IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


සිනමා ශාලාවලට යළිත් Housefull බෝඩ් එක ඇවිත්

2016-09-15-ent-66

දිනෙන් දින අලූත් වන සිහින බලාපොරොත්තු එක කැමරා කාචයක සටහන් කොට ඔබ හමුවේ තැබූ තවත් අපූර්ව වින්දනාත්මක සිනමාපටයක් පසුගියදා සිංහල සිනමාවට තිළිණ වුණා.

ඒ ඩොනල්ඞ් ජයන්තගේ අධ්‍යක්‍ෂණයෙන් සහ ඉන්දියානු සිනමාවේදීන්ගේ අධීක්‍ෂණයෙන් නිර්මාණය වූ ‘‘මායා’’ සිනමාපටයයි. ‘‘මායා’’ හරහා කරළියට එන අපූරු චරිතයක් අද අපේ කතාබහට එකතු වුණා. මායා සිනමාපටයේ පිටපත් අනුවර්ක වන්නේද ඔහුයි. නිර්මාණකරුවන් අතර විශිෂ්ඨ ලෙස සිය රංගන හැකියාව තුළින් නිරූපණය කරන කුමන රංගන භූමිකාවද ඊට උපරිම සාධාරණය ඉටු කරන්නට වෙහෙසෙන ඒ වගේම ඔබ ආදරය කරන චරිතයක්. ඔහු රංගන ශිල්පි පුබුදු චතුරංග.

 

මායා..... ඔබ අනුවර්තනය කළ දෙවන චිත‍්‍රපටය... කොහොමද ලැබෙන ප‍්‍රතිචාර?

2016-09-15-ent-67ඉතාමත් ඉහළයි. මේ කතාව අනුවර්තනය කරද්දී මගේ හිතේ හීනයක් තිබුණා. ඒ මායා‘‘සුපර් හිට්’’ එකක් වේවි කියන හීනය. කතාව ලියද්දී දැකපු හීනය අද යථාර්ථයක් බවට පත්වෙලා. ලංකාවේ වසර ගණනාවකට පස්සේ සිනමා ශාලාවල්වල ්‍යදමිැ ත්‍මකක බෝඞ් එක යළිත් මකුළු දැල් කඩලා එළියට ඇවිල්ලා තියෙනවා. මහන්සියේ ප‍්‍රතිඵල දකිද්දී ‘‘මායා’’ පේ‍්‍රක්‍ෂකයා වැළදගනිද්දී හරිම සතුටුයි.

 

ප‍්‍රවේගය චිත‍්‍රපටය අනුවර්තනයටත් ඔබ සම්බන්ධ වුණා, ප‍්‍රවේගයෙන් ලැබුණ ඇද්දැකීම මායා රිදී තිරය ගේන්න පුබුදුට ලේසි වුණාද?

කොහේවත් ලේසියි කියලා දෙයක් නැහැ. මුලින්ම මම පිටපතක් ලිව්වේ සරා කියන චිත‍්‍රපටයට. ඊට පසුව තමයි ප‍්‍රවේගය, මායා කියන චිත‍්‍රපට අනුවර්තනය කළේ. අලූතෙන් පිටපතක් ලියනවට වඩා අනුවර්තනයක් ලියන එක ගොඩක් අසීරුයි. මොකද අනුවර්තනය හරියටම ලියවුණේ නැතිනම් පේ‍්‍රක්‍ෂකයා චිත‍්‍රපටය ප‍්‍රතික්‍ෂේප කරනවා.

 

‘මායා’ චිත‍්‍රපටය අධීක්‍ෂණය සිදුවුණේ ඉන්දියානු කණ්ඩායමක් විසින්. අපේ සංස්කෘතියට සුදුසු විදිහට මායා නිර්මාණය කිරීම අභියෝගාත්මක වුණේ නැද්ද?

විශාල අභියෝගයක් වුණා. මුලින්ම කියන්න ඕනැ මායා චිත‍්‍රපටයට අවශ්‍ය කරන සාධක ටික සපිරුණා. ඉතාම හොඳ නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්‍ෂවරයෙක්, වේශ නිරූපණ ශිල්පියා කලාඅධ්‍යක්‍ෂවරයා. ඒ වගේම දායක වුණ රංගන ශිල්පීන් ශිල්පිණියන් මේ සියල්ල එකතු වුවාම මායා සාර්ථක වේවි කියලා හිතුවා. මායා අධීක්‍ෂණය කරන්න ලංකාවට ආවේ මායා මුල් නිර්මාණය කරපු ඉන්දීය කණ්ඩායමමයි. මායා මුල් නිර්මාණය මේ වෙනකොට තෙලිඟු, මලයාලම්, කන්නඩ වගේ තවත් විශාල භාෂා ගණනාවකින් නිර්මාණය වෙලා තියෙනවා. සිංහල භාෂාවෙනුත් චිත‍්‍රපටය නිර්මාණය කිරීමේ අවශ්‍යතාව තිබුණා. මට තිබුණ ලොකුම අභියෝගය මගේ ලංකාවේ මහපොළවට ගැලපෙන සිංහල බෞද්ධ කියන සංකල්පය, බෞද්ධ හැඩතල, විශේෂයෙන් විවිධ වූ ජාතීන්ගේ එකමුතුව මේ හැමදේකටම පොදු තෝතැන්නක් සමඟ මායා නිර්මාණය කිරීම. මූලික හර පද්ධතියට සහ මුල් නිර්මාණයේ හැඩතලවලට ඒ රාමුවට ලොකු වෙනස්කමක් සිද්ධ නොකර තමයි මායා නිර්මාණය වුණේ.

