IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


සෝනු නිගම් 18 වැනිදා ලංකාවේදී....

බොලිවුඩ් සිනමාවේ සුපිරි ගායකයා ලෙස නම් දැරූ සෝනු නිගම් මෙම 18 වෙනිදා ශ්‍රී ලංකාවේදී ප්‍රසංගයක් පවත්වනවා. "සෝනු නිගම් ලයිව් ඉන් කොන්සර්ට්" නමින්  සී.ආර් ඇන්ඩ් එෆ්.සී ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම ප්‍රසංගය හින්දි ගීතවලට පමණක් නොව අපූරු හඬකින් ලොව මවිත කළ සෝනු නිගම්ට ආදරය කරන පිරිසට ඔහු දැක බලාගැනීමට ලැබුණු මහඟු අවස්ථාවක්ම වේවි. භාරතය පමණක් නොව, ලෝකයේ බොහෝ දෙනා අතර තරුවක් වූ සෝනු ගැන අපි විස්තර ටිකක් කියවමු. 1973  ජූලි 30 වෙනි දින හර්යානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද්හිදී උපත ලද සෝනු යනු ඉන්දියාවේ එක් ජන කොට්ඨාසයක පමණක් ආදරය දිනූ අයෙකු නොවේ. චිත්‍රපට පසුබිම් ගායන ශිල්පියකු ලෙස ක්ෂේත්‍රයට ආ ඔහු ජනප්‍රිය වූවේ හින්දි ගී නිසාම නොවෙයි. කන්නඩා චිත්‍රපට මෙන්ම දමිළ ඇසෑම්, පන්ජාබ්, තෙලිඟු බෙංගාලි, මරාති භාෂාවලින් ගී ගයා තිබීම සුවිශේෂත්වයකි. එලෙසින් ගායන ලෝකය බැබළ වූ සෝනු ගායක‍යෙක් පමණක් නොවේ, සංගීත අධ්‍යක්ෂකවරයකු, රුපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු, ගුවන් විදුලි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු මෙන්ම රංගන ශිල්පි‍යෙක් ද වෙයි. ගායන දිවියට අවතීර්ණව ඇත්තේ වයස අවුරුදු තුනේදීය. සෝනු ගායන ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ වයස අවුරුදු තුනේද වීම විශේෂත්වයි. ඔහුගේ පියා සමග වේදිකාවට නැග මොහොමඩ් රාෆි නමැති අසහාය ගායකයා ගැයූ ‍"කපාදුව තෙරා වාදා" ගීතය අපූරුවට ගයා ඇත. මේ හැකියාව හඳුනාගත් සෝනුගේ පියා මංගල උත්සව සහ වෙනත් උත්සව සඳහා ගී ගැයීම වෙනුවෙන් සෝනු කැඳවාගෙන ගොස් තිබේ. මේ නිසාම භද්‍ර යෞවනය වන විට රටේ විවිධ සංගීත තරගවලට (ගායනා) ඉදිරිපත්වී ජයග්‍රහණ රැසක්ම ලැබීමට ඔහුට හැකිවිණ. මුම්බායි වෙත පැමිණි ජීවිතය තරමක් අසීරු  වූවද, මොහොමඩ් රාෆිගේ ගී ගයන චරිතයක් ලෙස බොහෝදෙනා අතරට ගියද, දෛවය වෙනස් වූයේද එහිදීමය. ටී- සීරිස් හරහා ගුල්ෂාන් කුමාර් නිගම්ගේ දක්ෂතා හඳුනාගත් අතර, විශාල ජනකායක් ඉදිරියේ හැකියාව ඉදිරිපත් කිරීමට අවස්ථාවක්ද ලබාදී ඇත. මොහොමඩ් රාෆිගේ අඩුව පිරවූ අපූරු චරිතයක් ලෙස ප්‍රකට වූ සෝනුට ප්‍රථම වතාවට චිත්‍රපට පසුබිම් ගීතයක් ගැයීමට ලැබී ඇත්තේ 1990 දී තිරගත වූ ජානම් (Janam) සමගය. නමුත් එය නිල වශයෙන් ප්‍රදර්ශනය නොවීය. කෙසේ වෙතත්, රේඩියෝ වෙළඳ දැන්වීම් මෙන්ම ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වූ ‍'ස-රි-ග-ම' සමග කරණමක් ගැසූ ඔහු ජීවිතය ඉදිරියටම මිස පස්සට තල්ලු කරගෙන නොගියේය. උස්තාද් ගුලාම් මුස්තාපා ඛාන් යටතේ පවා තවත් දුරටත් ශාස්ත්‍රීය අංශය ප්‍රගුණ කළේ ඒ නිසාමය. කල්යත්ම ගුවන් විදුලි සහ රූපවාහිනී වැඩසටහන් සඳහා