IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සනත් තවමත් ‘සර්’ ද?

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ, සිංහබාහු, රත්නාවලී, හස්තිකාන්ත මන්තරය යන නාට්‍යවල වත්මනෙහි ප‍්‍රධාන භූමිකා රංගනයෙහි නිරත වන්නේ ඔහුය. ඒ සම්මානනීය රංග ශිල්පියා සනත් විමලසිරි ය. රංගන භූමිකාවේ දී ඔහුට  ඕනෑම චරිතයක් ඔට්ටුය. නමුත් එකී චරිත සියල්ල රංගනයට පමණක් සීමා වූ චරිතය. සැබෑ ජීවිතයේ දී ඔහුගේ භූමිකාව ඊට වඩා වෙනස්ය. ඔහුගේ සැබෑ ජීවිතයේදී ඔහු කෙසේ විය හැකිද?

 

 

සඳුන් රාජකරුණා අධ්‍යක්ෂණය කළ ”චායා” නාට්‍ය සිරස ඔස්සේ විකාශය වන මොහොතක, එහි නිලංග ලෙස රඟපාන සනත් සමග කෙරෙන මෙම පිළිසඳරේ දී ඔබට ඒ ගැන දැනගත හැකි වේවි.

 සනත් ඔබ වෘත්තියෙන් ගුරුවරයෙක්. තවමත් එහි නිරත වෙනවද?
ඔව් තවමත් ගුරු වෘත්තියේ යෙදෙනවා. ඒත් වසර එකොළහක් පමණ මා සේවය ලබා දුන්නේ කොළඹ ප‍්‍රධාන පෙළේ විදුහලකටයි. එයින් ඉල්ලා අස්වුණා.

 


 ඇයි ඉල්ලා අස්වුණේ?
පසුගිය වසර දෙකක පමණ කාලයේ සිට ගුරුවරයකු ලෙස මගේ සේවය ලබා ගත්තෙ නැති තරම්. ගුරුවරයකු සිටින්නෙ උගන්වන්නයි. මේ විදියට යම් යම් දේ සිදුවන අතරේ එතැනින් අස්වුනොත් හොඳයි කියලා හිතුවා. අඩුම තරමින් නාට්‍ය හා රංග කලාව සහ සෞන්දර්යය විෂයය උගන්වන ගුරුවරයකුට ” ඕළු නෙළාලා මාල ගොතාලා” කියන්නවත් අවස්ථාවක් තිබෙන්න එපායැ.

 


 එතකොට තවම උගන්වනවා කිව්වෙ?
මහරගම විද්‍යාකර බාලිකාවේ විදුහල්පතිනිය ප‍්‍රමුඛ ගුරු මණ්ඩලය නාට්‍ය හා රංග කලා අංශයෙන් මගෙන් උපරිම ප‍්‍රයෝජන ලබාගන්නවා. සරලවම කිව්වොත්, මගේ සේවයට ගරු කරනවා. මම සමාජයට යහපත මිස කාටවත් වැරදි කරලා නැහැ. මේ ලෝකයේ හැම දෙයක්ම සිද්ධ වෙන්නෙ විශ්ව ශක්තියට අනුවයි. මාත් මගේ උපරිම සේවය එම විදුහලට ලබාදෙනවා.

 


 රඟපෑම සහ ගුරු වෘත්තිය දෙකම කරන්නෙ කොහොමද?
කාලය බෙදා හදාගෙන හැකි විදියට කරනවා. ඒත් වෙලාවකට මට හිතෙන්නෙ ගුරු වෘත්තියෙ යෙදෙන කලාකරුවකුට ලැබෙන සහයෝගය අඩුයි. රාජ්‍ය සේවයේ නිරතව සිටින්නෙ ඉගෙන ගත්ත මිනිස්සු නම් ඔවුනට කලාව අකැපද කියන ප‍්‍රශ්නය මතු වෙනවා. ඔවුනට කලාවට ලබාදිය යුතු දායකත්වය ලබාදීමට ලැබෙන අවස්ථා අඩුයි. කලාකරුවා කියන්නෙ සමාජය යහපත කරා ගෙනයන කෙනෙක්. නමුත් වර්තමානයේ එය සියයට සීයක්ම වෙනවද දන්නෙ නැහැ. ඒත් මම හිතන්නෙ සමස්තයක් ලෙස කලාකරුවාගෙන් සමාජයට සිදුවන්නෙ ලොකු යහපතක්. 

