මෙරට තුළ සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන් වඩ වඩාත් ප්‍රිය කරන ඉසව්වක් ලෙස දකුණුලකේ උණවටුන වෙරළ තීරය හඳුන්වාදිය හැකිය. වරෙක ලෝකයේ හොඳම වෙරළ යනුවෙන් හැඳින්වූ මෙම වෙරළ තීරයේ විශේෂත්වය වන්නේ සංචාරකයන්ට තම නිදහස උපරිමයෙන් භුක්ති විඳිමින්, විනෝදයෙන් කාලය ගෙවීමට හැකි වීමය. එය වඩාත් පහසු කරනුයේ එම වෙරළ තීරයේ පිහිටා තිබෙන සංචාරක හෝටල්ය.
එම සංචාරක හෝටල් අතරින් ප්‍රමුඛ ස්ථානයක් ගන්නා ස්ථානයක් ලෙස අංශක 200 ක කෝණයකින් ඉමක්කොනක් නොමැතිව මහ සයුර පෙනෙන ලෙස නිර්මාණය කොට තිබෙන ගාල්ල, උණවටුන ‘විලා තවුතිසා’ බුටික් හැඳින්විය හැක.
මෙය හුදෙක් සංචාරකයන්ට පමණක් වෙන්වූ ස්ථානයක් නොවේ. මෙය මධුසමය ගත කිරීමට පැමිණෙන යුවළ සඳහා නොමැකෙන සුවිශේෂි අත්දැකීම් විඳගත හැකි ස්ථානයක් ලෙසත් පවුලේ සැමට ගොස් විවේකීව සිටිය හැකි ස්ථානයක් ලෙසත් හඳුන්වාදීමට හැකිය.
කොළඹ සිට පැමිණෙන සංචාරකයන්ට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණ පින්නදූව පිවිසුමෙන් ගාල්ල දෙසට කිලෝමීටර් 2 ක් පමණ පැමිණි පසු හමුවන වැල්ල දේවාලය පාරේ කිලෝමීටර් 1 ½ ක් පමණ ගමන් කිරීමෙන් උණවටුන ඉහළම ස්ථානයේ පිහිටි මෙම රමණීය ඉසව්වට පහසුවෙන් ළඟා විය හැකිය.
මෙම හෝටලය කාමර 24 කින් සමන්විත වේ. ඉන් කාමර 05 ක් සුපීරියර් ලෙසද, කාමර 10 ක් ඩිලක්ස් ලෙසද, කාමර 04 ක් ස්ටෑන්ටඩ් කාමර ලෙසද නිර්මාණය කර තිබේ. ඊට අමතරව මෙහි පෙන්ත් හවුස් එකක්ද පිහිටා තිබේ.
මෙම හෝටලයට ආවේණික වූ පෙන්ත් හවුස් කාමර මධුසමය සඳහා පැමිණෙන යුවළ සඳහා නිර්මාණය කර තිබේ. එහි විශේෂත්වය වන්නේ එම කාමර තුළ පරිසරයේ සුන්දරත්වය විඳගනිමින් මධුසමය ගත කිරීමට හැකි වීමයි. එම ස්ථානයේ සිට සූර්යය උදාව, සූර්යයා අවරට යාම මෙන්ම රාත්‍රියේ දිස්වෙන සඳ එළියද යහනේ සිටම නැරඹීමට හැකිය. සඳ එළිය යහන මතට වැටීම මධුසමය ගත කරන්නන්ට අපූර්වතම අත්දැකීමක් ගෙනඑන බවට නොඅනමානය.
ඊට අමතරව මෙහි පවතින සුපිරියර් කාමර 5 සඳහාම වෙන වෙනම පිහිනුම් තටාක නිර්මාණය කොට තිබේ. එමනිසා නිදහස උපරිමයෙන්ම භුක්ති විඳීමට හැකිය. උණවටුන වෙරළ තීරයේ උසම ස්ථානයේ ස්ථාපිත කර තිබෙන මෙම හෝටලයේ අවන්හල (Restaurant) පිහිටා තිබෙනුයේ හෝටලයේ ඉහළම ස්ථානයේයි. එය නම් කර තිබෙන්නේ ‘200’ ලෙසයි. මුහුදේ සිට පැමිණෙන සුළඟේ පහස, අවට පරිසරයේ සුන්දරත්වය උපරිම ලෙස විඳගනිමින් මධුවිත තොලගෑමට, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් කෑම වට්ටෝරුවක හෝ මෙරටට ආවේණික කෑම වට්ටෝරුවක රස බැලීමට එම ස්ථානය කදිමය.
මෙම පහසුකම්වලට අමතරව මෙහි පැමිණෙන සංචාරකයන්ට ඔවුන්ගේ සහෝදර ආයතනයක් වන කොමරන් බීච් ක්ලබ් වෙතින් මුහුදු වෙරළේ සිට ආහාර ලබාගැනීමේ අවස්ථාවේ ලබාදේ. ඊට අමතරව බෝට්ටු සවාරි, අවට තිබෙන ස්ථාන නැරඹීම සඳහා නිර්මාණය කළ විශේෂිත ත්‍රිරෝද රථද ඔවුන් සතුව තිබේ.
සොබාව සෞන්දර්යට ආදරය කරන සංචාරකයන්ට සදා නොමැකෙන මතක සටහන් එක් කරන මෙම ස්ථානයේ සියලු වෙන් කරවාගැනීම් හෝ වැඩිදුර විස්තර www.villathawthisa.com යන වෙබ් අඩවිය මාර්ගයෙන් හෝ ඔවුන්ගේ නිල Face-book පිටුව වන VillaThawthisa වෙත පිවිසීමෙන් හෝ 0914-501021/0914-501024 යන දුරකථන අංක ඇමතීමෙන් ලබා ගැනීමට හැකිය.
සටහන සහ ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර / තිසර ගංගාදර
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සඳ එළියෙන් මදුසමය එළිය කරන 'VILLA THAWHISA'