නැතිවම බැරි චරිතයක් වු සෝනුට මෙතෙක් ඉන්දියාවේ ශිල්පියකු කළ වාර්තාගත අලෙවියක් ලද ගීත ඇල්බමය පවා ඉදිරිපත් කිරීමට හැකිවිය. සම්මාන ගෞරව අතරින් සුර දූතයකු සේ ඉදිරියට ගිය සෝනු භාරතය සසල කළේ ‍'කල්හෝනා හෝ' චිත්‍රපටය සමගය. ගායනයේ ආදරණීය සිහින කුමරා ලෙස අන්වර්ථ නම් ලැබ එතැන් සිට ලද ජනප්‍රියත්වය භාරතයෙන් එහා ගිය එකක් විය. ජැක්සන්ට ආදරය කළ අපූරු රසවතා.. භාරතයේ තරුවක් වෙමින් ලෝකය ස්පර්ශ කරමින් සිටි අතර පොප් රජු මයිකල් ජැක්සන්ගේ අපූරු රසවතෙක් විය. ජැක්සන්ගේ මියයාමත්  සමග ඔහු වෙනුවෙන් ගීත එකතුවක් කරමින් එය අන්තර්ජාල ෆේස්බුක් හරහා ලක්ෂ සංඛ්‍යාත පාඨකයන් අතර ප්‍රචාරය කරවීය. ලෝකය තනියායක් කරගත් සෝනු යනු එක අතකට හරි අපූරු චරිතයකි. මේ වනවිට බටහිර රටවල් ඇතුළුව ඔහු ලොව පුරා විවිධ රටවලට ගොස් ප්‍රසංග වාර පැවැත්වීමෙන් ඔහු ප්‍රකාශ කරන්නේ ඔහු මේ ලෝකයටම අයිති තරුවක් කියාය. සැබැවින්ම සෝනුට ලෝකය අමුතු තැනැක් නොවේ. ලෝකය ඔහුට තනියායකි. ඒ තනියායේ අසහාය චරිතය ඔහුම බව ප්‍රකාශ කළ හැකිය. පවුලේ විස්තර සහ විවාහය සෝනුගේ දෙමාපියන් වන්නේ අගම් කුමාර් නිගම් සහ ශෝභා නිගම්ය. ජේ.ඩී. ටිටිලර් පාසලෙන් අධ්‍යාපනය ලද සෝනුට සහෝදරියන් දෙදෙනෙකි. මීනාල් සහ නිකිටා ඒ දෙදෙනාය. සෝනුගේ පියා දරුවන්ගේ හැකියාවන් හඳුනාගෙන සැබෑලෙස ඔවුන් ඉදිරියට යවන අයෙකු වන අතර, සෝනු මෙන්ම එක් සොයුරියක වන නීකිටාගේ ගායන හැකියාව හඳුනාගෙන ඇල්බම් ඉදිරිපත් කර තිබේ. ඒ සඳහා සම්මාන පවා ලැබී ඇති අතර, නීකිටාද නැගී එන තරුවක් වී හමාරය. සෝනුගේ ආදරණීය බිරිඳ වන්නේ මධුරිමාය. ඇය සමග ඔහු විවාහ වූවේ 2002 පෙබරවාරි 15 වෙනිදාය. අද මේ දෙපළට පුතෙක් සතුය. 'නෙවාම්' පුතුද පියා මෙන් සංගීතයට වඩාත් ඇලුම් කරන්නේය. මේ වනවිට භාරත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් සමග ගීතයක් පවා ගයා ඇත. මේ දිනවල කුඩා නෙවාම් ලොවපුරා ජනප්‍රිය චරිතයක්ව සිටින්නේ ‍'වයි දිස් කොලවරි' ගීතය ඔහුද ගයා ඇති නිසාය. එය යූ ටියුබ් (You Tube) හරහා බොහෝ දෙනා අද නිතර ශ්‍රවණය කරන බව කිව හැකියි. අසහාය ගුණය භාරතයේ පමණක් නොවල මුළු ලෝකයේම අසහාය චරිතයක්ව සිටින සෝනු යනු තරුවක් ලෙස අහසේ පාවෙන චරිතයක් නොවේ. තම ආධ්‍යාත්මයට මුල්තැන දෙමින් මානවවාදය හඳුනාගෙන කටයුතු කරන අයෙකි. විවිධ සමාජ සත්කාර සඳහා නිරන්තරයෙන් දායකත්වය ලබාදෙන ඔහු මනුස්සකමට සහ මනුෂ්‍යත්වයේ හරය අතරින් ආධ්‍යාත්මය සොයා යන චරිතයකි. ස්වභාව ධර්මයේ නියමයන්ට අනුව කටයුතු කරන හේල යෝග වැනි භාවනා ක්‍රම මගින් කායික හා මානසික සැහැල්ලුව පවත්වා ගැනීමට කටයුතු කරයි.  නොපෙනෙන දෙවියන්ට වඩා මනුෂ්‍යත්වයේ හරය ගුණය මතින් ස්වභාවයට පිටු නොපා මනුෂ්‍යත්වය සැබෑ ලෙස අරුත්බර කිරීම සෝනුගේ ඒකායන ප්‍රාර්ථනයයි. ඔහු ඔහුට අයිති නැති ජනතාවගේ හදගැස්ම බවට පත්ව සිටින්නේ මෙකී ගුණයන් නිසාම විය හැකිය.