 


 මනමේ, සිංහබාහු, රත්නාවලී වැනි මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය විෂය නිර්දේශවලට පවා ඇතුළත් නේද?
ඔව්, ශ්‍රී ලාංකීය සමාජයේ ආධ්‍යාත්මය බඳුවූ ඒ නාට්‍යවලට දායක වෙනවා. එවැනි නාට්‍යයකවත් අගය නොදැනෙනවා නම් එයින් අදහස් කරන්නෙ ළමයින්ට අවශ්‍ය දේ අහිමිකිරීමක් ලෙසයි. ඇත්තටම රාජ්‍ය සේවයේ නිරත කලාකරුවන් මුහුණ දෙන මේ ප‍්‍රශ්නය අතිගරු ජනපතිතුමාගේ අවධානයට යොමුවේ නම්, එය යහපතක්. අපි කලාවේ යහපතට මිස අයහපතට වැඩ කරලා නැහැ. තාන්න-මාන්න ඉල්ලලත් නැහැ.

 


 ගුරුවරයකු ලෙස ඔබ රඟපාන ටෙලිනාට්‍ය චරිත ගැන සෑහීමකට පත්වෙන්න පුළුවනිද?
බැහැ. මම සතුටින් කළ චරිත අතීතයේ දී වගේම වර්තමානයේදීත් තිබුණා. නමුත් සියල්ල හරි කියන තැන නැහැ.

 


ගුරුවරයකුට රඟපෑමේදී සීමාවක් තිබිය යුතුද?
ගුරුවරයකුට නොවෙයි,  ඕනෑම කලාකරුවකුට සීමා තිබිය යුතුයි. යම්කිසි පිටපතක් ඉල්ලා සිටින දේ චරිතයෙන් ලබාදිය යුතු නම් එතැනට ගුරුවරයාද ඇමැතිද කියන එක බලපාන්නෙ නැහැ. නළුවකු ලෙස රංගනයට අදාළ දේ කළ යුතුයි. ගුරුවරයා යනු සැබෑ ජීවිතයේ දී පරපුරකට අලූත් මාවතක් විවර කරදෙන චරිතයක්. ලෝකයට ඥාණයෙන් පිරි දරුවන් බිහි කරන කෙනෙක්. ඒ නිසා ගුරුවරයාට සාමාන්‍ය ජීවිතයේ දී පවා සීමා තිබිය යුතුයි. නමුත් චරිත රංගනය යනු වෙනස් අංශයක්.

 


 ළමයින් ගුරුවරයා රඟපාන චරිතය අනුකරණය කරනවා නම්?
මෙතෙක් රඟපෑ චරිත දෙස බලන්න. මම ඒ  ඕනෑම චරිතයකින් අවසානයේ ප‍්‍රකාශ කරලා තියෙන්නෙ සමාජයට යහපත් පණිවුඩයක්. චරිත තෝරා ගැනීමේ දී මම ඒ ගැන හිතනවා. දීර්ඝ නාට්‍යවලදී නම් එය තේරුම්ගන්න කොටස් ගණනාවක් යාවි. නමුත් නරක චරිතයකින් හෝ එහි යථාර්ථය සමාජයට පෙන්වාදිය හැකි නම් එය යහපතක්.

 


 මෑතකදී ඔබ තවත් විභාගයක් සමත් වුණා නේද?
පරිපාලන අංශයේ විභාගයට මුහුණ දුන්නා. ලංකාවෙන්ම 12 වැනියා ලෙස පාස් වුණා. හැබැයි ඉතිං මේ දක්වා සම්මුඛ පරීක්ෂණයකටවත් මට කැඳවීම් ලැබී

 

නැහැ.

 


 ඔබගෙ බිරිඳත් ගුරුවරියක් නේද?
ඔව්, ඇයත් ගුරුවරියක්.

 


 දු දරුවන්?
ලොකු දුව ලසේයා අනුලා බාලිකාවේ ඉගෙන ගන්නවා. දෙවැනි දුව නේලී ලීඞ්ස් පෙරපාසලට යනවා.