මම හිතනවා මායා මහා සිනමා වංශ කතාවට එකතු වුණා වගේම සාමාන්‍ය ජනයාගේ රසවින්දනයට විදින්න පුළුවන් නිර්මාණයක් කියලා. ඒ වගේම ‘‘මායා’’ කියන්නේ සිනමා කර්මාන්තයේ ලොකු වෙනසක්.

 

චිත‍්‍රපටයෙහි ඔබේ රංගන දායකත්වය ගැන කතා කළොත්?

කාලෙකට පස්සේ ලංකාවේ සිනමාවට එකිනෙකට වෙනස් චරිත හතරක් සමඟ රංගනයෙන් දායක වෙන්න ලැබීම ගැන සතුටුයි. චරිතය ගැන කතා කරනවානම් මාලන් කියන්නේ සාමාන්‍ය පෙම්වතෙකුගේ චරිතයක්. අම්මාගේ අසීමිත ආදරය යටතේ හැදෙන දරුවෙක්. මාලන් තරුණයෙක්. හරි එඩිතරයි. හැබැයි කළුවරට බයයි. ඇත්තටම මමත් පොඩි කාලේ කළුවරට බයයි. මාලන් තරුණයෙක් වෙලත් කළුවරට බයයි. හේතුව අම්මා පොඩි කාලේ කෑම කැව්වේ හොල්මන් කතාකියලා බය කරලා. ඒ බය නිසාම මාලන්ට මියගිය පවුලක් ආවේශ වෙනවා. මේක විනෝදාත්මකව ගලාගෙන ගිහිල්ලා එක්තරා තැනකදී කතාව වෙනස් වෙනවා. මම හිතන්නේ එතනින් එහාට මායා නරඹලම රසවින්දොත් හොඳයි කියලා.

 

එතකොට චරිත හතර මොනවද?

මාලන් තමයි ප‍්‍රධාන චරිතය. එයාට ආවේශ වෙන්නේ විපර්යාසයට භාජනය වූ කාන්තාවක්. ද්‍රවිඩ මනුස්සයෙක්. මන්ද මානසික දරුවෙක්. ඔය විදිහට තමයි චරිත හතර ගලා ගෙන යන්නේ. ඇත්තටම මෙහි සිංහල චිත‍්‍රපටයට කලින් හින්දි චිත‍්‍රපටය තමයි කරන්න හිටියේ. ඒත් සන්ජය දත් හිරේ ගියපු නිසා තමයි හින්දි චිත‍්‍රපටය කරන්න බැරිවුණේ. හින්දි චිත‍්‍රපටය කළානම් එහි මගේ චරිතය රඟපාන්න හිටියේ ෂාරුක්ඛාන්.

 

කොහොමද මාලකට ලැබෙන ප‍්‍රතිචාර?

මම ප‍්‍රධාන චරිත රඟපාපු හැම චිත‍්‍රපටයකටම මොනයම් හෝ සම්මානයක් ලබාගෙන තියෙනවා.ඒ හැම සම්මානයකටම වඩා මට වටින්නේ ජනතා සම්මානය.මාලන්ගේ චරිතයටත් ඒ සම්මානය මට දැනටම ලැබිලා ඉවරයි.

 

රන්ජන් රාමනායක සමඟ කොහොමද ‘‘මායා’’ හි අද්දැකීම?

ඇත්තටම මේ අනුවර්තනය ලියනකොට මගේ ඔළුවෙ මැවුණු චරිතය තමයි රංජන් රාමනායක. මුලදී රංජන් අයියා මේ චරිතයට කැමති වුණේ නැහැ. මම කිව්වා මේක දේශපාලනික වශයෙන් හානියක් නොවී කරන්න පුළුවන් රංගනයක්, ඒ පිළිබඳව ගැඹුරින් හැදෑරුවොත් කියලා. ඔහු අති දක්‍ෂ රංගන ශිල්පියෙක්. පසුගිය කාලවකවානුවේ ඔහුගේ නළුකම අහිමි වී ගිය අවස්ථාත් තිබුණා. මට ඕන වුණා ඔහුට ඒ නළුකම නැවත ලබාදෙන්න. ඇත්තටම රංජන් අයියගේ රංගනය ‘‘මායා’’ චිත‍්‍රපටයට විශාල ආලෝකයක් වුණා.

