IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


සන්ධාන නැ'හිර පදනම බහී

උතුරුමැද, නැගෙනහිර සහ සබරගමු පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද පදනම සබරගමුව හා උතුරු මැද පළාත් සභාවලදී වැඩි වී ඇතත්, නැගෙනහිරදී අඩුවී ඇත. 2008 මැතිවරණයට සාපේක්ෂව ඉහත පළාත් සභා තුනෙහිම එක්සත් ජාතික පක්ෂය සතු ඡන්ද පදනමද පසුබෑමකට ලක්වී ඇත. ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පදනමද දරුණු සෝදාපාළුවකට ලක්ව තිඛෙන අතර 2008 දී ඉහත පළාත් සභා තුනටම තරග කළ එම පක්ෂයට මෙවර හිමිව ඇත්තේ උතුරු මැද පළාත් සභාව වෙනුවෙන් එක් ආසනයක් පම‚. 2008 දී සබරගමුවෙන් මන්ත්‍රී ආසන 25ක් හිමිකරගත් එ.ජ.නි.ස.ය මෙවර මන්ත්‍රී ආසන 28ක් හිමිකරගෙන සිටින අතර එජාපයට මන්තී්‍ර ආසන 14ක් හිමිවි ඇත. උතුරුමැද පළාත් සභාවෙන් 2008 දී මන්ත්‍රී ආසන 20ක් හිමිකරගත් එ.ජ.නි.ස.ය මෙවර මන්ත්‍රී ආසන 21ක් ලබා ගනිද්දී එ.ජා.ප.ය සතුව තිබූ මන්ත්‍රී ආසන 17 ආසන 11ක් දක්වා අඩුවී ඇත. 2008 මැතිවරණයේදි නැගෙනහිරින් මන්ත්‍රී ආසන 20ක් හිමිකර ගත්තද එ.ජ.නි.ස.ට මෙවර හිමිවූයේ මන්ත්‍රී ආසන 14ක් පම‚. නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රී ආසන 15ක හිමිකාරත්වය ඉසිලු එ.ජා.ප.යට මෙවර හිමිව ඇත්තේ මන්ත්‍රී ආසන හතරකි. ප්‍රථමවරට නැගෙනහිර පළාත් සභාවට තනිවම තරග කළ ජාතික නිදහස් පෙරමුණ එක් මන්ත්‍රී ආසනයක් හිමිකරගෙන සිටී. ලංකා කම්කරු කොංග්‍රසය සබරගමු පළාත් සභාවේ මන්ත්‍රී ආසන දෙකක් හිමිකරගෙන සිටින අතර නැගෙනහිර පළාත් සභාවට තරග කළ ඉලංගෙයි තමිල් අරසුකච්චි මන්ත්‍රී ආසන 11ක්ද, › ලංකා මුස්ලිම් කොංග්‍රසය මන්ත්‍රී ආසන 7ක්ද හිමිකරගෙන ඇත.   සබරගමුව පළාත 2008 දී                 2012 දී එ.ජ.නි.ස. ආසන     472,789 (25)        488,714 (28)       ¬ 15925 (¬3) එ.ජා.ප. ආසන        346,321 (17)         286,857 (14)       ¡ 59,464 (¡3) ජ.වි.පෙ. ආසන      19,068 (2)             12,164 (0)  ¡ 6904 කමකරු කොංග්‍රසය ආසන 10,163 (0)  25,985 (2)  ¬ 15,822   උතුරු මැද පළාත 2008 දී         2012 දී එ.ජ.නි.ස      307,457 (20)        338,552 (21)       ¬31,095 (¬1) එ.ජා.ප.        205,284 (17)         196,127 (11) ¡ 9157 (¡6) ජ.වි.පෙ.       26,738 (1)             16,066 (1)   ¡ 10672   නැගෙනහිර පළාත 2008 දී             2012 දී එ.ජ.නි.ස.     308,886 (20)       200,044 (14)      ¡ 108,842 (¡6) එ.ජා.ප.        250,732 (15)       74, 901 (4)           ¡ 175,831 (¡11) ඉ.ත.අ.ක.     තරග කර නැත        193,827 (11) ශ්‍රී.මු.කො.   තරග කර නැත        132,917 (7) ජා.නි.පෙ.     තරග කර නැත        9522 (1)



අදහස් (0)

සන්ධාන නැ'හිර පදනම බහී

රන්දික Sunday, 09 September 2012 02:23 PM

හොදම වැඩේ. (නි)

:       0       0

සුසන්ත Sunday, 09 September 2012 02:48 PM

අපේ අය නැගෙනහිර උඩින් තියාගෙන හිටියට, තව ටික කාලෙකින් කාපු බතේම පහරයිද දන්නේ නැහැ. ඕන්න මං කිවුවා. (නි)

:       0       0

ඔසන් සලාම් - දෝහා Sunday, 09 September 2012 02:58 PM

2008 දී ලංකා ද්‍රවිඩ පක්ෂය එල්ටීටීඊ යේ අණසකට යටත්ව ‍සිටි හෙයින් ඡන්දයට ඉදිරිපත් නොවීය. ඒ නිසා ද්‍රවිඩ ඡන්දවලින් සැළකිය යුතු ප්‍රමාණයන් එදා ඡන්දයට ඉදිරිපත්වූ ද්‍රවිඩ පක්ෂයක්වූ පිල්ලෙයාන්ලාගේ පක්ෂයට පාවිච්චි කළහ. සමහරුන් බියෙන් ඡන්දය වර්ජනය කළහ. නමුත් මෙවර එක්වරම ද්‍රවිඩවාදී ස්වරූපයෙන් මෙම අරසුක් කට්චි ඉදිරිපත්වූ බැවින් පෙර පිල්ලෙයාන්ට ආධාර කළ ද්‍රවිඩ අය සහ එදා නිහඩවූ ඡන්දදායකයින් සියල්ල ද්‍රවිඩ පක්ෂයට තම ඡන්දය පාවිච්චි කළහ. එය රජයේ ඡන්ද බැංකුවට බලපෑම් එල්ල කර ඇත. එදා යූඑන්පිය, මුස්ලිම් කොංග්‍රසයේ ආධාරයෙන් ලබාගත් ආසන මෙවර ඔවුන් බෙදී වෙන්වී ගිය හෙයින් යූඇන්පියද නන්නත්තාර විය. (නි)

:       0       0

අසේල Sunday, 09 September 2012 02:52 PM

කනගාටුයි

:       0       0

සංක Sunday, 09 September 2012 02:59 PM

බොරුවට කැගහපු විපක්ශයට මොකද වුණේ? අනේ පවු, සමහරු දගලපු හැටියට අපිට දුකයි. (නි)

:       0       0

දුමින්ද Monday, 10 September 2012 02:26 PM

අපිට සාපේක්ෂව අපි ලොකුයි කියලා අපි හිතාගෙන හිටියට ලෝකයේ අපිට තැනක් නැහැයි කියලා මිනිස්සුන්ට නොතේරෙන එක තමයි දුක. (නි)

:       0       0

ආනන්ද Tuesday, 11 September 2012 01:46 PM

ද්‍රවිඩ ජාතිවාදය පරදවන්න පළාත් මායිම් වෙනස් කරන්න ඹ්නෑ. පොළොන්නරු දිස්ත්‍රික්කය නැගෙනහිර පළාතට එකතු කරලා ත්‍රිකුණාමලය උතුරුමැද පළාතට එකතු කරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 11 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2115 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1712 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 367 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 618 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 776 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site