 


 සනත් ඔබ ගැන ඔබට හිතෙන්නෙ කොහොමද?
දෙමාපියන්ට, බිරිඳට, දරුවන්ට වගේම සමාජයට යහපත් චරිතයක් කියලා හිතෙනවා.

 



අදහස් (0)

සනත් තවමත් ‘සර්’ ද?

ලාල් ගලබඩ ලේක්කෝ නගරය Thursday, 09 May 2013 01:44 PM

දක්ෂ කමින් උඩගු වී, දේශපාලකයන්ට කඩේ ගොස් සම්පත් ලබාගන්න උත්සාහ කර නම කැත කරගත් නළුවන්ට ඔබ හොද ආදර්ශයකි. (නි)

:       0       0

හේරත් Wednesday, 08 May 2013 05:32 PM

ඔබ හොද නළුවෙක් සහ හොද ගුණගරුක කෙනෙක්. මම අගය කරනවා. (නි)

:       0       0

අසෝකා සොමිතිලක Friday, 10 May 2013 08:42 AM

කියන්න ෙදයක් නෑ සනත්ම තමයි ඡය පතනවා.(නදී)

:       0       0

දයා අලහකෝන් Wednesday, 08 May 2013 11:20 AM

ප්‍රතිභා පූර්ණ හොද නළුවෙක්, හොද ගුරුවරයෙක් මම කැමතිම නළුවෙක්. ඔබට සුභ අනාගතයක්.(නදී)

:       0       0

ෙරාක් Wednesday, 08 May 2013 11:22 AM

ඔබට උණුසුම් සුභපැතුම්. ඔබේ සෑම කාර්යයක්ම සාර්ථක වේවා! (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 08 May 2013 11:24 AM

ඔබේ රගපෑම් වලට අපි ගොඩක් කැමතියි (නි)

:       0       0

කුමාර Friday, 10 May 2013 10:32 AM

ඉහලින් ඇති අදහස් වලට වඩා තවත් මොනවද දාන්නේ ? නියම කළා කරුවෙකු ගැන මිනිස්සුන්ගේ තියෙන්නේ ඔය වගේ හැඟීම් තමා. කලා ලොවේ දීර්ග ගමනක් යන්න මම ඔහුට සුබ පතනවා.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 08 May 2013 07:24 PM

මම වැඩියෙන්ම ආදරය කරන දක්ෂ නළුවෙක්. හෘදයාංගම සුභ පැතුම්! (නි)

:       0       0

ලක්මල් Thursday, 23 May 2013 12:53 AM

ඔබ ඉතා හොදම හොද කලාකරුවෙක්. ඒ නිසා දේශපාලනයනම් මඩ ගොහොරුවට වැටෙන්ඩ එපා ඔබට සුබ පැතුම්.(නදී)

:       0       0

අසිත Monday, 20 May 2013 12:48 PM

සිංහබාහු හතර පස් සැරයක් බලපු කෙනෙක් හැටියට, සනත් සිංහබහු චරිතය ඉතාම සාර්ථක ලෙස රගපානවා..ඔබට සුබ පැතුම් !(ස)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 09 May 2013 08:41 PM

සනත් ප්‍රේම චරිත කරන්න අවශ්‍ය හැඩ රුව ද නරක චරිත කරන්න අවශ්‍ය රංගන කුසලතාවන්ගෙන්ද හෙබි නිහතමානී නළුවෙකි.(නදී)

:       0       0

සුජා Wednesday, 08 May 2013 01:17 PM

දක්ෂ කලාකරුවෙක්. ඔබට සුභ පැතුම්! (නි)

:       0       0

සුජා Wednesday, 08 May 2013 01:21 PM

කලාව තේරුම්ගත් නිහතමානි කලාකරුවෙක්. ඔබට ජය (නි)

:       0       0

උපුල් Wednesday, 15 May 2013 12:30 PM

මොහුගේ දුරකථන අංකයක් දැනගන්න විදිහක් තියෙනවද ? දරුවෙකුගේ වැඩකට උදව්වක් ඉල්ලා ගන්න. (ස)

:       0       0

නසා Wednesday, 08 May 2013 10:17 PM

ඉස්කෝලේ යන කාලේ ඉදලම හරිම නිහතමානී කොල්ලා. එහෙත් චන්ඩිකම් නැතුවාම නොවේ. නියමයි සනා! (නි)