 

ඔබ වාණිජ සිනමාවෙන් හොඳම නළුවා වුණා. හිරිපොද වැස්සෙන් ආපු සිනමා ගමනේ පුබුදු අද වෙනකොට අවශ්‍ය ඉලක්කයට ඇවිත්ද?

මම ඉංජිනේරු ක්‍ෂේත‍්‍රය හදාරලා කලාවට තියෙන අතිශය ආදරය සහ ගෞරවය නිසා දැනෙන හැඟීම් එළියට දාගන්න කවි ලිව්වා. සින්දු ලිව්වා, කෙටි කතා ලිව්වා. එතනින් එහාට මට ඕන වුණා මේ දේවල් තවදුරටත් වැඩිදියුණු කරගන්න අවකාශයක් හදාගන්න. අනෝජා වීරසිංහ මහත්මිය හා දෙස්විදෙස් තවත් දක්‍ෂ ගුරුවරු ගණනාවක් යටතේ රංගනය හැදෑරුවා. මගේ හොඳම විශ්වවිද්‍යාලය තිබුණේ ඔරුගොඩවත්තේ බෝගහයට. මම අවුරුදු දෙකක් ජීවත් වුණේ එතැන. බඩගින්නේ හිටපු කාලේ මහපාරේ යන එන මිනිස්සු අධ්‍යයනය කරලා ලැබුණ අද්දැකීම මාව අද ගොඩක් දුර ගෙනල්ලා තියෙනවා.

උදයකාන්ත මහත්තයාගේ හිරිපොද වැස්ස චිත‍්‍රපටයට ලැබුණේ බොරැුල්ල හන්දියේ හිඟන්නොත් එක්ක වාඩිවෙලා චරිත අධ්‍යනය කර කර ඉන්න කොට. උදයකාන්ත මහත්තයා මාව දැකලා යාළුවෙකුට කියලා තිබුණා පුබුදු වගෙ කෙනෙක් හිඟා කකා හිටියා කියලා. ඒ වෙලාවේ මගේ යාළුවා කිව්වලූ පුබුදු වගේ නෙමෙයි ඒ පුබුදු තමයි කියලා. යාළුවා හරහා මට එන්න කියලා සුළු චරිතයකට තෝරාගත්තත් අවසානයේ හිරිපොද වැස්සේ ප‍්‍රධාන චරිතය මට ලැබුණා. ඒ විදියට පටන් ගත්ත චිත‍්‍රපට ගමන අද වෙනකොට චිත‍්‍රපට 30කට පමණ රංගනයෙන් දායක වෙලා තියෙනවා.

 

ඒත් ඔබ ඓතිහාසික රැුල්ලේ චිත‍්‍රපට තුළින් පේන්න නැත්තේ ඇයි?

අවස්ථාවක් ලැබුණා. ඒත් මඟ ඇරුණා. කොහොමත් ඔය රැුලිගැන මට ඒ හැටි පැහැඳීමක් නෑ.

 

පුබුදු වර්තමාන කලාව පිළිබඳව දරන්නේ මොන වගේ මතවාදයක්ද?

කලාකරුවා කියන්නේ සමාජය ආමන්ත‍්‍රණය කරන කෙනා. රටේ පාලකයන්ට ඕන කරන්නේ ධනේෂ්වරයට වැඩ කරන ඔලූ ගෙඩි ටිකක් විතරයි. ඔඪ මාධ්‍යයේ ආස්වාදය සපයන්නේ කලාකරුවා නොවෙයි දේශපාලනඥයා. අද කලාකරුවාට සුදුසු තැන අහිමි වෙලා. මෙහෙම ගියොත් ඉදිරි කලාවක් ගැන හිතන්න අමාරුයි. සමාජය විසින්ම මිනිස්සුන්ට රසවින්දනය අහිමි කරවලා.

 

රංගනයේ පවතින ක‍්‍රමවේදයන් අර්බුදකාරී කියලා හිතෙන්නේ නැද්ද?

මම දකින අර්බුදය තමයි අපේ නවක නළු නිළියන් විෂය හැර අන් සියලූ දේ කිරීම. දැන් යන්නේ අමුතුම ක‍්‍රමවේදයක්.

 

ඒ කිව්වේ.

ක්‍ෂේත‍්‍රයට අලූතින් එන අය විෂය අධ්‍යයනය කරන්නේ නැහැ. විලාසිතා, උත්සව, ඇඳුම් පැළඳුම් තියෙන ඔක්කොම විකාර ටික කරනවා. රංගනය කියන විෂය ගැන දැනුමක් නැහැ. නළුකමට වටිනාකමක් දෙන්න නම් විෂය දැනුමක් ලබාගන්නම ඕනැ.

 

නදීශා අතුකෝරළ

 



අදහස් (0)

සිනමා ශාලාවලට යළිත් Housefull බෝඩ් එක ඇවිත්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 513 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 54 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 532 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 259 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 775 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 817 1

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39479 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25723 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 356 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1173 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site