොදනි කා බී තෑගිත් අරන් හොද ධර්ම දේශනයකට කන්දීලා තමුන්ෙග් සිතේ පවතින කුහකගතිය මෙවැනි පහත් අදහස්තුලින් පලකිරීම හරියට කාපු පතේ මලපහ කිරීමකට සමානයි.(නදී)
ඔය සංස්කෘතික වැඩ සටහනක් නොවෙයි. ආගමට බඳවා ගැනීමේ ව්‍යාපාරයක්. අපේ අය ගොනාට අන්දවලා ඔය වැඩේ කරන්නේ. සෞදියේ අවරුදු, වෙසක් උත්සව තහනම් කරලා තියෙන්නේ. සෞදියේ ඉන්න ලාංකිකයෝ දන්නවා සමහර අයට ඕක තේරෙන්නේ නැහැ.(නදී)
බහුතර හෙළයව කොහොමත් සතුටු කරන්න අමාරුයි මෙවැනි වැඩසටහන් වලින්, මත් වතුර,ගංජා දඩමස් ටිකක් වැනි දෙයක් දුන්නනම් නියම වැඩසටන කියාවි.(නදී)
මැයි 24 සිකුරාදාත් මේ වගේ වැඩසටහනක් තියෙනවා සෞදි නැගෙනහිර කලාපයේ අල් ජුබෛල් වල. සිංහල දෙමල මුස්ලිම් හැමෝම එන්න. නලින් ඔයා ලජ්ජා වෙන්න ඕන වැරදි දෙයක් කරන්න. මට විශ්වාසයි ඔයාට ඇහෙන්න ලැබෙන්නේ හොඳ දෙයක් මොන ආගමකින් උනත්. ඔයාට තෑගී හම්බ වුනේ ඔයාගේ දක්ෂකමකට. මේ වැඩසටහන්වල අරමුණ ඔයාලව මුස්ලිම් කරන එක නෙමෙයි. මිනිසුන් ආගම වෙනුවෙන් ජීවිත පරදුවට තියල සටන් කරනවා. මේ වගේ වැඩසටහනකට සහභාගීවීමෙන් තමුන්ගේ ආගම අතාහරින්න තරම් මිනිසුන් අනුවන නැහැ. ලැබෙන අවස්ථාවෙන් අනිකුත් ජාතික සහෝදරයින් සමග එකතුවෙලා පොඩ්ඩක් විනෝද වෙන්න. අඩුමගනනේ ඔයාට තව මිනිසෙක්ව හදුනාගැනීමට හෝ ලැබේ.සි යලු ජාතීන් අතර සමගිය ඇතිවේවා.!(නදී)
ලංකාවේ විදුලි බිල අඩුකරපු වෙලාවේ මහා හය්යෙන් අප්පුඩි ගැහැව්වා වගේ මෙහෙත් ඉන්නවා ඒ වගේ කට්ටිය, ඒ අය තමයි මේක හොදයි කියන්නේ ඔය කියන තරම් සෙනගක් අවේ නැහැ.(ස)
බොහෝම ස්තුතියි.(නදී)
මම සහබාගි වෙලා තියනවා ඔය වැඩසටහනට තෑගීත් අරන් තියනවා. නමුත් අවසානෙට වැඩසටහන පටන් ගන්නේ එයාලගේ ආගම ගැන. ඒ වෙලාවට ලජ්ජා හිතෙනවා සහබාගි වීම ගැන.(නදී)
අනේ හොදා ..... (නි)
සෞදිය රජ කෙනෙක් පාලනය කළාට ලංකාවේ වගේ ජාතිවාදියෝ නැහැ (නි)
රියාද් එකේ ඕව බැහැලුනේ. වගකීම් බාරගන්න කෙනෙක් නැහැ. සෞදි කාරයෝ ගහයි කියලා බයලු. දන්නවනම් මමත් එනවා දමාම් වලට .(නදී)
ඇත්තෙන්ම බොහොම හොද වැඩක් (නි)
එකමුතුකම ගැන හරිම සතුටුයි. (නි)
පව්ලේ සාමාජිකයන්ගෙන් වෙන් වී තනියෙන්ම ඉන්න සිංහල දෙමල මුස්ලිම් අප සියලු දෙනාටම සතුටුදායක සන්ද්‍යාවක් ගෙවීමේ අවස්ථාවක් ලැබුණා (නි)
අල්ලාහ්! (නි)
ගොඩක් දෙනෙක්ට මේ වගේ හොද දේවල් පේන්නේ නැහැ. මුස්ලිම් රටක වටයක් ගියාම ජාතිවාදී අදහස් තමයි මතුවෙන්නේ.(නදී)
කොහොමද අපේ ලංකාවේ කොල්ලන්ගේ වැඩ. ජයවේවා!(නදී)