:       0       0

නසා Wednesday, 08 May 2013 10:18 PM

අපිව බලාගන්න ඉතින් කව්රුත් නැහැනේ. (නි)

:       0       0

සුජාන් Friday, 10 May 2013 12:54 PM

මහනුවර කින්ග්ස්වූඩ් විදුහලෙන් බිහිවූ තවත් වටිනා කලාකරුවෙක්. පාසල් යන කාලයේ ඉඳලම කලාවට දක්ෂයා. සනත්ගේ අයියත් හොඳ කලාකරුවෙක්. සනත් පාසලේ හිටපු අහිංසකම ළමයෙක්. හොඳ යාලුවෙක්. ජය පතනවා.(ස)

:       0       0

සෙල්ටන් Wednesday, 08 May 2013 11:21 PM

කලා ලොවේ හොද චරිත වලට අපේ උපහාරය! ඔබට ජය. (නි)

:       0       0

කුමාරිහාමි Thursday, 09 May 2013 12:21 PM

මේ වගේ කඩවසම් ආරෝහ පරිනාහ දේහදාරි නළුවෙක් වාණිජ සිනමාවේ පෙම්වතාගේ චරිතයට ක්‍රියාදාම චිත්‍රපටයක වීරයාගේ චරිතයට දැනට ඉන්න සමහර ගෑනු වගේ නළුවන්ට වඩා ගැලපෙනවා. සොඳුරු දඩබිමේ කුමාර තිරිමාදුර එක්ක කළ සටන කොච්චර තාත්විකද? බිත්තිය දිගේ අඩි තුනක් තියලා ගහපු පා පහර දැන් ඉන්න වාණිජ සිනමාවේ නළුවන්ට ගහන්න පුලුවන්ද? එක වාණිජ චිත්‍රපටයක හෝ නැටුම් සටන් කරන කොල්ලගේ චරිතය කරලා එහෙම චරිතත් ඔබට සාර්ථකව කළ හැකි බව පෙන්වන්න. (නි)

:       0       0

කසුන් ධර්මවංශ Wednesday, 08 May 2013 09:26 AM

රටක් වටිනා නිහතමානී කලාකරුවෙක්. මහත්මයාණනි ඔබට මගෙන් උණුසුම් සුභ පැතුම් ........!!!!(ස)

:       0       0

බන්දුල Wednesday, 08 May 2013 09:46 AM

දක්ෂතා වලින් පිරුණු කලාකරුවෙක්. ඔබට සුබ අනාගතයක්.(ස)

:       0       0

මේරි Wednesday, 08 May 2013 09:55 AM

සුභ පැතුම්! ඔබතුමා හොඳ රංගන ශිල්පියෙක් (නි)

:       0       0

සිසිලියා Wednesday, 08 May 2013 10:00 AM

මනුසත් ගුණදම් පිරි හොඳ කලාකරුවෙක් (නි)

:       0       0

රංජිත් Wednesday, 08 May 2013 10:12 AM

සනත් විමලසිරි මගේ ගම ප්‍රදේශය වන මාතලේ කෙනෙක්ය. ඔහුගේ රංගන කුසලතා මම හොඳින් දැකපු තැනක් තමයි මුතුපිහාටු නාට්‍යය. සනත් විමලසිරි මනමේ නාට්ටියේ ප්‍රධාන චරිතයට ඉතා සුදුස්සෙක්යැයි යනු මගේ අදහසයි (නි)

:       0       0

අනුර Thursday, 09 May 2013 05:56 PM

නිහතමානී ලස්සන නළුවෙක්. ඔබගේ රගපෑම් හරිම ලස්සනයි (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 09 May 2013 03:59 AM

මනා ගායන හා රංගන හැකියාවන්ගෙන් හෙබි මොහු රංගන ක්ෂේත්‍රයේ දුර්ලභයෙකි. ඔබට ජය! (නි)

:       0       0

රවී Thursday, 09 May 2013 01:29 PM

බැරි දෙයක් නැති විශිෂ්ට ශිල්පියෙක්! සුබ පැතුම්! (නි)

:       0       0

වාසනා Sunday, 12 May 2013 11:55 AM

ඔබ නිහතමානී කලාකරුවෙකි. ඔබට මිතුර සදා ජය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 569 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 972 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 818 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1588 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 465 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 236 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site