මෙම වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අලුයම 1.37 ට සිය උපරිම මට්ටමට ලංවීමට නියමිත වුව ද ශ්‍රී ලංකාවට එය නිසි පරිදි දර්ශනය වූයේ නැත. චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කළ අයට එම වේලාවේදී දක්නට ලැබුණේ සඳෙහි කුඩා කොටසක් අදුරුවී තිබෙන ආකාරයයි.
ඇමෙරිකාවට හා ඕස්‍ට්‍රේලියාවට අර්ධ චන්ද්‍රග්‍රහණය වඩාත් හොඳින් දක්නට ලැබී ඇත. ඉහලින් ඇති ඡායාරූපයේ ඇත්තේ ගාල්ලට චන්ද්‍රග්‍රහණය පෙණුනු ආකාරයයි. පහළින් පලවන්නේ ඇමරිකාවට චන්ද්‍රග්‍රහණය පෙනී ඇති ආකාරය දැක්වෙන ඡායාරූපයකි.
මෙම වර්ෂයේ මැයි 25 දා සහ ඔක්තෝබර් 18 යන දෙදින පෘථිවියේ උප ඡායාව සඳමත වැටීමෙන් ඡායා චන්ද්‍රග්‍රහණ දෙකක් ඇතිවීමට නියමිතය. මැයි 25 දා ඡායා චන්ද්‍රග්‍රහණය ලංකාවට නොපෙනුන ද ඔක්තෝබර් 18 චන්ද්‍රග්‍රහණය ලංකාවට හොඳින් පෙනෙනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් ඇමරිකාවේ කුමන්ත්‍රණයක්ද කොහෙද?(නදී)
තව ටික දවසකින් ලංකාවම අදුරුවෙනවා.(නදී)
සද විතරක් නෙමෙයි, ලෝකෙම අදුරුවෙන ලකුණු තමයි තියන්නේ (නි)
දැන්නම් ලංකාවට රෑට එලිය වැටෙන්නේ කාර් රේස් තියෙන දවසටයි, හද පායන දවසටයි විතරයි... ඒක නිසා චන්ද්‍රග්‍රහණ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න.. (නි)