සෞදි අරාබියේ නීතී විරෝධීව රැදී සිටින්නන් සදහා පොදු සමා කාලයක් ලබා දී ඇති බැවින් ඔබ හෝ ඔබේ ඥාතියකු නීතී විරෝධිව හෝ අවතැන්ව සෞදි අරාබියේ රැදී සිටීන්නේ නම් කරුණාකර 2013 ජුනි 15 වැනිදාට පෙර පරන ගමන් බලපත්‍රයේ වීසා පිටුවේ පිටපතක් හෝ ඉක්වා කාඩ් පතෙහි පිටපතක් සහ ගමන් බලපත්‍ර ප්‍රමාණයේ ඡායාරූප දෙකක් සමඟ රියාද් කිං අබ්දුල් අසීස් පාරේ දහියා මාවතේ අල් වරූද් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයට හෝ ජෙඩා නුවර ප්‍රින්ස් සුල්තාන් පාරේ ජුබිලියා මාවතේ කලිදියා ප්‍රදේශයේ පිහිටි කොන්සියුලර් කාර්යාලයයට වාර්තාකරන ලෙස රියාද් තානාපති කාර්යාලීය නිලධාරීන් දන්වා සිටී.
2013 ජුලී 03 වැනි දිනට පසුවත් ඔබ හෝ ඔබේ ඥාතියා නීතී විරෝධිව සෞදි අරාබියේ රැදී සිටීන්නේ නම් වසර දෙකක සිර දඩුවමකට හා රියාල් ලක්ෂයකට (රුපියල් තිස්තුන් ලක්ෂ පනස්දහසක) දඩයකට යටත් වීමට සිදු වන බව රියාද් තානාපති කාර්යාලයයේ නිලධාරීන් ප්‍රකාශ කර සිටී.
රියාද් තානාපති කාර්යාලයයේ උසස් නිලධාරියකු වැඩ්දුරටත් පැවසුවේ පොදු සමා කාලය ජුලි 03 වැනි දිනට කල් ඉකුත්වන බැවින් සෞදි අරාබියේ නව තානාපති වඩිවෙල් ක්‍රිෂ්ණමුර්ත්‍රී මහතා ඇතුළු තානාපති නිලධාරීන් විසින් ඊයේ රාත්‍රී සාකච්ඡා කොට මෙම තීරණය පිළිබව මාධ්‍යට නිකුත් කළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම ලංකාවට එන්න. නැතිව පස්සේ කෙදිරි නොගා... (නි)
යාළුවා කියන දේ අහන් නැත්තම් අපි මොනවා කරන්නද ?(නදී)
අපිට කරන්න දෙයක් නැහැ. කණගාටුයි (නි)
පොදු සමා කාලයේ ලංකාවට එන්න, නැත්නම් අමාරුවේ වැටෙන්නද ඉන්නේ? වීසා නැතුව ඉන්න එක නීතිවිරෝදියි (නි)
මේ සමා කාලයේදී වත් හරි දේ කරන්න (දී)