සඳුන් ගමගේ
   



අදහස් (0)

සෝනු නිගම් 18 වැනිදා ලංකාවේදී....

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දළදා වන්දනාව හැම වසරකම?
2025 අප්‍රේල් මස 24 481 1

දළදා වන්දනාව වසරක් පාසා පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්බීඑස් අභයකෝන් මහතා තීරණය කර ඇත.


සූර්වී උඩුගුවනේදී අනඟරැඟුම් පෑ විදේශිකයාට දඩ
2025 අප්‍රේල් මස 24 918 0

උඩු ගුවනේදී සුර් වී ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ඉදිරියේ අනග රැඟුන්පැ 65 හැවිරිදී ස්විඩන් ජතිකයෙකුට රුපියල් 26500. 00 දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ


ඕඩිසී දුම්රියේ ටිකට් වංචාවට SMලා සම්බන්ධ දැයි විමර්ශන
2025 අප්‍රේල් මස 24 436 0

ඇල්ල ඕඩිසී දුම්රිය ටිකට් පත් වැඩි මිලට විකිණීමේ ජාවාරමට දුම්රිය ස්ථානාධිපතිවරුන් හා කාර්ය මණ්ඩලය සම්බන්ධ වී ඇද්ද? යන්න පිළිබඳව දුරකථන විශ්ලේෂණ වාර්


පාප්වහන්සේ වෙනුවෙන් දිව්‍ය පූජාව 26දා කොටහේනේදී
2025 අප්‍රේල් මස 24 138 0

ශුදතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උදේග්වා හිමිපාණන් සහ ශ්‍රි ලංකාවේ රදගුරුතුම


ට්‍රම්ප්ට නඩු පිට නඩු
2025 අප්‍රේල් මස 24 1109 1

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි


ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොකු සමුළුවක් ලංකාවට
2025 අප්‍රේල් මස 24 431 0

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 700 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 347 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 495 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site